Watch Trailer

Abraham Ozler (2024) Sinhala Subtitles | විච්ඡේදිත සත්‍යයය [සිංහල උපසිරැසි]

Abraham Ozler (2024) Sinhala Subtitles පහු ගිය දවස් දෙකේ විශාල ඉල්ලීම් ප්‍රමානයක් ගලා ගෙන ආපු Crime thriller ශානරයෙ මේ වසරෙ නිකුත්වූ BOX OFFICE HIT එකක් අද මම ගෙන එනවා. දවස් දෙකක් ප්‍රමාද උනේ මේකෙ උපසිරැසිය තරමක අභියෝගයක් . ඒක වඩාත්ම නිවැරදිව ඔබට දෙන්න ඕනෙ නිසා තමයි පරිස්සමින් ඒක කලේ. IMDB 6.8ක් ප…

 Abraham Ozler (2024) Sinhala Subtitles

පහු ගිය දවස් දෙකේ විශාල ඉල්ලීම් ප්‍රමානයක් ගලා ගෙන ආපු Crime thriller ශානරයෙ මේ වසරෙ නිකුත්වූ BOX OFFICE HIT එකක් අද මම ගෙන එනවා. දවස් දෙකක් ප්‍රමාද උනේ මේකෙ උපසිරැසිය තරමක අභියෝගයක් . ඒක වඩාත්ම නිවැරදිව ඔබට දෙන්න ඕනෙ නිසා තමයි පරිස්සමින් ඒක කලේ. IMDB 6.8ක් පෙන්නන මේ චිත්‍රපටය ගැන නොදන්න මලයාලි රසිකයෙක් නෑ. ඒ තරමටම ආශාවෙන් බලා සිටපු චිත්‍ර පටයක්. ඉන්දියාව හොල්ලන මලයාලම් බොක්ස් ඔෆිස් පෙරහරේ මුල් පහ අතර ඉන්න මේ චිත්‍ර පටය මේ වෙනකොට ඉන්දීය රුපියල් කෝටි 50ක සීමාවට කිට්ටු කරල ඇති.

Abraham Ozler (2024) Sinhala Subtitles

ඔයාලට මතක ඇති ANJAAM PATHIRAA 2020 කියන මේ ශානරයේම ආපු සුවිශේෂ චිත්‍රපටය. ඒකෙ අධ්‍යක්ෂක මිදුන් මැනුවල් තෝමස් තමයි ඉර්ශාඩ් හසන් සමග එක් වෙලා මේක අධ්‍යක්ෂණය කරන්නෙ.අන්ජාම් පාතිරා බලපු නිසාම තමයි රසිකයො මේක ගැන ගොඩක් බලාපොරොත්තු තියා ගත්තෙ, ඒව ඉටු උනාද? මම හිතන්නෙ ඔව්. තවත් ඒ විදිහෙම එකක් තමා මේ.

Abraham Ozler (2024) Sinhala Subtitles

මේකෙ කතාව කියල පොඩ්ඩක්වත් SPOIL කරන්න හොඳ නෑ..මිනී මැරුම් කිහිපයක් පස්සෙ පන්නන පොලිස් නිලධාරියෙක්. මිනී මැරුම් කලේ කව්ද? ඇයි? කලේ කොහොමද? අන්තිම ප්‍රශ්ණය දෙවෙනි කොටසකුත් තියේවිද?

ජයරාම් ප්‍රධාන චරිතය රඟපාද්දී මම්මූටි මේකෙ සුපුරුදු චරිත වලින් බැහැර චරිතයක් කරනවා. අනස්වරා, අර්ජුන් අශෝකන්,සයිජු කුරුප්,ජග්දීශ්, දිලීෂ් පෝතාන් වැනි ප්‍රසිද්ධ නළු නිළී කැලක් මෙහි රඟ පානවා.

පරිවර්තනයේදී අමාරුවෙ වැටෙන Medical terms රැසක් හැකි විදිහට පරිවර්ථනය කලා. ප්‍රමාදයත් ඒකයි

නැවත හමු වෙමු

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

20,592 downloadsDownload Abraham-Ozler-2024.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Abraham Ozler (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

20,592 downloadsDownload Subtitles67 KB

13 comments

  1. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. Amiru Wenuja

    බොහොම ස්තූතියි උපසිරසට

  3. Netflix පිස්සා

    සුපුරුදු පරිදි අපේ බන්දුල සහෝදරයා සුපිරියක් ගෙනත් තියෙනවා ඉක්මනින් සහ ගුණාත්මක භාවයෙන් යුතු මලයාලම් උපසිරසියක්, මලයාලම් කිව්වොත් මතක් වෙන්නේම ඔබව, මලයාලම් චිත්‍රපට සිංහලෙන් පනගන්වන්නේ ඔබ, ඔබේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... මට ඉල්ලීමක් කරන්න තියෙනවා සහෝදරයා පුලුවන්නම් thundu 2024 malayalam, Djinn 2023 malayalam , maharani 2023 malayalam මේ film 3 ටත් සිංහල සබ් ගේන්න කියලා ඉක්මනින්ම....

  4. Buddhika Lakmal

    බොහෝම ස්තූතිය මචං සබට....
    විදේශිය භාශාවල මූවිස් සීරිස් අපි රසවිදින්නේ ඔයාලට පිංසිද්දවෙන්න තමයි....
    කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව කරන මේ වැඩේට බොහෝම ස්තූතියි සහෝ...

  5. Milinda Sandaruwan

    සබට බොහොම ස්තුතියි සහෝ ❤❤❤ එනකල් බලාගෙන හිටියේ Ozler

    Bhoothaddam Bhaskar Narayana (2023) Telugu ෆිලුමටත් ඉක්මනින් සබ් එක දෙන්න

  6. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  7. නුවන් අසේල

    තැන්ක්ස් මචෝ උපසිරැසියට ගොඩක්

  8. Lakmal

    Km player එකේ පෙන්නන්නෙ වෙන අකුරු වගයක්නෙ.. මොකද්ද font එක

    1. විමා

      Media Player Classic එක පාවිච්චි කරන්න.
      සමහර Km ප්ලේයර් වර්ශන්ස් සබ් වලට සපෝට් නැහැ.

  9. Anonymous

    excellent

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  12. Cristopher soyza බොහොම ස්තූතියි

    බොහොම ස්තූතියි