අපිට අන්තරාදායක මොහොතේදී පිහිට වෙන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසියට අන්තරාදායක මොහොතක් උදා වුණොත්…? අපි කරදරයක වැටුණහම බේරගන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසිය කරදරයක වැටුණොත්…? මිනීමැරුමක් වෙන්නේ කොතැනද, පොලීසිය තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා. අන්තිම පතුල වෙනකන් හාරවුස්සලා අපරාධකාරයව කොටු කරගන්නවා. ඒත් පොලිස්…

අපිට අන්තරාදායක මොහොතේදී පිහිට වෙන්න පොලීසිය ඉන්නවා
ඒත් පොලීසියට අන්තරාදායක මොහොතක් උදා වුණොත්…?
අපි කරදරයක වැටුණහම බේරගන්න පොලීසිය ඉන්නවා
ඒත් පොලීසිය කරදරයක වැටුණොත්…?
මිනීමැරුමක් වෙන්නේ කොතැනද,
පොලීසිය තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා.
අන්තිම පතුල වෙනකන් හාරවුස්සලා අපරාධකාරයව කොටු කරගන්නවා.
ඒත් පොලිස් නිලධාරීන්ව බිල්ලට ගන්න තිරිසන් මාරයෙක් බිහිවුණොත්…?
සාමාන්‍ය මිනීමරුවෙක් නෙමෙයි
හීතල ඝාතකයෙක්..
Serial Killer කෙනෙක්…
එළිපිට වෙඩි තියලා පිහියෙන් ඇනලා මරන සාමාන්‍ය මිනීමරුම් ජාලයකුත් නෙමෙයි
මාස ගාණක් ප්ලෑන් කරලා, අන්තිම තත්පරේ වෙනකන් ඉවසගෙන ඉදලා,
කිසිම සාක්ෂියක් ඉතුරු නොකර අමු තිරිසන් විදිහට මරලා දාන මනෝ ව්‍යාධිකයෙක්….
එදා ඉඳන් කේරළ පොලීසියට, අනිත් මිනිස්සු ආරක්ෂා කරන්න වෙලාවක් තිබුණේ නැහැ.
නොනවතින මිනීමරුම් පෝළිමක ඊළඟ බිල්ල තමන් වේදෝ බයෙන්
හැම පොලිස් නිලධාරියම හිටියේ ජීවත් වීම ගැන බලාපොරොත්තු අත්හැරගන්න සීමාවේ!!
අපරාධකාරයව හොයාගන්න බැහැ.
කිසිම සාක්ෂියක් නැහැ.
හේතුවක් දන්නේ නැහැ.
දන්න එකම දේ නම්,
හෙට දවසෙත් තමන්ගේ සහෝදර නිලධාරියෙක් බිලිවෙනවා කියල එක විතරයි!
කොලිවුඩ් ත්‍රිලර් රැල්ල උඩු යටිකුරු කරපු Ratsasan බැලුවද? මෑතකාලීන තෙළෙඟු සිනමාවෙන් බිහි වුණු Goodachari මතකද? ඔය ලොකු ලොකු Crime Thriller වලට ඔයාලගේ ලිස්ට් එකේ තැන අහිමි කරන්න පුලුවන් මලයාලම් ඝාතන රැල්ලක් උණු උණුවෙම බලන්න කැමතිද? කෝටි 60කට ආසන්න ආදායමක් සමඟින් මෙම වසරේ මුලු ඉන්දියාවෙන්ම පළවෙනියටම BlockBuster ලේබලය අලවාගනිපු හීතල මලයාලමක් බලන්න කැමතිද? හ්ම්, Anjaam Pathiraa තියන්නේ ඒ වෙනුවෙන් තමයි! තාමත් විශ්වාස නැත්ද?? හැමදාම බලන එකම වට්ටෝරුවේ කතාවක් කියලා හිතුණද? පහළට කියවගෙන යන්න. උඹේම අදහස උඹටම හොරා වෙනස් වෙලා තියේවි. ඔළුව තෝන්දුමාන්දු වෙන Plot එහෙකට, ඇඟ හීතල වෙලා යන BGM එහෙකට, අන්තිම මොහොතේ ඔලුවෙ අත ගහ ගහන්න Twist එහෙකට උඹ උරුමකාරයෙක් වේවි.

මලයාලම් සිනමාවට 2020 වර්ෂය උදා වුණේ මුලු කේරළ ප්‍රාන්තයේම ඇඟ හීතල කරපු අසුබ ආරංචියකින්. හිතේ කිසිම මනුෂ්‍යත්වයක් නැතිව, අමුම අමු තිරිසන් විදිහට පොලිස් නිලධාරීන් පෝළිමට මරන සීතල ඝාතකයෙක් අවුරුද්ද මුලම මලයාලම ආක්‍රමණය කරලා තිබුණා. ඒ තිරිසන් මරණ පෝළිමේ නම තමයි Anjaam Pathiraa (2020) එහෙමත් නැත්නම්, පස්වන මධ්‍යම රාත්‍රිය කියලා කියන්නේ! පසුගිය ජනවාරි 10 වෙනදා කේරළයේ සීමිත සිනමාහල් ගණනක පමණක් තිරගත වීම ඇරඹුණු මේ සිනමාපටය තිරගත වෙන්න කලියෙන් වැඩිය hype වුණු චිත්‍රපටියක් නෙමෙයි. ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබුණෙත් නෑ. දන්න කියන ලොකු නලු නිළියෝ හිටියෙත් නෑ. අඩුම ගාණේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන Kunchako Bobanව සමහර කේරළකාරයෝ පවා දැනන් හිටියෙ නැහැ. ඒත් ඒ හැමදෙයක්ම ජනවාරි 11 වෙනිදා වෙනකොට වෙනස් වෙලා තිබුණා. එදා මධ්‍යම රාත්‍රිය වෙනකොට සමාජ ජාලාවල වීරයා වෙලා තිබුණේ Kunchako. අන්තිමේදී ලාලෙට්ටාන්ලව මමුක්කාලව අමතක වෙන තරමටම වගේ එහෙ උන් Kunchakoට ආදරේ කරන්න පටන් ගත්තා.
IMDb මීටරය දැවැන්ත 8.3 අගයකට කරකවපු, Google Users කැමැත්ත 97%ක් වෙනකන් උඩ ගියපු, 96%ක් වූ Audience රේටින්ග්ස් දිනා ගනිපු විචාරකයෝ පවා පොර කකා හොඳ කියපු මලයාලම් මායාවක ආරම්භය බිහිවුණේ අන්න ඒ විදිහටයි. කෝටි 200ක බජට් එකකින් හදපු සුපර්ස්ටාර් රැජිනිගේ Darbar යන්තමට කෝටි 250ක් කවර් කරගනිද්දි ඒකත් එක්ක මරු තුරුළේ Clash වුණු කෝටි හතරක ලෝ-බජට් මලයාලම් චිත්‍රපටියක් අන්තිමේදී කෝටි 60කට ආසන්න ආදායමක් වාර්තා කරලා තිබුණා. පොඩි හරි අයිඩියා එකක් ඔළුවට ආවද? එහෙනම් ඉතිරි ටිකත් කියවගෙනම යමු. කිසිම පාඩුවක් වෙන එකක් නැහැ. ඔළුව තෝන්දුමාන්දු වෙන Plot එහෙකට, ඇඟ හීතල වෙලා යන BGM එහෙකට, අන්තිම මොහොතේ ඔලුවෙ අත ගහ ගහන්න Twist එහෙකට උඹ උරුමකාරයෙක් වේවි.
වර්ගීකරණයෙන් Crime|Mystery|Thriller… නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න මේ මොහොතේ බලන්න ගැළපෙනම චිත්‍රපටියක්! ප්‍රාන්තයක් හොල්ලපු චිත්‍රපටියක්. ඉන්දියානු සිනමාවේ වාර්තා තියපු චිත්‍රපටියක්. තාමත් විශ්වාස නැහැ නේද? කියවගෙන යන්නකෝ. ආදායම් වාර්තා පවා පහළ ඇති. Anjaam Pathiraaට අධ්‍යක්ෂණයෙන් වගේම තිර පිටපත් රචනයෙනුත් දායක වෙන්නේ Midhun Manuel Thomas. අනිවා දවසක මලයාලම් ත්‍රිලර්වල සිකුරු තරුව වෙන එකෙක්. ප්‍රොඩියුස් කරන්නේ Ashiq Usman. එතකොට කාස්ට් එක??

ප්‍රධාන චරිතය කරන්නේ මලයාලම් නලුවෙක් හා නිෂ්පාදකවරයෙක් වෙන Kunchako Boban. එයා ගැන මුලින්ම කිව්වනේ. ලංකාවේ බොහෝමයක් දෙනා ඔහුව දැනගත්තේ Virus සිනමාපටයෙන්. ඊටත් වඩා Take Off චිත්‍රපටියෙන්. මරණය පෙනි පෙනී දිවි ගලවගත්තු සමීරාගේ සැමියා ‘ශහීඩ්’ විදිහට.
ඊළඟට ඉන්නවා Sreenath Bashi. උස්තාද් හෝටලයට නිතරම ආ ගිය බෑන්ඩ් එකේ ලීඩ් ගිටාර් ගහපු කෙට්ටු කොල්ලා! ඒ වගේම ලොකු ලොකු වැඩ කරන අවුරුදු දහඅටේ පොඩි කොල්ලා, Mathew Thomas පවා රංගනයෙන් දායක වෙලා ඉන්නවා. මැතිව්ගේ රඟපාපු Thaneer Mathan Dinangal (2019) නම් ලංකාවේ අපේ බොහෝ දෙනෙකුට බලන්න හැකියාව ලැබුණේ නැහැ තාම. නමුත්, පුලුවන් නම් හොයාගෙන බලන්න. Premamට පස්සේ කේරළයේ කොල්ලෝ කෙල්ලෝ පිස්සු වට්ටවපු හොඳම රොමෑන්ටික් ෆිල්ම් එක තමයි ඒ. මීට අමතරව Sharafudheen, Jinu Joseph, Unnimaya Prasad, Indrans, Jaffer Idukki වගේ දැකලා පුරුදු බොහෝ දෙනෙක් ඉන්නවා ලිස්ට් එකේ. එකින් එක නම් කියන්න ඕනෙ නැහැනෙ මොකෝ අපි රූපෙන් මිස නම්වලින් අඳුරුනව යැ මලයාලිකාරයන්ව.

BoxOffice ආදායම් ගැන නම් කියන්න තියන්නේ එක දෙයයි! අති සාර්ථකයි!! එච්චරයි!! එච්චරමයි!!! මේ වසරේ මේ වෙනකන් වැඩිම ආදායම ලබා ගනිපු මලයාලම් සිනමාපටය වගේම, මෑතකාලීනව මලයාලමේ දෙවන වැඩිම Profitable ලෝ-බජට් සිනමාපටය තමයි මේ තියන්නේ. (කෝටි 1.5ක වියදමකින් කෝටි 50ක ආදායමක් උපයාගත් Thaneer Mathan Dinangalට පසු) මම කලින් කිව්වා වගේම ලොකු හයිප් එකක් නොතිබුණු නිසාම Opening Day Gross එක විදිහට සඳහන් වුණේ ඉන්දියානු කෝටි 1.15යි, හැබැයි Final Worldwide Gross එක ඉන්දියානු කෝටි 60කටත් ආසන්නයි. එතකොට පළවෙනි දවසේ කෝටි එකහමාරක් වගේ ලොන්ත පුස් චාටර් ආරම්භයක් ගනිපු ලෝ-බජට් චිත්‍රපටියක් අන්තිමේදී කෝටි 50කටත් එහා ආදායමක් හොයාගත්තේ කොහොමද? Lucifer (2019) සිනමාපටයට පස්සේ මෑතකාලීන ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම උනන්දුවක් ඇති වුණු මලයාලම් සිනමාපටය විදිහට තමා Anjaam Pathiraa (2020) සිනමාපටය සැලකෙන්නේ. පළවෙනි දවසේ චිත්‍රපටය බලපු ප්‍රේක්ෂකයෝ හෝල්වලින් එළියට ආවේ අන්දුන්කුන්දුන් වෙලා. ජීවිතේට අමතක නොවෙන සිනෙමැටික් එක්ස්පීරියන්ස් එකක් අරගෙන. ඔවුන් පළ කරපු අදහස් නිසාම දෙවෙනි දවසේ ඉඳන් මේ චිත්‍රපටය මාර විදිහට හයිප් වුණා. Opening Day > 2nd Day > 3rd Day…….එන්න එන්නම ආදායම සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩිවුණා. කාලෙකට පස්සේ තියටර්ස් අස්සේ කේරළකාරයෝ පැක් වුණු කාලයක් ආවා. Housefull වුණත් පෝළිම් ගැහුණු මිනිස්සු හැරිලා යන්නැතුව සිනමාශාලා අයිතිකාරයොත් එක්ක වලි දාගත්තු කාලයක් ආවා.
ඉන්දියානු කෝටි 4ක් වැනි අතිශය අවම පිරිවැයකින් සෑදුණු චිත්‍රපටිය තුන්වෙනි දවස වෙද්දි කෝටි 5.5ක ආදායමක් සමඟින් පිරිවැය පවා පියවගෙන අවසන් කළා. දසවන දිනය වන විටම BlockBuster ලේබලය අලවා ගනිමින් 2020 වසරේ ඉන්දියානු සිනමාවේ ප්‍රථම බ්ලොක්බස්ටර් සිනමාපටය බවට පත් වුණා. 45වන දිනය වන විට ඉන්දීයානු කෝටි 50 සීමාව පහු කරමින් මේ වසරේ මේ දක්වා වැඩිම ආදායමක් ඉපැ යූ මලයාලම් සිනමාපටය බවට ආදායම් වාර්තා අලුත් කළා. ඒ කේරළ ප්‍රාන්තයෙන් පමණක් කෝටි 25 ඉක්මවූ ආදායමක් සහ ඇමරිකන් ඩොලර් මිලියන 2+ ඉක්මවූ වාර්තාගත Overseas ආදායමක් ද තමන් සතු කරගෙනයි.
- 2020 වසරේ මේ දක්වා වැඩිම BoxOffice ආදායම ලැබූ මලයාලම් සිනමාපටය
- කේරළ ප්‍රාන්තයෙන් සිනමාපටයක් මෙම වසර තුළ වාර්තා කළ වැඩිම ආදායම
- මෙම වසර තුල දෙවන වැඩිම Overseas ආදායම වාර්තා කළ මලයාලම් සිනමාපටය
- 2020 වසරේ මලයාලම් චිත්‍රපටයක් වාර්තා කළ 06වන වැඩිම පළමු දින ආදායම
- මේ වසරේදී කේරළය තුළ කෝටි 25 සීමාව ඉක්මවූ එකම සිනමාපටයNorth America කලාපයේ 11වන වැඩිම ආදායම්ලාභී මලයාලම් සිනමාපටය
- කේරළ ප්‍රාන්තයෙන් දර්ශනවාර 20000 පසු කළ 10වන සිනමා නිර්මාණය
ආදී ප්‍රාන්තීය වාර්තා තොගයක්ම අලුත් කරමින් Kunchako Bobanගේ සිනමා දිවියේ All-Time Highest Grossing Movie බවටද පත්වූ මෙය, තම විජයග්‍රාහී ගමන අවසාන කළේ එතෙක් මෙතෙක් ඉන්දීය සිනමා වංසකතාවේ 12වන වැඩිම ආදායම වාර්තා කළ මලයාලම් සිනමා නිර්මාණය ලෙසටද අභිෂේක ගැන්වෙමිනි. හැබැයි තවමත් සිනමාශාලා කිහිපයක තිරගත වෙමින් විජයග්‍රාහී 100වන දිනයටත් ළඟා වෙමිනුයි තියන්නේ.
Anjaam Pathiraa Final BB Report:
Kerala – 30.25cr
ROI – 3.1cr
Overseas – 14.7cr
Budget – 4cr (apprx)
Recovered – 500%
Total Gross, Including Satellite,Digital & DVD rights
55 cr+ (BLOCKBUSTER)
(03)
මෙහෙම චිත්‍රපටයක් හැදෙන විත්තිය ගැන මුල්ම වරට එළියට ආවේ 2019 ජූනි 24 වෙනිදයි. අපේ ඩිරෙක්ටර් උන්නැහෙ මිතුන්, තමන්ගේ ඊළඟ චිත්‍රපටයට Kunchako Bobanව තෝරා ගත් බව එදා මාධ්‍යයට නිරාවරණය කළා. ඒ සමඟම ඉතුරු කාස්ට් එකත් Cinematographer හා composerවත් එළි දැක්වුවා. එහිදී මිතුන් කියපු ප්‍රධානම කාරණය තමයි, මේ චිත්‍රපටය තමන්ගේ කලින් නිර්මාණවලට වඩා බොහෝ සෙයින් වෙනස් වෙන්න ඉඩ තියෙන බව. ඒ නිසාම ගොඩ දෙනෙක් මේ අලුත් වැඩේ ගැන ඇහැ ගහන් හිටියා. 2019 ජූලි 17 වෙනිදා පූජා උත්සවය තියලා officially වැඩ අරඹපු මෙහි Title එක එළි දැක්වුනේ පසුගිය අගෝස්තු මාසයේ 01 වෙනිදායි. 2019 දෙසැම්බර් මස මුල භාගය වන විට චිත්‍රපටයේ සියලුම වැඩකටයුතු අවසාන වෙලා තිබුණා. ඉතින් කලින් යොදාගත් විදිහටම මේ වසරේ ජනවාරි 10 වෙනිදා කේරළයේ සීමිත සිනමාශාලා ප්‍රමාණයක විතරක් මෙය තිරගත වීම ආරම්භ වුණා. ලොකු ප්‍රචාරක ක්‍රියාවලියක්වත් නැතුව තිරගත වුණු මේ නිර්මාණයට ලැබුණු නොසිතූ ආකර්ෂණය නිසාම ඊට ටික කාලයකට පසුව UAE ප්‍රමුඛ ගල්ෆ් කලාපය තුළත් තිරගත වීම ඇරඹුණා. ඒ නිසාම ඉන්දියාවෙන් පිටත ප්‍රදේශයන් තුළත් ඉන්දියානු කෝටි 15කට ආසන්න මුදලක් උපයාගන්න සමත් වීම විශේෂත්වයක්.
මනාප 86,626ක් තුළින් BookMyShow අඩවියෙන් 90% ප්‍රතිචාරයක් දිනා ගත් මේ නිර්මාණය, Kochi ඇතුලු නගර කිහිපයකම වැඩිම ප්‍රවේශපත් අලෙවියක් වාර්තා වූ සිනමාපටය බවට එකදිගට කිහිප වතාවක්ම පත් වුනා. වසරේ වැඩිම ප්‍රතිචාරයක් දිනා ගත් කේරළ සිනමා නිර්මාණය වන්නේත් මෙයයි. Firstpost හා SifyMovies වැනි අඩෙවිවල පළ වෙන පතරංග විචාර මෙය මිනිස්සුන්ගේ හිත් ඇතුළට කෙතරම් කිදා බැහැලද කියලා හොයාගන්න හොඳම නිදසුන්! The New Indian Express වෙනුවෙන් Sajin Srijith, 9/10 අගයක් ලබා දෙනකොට මළාට හොඳක් කියන්නේ නැති Malayala Manorama අඩවියේ LittySimon පවා 3.5/5 යහපත් ප්‍රතිචාරයක් දක්වපු එකනේ පුදුමේ… Times of India වෙබ් පිටුවෙනුත් 3/5 අගයක් ලැබිලා තිබුනා. ඒ දවස්වල Twitter හා Facebook සමාජ ජාලා තුළත් කේරළයේ අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා තිබුණේ අන්ජාම් පතිරා චිත්‍රපටියම තමයි. IMDb, FirstPost, Flycker අඩවිවල තියෙන පතරංග චිචාර දෙකතුනක් කියෙව්වා නම්, මේකට මිනිස්සු කොච්චර ආෂක්ත වෙලාද කියලා තම තමන්ටම තේරෙවි. දැනටමත් මෙහි ප්‍රතිනිර්මාණයක්, එහෙමත් නැත්නම් Remake එකක් ගැන ඉගි පළවෙනවා. පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදි අපේ ඩිරෙක්ටර් මහත්තයාම ඒ ගැන මාධ්‍යයට අණාවරණය කළා. කියන විදිහට හින්දි භාෂාමය ප්‍රතිනිර්මාණයකටයි ලෑස්ති වෙන්නේ.

මගේ පෞද්ගලික මතයට අනුව නම්, Twist ගාණට බැලන්ස් කරලා තියෙනවා. Climax එකත් හොඳයි. Performances පවා මරු. විශේෂයෙන්ම කුන්ජාකෝ සහ ස්‍රීනාත්ගේ. ත්‍රිලර් ගතිය උපරිමේටම දැනෙන BGM නාදයන් ඇතුළත්. සවුන්ඩ් පැත්ත බොහොම සාර්ථක Push එකක් දීලා තියෙනවා චිත්‍රපටියට. මිනීමරුවා කවුද කියලා හඳුන්වාදීමත් අපි නොහිතන පැත්තකට යනවා. ෆස්ට් හාෆ් එකට වඩා සෙකන්ඩ් හාෆ් එක Powerful.හැබැයි සමහර පොඩි සීන්ස් තිබුණා අපිටම වෙන දේ කලින් හිතාගන්න පුලුවන් තැන්. තැන් දෙකකදිම හිතුණා, මේ සීන් එක වෙනුවට investigation පාට් එකක්ම දාන්න තිබුණා කියලා හිතුණු. ජිනූගෙන් වෙනදා දකින රංගනය තිබුණෙ නැති වුණත් මිනිහගෙ කැරැක්ටර් එක බොහොම පොඩි වෙලාවකට සීමා වෙන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. අඩුපාඩු නම් ඔච්චරමයි තිබුණේ.
සමස්තයක් විදිහට ගත්තහම, හොඳටම පිරිලා තිබුණු චිත්‍රපටියක්! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Crime Thriller එකක්. හැබැයි ඉතින් හැමදාම දකින එකම වට්ටෝරුවේ Thriller එකක් නම් නෙමෙයි. සමහර තෙළෙඟු, දෙමළ ෆිල්ම් වගේ විනිවිද පේන මොනිටර් එකක් දිහා බලාගෙන මිනීමැරුම් විසඳන… හය හත්දෙනෙක්ට එකපාර අඩිගාණක් විසිවෙන්න ගහන පොලිස්කාරයෝ ඉන්න… සීනිබෝල ලයින් එකක් නම් නෙමෙයි. තිරපිටපත සහ අධ්‍යක්ෂණය දෙපැත්තම තනි මිනිහෙක් හැන්ඩ්ල් කරපු නිසාම මෙහෙම සාර්ථකත්වයකට යන්න ඇති කියලා තමයි මට හිතෙන්නේ. මලයාලම් සිනමාවෙන් බිහිවුණු විශිෂ්ටම Crime Thriller සිනමාපට ත්‍රිත්වයටත් මෙය ඇතුල් වෙන බව තමයි බොහෝ විචාරකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ අදහස. මුල ඉඳන් අග වෙනකන් ‘ඇස් ඇරගෙන බලන් ඉන්න පුලුවන්’ තාත්වික මිනීමැරුම් විමර්ශනයක් බලන්න කැමති නම් මෑතකාලීන දකුණු ඉන්දීය සිනමාවේ හොඳම සහ සුපිරිතම වැඩක් තමයි මේ. සැකයක් තියාගන්න එපා! ෆිල්ම් එක ඉවර වුණාම, “මේක නම් මාර දහංගැටයක්” කියලා තමුන්ටම නොදැනි කියවේවි. Anjaam Pathiraa (2020) කියන්නේ අන්න ඒ ජාතියේ භාණ්ඩයක්!!!!
ලෑස්ති පිට ඉන්න. මේ මැදියම් රාත්‍රියේ ඉදිරිය බොහොම අන්තරාදායකයි!
ප.ලි : උඩ තියෙන බරසාර ලිපියේ අයිතිකාරයා තමා අපේ කවිනු මල්ලි. ඒ වගේම Character Poster එකත් හදවලා ලිපිය ලස්සන කරලා දුන්නෙත් එයාම තමා. ඒ වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි කියනවා. උපසිරසියටත් මිනිහා සම්මාදම් වෙන්න හිටියට නොහිතපු විදිහට සිද්ධ වෙච්ච අකරතැබ්බයක් නිසා මටම මේක තනියෙන් කරන්න වුණා. පොඩ්ඩක් ඔලුවේ තියාගන්න, මේ උපසිරැසිය ගෙනාවේ දැනට ඇවිල්ලා තියෙන TV-Rip එකට. HDRip එකක් එනකම් උපසිරැසිය කරන්න හිතුවේ නැති වුණාට නොහිතපු වෙලාවක නොනිල ඉංග්‍රීසි උපසිරසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බා. අතේ හිරි ඇරගෙන කරන්න ගත්තට මොකෝ, තේරෙන විදිහට ඒකෙත් අඩුපාඩු ටිකක් තිබ්බා.ඉතින් පුළු පුලුහන් විදිහට වෙන මුලාශ්‍රත් ආධාර කරගෙන තිබ්බ අඩුපාඩු ගොඩක් අවම කරගෙන අන්තිමේදී උපසිරැසිය අරන් එන්නේ ඉවසිල්ලක් නැතුව ඉන්න ඔය ඈයෝ ඔක්කොටමයි. ආවට ගියාට උපසිරසියක් දෙන්න බෑනේ බයිස්කෝප් එකෙන්. ඒක කවුරුත් දන්නවා නොවැ. හරි එහෙනම්, එළඹෙන අප්‍රේල් 27වෙනිදට HDRip එනවයි කියලා දැනට නිල නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. යාවත්කාලීන කිරීමක් අනිවාර්යෙන්ම කරන්නම් එතකොට. දැනට සමුගන්නම් එහෙනම්. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip / HDTV-RIP පිටපත් සඳහා අදාළ වේ.
35,888 downloadsDownload Anjaam-Pathiraa-2020-HDRip-Updated.zip139 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
74 comments
Anonymous
Pawanshamika
Super
Anonymous
Thank you
Tharindu
Enakan balan hitiye supirima film ekak
Hemantha De Silva
ස්තුතියි මයුර..
ස්තුතියි කවිනු - විස්තරයට...
ජයවේවා...!Gathsara Umesh
ලිපිය දැක්කම කොහොමද බලනැතුව ඉන්නේ..බොහෝම් ස්තූතියි අයියේ..මේ විදට මහන්සි වෙල සබ් එක කරලාඉට බලන්න හිතෙන විස්තරයක් ලියනවට...ඊලග උපසිරැසියෙන් හමුවෙමූ....බොහෝම් ස්තූතියි...................
Prabodha20
Sthuthi broo.
tayon
balan idala berima thena message ekakuth damma me movie ekata denna kyla.thanks bro
vsisuru
tv rip file aka quality aka khomd
plzz helpමමුක්කා
කොලිටියේ අවුලක් නෑ. හොඳයි.
Tharindra
Ado patta bn...man kee dawasak balan hitiyada oka danakan...ela...
lakmal
thanks
Thilanka
Lipiya dekkama kohomda nobla inne.thank you!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
පුළුවන් නම් Red Wine (2013) Malayalam film එකටත් සබ් කරන්න..
download link එකත් ඕන නම්,
https*://drive.google*com/uc?id=1EqvquerbyDoUVxhk3t9suSK1ABIDOQmv&export=downloadMaithri
සුපිරි ෆිල්ම්.එක. මේ ෆිල්ම් එක ගැන මට මුලින් කිව්වෙ ඔෆිස් එකේ මලයාලම් යාලුවෝ. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කලාට සබ් එක එන කම් හිටියේ. සබ් එකට තැන්ක්ස් සහෝ. මොලේ කොලොප්පන් වෙන ආතල් එකක් ගන්න පුලුවන් ෆිල්ම් එකක්.
ජය වේවාmp4film
එනකම් හිටපු එකක් එල මචන්
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
Thank u very much for description letter and the sub
නිරෝෂ්
ස්තුතියි මයුර සහෝ.ජය !
Saranga J. Liyanagama
Thanks
rangika Kariyawasam
බොම් ස්තුතියි සහෝ දිගු කාලයක් බලං හිටියා.නියම ෆිලුමක්. ජය වේවා
Chamara
thank you bro
isuru srinath sjs
පට්ටා නෙ.. ඔන්න HDRip එකට Update එක දෙනකන් දැම්ම බලන් නෑ හොදෙ.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..ජය වේවා !!
Madhushani Gamage
සබ් එකට බොහොම ස්තුතියි..
Thulana
sub eka supiri .Ado kora wenawa ekata.supiri.thawa ekak thiyenawa forensic kiyala.ekata sub diyanko.
Kavinu
සබ ගින්දර ටිකට තියේ!
arawindasunimal
thanks sub ekata jayawewa
Isuru Madusanka
ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Helili Hemamali
TV Rip එකක් කියලා අඩුවක් තිබුනේ නෑ. සබ් එක ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. ඒ නිසා කතා කරන්නේ නෑ. කවිනු මල්ලිට ස්තූතියි මේ වගේ වටිනා ලිපියක් ලියපු එක ගැන.
මුල ඉඳලා අගටම කුතුහලේ නොඅඩුව තිබුන, කාලෙකින් බලපු හොඳම ත්‍රිලර් එකක්. ස්තූතියි මයුර, කවිනු ජෝඩුවට! මයුර ළඟදිම 150 ගහමු නේද?Anonymous
Thank you
ලක්ශාන්
පට්ට ෆිල්ම් එක පිස්සු හැදෙනවා ඒ වගේම තමා ලිපිය ඒ වගේ ලිපියක් කියවලා කොහොමද ෆිල්ම් එක නොබලා ඉන්නේ තෑන්ක්ස් බ්‍රෝ
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work
Dushmantha Ranasinghe
සබ් එකට සතුතියි
Sahan
සබ් එක නියමයි.thanks
PRINCE ADITHA
මචං බ්‍රෝකන් බට් බියුටිෆුල් සීසන් 2 ඇවිල්ල .සබ් කරන්නෙ උබමද මේ සැරේ ..
Mayura
මම නම් තමා මචන්. ටිකක් වැඩ වැඩි සබ එකක්. ලයින් ගහගෙන කරන්න වෙන්නේ.
ටිකක් පරක්කු වෙයි මචෝ. පුළුවන් ඉක්මනට දෙන්නම්.Aditha
tnx mcn
dulan5520
ikmanat diyan macho .. thanx
Anonymous
'dena deyyo geta genawith denawa' kynne mekata tmai
eka digata thriller film warusaawak
digtama sub demu thriller walata
jaya wewaD.Chamara
bohoma sthuthi ..
Chamindux
WEB DL ekata sub update kranna yalu
Kasun Lakshan
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ!!!!!
අළුතින් නිකුත් වුන Proper Hdrip පිටපතට update කරනවද!!!!sumane
proper hdrip update?
Asitha.pramoth
ස්තූතියි සහෝදරයා
hardyace
WebRip ekata gelapena widihata sub eka mama update karagattha. Awashya aya innawanam dennam
Kasun Yapa
Ane dennako broo..link ekak hari.
Naththan mokakada onehardyace
sampurna aithiya ha gaurawaya original translator ta
hardyace
Link danna ba wage machan
nish47
ස්තූතියි සහෝ
nowty.sasanka
අම්මෝ බලපු සුපිරිම ෆිලුමක් තමයි. පිස්සුවක් ඈ ❤
sanjeewa
thanks for sub
Kasun Jalitha
උපසිරසියට බොහොම ස්තූතිය.
ෆිල්ම් එක සුපිරි... බලපු හොඳම චිත්‍රපට වලින් එකක් !!!
ජය වේවා !!!Pubudu@0909
අම්මෝ.. මෙච්චර කාලෙකට බැලුව සුපිරිම මලයාලම් ෆිල්ම් එක.. පාන්දරක් වෙනකන් ඇහැරන් බැලුවා.. ratsasan ෆිල්ම් එක කැලේ මේක ඒ තරම් සුපිරි.. හොයන් ඇවිත් comment එකක් නොදා යන්න බැරි උනා බැලුවට පස්සේ.. thanks brother මෙච්චර සුපිරි ෆිල්ම් එකක් අපිට දුන්නට
Jeewantha77
Thanks for the sub
Film 8/10Nilush Angana
Sub ekata thanx
සනිඳු ලක්ඛිත
දෙයිහාමුදුරුවනේ තව ඩිංගෙන් මේක මිස් වෙනවා...මේ මගුල් කොරෝනවක් නිසා මේ ටිකේ සීරිස් බල බල ඉදලම ඔලුව විකාර වෙලා ඉන්නේ...ලිපියනම් ගින්දර ඈ...අම්මපා ඩේ ටයිම් ඩේටා ඉතුරු වෙලා තිබ්බානම් දැන් බාලා බලනවා...මයුරගෙ සබක් කෝම මිස් කරන්නද...හෙටම බලමු...ස්තූති බන් සබ් එකට...ජය වේවා...
ශසිත් සඳරුවන්
සබට තුති වේවා මයූ...
අද තමයි බලන්නේ....
සුපිරියක්.
දිගටම සබ් දෙමු ආ...
ජය!Ashwini
Mata forensic malayalam movie eke sinhala sub dennko plzz
Anonymous
mam gawa thiyanawa mam hadapu ekak
Advertisement

Link eka oneeee