Pindam (2023) Sinhala Subtitles 1930 ගණන් වලදි නල්ගොන්ඩා නම් ප්‍රදේශයේ සිදු වුණ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මේ කතාව රචනා කර තිබෙනවා. මේ කතාව ගලා යන්නේ භ්‍රෑණයක්(කලලයක්) සම්බන්ධව සිදුවන අත්භූත සිදුවීම් මාලාවක් වටායි. Pindam (2023) Sinhala Subtitles ඇන්ටනිගේ පවුල අලුත් නිවාසයක පදිංචියට යනවා. මේ ගෙදරදි…
Pindam (2023) Sinhala Subtitles
1930 ගණන් වලදි නල්ගොන්ඩා නම් ප්‍රදේශයේ සිදු වුණ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මේ කතාව රචනා කර තිබෙනවා. මේ කතාව ගලා යන්නේ භ්‍රෑණයක්(කලලයක්) සම්බන්ධව සිදුවන අත්භූත සිදුවීම් මාලාවක් වටායි.
Pindam (2023) Sinhala Subtitlesඇන්ටනිගේ පවුල අලුත් නිවාසයක පදිංචියට යනවා. මේ ගෙදරදි ඇන්‍ටනිට පුතෙක් ලැබේවි කියලා ඇන්ටනිගේ අම්මා විශ්වාස කළා. ඒත් මේ ගෙදර පදිංචියට ඇවිත් කීප දවසකින් ඇන්ටනිගේ පවුලට ප්‍රශ්න, අත්භූත සිදුවීම් ඇති වෙන්න ගත්තා. මේවා තව තවත් වැඩි වෙන්න ගත්තා. ඔවුන් මීට පිළිසරණක් පතමින් අන්නම්මා නම් භූතවේදියෙක් හමුවීමට උත්සාහ කරනවා.
Pindam (2023) Sinhala Subtitlesසයිකිරන් ඩයිඩා අධ්‍යක්ෂණය කළ මෙහි ස්‍රීකාන්ත්, ඊෂ්වරී රාඕ, කුෂී රවී, ස්‍රීනිවාස් අවසරලා, රවී වර්මා යන අය මේ චිත්‍රපටයේ රඟපානවා. ස්‍රීකාන්ත් නැත්නම් ස්‍රීරාම්(තෙළිඟු සිනමාවේදී) දැන් ප්‍රශාන්ත්, ප්‍රභූ දේවා වගේම කෙමෙන් දෙමළ සිනමාවෙන් මැකී යන ඉහළ ජනප්‍රියත්වයක් තිබූ නළුවෙක්. ඔහු කේ. බාලචන්දර්ගේ Jannal – Marabu Kavithaigal (1999) ටෙලි නාට්‍යයෙන් රංගනයට අවතීර්ණ වුණා. ඒ වගේම ප්‍රේමණීය චිත්‍රපටයක් වූ Roja Kootam (2002) චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණු ඔහුව April Maadhathil (2002), Parthiban Kanavu (2003) and Okariki Okaru (2003) චිත්‍රපටවලින් සිනමා තරුවක් දක්වා ඉහලට ගෙන ගියා. Drohi (2010) චිත්‍රපටයෙන් දිගින් දිගට ඔහු මාස්, ක්‍රියාදාම චිත්‍රපට තෝරාගැනීම නිසා ජනප්‍රියත්වය කඩාවැටෙන්න ගත්තා. ස්‍රීකාන්ත් මීට පෙර Om Shanthi Om (2015) සහ Sowkarpettai (2016) හොරර් ප්‍රවර්ගයේ චිත්‍රපට දෙකක රඟපෑවා.
Pindam (2023) Sinhala SubtitlesDia (2020) චිත්‍රපටිය බලපු අය කුෂී රවීව හොඳින් දන්නවා. ඇයට දියා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සිමා වගේම ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලවල හොඳම නිළියට හිමි සම්මාණය හිමි වුණා. නිකුත් වීමෙන් අනතුරුව මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබෙනවා. Imdb හි දැනට තිබෙන රේටින් අගය 6.9/10ක්.
Pindam (2023) Sinhala Subtitlesචිත්‍රපට නිෂ්පාදකයෙක් විදියට ඔහුගේ ප්‍රධානම අභිප්‍රාය වුණේ බලහත්කාර වාණිජ නිදහසක් භාවිතා නොකර සෘජුවම බියජනක චිත්‍රපටයක් නිර්මාණය කරන්නයි. රාම් ගෝපාල් වර්මාගේ Raat (1992) චිත්‍රපටයේ රසිකයෙක් වුණ ඔහුට පිණ්ඩම් ‘හොරර්’ ප්‍රභේදයට අවංකවම තැබීමට අවශ්‍ය වුණා කියලයි කියන්නෙ.
Pindam (2023) Sinhala Subtitlesමේ කාලේ හදන හොරර් චිත්‍රපටි ගැන කියන්න දෙයක් නැහැනේ. The Scariest Film Ever – භයානකම චිත්‍රපටය විදියට චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වලට උප ශීර්ෂයක් යොදාගෙන තියෙනවා. ඒත් ඉන්දීය හොරර් චිත්‍රපටවලදී බහුලව දකින්න නොලැබෙන අත්දැකීමක් විඳගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ චිත්‍රපටි වලට කැමති අය විතරක් අරගෙන බලන්න.
මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.
Pindam (2023) Sinhala Subtitlesඅපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා ගැළපේ.
5,808 downloadsDownload Pindam-2023-Sinhala-Subtitles.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Pindam (2023) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
6 comments
Kasun Widusha
Buddhika Lakmal
.බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you ️
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Anonymous
Thank you
Advertisement



බොහෝම ස්තූතියි උපසිරසියට