මුලින්ම “උදාවුණු වූ නව වසර සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ටවන සුබ නව වසරක් වේවා” කියා පාර්ථනා කරනවා. 2019 වර්ෂයෙ පළමුවන උපසිරැසය ලබාදෙන්නැයි මේ සුදානම. හැබැයි ඉතින් චිත්‍රපටය නම් 2018 වර්ෂයෙ තිරගත වෙච්ච එකක්. ඒ කොහොමහරි 2018 වර්ෂයෙ නොවැම්බර් මස 8 වෙනි දින නිකුත් වුණු මෙම චිත්‍රපටය හට IMDb අගය 5.2 ක්…
මුලින්ම “උදාවුණු වූ නව වසර සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ටවන සුබ නව වසරක් වේවා” කියා පාර්ථනා කරනවා. 2019 වර්ෂයෙ පළමුවන උපසිරැසය ලබාදෙන්නැයි මේ සුදානම. හැබැයි ඉතින් චිත්‍රපටය නම් 2018 වර්ෂයෙ තිරගත වෙච්ච එකක්. ඒ කොහොමහරි 2018 වර්ෂයෙ නොවැම්බර් මස 8 වෙනි දින නිකුත් වුණු මෙම චිත්‍රපටය හට IMDb අගය 5.2 ක් සහ කුණු තක්කාලි අගය 30% ප්‍රමාණයක් අරගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය අයත් වෙන්නෙ Action කාණ්ඩයටයි. මෙයට රංගනයෙන් දායක වෙන්නේ Hacksaw Ridge, Gangster Land, Hurricane ආදී චිත්‍රපට වලදී අපට දකින්න ලැබෙන Milo Gibson, Sylvia Hoeks William Fichtner, Elliot Cowan, Joseph Millson යන නළුකැලයි.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
ජැක් කියන්නෙ CIA එකට වැඩ කරන පුද්ගලයෙක්. ඒවගේම තමයි මොහු අවුරුදු ගණනාවක් හමුදාවේද සේවය කරපු කෙනෙක්. තමන්ගෙ මේ බයානක වැඩ රාජකාරි නිසා ඔහු තමන්ගෙ පවුලේ අයගෙන්ද ඈත් වෙලා ඉන්න පුද්ගලයෙක්. අඩුමතරමේ තමන්ගෙ අලුත ඉපදුණු දරුවාවත් බැලීම සඳහා ගෙදර නොගියපු කෙනෙක්. ඔන්න ඉතින් දවසක් මොහුට මෙහෙයුමක් ලැබෙනවා ජනාධිපතිව මැරීම සඳහා මාන බලාගෙන සිටින ලැයිස්තුවේ උඩින්ම සිටින කෙනෙක්ව අල්ලගැනීම සඳහා.ඉතිං මෙහෙදී ඔහුට පරණ යහළුවෙක් වෙන මයික්ව හම්බවෙනවා. හැබැයි ඉතිං ඔහු මේ මෙහෙයුමට ජැකී සහභාගි වීම ගැන වැඩි කැමැත්තක් නැහැ. මොකද අර උඩ කියපු හේතු කාරණා නිසාවෙන්. ඔන්න ඉතිං මෙයාලට ලැබුණු තොරතුරු වලින් දැනගන්න ලැබෙනවා ජැකී ඇෆ්ගනිස්තානයෙදී සේවය කරපු කාලෙ අඳුරගෙන හිටිය සහ IED එහෙකින් තමන්ගෙ ජීවිතය පරදුවට තබා බේරගත්තු පුද්ගලයා ත්‍රස්තවාදීයෙක්ට උදව් උපකාර කරනවයි කියල. මොහුට මුලදි විශ්වාස කරගන්න බැරිවෙනවා. ඉතිං ජැකී තමන්ගෙ මේ සැකය දුරු කරගන්න කියල මෙයාව හම්බවෙන්න ගිහින් සම්පුර්ණ විස්තරයම කියනව. එවෙලෙ ඔහු මොහුට හසාන් නැමති පුද්ගලයා ළඟට රැගෙන යෑමේදී ජැකී සහ පිරිසට පහර දී මයික්ව ඝාතනය කර එතනින් පලා යනවා.ජැකීට විශ්වාස කරන්න බැහැ. තමන්ගෙ ජීවිතය පරදුවට තබා බේරගත්තු සහ රට වෙනුවෙන් සේවය කරපු පුද්ගලයන් මෙහෙම කරයි කියල.ඉතිං ජැකීගෙ හිතේ ඇතිවෙන්න අරගන්නවා ඇත්තට මොහු කාට බයේද මෙහෙම දෙයක් කරන්නෙ? ඒ කෙනා එතරමට බයානක කෙනෙක්ද? යන්න වග.ඉතිං අපි බලමුකො ජැකීට තමන්ගෙ යහළුවා වෙනුවෙන් සහ තම රටට එල්ල වී තිබෙන මෙම ත්‍රස්තවාදී ප්‍රශ්ණය කාගෙත් හොඳට ඉවරයක් කරන්න ලැබෙවිද කියල.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL සහ BR පිටපත් සඳහා අදාළ වේ.
7,486 downloadsDownload All-The-Devils-Men-2018-br.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
39 comments
Prabodha Madhusankha Hettiarachchi
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයmission
Patta
Kulanjana Maduranga
subata thanks saho....
gihan perera
නියමයි මචෝ...කාලෙකින් මේ වගේ කතාවක් බැලුවේ නැ...ස්තුතියි උපසිරැසි දුන්නට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Udara Damith Dissanayaka
esema wewa
thankssssssKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
ela saho thanks
luckysun
Super saho great sub
Nuwan-milinda
Thanks saho
Hiranhiru
මේ පිලුම එළටම ඇති කියලා හිතෙනවා.
ගොඩක් ස්තුතියි උපසිරැසියට.
ජයවේවා..!kapilakumara
Thanks bro
Asanke
Thanks for sub happy New year
sandharu
Thanks broo elaa
Rukshan37
Ela ela
dihan randila
brother mm direct film ek download krla sub tika add kra.a unat eka support krn nh ne..SRT file ekk widiyt pennw wittrai
subodha
Thanks
Dmadhu
bro link ekak dennako
Sub ekata Jaya. ThnxNandana_kumara
damith_janaranjana
THANKS
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි....
suranuwan
thanks bro..
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Rasitha Illangasinghe
Thanks sub ekata..
Rasitha Illangasinghe
Thanks for sub..
Mahesh Rajapaksha
Thanks......
dulakshitha
Thanx mchan
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hashan M. Priyadarshana
Thank you machan sub ekata..
Jaya wewa!krishantha75667
thanks bro...
myhome
GOOD LUCK .ELAMA
Eranga Sandaruwan
අම්මට උඩු. අර ඉන්නේ ඇලෙක්ස් මහෝන් කාරයාද?
පට්ට පට්ට ඈ..උප සිරැසියට බෝම ස්තූතියි.
ජය වේවා..Chulender kasun
Thanks you
Ashan12345Bhhh
Thanks all
Kanchaka
Thanks bro
Kasunabayasekara
Thanks machan
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Godak sthuthi sahooo sub ekataa...