Watch Trailer

Aan Devathai (2018) Sinhala Subtitles | පිය සෙනෙහස ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ 20 වෙනි උපසිරස විදියට අරගෙන ආවා තාත්තා ගැන කියවෙන කතාවක්. මතක ඇතිනෙ ගිය වතාවෙ මම අරගෙන ආවෙ අම්ම කෙනෙක් තම දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම කොහොමද කියන එක ගැන කියවෙන කතාවක් …ඔන්න ඉතින් මේ වතාවේ හම්බවුණා තාත්තා කෙනෙක් තම දරුවන් වෙනුවෙන් කරන කැපවීම ගැන කියවෙන කතාවක්. Appa(2016), Thondan…

ඔන්න යාලුවනේ මගෙ 20 වෙනි උපසිරස විදියට අරගෙන ආවා තාත්තා ගැන කියවෙන කතාවක්. මතක ඇතිනෙ ගිය වතාවෙ මම අරගෙන ආවෙ අම්ම කෙනෙක් තම දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම කොහොමද කියන එක ගැන කියවෙන කතාවක් …ඔන්න ඉතින් මේ වතාවේ හම්බවුණා තාත්තා කෙනෙක් තම දරුවන් වෙනුවෙන් කරන කැපවීම ගැන කියවෙන කතාවක්. Appa(2016), Thondan (2017) යන චිත්‍රපටවලට දායකත්වය ලබාදුන් “Samuthirakani” “ඉලංගෝ” ලෙසින් මෙම චිත්‍රපටයෙන් චරිතයෙන් තාත්තාගේ චරිතයට පණ පොවනවා.. Ramya Pandian, Kavin, Monica යන අය සෙසු චරිතවලින් දායක වෙනවා.

මුදල් පසුපස ,සුඛෝපභෝගි දිවි පෙවෙතක් පසුපස හඹායන සමාජයක, තම බිරිඳද දරුවන් ගැන පවා නොතකා එම සමාජයට අනුගත වෙන්න උත්සාහ දරන අවස්ථාවක තම දරුවන්ගේ අනාගත අභිවෘද්ධියට, සතුට,ගුණදම්, සාරධර්ම හා යහපත් පවුල් ජීවිතයක් වෙනුවෙන් කැපවෙන පියෙක් ගැන මෙම චිත්‍රපටයෙන් මනාව නිරූපණය වෙනවා. IMBD අගය 7.2ක් තරම් ඉහල අගයක් ඇති 2018 ඔක්තෝබර් මස 12 වන දින තිරගත වීම ආරම්භ කල Action, Drama ගණය යටතේ විනාඩි 115 කාලයක් ධාවනය වෙනවා. වේගයෙන් දියුණුවන නාගරික සමාජය තුළ න්‍යෂ්ටික පවුල්වල අරගලවලට විසඳුමක් ලබා දීම සදහා අධ්‍යක්ෂවරයා වන තමිරා ගත් උත්සහයක් ලෙස ඉන්දියා ටුඩේ පුවත්පතද සදහන් කර තිබෙනවා. ඒ වගේම මෙමෙ ෆිලුමට Will Smith රගපෑ The Pursuit of Happyness (2006) චිත්‍රපටයේ දර්ශන කීපයක්ද පදනම් වෙලා තියෙනවා.

කාත් කවුරුවත් නැති ජෙසීකාව ඉලන්ගෝ විසින් විවාහ කරගෙන ඔවුනට “අගරමුදල්වන් ” හා “ආදිරා” යනුවෙන් නිවුන් දරුවන් උපත ලබනවා.එක ළමයෙක් ඉන්න අයත් දන්නව ඇති ළමයෙක් බලාගෙන දෙන්නම වැඩට යන්න කරන මහන්සිය.එතකොට ළමයි දෙන්නෙක් ඉන්නකොට කොහොමද කියල හිතාගන්න පුලුවන්නෙ.කොහොම් හරි දෙන්නම වැඩට යන ගමන් ළමයි දෙන්නවත් බලාගන්න එක,පාසලෙන් ආපහු ගන්න එක වෙලාවට කෑම දෙන එක අපහසු තත්ත්වයට පත් වුණා.ඒ නිසා දෙන්න අතර නිතර නිතර පුංචි පුංචි මතබේදත් ඇති වුණා.කොහොම හරි ඉලන්ගො යෝජනා කරනව දෙන්නගෙන් එක්කෙනෙක් නැවතිලා ළමයින්ව බලාගන්න,නමුත් ජෙසී කැමති වෙන්නෙ නෑ ඒකට.ඉතින් මොනා කරන්නද ඉලන්ගෝට ඕනෙ
ළමයි දෙන්නව බලාගන්න.නමුත් ජෙසීට ඕනෙ තමන්ගෙම කියල ලොකු ගෙයක්,කාර් එකක්,හොදට සල්ලි හම්බකරන්න. පස්සෙ ඉතින් ඉලංගෝ ගෙදර නැවතිල ළමයි බලාගෙන ගෙදරදොර ඉහුම්පිහුම්,රෙදි හෝදන ඒවා කරගෙන ඉන්න පටන් ගත්තා.ඉලන්ගො ගෙදරට වෙලා දරුවන්ගෙ වැඩත් කරගෙන අහල පහල ගෑණු අයත් එක්ක හිත්වත්ව ව්‍යායාම පාරක් දාගෙන කාඩ් අතක් ගහගෙන ඉන්නවා.

ඔහොම කාලෙ ගෙවීගෙන යද්දි ජෙසීගෙ යාලුවා බෙලීටා කාර් එකක් එහෙම අරගන්නව.ඒ අතර ජර්මන් ගමනකට කාර්යාලයෙන් ජෙසීවත් යන්න හිතාගෙන හිටියට ජෙසීගෙ නම ලැයිස්තුවට ඇතුලත් වෙන්නෙ නෑ. මේ ගැන කනස්සල්ලෙන් ජෙසී හිටියෙ.කාර්යාලයේ බොසා රෝයි හම්බවෙලා මේ ගැන කිය කිය ඇවිටිලි කලා. කොහොම හරි ජර්මන් ගමනට නම ඇතුලත් කරගන්න කියල.ඒ අතර ජෙසී වෙනම මහල් නිවාසයකට යන්න නිවාස ණයකුත් අරගන්නවා.කාර් එකකුත් අරගන්නව ණය වෙල,නමුත් ඉලංගෝ නම් මේ එකකටවත් කැමති වෙන්නෙ නෑ.කොහොම හරි දවසක් ජෙසීගෙ පර්ටියකට කට්ටියම යනව. එහිදි අදිරාට අතවරයක් කරන්න හැදුව කියල අදිරා අඩාගෙන ඇවිත් තාත්තට කියනව(ඉලන්ගෝ).මේවගේ දේකට ඕනම් තාත්තෙක් හැසිරෙන්නෙ කොහොමද දන්නවනෙ.ඉලන්ගෝ අර මිනිහට ගහනවා.මෙතැනට එන ජෙසී එයාට අවමාන කලා කියල ඉලන්ගෝට කනේ පාරක් ගහල ගෙදර යනවා.කොහොම හරි ප්‍රශ්නෙ උඩුදුවල ඉලන්ගෝ ගෙදරින් පිටවෙලා යන්න සිද්දවෙනවා. මොකද ජෙසි කියනවා හැමදේම එයා හම්බකර ගත්තුවා,ඉලන්ගෝ කරන්නෙ ගෙදරට වෙලා ඉදගෙන කන එක විතරයි කියල.පුලුවන්නම් දවසක් එළියට ගිහින් ජීවත් වෙලා බලන්න කියල. අනේ ඉතින් ළමයින් වෙනුවෙන්ම මහන්සි වුණ අසරණ ඉලන්ගෝ මොනව කරන්නද ?,ඉලන්ගෝ පිටත්වෙලා යන්න හදනකොට අදිරා අඩනව තාත්තේ මට බයයි කියල.. පස්සෙ මොනා කරන්නද අදිරවත් අරගෙන ඉලන්ගෝ ගෙදරින් යන්න යනවා.

කතාව ඔක්කොම කියන්න ඕනෙ නෑනේ.ඔයාලම බලන්න තාත්තෙක් දුවෙක් එක්ක යන ගමනේ සිද්දවෙන අමිහිරි අත් දැකීමුත්, ගෙදර තනිවෙන අගරන්ගෙ තත්ත්වයත්, ණය වෙලා සුඛෝපභෝගි දිවියක් ගත කරන්න උත්සාහ දරන ජෙසීගෙ තත්ත්වයත් අවසානෙදි කොහොමද විසඳෙන්නෙ කියල ??.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා අදාළ වේ.

4,344 downloadsDownload Aan-Devathai-2018-.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

4,344 downloadsDownload Subtitles56 KB

24 comments

  1. Janith Jayasankha Adhikari

    sub eka baa gaththaaa bohoma isthuuthiyi sub ekata thawa film walata danna sub

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godakma sthuthi sahoo sub ekata.

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. snak

    thanks sub ekata

  5. Kanchaka

    Thanks very much

  6. Kulanjana Maduranga

    niyamai.....subata thanks saho....keep it up....

  7. Tharaka

    THANKS.....................

  8. sooriyapatabadige

    Thanks for sub.......(osthe 2011) simbuge film skata sub dennako please..........

  9. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  10. Bandara 1976

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    මුදල් පසුපස ,සුඛෝපභෝගි දිවි පෙවෙතක් පසුපස හඹායන සමාජයක, තම බිරිඳද දරුවන් ගැන පවා නොතකා එම සමාජයට අනුගත වෙන්න උත්සාහ දරන අවස්ථාවක තම දරුවන්ගේ අනාගත අභිවෘද්ධියට, සතුට,ගුණදම්, සාරධර්ම හා යහපත් පවුල් ජීවිතයක් වෙනුවෙන් කැපවෙන පියෙක් ගැන මෙම චිත්‍රපටයෙන් මනාව නිරූපණය වෙනවා.

  11. Asiri1992

    elaaaa

  12. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන්

  13. Aac3

    එනකල් බලන් හිටිය ෆිලුමක් බ්‍රෝ... සබ් එකට ගොඩාරියක් ස්තූති.. ජය වේවා !

  14. prasakr

    supiri bro

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. D.Chamara

    bohoma sthuthi sahoo

  17. Madhura prasad

    පට්ටම ලස්සන ෆිලුමක් බ්‍රෝ.සබ් එකට තුති වේවා සහො

  18. N_R

    Thank You.

  19. Tharaka Nuwan Dilhara

    ස්තුතියි එහෙනම් උපසිරැසියට..
    වෙලාවක් ලැබුනම බලනවා
    දිගටම උපසිරැසි අරන් එමු.
    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා..
    ජයෙන් ජය..!!

  20. neelanethra

    thankz

  21. TharakaWAS

    Subata thanks bro....!!!

  22. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  23. amiya.ish

    Link Doesnt Work Bro

  24. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!