2009 මාර්තු 10 දින Wild Hogs (2007) චිත්‍රපටයෙන් Blood Diamond (2006) චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදීම සමගින් බයිස්කෝප් වෙබ් අඩවිය ඇරඔුන ගමන් මගේ සිට අද දක්වා වසර 09 ක කාලයක් බයිස්කෝප් එකත් එක්ක ආ ගමන් මගේ අවුරුදු ගානක ඉදල හිතේ තිබුන දෙයක් තමයි සයිට් එකට සබ් එකක් කරන්න ඕනි කියන එක.හැමදාම ඇවිත් සබ් බ…

2009 මාර්තු 10 දින Wild Hogs (2007) චිත්‍රපටයෙන් Blood Diamond (2006) චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදීම සමගින් බයිස්කෝප් වෙබ් අඩවිය ඇරඔුන ගමන් මගේ සිට අද දක්වා වසර 09 ක කාලයක් බයිස්කෝප් එකත් එක්ක ආ ගමන් මගේ අවුරුදු ගානක ඉදල හිතේ තිබුන දෙයක් තමයි සයිට් එකට සබ් එකක් කරන්න ඕනි කියන එක.හැමදාම ඇවිත් සබ් බාගෙන ගියාට සබක් කරන්න කියලා ගොඩ කාලෙක ඉදන් තිබුණ ආශාවක්.ඒත් අද තමයි මේ විදිහට ඒ ආශාව ඉටු කර ගන්න පුළුවන් වුනේ.
විශේෂයෙන් මං ස්තූතියි කරනවා බයිස්කෝප් එකේ 60, 70 දශකයේ පැරණි හින්දි සිනමා වෙනුවෙන් උපසිරසි ලබාදෙන “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොයුරට.එයා තමයි මට ගොඩක් ධෛර්්‍යය දුන්නේ සබ් එකක් කරන්න ආශාවක් තියෙනවා කිව්වම.
මගේ පළවෙනි පරිවර්ථනයට ටිකක් පරණ ෆීල්ම් එකක් දෙන්න හිතුවා.මේක 1999 අගෝස්තු 13 අවුට් වුන දමිල ෆීල්ම් එකක්.මේකෙ ප්‍රධාන නළුවා (අජිත් කුමාර්) තමයි ප්‍රධාන චරිතයට රගපාන්නේ. අජිත් කුමාර් ඒ කිවිවේ (වාසු) වැඩ කරන්නේ චිත්‍රපටි ශාලාවක.එක දවසක් අළුත් චිත්‍රපටයක රීල් එක ප්‍රවාහනය කරන අතරතුර ශලිනි (මෝහනා) කියන සංගීතය ඉගෙන ගන්න කෙල්ලෙක් එක්ක වාද වෙනවා. මෝහනා කියන්නේ පොලිස් කමිෂනර්ගේ දුව.වාසුත් එක්ක හිරේ ඉදන් ආව තුල්සිදාස් කියල කෙනෙකුත් වැඩකරනවා. තුල්සිදාස් දවසක් වාසුට අර මෝහනාව පැහැරගන්න කියනවා දවස් දෙකකට ඒ පවුලේ ගෞරවය නැති කරන්න හිතාගෙන.වාසු ඇයව පැහැරගන්නවා.වාසු කියන සිංදුවක් නිසා මෝහනාට වාසු ගැන ආදරයක් ඇති වෙනවා.ඒත් වාසු ඒ ආදරය ප්‍රතික්ශේප කරනවා.ඒත් තුල්සිදාන් වාසුට කියනවා මෝහනාට බොරුවට ආදරේ වගේ රගපාන්න කියලා.ඒකට එයා සල්ලි ගෙවනවත් කියලා.පස්සේ වාසු මෝහනාට ඇත්තටම ආදරය කරනවා.තුල්සිදාන් කමිෂනර්ගෙන් පළි ගන්නේ ඇයි? වාසුට එයාගෙ ආදරය ජයගන්න පුළුවන් වෙයිද? කියලා බලන්න ෆීල්ම් එක බාගෙනම බල්නකෝ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
1,388 downloadsDownload Amarkalam-1999.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
34 comments
Kantha_DLA
Udaya Saman
ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා.බොහොම ස්තූතියි දිරිගැන්වුවාට ඔබටත්.
Sachin135
Sub එක download කරා...
Udaya Saman
බොහොම සහෝ ඔබටත්.වැරදි ඇත්තොත් ඒකත් කියන්න.මොකද පළවෙනි එකනෙ?
Priyantha Dayakeerthi
උදය සමන් කුමාර සොයුර,
මේ දමිල සිනමාපටය ගැන මා දැන සිටියත් මීට පෙර නරඹා තිබුණේ නැහැ. දැන් ඔබගේ සිංහල උපසිරැසිය සමඟ මෙය නරඹන්නට පුළුවන්. මා විසින් සිංහල උපසිරසි සපයන සිනමාපට සඳහා නිතර අදහස් දක්වන හිතවතෙක් හැටියටත් ඔබගේ මේ පළමු උත්සාහයට මාගේ අවංක සුබ පැතුම් පිරිනමනවා! ඔබට මේ උපසිරසි නිර්මාණය කිරීම සඳහා උපදෙස් සැපයූ කෙනෙක් ලෙස මාගේ නම සඳහන් කිරීම ගැනද මාගේ ස්තුතිය මෙලෙස පළකරනවා. මා පුද්ගලිකවම දන්නවා ඔබ මෙම වෙබ් එක තුළ සිටිමින්, මෙහි උපසිරසි ලබාගනිමින් එයට නිරතුරුවම අදහස් දක්වමින් රැඳීසිටින කෙනෙක් බව. ඉතිං ඔබට මින් ඉදිරියේදීත් අගනා සිනමාපට සඳහා සිංහල උපසිරසි නිර්මාණය කිරීමට අවශ්‍ය දිරිය, ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරන්නෙමි, ඔබට ජය!!!Udaya Saman
බොහොම ස්තූතියි ඔබගේ දිරිගැන්වීමටත් අදහස් ප්‍රකාශ කලාටත්.ඒ වගේම අයියගෙත් අළුත් සබ් එකක් අපි බලාපොරොත්තුවෙන් ඉන්නෙ අද හෙටම
malshika
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ@@@Udaya Saman
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!
කමෙන්ටුවකින් මාව දිරි ගැන්වූවාට මාගේ ස්තූතිය. ඉදිරියටත් මේවැනි උපසිරසි ලබා දෙන්න උත්සහ කරනවා.
OshankaNW
උපසිරැසියට බොහොම ස්තුතියි . පුලුවන් වුනොත් මේ පරණ සුපිරි දෙමළ ෆිල්ම්ස් වලටත් sub දෙන්න.
Aaru (2005) – Suriya
Mounam pesiyadhe (2002) – Suriya
Pithamagan (2003) – Suriya , Vikram
Shree ( 2002) – Suriya
ජය වේවා………Udaya Saman
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!
කමෙන්ටුවකින් මාව දිරි ගැන්වූවාට මාගේ ස්තූතිය. ඔබ මේ සදහන් කරපු පැරණි චිත්රපට එකකට හෝ උපසිරසි ලබා දෙන්න මා උත්සහ කරනවා.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදය සහෝ.
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ජයෙන් ජය.Udaya Saman
ඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!
කමෙන්ටුවකින් මාව දිරි ගැන්වූවාට මාගේ ස්තූතිය ඔබටත් පුද කරනවා.
Tharaka Nuwan Dilhara
ඉතාමත් හොඳ ආරම්භයක්..
සිනමාවට බිහිවුණු මේ වගේ සුපිරි නිර්මාණවලට උපසිරැසි ගන්වලා අඩවියට අරගෙන එන්න තීරණය කරපු එක දහස්වරක් ස්තුතිවන්ත විය යුතු කරුණක්.
දිගටම මේ වැඩේ කරගෙන යමු.
වැඩිය කෙමෙන්ට්ස් වැටෙන එකක් නෑ, විසිතිස්දහස් ගණන් වලින් ඩවුන්ලෝඩ් කරන එකක් නෑ.
ඒත් සහෝ... මේ වගේ චිත්‍රපට වලට අදටත් ආස කරන මිනිස්සු අතලොස්ස..
එයාලා තමයි සිනමාවේ Pure රසිකයෝ..(මං දකින විදිහට)
ඉතින් මේ වගේ චිත්‍රපටි වලට උපසිරැසි ගන්වලා අරන් ඇවිත් ඔයා කරන්නේ ලොකු සේවයක්.
ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට
දිගටම සබ් කරමු..
ඒ වගේම අලුත් ඒවත් සබ් කරමු..
ජයෙන් ජයම වේවා..!!!Udaya Saman
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ඔබගේ දිරි ගැන්වීමට මාගේ හෘද්යාංගම ස්තූතිය පුද කරනවා.ඉදිරියට සබ් කරන්න හිතන් ඉන්න අදහසට මෙහෙම වචනවලින් අදහස් දක්වනකොට ඒ උනන්දුව වැඩි කරනවා සහෝ.බොහොම ස්තූතියි.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
ඒ වගේම පළමු උපසිරැසියටත් සුබ පැතුම්........
දිගටම සබ් කරමු.
ඔබට ජය........!Udaya Saman
සුබ අලුත් අවුරුද්දක් වේවා!
බොහොමත්ම ස්තූති වන්ත වෙනවා හසිත සහෝදරයාට කමෙන්ටුවකින් මාව දිරි ගැන්වුවට....
Tharindu_Rukshan_Perera
පලවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් දිගටම අපිත් එක්ක මේ කාර්ය්‍ය කරගෙන යමු මේ වගේ මග ඇරුණු චිත්‍රපට සදහාත් උපසිරැසි ගැන්වීමට ඔබ තුල ඇති උත්සුක භාවයට ඉතාමත් තුති ඔබට ජය...!!
Udaya Saman
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!
හිතේ ගොඩක් කාලෙක ඉදන් තිබුණ දෙයක් තමයි සයිට් එකට සබ් එකක් කරල දානව කියන එක.ඉතින් ඒ උත්සහයෙ ප්රථිපල මේවගේ කමෙන්ට වලින් ලැබෙන කොට ඒ උත්සහය තවත් වැඩි වෙනවා.ඉදිරියටත් පැරණි සිනමා කිහිපයක් තෝරා සිංහල උපසිරසි ලබා දෙන්න හිතන් ඉන්නවා. කමෙන්ටුවකින් මාව දිරි ගැන්වූවාට ඔබටත් ස්තූති වන්ත වෙනවා.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udaya Saman
බොහොම ස්තූතියි රොයිලි සහෝ ඔබටත්...
Sachin135
මචන් තරහ නැතුව ..ලයින් ටික හදල දානවද..
ලයින් වැරදි..Udaya Saman
කොයි ටික වගේද වැරදි සහෝ.ඔයා ෆීල්මි එක සබ් එකට තියෙන රිප් එකටද ඩවුන්ලෝඩ් කරේ
Sachin135
Baiscopedownloads.ඒකෙන් තමයි download කරේ...
Udaya Saman
සහෝ මම සබ් එක කරේ [DVD-Rip] 1CD Xvid Avi කොපියට.ඒත් සයිට් එතේ තිබුනේ HD RIP එකක්.ඒක නිසාද දන්නෑ.මම ලයින් ටික ඒකට හදල දාන්නම් සහෝ.
Lakith
DVDRIP EKATA SUB EKA SET WENAWADA 1.36GB DVD RIP EKAK THIYANAWA
Udaya Saman
ඔව් සහෝ ඒකට බොහෝ දුරට මැච් වේවි මම 700 මෙගා බයිට් එකට තමයි කරේ ඒත් ඩීවීඩී රිප් එකක් නිසා ඒකටත් සබ් එක හරියාවි.
Lakith
700mb file eka full name eka danawada saho
Udaya Saman
මම සබ් එක කරේ [DVD-Rip] 1CD Xvid Avi කොපියට HD RIP එකට සබ් එක මැච්න්නැත්නම් මම ලයින් ටික ඒකට හදල දාන්නම්.
Sachin135
මම dvdrip එක download කරන්නම්...
Sachin135
ඒකෙ download link එක දෙනවද..
Damithutd
මචං අජිත්ගෙ ෆිල්ම් එකක් තියනවා kadhal mannan කියල .ෆිල්ම් එක 1998.කිසිම සබ් එකක් නෑ හොයාගන්න .ඉන්ග්ලිෂ් සබ් එකක්වත් නෑ. ප්ලීස් මචන් මේ ෆිල්ම් එකට සබ එකක් දෙන්න. ජය වේවා
Udaya Saman
බොහොම ස්තූතියි සහෝ ඔබට ජය වේවි.මං මීලගට උපසිරසි කරන්න ඉන්න එකෙත් මේ වෙනකන් කිසිම භාෂාවකින් සබ් එකක් නිකුත් වෙලා නෑ.බොහොම ස්තූතියි අජිත්ගේ පැරණි චිත්රෙපට රසිකයෙක් විදිහට ඔබටත්.ඉදිරියේදී අජිත්ගේ චිත්රපට කිහිපයකට උපසිරසි ලබාදීමට අදහස් කර ගෙන ඉන්නවා ඒ අතරට ඔබගේ උපසිරසියද තෝරා ගන්න මා කටයුතු කරන්නම්.
kasun sudangama
Thank you aiye mama kemathima naluwek thama ajith kumar oyata godak pin me film ekata sub eka biscopelk ekta demmata ajithge film ekak thiyenawa kreedam kiyala ekatath puluwan nam sub eka dannako
Udaya Saman
ඔබගේ දිරි ගැන්වීමට මාගේ ස්තූතිය.අජිත්ගේ ෆීල්ම් ටිකකට සබ් දෙන්න හිතන් ඉන්නවා. බලමු පුළුවන් විදිහට ඔයාගේ ඉල්ලිමත් ඉටු කරන්නම්.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!
සුබ අලුත් අවුරුද්දක් වේවා …!!