ඔන්න එහෙනම් මේ ලෑස්ති වෙන්නේ පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි, 2014 අවුරුද්දේ දෙසැම්බර් 30 වැනිද මම Aaaah (2014) කියන චිත්‍රපටයට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට දුන්නා. එදා ඒ ලිපියේ මම පොරොන්දු වුනා මෙන්න මේ විදියට. “ආ…. කියන මේ ෆිල්ම් එක නිශ්පාදනය කරල තියෙන්නේ Haresh Narayan සහ K.Hari Shanker කියන දෙන්නයි. ඉත…

ඔන්න එහෙනම් මේ ලෑස්ති වෙන්නේ පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි, 2014 අවුරුද්දේ දෙසැම්බර් 30 වැනිද මම Aaaah (2014) කියන චිත්‍රපටයට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට දුන්නා. එදා ඒ ලිපියේ මම පොරොන්දු වුනා මෙන්න මේ විදියට.
“ආ…. කියන මේ ෆිල්ම් එක නිශ්පාදනය කරල තියෙන්නේ Haresh Narayan සහ K.Hari Shanker කියන දෙන්නයි. ඉතින් මේ දෙන්නගේ තවත් ලස්සන ෆිල්ම් එකක් තමයි අම්බුලි කියන් නෙ. ඒත් ඒ ෆිල්ම් එකට නම් තාම උපසිරැසි යොදල නෑ. හැබැයි මම ඔයාලට පොරොන්දු වෙනව ඒ ෆිල්ම් එකටත් ඉක්මනටම උපසිරැසි ගන්වල දෙනව කියල.”
ඉතින් මේ වෙච්ච පොරොන්දුව මගෙ හිතේ නැගී නැගී ආපු දෙයක්. කරන්නම හිතන් හිටියත් සමහරක් හේතු කාරණා නිසා ඒක කරන්න බැරි වුනා. ඔන්න හේතු වලට ගෙදර යන්න ටටා බායි කියල 27 වැනිදා රෑ හිතට ආපු ක්ෂණික තීරණයකින් මේ ෆිල්ම් එකේ උපසිරැසිය කරන්න පටන් ගත්තා. හැබැයි ඉංග්‍රිසී උපසිරැසියක්වත් තිබ්බෙ නැති මේ ෆිල්ම් එකට කාල රාමු හදාගෙනම මට සිංහල උපසිරැසිය කරන්න සිද්ද වුනා. කොහොම හරි ඔන්න පොරොන්දුව ඉෂ්ට කළා, යමු එහෙනම් කතාව පැත්තට.
“රානී එන්න දුවේ, අත අරින්න දුවේ අත අරින්න.
අත අරින්න දුවේ.
-තාත්තේ එපා තාත්තේ කියපුවාම අහන්න. කැළෑව
පාරෙන් එපා තාත්තේ, පාරෙන් යමු තාත්තේ.
කොහොමද යන්න ඕනි කියල තාත්ත
දන්නව දුවේ. මෙහෙන් ගියොත් අපෙ
ගෙදරට ඉක්මනට යන්න පුලුවන්, එන්න.
-තාත්තේ එපා තාත්තේ
කියපුවාම අහන්න තාත්තේ.
බය හිතෙනවද? බය වෙන්න එපා, මම
කොච්චර ධෛර්යයකින් ඉන්නවද බලන්න.
-අනේ තාත්තෙ ඇතුලෙන් සද්දයක් ඇහෙනවා.
ඔයා ඉන්න දුවේ, මම
ගිහින් බලල එන්නම්.
මම දුවට කිව්වනේ… එහෙ මුකු………”
ක්ෂණිකයෙන් කැළෑව ඇතුලෙන් එන අමුතු සතෙක් පියාගේ ඇස් ඉදිරි පිටදීම දියණිය සපා කා ඇදගෙන යයි. දියණිය පස්සෙන් දිව යන පියාට දැක ගත හැකි වන්නේ ඔහුගේ දියණියගෙ ලෙයින් පිරුණු සිරුර පමණයි. එම මොහොතේදීම ඔහුටද ඒ සත්ත්වයා පහර දෙන අතර ඔහු දිවි බේරා ගනී.
“ළමයව ඇදගෙන ගිහින්ලු.
-අයියෝ! ඊට පස්සේ?
මෙයාගෙත් කටේ ඉදන් කණ
වෙනකන් තුවාල වෙලා තියෙනවා.
තුවාලය දැක්කාම, ඌ තවත් බලවත්
වෙලා ඇති කියල හිතෙනවා.
හරි ඒක අත ඇරල දාන්න,
ඒක මේ ගමේ ශාපයක්.”
පූමානන්ඩිපුරම් ගම්මානයේ මිනිසුන් එක් භයානක කතන්දරයක් ගැන විශ්වාසයක් තබාගෙන ඉන්නවා. ඒ හේතුව නිසාම ඔවුන් හිරු අවරට ගිය වහාම ගෙවල් ඇතුලට යනවා. උදේ වන තුරු ඔවුන්ගේ ගම්මානය පාළු සොහොනකට සමාන කළ හැකි. පාරවල්වල කිසිම කෙනෙක් නෑ, ගෙදරක කිසිම ශබ්දයක් නෑ.
අමුදන් සහ වේන්දන් ඉගෙන ගනු ලබන්නේ මේ ගම්මානය අසල තියෙන විශ්වවිද්‍යාලයක. තුන්වන වසරේ ඉගෙනුම ලබන ඔවුන් එයාලගේ ගිම්හාන නිවාඩුවට ලෑස්ති වෙමිනුයි ඉන්නේ. ඔය අතරේ අමුදන් එක් තරුණියෙකුට ආදරේ කළත් ඔහු අවුරුදු දෙකක් එය නොකියා සිටින්නේ ලැජ්ජාවට. නමුත් අවසානයේ තීරණය කරනවා ආදරෙ ප්‍රකාශ කරන්න. ආදරේ ප්‍රකාශ කළත් පෙම් කුරුල්ලෙක් වෙන්න ඔහුට දවස් හැටක් බලාගෙන ඉන්න සිද්ද වෙනවා.
“මේ නිවාඩුවේ, යාළුවෝ විභාග ලකුණු
ප්‍රතිපල එනකන් බලාගෙන ඉදී.
ඒ වුනත් මම, ඔයාව ඊලගට කවද්ද බලන්න
පුලුවන් වෙන්නෙ කියල බලාගෙන ඉන්නවා.
-ඒ වුනත් මම කැමති නෑ අමුදන්, දැනටමත් අවුරුදු
දෙකක් ඔයා වෙනුවෙන් බලන් හිටියා.
දැන් ආයෙමත් දවස් හැටක්.
අපි වෙන මොකක් හරි ගැන
සතුටින් කතා කරමුකෝ.
[ඔය අතරේ ඇයව රැගෙන යන්න කාර් රථය පැමිණ හෝන් කරයි.]
-ඒකටත් තව දවස් හැටක්
බලාගෙන ඉන්න ඕනි වෙයි වගේ.
හේයී, පූන්ගා ඉන්න.”
දවසක්වත් ආදරේ නොකරපු අමුදන් හරිම අමුතු තීරණයක් අරගන්නවා, ඒ ගිම්හාන නිවාඩුවට ගෙදර නොගොස් ඔහුගේ හොදම යාළුවා වන වේන්දන් එක්ක විශ්වවිද්‍යාලයේම නවතින්න. ඊට හේතුව පූන්ගාවනම්.
“වේන්දා, මගේ අදහස මොකද්ද කියල
එක පාරක් අහල බලපන් බන්.
-මොකද්ද?
කොලේජ් මුරකාරය
ඔයාගෙ තාත්තනෙ.
-ඔව්, ඉතින් ඒකට මොකද දැන්?
දවස් හැටකට මන් මෙහෙම නතර වෙන විදියට
ලෑස්ති කරපන් බන්.”
ගිම්හාන නිවාඩුවට නිවසට නොයන අමුදන් ලෑස්ති වෙන්නේ පූන්ගාවනම් බැලීම යාම සදහායි. ඔහු ඒකට පාවිච්චි කරන්න යන්නේ විශ්වවිද්‍යාලයට පිටු පසින් ඇති ඉරිගු කැලෑවයි.
“මේ… උබේ සැලැස්ම මොකද්ද? උබේ කෑල්ල
කවද්ද, කොහොමද හම්බෙන්න යන්නේ?
-අද රෑ පූමානන්ඩි පුරම් වලට යනවා.
ඒක මෙහෙ ඉදන් කිලෝමීටර් දාසයක් දුරයි බන්.
-ඒ පාරෙන් ගියොත් නේ. මේ, අපේ
කොලේජ් එක පිටි පස්සෙ තියෙන ඉරිඟු කැළෑව පාරෙන්
ගියොත් කිලෝමීටර් හතරයි.
මොකක්, මේ ඉරිගු කැලෑව පාරෙන් ද?
-ඇයි උබලගෙ තාත්ත කිව්වද මහ
සෝන ඇවිදින් ගහනව කියල?”
අමුදන් සහ වේන්දන් පූන්ගාවනම් හමු වී, උදෑසන ඉරිගු කැළෑව ඇතුලෙන් එළියට පැමිණෙන බව දුටු වේන්දන්ගේ තාත්තා කලබලයට පත් වෙනවා. කලබලයට පත් වෙන තාත්තාගෙන් වේන්දන් ඇයි කියා අසනවා.
“මොකෝ පුතේ මේ ඉරිගු කැලෑව
ඇතුලෙ ඉදන් එන්නේ? මම උබට
කී පාරක් කියල තියෙනවද. කැලේ
ඇතුලට යන්න එපා, කැලේ ඇතුලට
යන්න එපා කියල.
-තාත්තේ මොකෝ මේ කෑ ගහගෙන ඉන්නේ?
මොකෝ වුනේ ඔයාට? එහෙම ඒ කැලේ ඇතුලෙ
මොනාද තියෙන්නේ?
“කැලේ ඇතුලෙ මරණය තියෙනව බන්.”
අම්බුලී ඉන්නවා, අම්බුලී ඉන්නවා…
හරි එහෙනම් ඔන්න අද වෙනස්ම විදියකට තමයි කතාව ඔයාලට ගේන්න හිතුනේ. මම දන්නවා ඔයාලගෙන් කීප දෙනෙක් තමයි මේ ලිපියවත් කියවන්නෙ කියල. 🙂 ඒ කතා මොකෝ ඉතින්… මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Haresh Narayan සහ K.Hari Shanker. IMDB මීටරේ 5.2 අගයක් ලැබිල තියෙනවා. හරි එහෙනම් තවත් මේ වගේ ලස්සන බයිස්කෝප් එකකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා!
“මේ බිත්තියට එහා පැත්තෙන් මොකද්දෝ ලොකු
කතාවක් ඇති කියල හිතෙනවා. වරෙන් අපි යමු ඒ මොකද්ද කියල බලන්න.”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.
3,566 downloadsDownload Ambuli-2012.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/imesh_kumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
SNAKE RAJ
Subtitles
52 comments
Kelum chethiya
PubuduPbs
Thx bro jaya wewa
Tharindu_Rukshan_Perera
well done bro
Pradeep Iresh
ela ela
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.DILAN ANUSKA
hodai wage
saranga
Thanks yaluwa
Sampath23
Patta
praveen ranasinghe
thanks
naughty
ස්තුතියි
geeganagamage
thank you
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
ඩොක් අයියා
ඔන්න තැන්කු වේවා “SNAKE RAJ” මල්ලි
උපරැසිය නම් බාගත්තා, තව එකක් දෙමු හොඳේdskuma
meke downlode link nane
M.D.P.Fernando
Thank you
sahan92
thanks Bro <3
canaryccit
well done...
navodya
ඇම්මෝ මාර අමාරුවන් register vala damma comment akake...bicecope akata jayawa
nihalpujitha
supiri broo
esha
aiyo mela dl karanne kohendaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
anushan
thank you for sub friend
mata kauru hari meke download link eka denawada plzz
paranormal45
appaaaaa harima amruwan register una bro..
ela ela.esha
brosal kohenda download karanna tiyenne
RK
superb broo, new year ekata supiri baduwak dennakooo..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
esha
machan dl link eka dannako
esha
pls meka dl karana hati kauru hari dannawa nam kiyanna...boruwata supiri kiyala cmnt danna epa movie eka dl karanna wath tanak natiwa kohomada me wage cmnt karanne..awanka weyalla..lakunu denna oni balala iwara wela,,,
Monazark
methanini thorala ganna,
math download karanna damma misak thama baluwe nahaanushan
3364B9C54FAF20A6A8518DD157D6C76976177038
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kantha_DLA
Download link eka kohenwath sayagatha noheka.......
ඉසුරු සම්පත් සිරිසේන
Thankz Snakeboy
tjben91
thanks
chandima_herath
thanks yalu
Nchamara
Thanks...
C lakmal
හොදයි ,තවත් sub කරන්න බලන්න
tharaka madushanka herath
උපසිරැසට බොහොම ස්තුතියි..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wajira
thanks bro....happy new year 2018....
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි නයා උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!niroshan sano
subtitle download wenne nane
Tharu
Tnq
Ruwan Udaya Shantha
Thanx saho...
Max Nuwan
Maxxa
sachith silva
mayaavan ekata sub dnna pluwanda
KRISHAN90914
Supiri Film Eka
Jeewaka Sandaruwan Perera
Obe Sub wala Visheshathwayak Dakinwa. Eawa hariyata Anuwarthana wage. Mama hithanawa eaka honda prawanathawak. Keep machang your quality !
damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.tharaka madushanka herath
උපසිරැසට ගොඩක් ස්තූති
Amila Mudalige
Thanks saho
neramp
mama nam lipiya okkoma kiyewwa saho........
godak sthuthi oyala wena mahansiyatamana234
thanks for sub brother.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි ....jaya wewa....