හොදයි එහෙනම් මේ මාසේ නිකුත් වුන තවත් ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන තමයි මං ආවේ. මේක අලුත් ඩීසී ඇනිමේටඩ් යුනිවර්ස් එකට තමා අයිති වෙන්නේ. කලින් ආපු Superman The Man Of Tomorrow එකයි Batman: Soul Of The Dragon එකයි කට්ටියම බලන්න ඇති කියලා මං හිතනවා. එහෙනම් අපි ආයෙමත් ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේක නිකුත් ව…

හොදයි එහෙනම් මේ මාසේ නිකුත් වුන තවත් ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන තමයි මං ආවේ. මේක අලුත් ඩීසී ඇනිමේටඩ් යුනිවර්ස් එකට තමා අයිති වෙන්නේ. කලින් ආපු Superman The Man Of Tomorrow එකයි Batman: Soul Of The Dragon එකයි කට්ටියම බලන්න ඇති කියලා මං හිතනවා. එහෙනම් අපි ආයෙමත් ෆිල්ම් එක පැත්තට හැරෙමු.
මේක නිකුත් වුනේ 2021 අප්‍රේල් 27 වෙනිදා. මේ වන විට මේ චිත්‍රපටය 6.5 ක imdb අගයක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. පැයයි විනාඩි විසිහතරක් පුරාවට දිවයන මේ චිත්‍රපටය ඇනිමේශන්, ඇක්ශන්, ඇඩ්වෙන්චර් ඝනයට අයිති වෙන එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jeff Wamester. ඒ වගේම පිටපත් රචනය කරලා තියෙන්නේ Jeremy Adams , Meghan Fitzmartin යන දෙපල. හඩකැවීම් සදහා Stana Katic, Matt Bomer, Omid Abtahi යන අය දායක වෙලා තියෙනවා.
අපි පොඩ්ඩක් මේ අලුත් යුනිවර්ස් එක ගැන කතා කරමු. අලුත් යුනිවර්ස් එකේ සුපර්මෑන්ව අපි දැක්කනේ. මුලින්ම Superman The Man Of Tomorrow නමින් කොමික් කතා මාලාවක් නිකුත් වුනේ 1995 දී. කොටස් දාසයකින් සමන්විත කොමික් එකක් විදිහට තමා මේක නිකුත් වුනේ.

පසුකාලිනව 2020 දී Superman The Man Of Tomorrow – Power Play නමින් තවත් කොමික් කතා මාලාවක් නිකුත් වුනා. ඒ අලුත් කොමික් කතා මාලාවේ පලවෙනි කොටසේ ඉන්නෙත් ඇනිමේශන් ෆිල්ම් එකේ ඉන්න ශක්තිය උරාබොන සත්වයාමයි.
DC ෆෑන්ඩෝම් එකේදි Superman The Man Of Tomorrow ඇනිමේශන් එකේ පැනල් එකෙන්ම මේ ඇනිමේශන් එක ගැනත් පොඩි සදහනක් කලා. මේ ඇම්නිමේශන් එකෙන් තමා පලවෙනි වතාවට මේ අලුත් යුනිවර්ස් එකට මල්ටිවර්ස් සංකල්පය අරං එන්නේ. මේකේ සුපර්මෑනුත් ඉන්නවා. මෙහෙමයි වැඩේ පටං ගන්නේ. සුපර්මෑන් බ්‍රේනියැක් එක්ක සටන් කර කර ඉන්නකොට ෆ්ලෑශ් එනවා සුපර්මෑන්ගේ උදව්වට. ෆ්ලෑශ් සුපර්මෑන්ව ක්‍රිප්ටෝනියන් උන්ඩයකින් බේරගන්න හදනකොට තමන්ගේ සම්පූර්ණ ශක්තිය වැය කරලා ආලෝකයට වඩා වේගෙන් ගමන් කරන්න පටං ගන්නවා. එම සිද්දියේ ප්‍රතිපලයක් විදිහට ෆ්ලෑශ්ගේ අතින් තවත් විශ්වයකට දොරටුවක් විවෘත වෙනවා. ඒ වගේම ෆ්ලෑශ්ව ඒ දොරටුව ඇතුලට ඇදිලා ගිහින් වෙනත් විශ්වයකට ගමන් කරනවා. ඒ අනිත් විශ්වයේදී තමයි ෆ්ලෑශ්ට justice Society එක මුණ ගැහෙන්නේ.
justice Society එකත් හරියටම ජස්ටීස් ලීග් එක වගේමයි. වැඩේ කියන්නේ බැරී ආපු අලුත් විශ්වයේ වර්තමාන කාලය විදිහට සදහන් වෙන්නේ 1940. ඔව් ඒ එකියන්නේ බැරී කඩාගෙන බිදගෙන ඇවිත් තියෙන්නේ වෙනත් විශ්වයක දෙවෙනි ලෝක යුද්දය තියෙන කාලයකට. ඒ වගේම තමා ස්පීඩ් ෆෝස් කියන සංකල්පයත් මුලින්ම මේ අලුත් යුනිවර්ස් එකට හදුන්වා දෙන්නේ මේ ඇනිමේශන් ෆිල්ම් එකෙන්. ඇත්තම කිව්වොත් ෆ්ලෑශ් අර ක්‍රිප්ටොනයිට් උන්ඩේ අල්ලන්න යනකොට එයා අතින් නොදැනුවත්වම ස්පීඩ් ෆෝස් එක මෙහෙයවීමක් සිද්ද වෙනවා. ඒ මෙහෙයවීම නිසා තමා ෆ්ලෑශ්ට ආලෝකයට වඩා වේගෙන් යන්න ලැබෙන්නෙත්, අර වෙනත් විශ්වයකට යන දොරටුව ඇරෙන්නෙත්.බැරී පලවෙනි වතාවට ස්පීඩ් ෆෝස් එක මෙහෙයවන්නේ ඔය අවස්තාවෙදි තමා. ඒකත් නොදැනුවත්ව.
ඩීසී වල ඔය කාලතරණ, බහුවිශ්වීය වගේ සංකල්ප වලට නිතරම සම්බන්ද වෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමා ඩොක්ට ෆේට්. අර දොරටුවට ඇතුල් වුනාට පස්සේ ෆ්ලෑශ්ට ඩොක්ට ෆේට්ගේ කටහඩ ඇහෙන්න පටං ගන්නවා. ඒ වගේම එයා ෆේට්ගේ කටහඩ ඇහෙන පැත්තට දුවගෙන යනවා. මේ ලෝක යුද්ද විශ්වයේ justice Society එකේ සාමජිකයින් තමා බ්ලැක් කැනේරි, හෝක්මෑන්, හවර්මෑන්, ෆ්ලෑශ් (ජේ ගැරික්), ස්ටීව් ට්‍රෙවර් සහ වොන්ඩර් වුමන්. ඒකාලේ ජනාධිපති ෆ්රෑන්ක්ලීන් ඩී රෝසවෙල්ට් ස්ටීව් ට්‍රෙවර්ගේ උදව්වෙන් ලෝක යුද්දය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් තමා මේ කණ්ඩායම හදන්නේ. වොන්ඩර් වුමන් තමා මේ කණ්ඩායමේ නායිකාව. ස්පීඩ් ෆෝස් එක ගැන තව දෙයක් කියන්න තියෙනවා. දැන් මේ ලෝක යුද්ද විශ්වයේ ෆ්ලෑශ්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අපේ බැරී ඇලන්. අනිත් එක්කෙනා ජේ ගැරික්. බැරී ඇලන් මේ විශ්වයට ආපු දවසේ ඉදන් ෆ්ලෑශ්ලා දෙන්නටම තමන්ගේ උපරිම වේගයට ලගාවෙන්න බැරි වෙනවා. මොකද කියනවනම් ස්පීඩ් ෆෝස් එකේ බලය මේ දෙන්නටම බෙදිලා යන නිසා මේ දෙන්නගෙම වේගය, හැකියාවන් අකර්මණ්‍ය වෙන්න පටං ගන්නවා. බැරීට නම් කිසි දෙයක් හිතාගන්න බැරි වෙනවා. ඒත් ජේ ගැරික් ගේ මනසේ ඉස්සර ඉදන්ම ස්පීඩ් ෆෝස් සංකල්පය තිබුන නිසා එයා වෙන දේ තේරුම් ගන්නවා. ඒක බැරීටත් පහදලා දෙනවා. වැදගත්ම දේ තමා මේ ඇනිමේශන් එකෙන් තමා වීරයෝ එකමුතුවෙලා වැඩ කරන්න ඕනි කියන සංකල්පය බැරීගේ මනසට ඇතුල් කරන්නේ. මේ ඇනිමේශන් එකෙන් තමා අලුත් යුනිවර්ස් එකේ ජස්ටීස් ලීග් එකේ ආරම්භය පටං ගන්නේ.

එහෙනම් ඉතුරු ටික ෆිල්ම් එක බලලම දැනගමු. හැමෝටම ජය වේවා…😎

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
7,854 downloadsDownload Justice-Society-World-War-II-2021-Blu-Ray.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
22 comments
kavinda gamage
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Suraj
Sub eka niyameta thyenawa. Thank you. Puluwnm the mitchells vs. the machines kiyana movie ekatath sub eka karannako
Shaggy
බොහොම ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Kavi_madushan
Bohoma sthuthi sub ekata,puluwnnm the mitchells vs machines animation ekatai demon slayer mugen train anime ekata sub dennako,,,,jayawewa,budusarnai !!!
Suranjan
Thanks jayawewa.....!
Thimira Upeka
බලාගෙන හිටපු එකක් තෑන්ක් බන්
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Anonymous
puluwana nam mitchells vs machines film eke sinhala sub danna
Nilush Angana
Sub ekata thanx
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
kevin D...
Thanks...
Anonymous
muchas gracias hermano...
Gayan Chathuranga
උපසිරසියට බොහොම ස්තූතියි හිරාන් මල්ලි.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .. සෙට් එකටම බුදු සරණයි... ජය වේවා...❤️❤️❤️
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Advertisement
Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .