1955 ඉන්දියානු සිනමාවට අමතක කළ නොහැකි වසරක්. ඉන්දියානු සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අති විශිෂ්ට ගණයේ සිනමා කෘතියක් එළි දැක්වුණේ ඒ වර්ෂයේයි. ඒ බෙංගාලි සිනමාවේ වැදගත් සංධිස්ථානයක් වූ Pather Panchali නැමැති චිත්‍රපටයයි. මේ චිත්‍රපටයට අප අඩවියෙන් සිංහල උපසිරැසි ලබා දී තිබෙනවා. වැඩි විස්තර මෙතනින් බලාගන්…

1955 ඉන්දියානු සිනමාවට අමතක කළ නොහැකි වසරක්. ඉන්දියානු සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අති විශිෂ්ට ගණයේ සිනමා කෘතියක් එළි දැක්වුණේ ඒ වර්ෂයේයි. ඒ බෙංගාලි සිනමාවේ වැදගත් සංධිස්ථානයක් වූ Pather Panchali නැමැති චිත්‍රපටයයි. මේ චිත්‍රපටයට අප අඩවියෙන් සිංහල උපසිරැසි ලබා දී තිබෙනවා. වැඩි විස්තර මෙතනින් බලාගන්න.
ඒ වගේම මේ සිනමා කෘතිය අති දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සත්‍යජිත් රායි විසින් අධ්‍යක්ෂණය කරන අතරම ඔහු ඉන්දියානු සිනමාවට අමතක කළ නොහැකි ළමා රංගන ශිල්පියෙක් දායාද කරනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අපූ ලෙස ලොව පුරා රසික ජනතාවගේ නොමඳ ආදරයට පාත්‍ර වූ ඔහු Subir Banerjee ය. Aparajito (1956) සහ Apur Sansar (1959) ලෙස අපූ චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය වුවත් මොහුට දායක වන්නට හැකිවන්නේ පළමු චිත්‍රපටයට පමණයි. එහෙත් පළමු චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක සිත් තුළට දැඩිව කා වැදුණු අපූ අදටත් ප්‍රේක්ෂක හදවත් තුළ ජීවත් වෙනවා.
ඔයාලට මේ ලබා දෙන චිත්‍රපටය, ඒ කියන්නේ Apur Panchali චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ Subir Banerjee මහතාගේ ජීවිතය ඇසුරිනුයි .
Parambrata Chatterjee තරුණ සුබීර් බැන්ර්ජි ලෙසත්
Ardhendu Banerjee මහලු සුබීර් බැන්ර්ජි ලෙසත්
Parno Mitra සුබීර් මහතගේ බිරිඳ ආශිමා බැන්ර්ජි මහත්මිය ලෙසත්
Gaurav Chakrabarty ආකෝ ලෙසත්
රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂණය Kaushik Ganguly විසින්. ඔහුට මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා 44 වෙනි International Film Festival of India හිදී හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය හිමිවුණා. මේ චිත්‍රපටය තුළ දැක්වෙන්නේ සුබීර් බැනර්ජි මහතාට උපහාර දැක්වීමට ජර්මනි රජයෙන් ආරාධනාවක් ලැබුණු අවස්ථාවකදී එය ඉදිරිපත් කිරීමට පැමිණෙන ආකෝ නම් තරුණයාට බැන්ර්ජි මහතා තම ජීවිතයේ විවිධ අත්දැකීම් පවසන අයුරුයි. Indradeep Dasgupta විසින් තමයි මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම මෑත කාලයේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන Arijit Singh මේ චිත්‍රපටය සඳහා ගීතයක් නිකුත් කර තිබෙනවා. ඒ හැරෙන්න වෙනත් ගීතයක් මේකෙ දැක්වෙන්නේ නෑ. IMDb අගය 8.2ක්.
ඒ වගේම කියන්න ඕන මේක මේ ඩවුන්ලෝඩ් ගාණ බලාගෙන කරපු චිත්‍රපටියක් නම් නෙවෙයි. මම මේක භාරගත්තේ හොඳ නිර්මාණයක් ඔයාලට ලබා දෙන අදහසින් විතරයි. මේක නිතර දකින්න ලැබෙන මල් ගස් වටේ දුව දුව සිංදු කියන ජාතියේ චිත්‍රපටයක් නම් නෙවෙයි. මේක බොහොම සංවේදී කතාවක් ඇතුළත් මානව දයාවෙන් නරඹන්න ඕන චිත්‍රපටයක්. මම යෝජනා කරනවා වෙනසකටත් එක්ක බලන්න කියලා. කැමති අය අපූ චිත්‍රපට ත්‍රිත්වයත් නරඹනවා නම් වඩා හොඳයි අවසාන වශයෙන් ස්තුති කරන්න ඕන සමීර කරුණාරත්න අයියට මට මේ චිත්‍රපටය භාර දුන්නට. ඒ වගේම හැරෙන තැපෑලෙන් පිළිතුරු එවපු හසන්ත අයියටත් ස්තුතියි. එහෙනම් මම සමුගන්නවා. හැමෝටම සුභ දවසක් !
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
4594B0EECB52B4724C6BDB0DAB71C215D9105F3B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,238 downloadsDownload Apur-Panchali-2014.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
44 comments
ලක්ෂාන් නිලංක
ශාන් විමුක්ති
වටිනා වැඩක්
බොහෝ දෙනෙක් නොබලන බව දැන දැනම ෆිල්ම් එහෙකට උපසිරසක් කරන එක තමා කරන්න අමාරුම වැඩේ ඉතින්
අවාසනාවට ලංකාවේ බොහොමයක් සිනමා රසිකයින් එක රාමුවකට කොටුවෙලා
හොද නිර්මානයක අගය තේරුම් ගන්නේ ටික දෙනයි
බොහොම ස්තුතියි අදිත සහෝ
පැරණි ඒවා දෙකත් දෙමුකෝ නේ :Dතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)දිල්ෂාන් කාලිංග
ඔන්න ඉතින් අපි නම් මේ වගේ ඒවා තමයි වැඩිපුර බලන්නේ,ඒ නිසා සබ් එක අරගන්නවා.
බොහොම තුති සබ් එක කරලා දුන්නට.isuru
මෙන්න මේ වගේ වටිනා චිත්‍රපට අපිට දෙන එක ගැන මම අගේ කොටසලකනවා. කමාන්ටු අඩු වුනත් සැලෙන්න එපා. හොඳ නිර්මාණ රස විඳින්න පුළුවන් අය තවමත් අපි අතර ඉන්නවා. ඔයාට පුළුවන්නම්, malgudi days හරි අන්න ඒ වගේ හොඳ කතා ටිකකටත් සබ් දෙන්න. ඒ වගේම ඉදිරියේදී තව තවත් ඔය වගේ වටිනා සිනමා නිර්මාණ බයිස්කෝප් එකෙන් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. උපසිරැසියට බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ජය වේවා බයිස්කෝප්!
inoka perera
අති විශිෂ්ට චිත්‍රපටයක් බොහොම ස්තුතියි
inoka perera
අති විශිෂ්ට චිත්‍රපටයක් බොහොම ස්තුතියි!
නලින්
ස්තුතියි ආදිත්‍ය සහෝ!
ජය වේවා!
පුබුදු
හොද වැඩක් සහෝ..............
ජය වේවාYasakavi
මේවනෙ FILM. ඔබට ජයවේවා!
Isuru sandaruwan
හොඳම හොඳ වැඩක්. . මමත් ගොඩක් කැමති සලරුවක්.. අපරාජිතෝ හා අපූර් සංසාර් සලරූ දෙකටත් උපසිරැසි දෙන්න කියලා ඉල්ලනවා.. ජය..
prabhath
mn hithanne balla thiyenawa ayeth balanawa thanks
Thisal
thanx
කේ.යූ.ජී. උදාර
අහ්, මේ දීල තියෙන්නෙ...........
මං නම් මේක සැරයක් බලලයි ඉන්නෙ. කොහොමවුණත් මේ වගේ දුලබ වටිනා නිමැවුම්වලට සිංහල දීම නම් බොහොම වටිනවා අදිත. ඔන්න එහෙනම් දෙවැනි සැරේට ඔයාගේ සබත් එක්ක මේක මං ආයෙම බලනවා. මේ වැඩේට බොහොම ස්තූතියි සහෝ..........දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ, අර සිනමා ත්‍රිත්වයෙන් පලමු වැන්න මම බැලුවා, නියම එකක්, ඔයා මේකට උපසිරසි දෙන්න හිතපු එකනම් වටිනවා, බාගන්න පිරිස ගැන නොහිතා, මමත් කිසිම දවසක් බාගන්න පිරිස වැඩිවෙන්න කියල ෆිල්ම් සබ් කරන්නේ නැහැ, කිහිප දෙනෙක් හරි බලන්න ඉන්නවනේ කියල හිතල කරන්නේ. ශාන් සහෝ කියපු කතාවට මාත් එකඟයි, පරණයි කියල කොච්චර වටින කතා අපේ අය අරන් බලන්නේ නැද්ද? අද හදන චිත්‍රපට වලට වඩා සමහරවිට ඒවා දහස් ගුනයක් හොඳයි, හැකිනම් අර ත්‍රිත්වයේ ඉතුරු දෙකින් එකක් වත් දෙන්න බලන්න, ජයවේවා.
දිමුතු තරංග ඉලුක්කුඹුර
මම හින්දි ඒවා සාමාන්‍යයෙන් බලනවා හරි අඩුයි, නමුත් මේ වගේ ඒවානම් නොබලා ඉන්නේ නැහැ.
Ranil srimal
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
ඊලග එකත් ඉක්මනට දෙන්න..
මේ වගේ ඒවත් අපේ සයිට් එකට දෙනවට
බොහොම ස්තූතියි.
බාගත කරන ප්‍රමාණය අඩු වෙයි කියලා හිතුවත්,
මේ වගේ වටිනා නිර්මාණයකට සබ් දුන්න එකනම් ගොඩක් වටිනවා.
නැවතත් කියනවා බොහොම ස්තූතියි සහෝ.:)Sisira Hegoda
ස්තුතියි.
Yenu
Godak hoga film 1k wage...thank you sub dunnata..........
ඉමල්ක
බොහොම ස්තුතියි සහෝ මේ වගේ හොද film 1ක් දුන්නට ,
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!කල්හාර ප්‍රසාද්
හිතුවට වඩා කස්ටිය ෆිලුමට කැමතියි වගේ නේ?
ඔන්න එහෙනම් මාත් බලනවා :-) තැන්කූ !!!ඉසු ඩිපි (Isu DP)
නියමයි අදිත සහෝ.. :-P
මේ වගේ වටිනා නිර්මාණ දිගටම ලබා දෙමු.
සිනමා රසිකයෙක් විදිහට එක රාමුවකට කොටු විම ලොකු අපරාදයක්.
ලංකාවේ සිනමා රසිකයින්ගෙ ලොකුම අඩු පාඩුව එකයි.
රාමුවකට කොටු නොවුනු රසිකයන් වෙනුවෙන් මේ වගේ නිර්මණ ගෙන එම සම්බන්දව මගේ ආචාරය.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dඉසු ඩිපි (Isu DP)
අනිත් නිර්මණ දෙක සදහාද ඔබගේ වටිනා කාලය කැප කරන ලෙස ඉල්ලා සිටිනවා.
Kulanjana Maduranga
ADITHA saho watinama wadak........thank u soooo much. digatama sub denn.jaya wewa......
me
Thanks
lucky
උපසිරසියට සුබ පතනවා.
ජය වේවා.
Boralu
හොද නිර්මාණයක් ලබා දුන්නට ස්තුති.
“චූටී මල්ලි”
එල අදිත
Waar කියලා පකිස්තාන් ෆිල්ම් එකක් තියෙ
පොඩ්ඩක් බලන්නකො
සබට තුති
ඔබට ජය........Jack
ස්තුතියි සබ් එකට.
සිනෙත් ගමාච්චිගේ
මෙන්න මේ වගෙ දේවල් තමයි සිද්ධ වෙන්න ඕන.මම ගාව කතා තුනම තියෙනවා.සබ් වලට බොහොම ස්තූතියි!!
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි මම මෙවගේ ඒව බලන්න කැමතියි
ලැබුණ වෙලාවක බානවා
තෑන්ක්ස් සබටShehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. මේ වගේ කෙනෙක් සබ් දාන්න අදි මදි කරන චිත්‍රපටියක් අපි වෙතට ගෙනාව එකට බොහොම පිං. මෙන්න බානවා. ජය෴෴ :P :P
රවිඳු නිපුන්
niyamayi kolloo..
thankss sub ekata!!හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
Menu
බොහොම ස්තුතියි!
අනිත් චිත්‍රපට දෙකත් දෙන්න.
Aparajito (1956)
The World of Apu (1959)තරිඳු පෙරේරා
සහෝ රාජ් කපුර් ගේ Baiscope එකක් දෙන්නකෝ
අමිල ද සිල්වා
බොහොම ස්තුතියි සහෝ.පුළුවන් නම් මල්ගුඩි දවස tv සීරිස් එකේ ඒවත් දෙන්ඩ
dinesh
මමත් බලනෝ ............. කව්ද මේ වගේ වෙනස් විදියේ ෆිල්ම්ස් අත අරින්නේ...... sub එකට බොහොම ස්තුතියි.... බයිස්කෝප් එකට ජයෙන් ජය....
piumal
machoo.. cant dwnldd this movie.. mokada aula..??
prasad nirosha
කරුණාකර Aparajito (1956) සහ Apur Sansar (1959) ඇතුළත්ව අපූ ත්‍රිලොජිඑකම ලබාදෙන්න
melan sriwantha
thanks machn
anunethu
Thanks brother..
Aparajito ....
Apur sansar...Me dekatath subtitles denna...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල මල්ලි...සපිරි ෆිල්මක් දීලා තියෙන්නෙ...ජය වේවා...!