Watch Trailer

Are We There Yet ? (2005) sinhala subtitles | වදකාර පොඩි කෙල්ලයි කොල්ලයි [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ! ඔන්න එහෙනම් අරන් ආවා කවුරුත් දන්න කියන අපේ අයිස් කියුබ්ගේ 2005 වසරේ නිකුත් වූ අපූරු ළමා කොමඩි චිත්‍රපටියක්. අයිස් කියුබ් ගොඩක්ම ප්‍රසිද්ධ ක්‍රියාදාම කොමඩි චිත්‍රපටි වලටයි. හරියට Ride Along වගේ සුපිරු කොමඩි චිත්‍රපටි වලට. නමුත් මේක Ride Along වගේ වෙඩි තියාගන්න කොමඩි චිත්‍රපටියක් නම් නෙමෙ…

සුභ දවසක් ! ඔන්න එහෙනම් අරන් ආවා කවුරුත් දන්න කියන අපේ අයිස් කියුබ්ගේ 2005 වසරේ නිකුත් වූ අපූරු ළමා කොමඩි චිත්‍රපටියක්. අයිස් කියුබ් ගොඩක්ම ප්‍රසිද්ධ ක්‍රියාදාම කොමඩි චිත්‍රපටි වලටයි. හරියට Ride Along වගේ සුපිරු කොමඩි චිත්‍රපටි වලට. නමුත් මේක Ride Along වගේ වෙඩි තියාගන්න කොමඩි චිත්‍රපටියක් නම් නෙමෙයි. දඟකාර පොඩි ළමයි දෙන්නෙක් ඉඳගෙන අයිස් කියුබ්ට දෙන වදයක් තමයි මුළු කතාව පුරාවටම තියෙන්නේ.

කතාව මේකයි.

දවසක් අයිස් කියුබ් පාරකදි දකිනවා ලස්සන ගැහැනු කෙනෙක්ව. ඉතින් මේ ගැහැනු කෙනා ගැන මිනිහට හිතා යන්න පටන් ගන්නවා. නමුත් වැඩි වෙලාවක් නම් හිත ගිහින් තිබුනේ නෑ. ගැනු උන්දැට කතා කරන්න යනකොටම මේ ගැනු කෙනාගේ ළමයි එතනට කඩාපත් වෙනවා. ඒ මොහොතෙම මිනිහට වැඩේ එපා වෙනවා. මොකද මිනිහට පොඩි ළමයින්ව පෙන්නන්න බෑ. පස්සේ දවසක මේ ගැනු උන්දැවම මිනිහට හම්බ වෙනවා රෑ පාරකදි කාර් එක කැඩිලා ඉන්නකොට. මෙතනදි තමයි දෙන්නගේ සම්බන්ධය පටන් ගන්නේ. මේ ගැනු උන්දැට පිරිමි ළමයෙකුයි ගැහැනු ළමයෙකුයි ඉන්නවා. මෙයාලා කැමති නෑ තමන්ගේ අම්මා වෙන කවුරු එක්කවත් ආදර සම්බන්ධයක් තියාගන්නවට. ගෙදරට අම්මා එක්කරගෙන හැම පිරිමියම වගේ දඟ වැඩ කරලා බය කරලා අරින එක තමයි මේ පොඩි එවුන් දෙන්නා නිතර කරන්නේ. මොකද මේ දෙන්නටම ඕනේ ආපහු තමන්ගේ තාත්තව අම්මට එකතු කරන්න. මේ ගොල්ලො මේකට උපරිම උත්සහා කරනවා. මෙයාලගේ අම්මට මේ මුණ ගැහුන අලුත්ම හාදයත් එක්ක ඇති කරගන්න සම්බන්ධය යාළු මිත්‍ර කමක් විදියට තමයි මේ දෙන්නම අරගෙන යන්නේ. දවසක් තමාගේ ‍රැකියාවේ විශේෂ කාරණයක් හේතුවෙන් ළමයිගේ අම්මට ඈතකට යන්න වෙනවා. ඉතින් මේ අම්මා යන දිහාවටම ළමයින්ව පහුවෙලා එක්කරගෙන එන්න වැඩේ බාර වෙනවා ඇයගේ මේ අලුත් හොඳම මිතුරට, ඒ කියන්නේ අයිස් කියුබ්ට, එහෙමත් නැත්තම් මේ කතාව ඉන්න නික් ට. මේ ළමයින්ව බලාගන්න වැඩේ නික්ට වැටෙන්නේ මිනිහගෙම කටින් පිටවුන වචනයක් ගැනු උන්දැට වැරදියට තේරුම් ගියා නිසයි. ඉතින් මේ වුන වැරද්ද නිවැරදි කරන්න යන්නේ නැතුව කාන්තාවගේ හිත දිනාගන්න ඕනේ හන්දා ළමයින්ව අරගෙන එන වැඩේට මිනිහා කැමති වෙනවා. මේ ගමන පුරාවටම විවිධ අකරතැබ්බ වලට මිනිහට මූණ දෙන්න වෙනවා. මේ වදකාර ළමයි දෙන්නගේ දඟ වැඩ වල සීමාවක් නම් නැතුව යනවා. එහෙනම් අරගෙනම බලන්න. මීළඟ උපසි‍රැසියෙන් නැවත හමුවෙමු !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,100 downloadsDownload Are-We-There-Yet-2005.zip44 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

3,100 downloadsDownload Subtitles44 KB

18 comments

  1. Nilush Angana

    Sub ekata thanx

  2. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  3. saduhiru1

    thanks saho...............................

  4. Nadeesha rox alahakoon

    Tnx bro.thawa sub karamu issarahatath

  5. Kulanjana Maduranga

    subata thanks...

  6. wnrodrigo

    Good work friend, Thanks!

  7. Tharaka

    thanks..

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..කොමඩියක් නම් අනිවා බලනවා..බුදුසරණයි..ජයවේව!

  11. jagath55

    Thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  14. sublove

    sthuthi me sub eka apita balana genawata

  15. Thisum

    Thanks !!

  16. Anonymous

    thanks for sub

  17. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  18. sachin

    me sub ekt thank you saho,are we done yet ektth plwn nm sub denna