මුලින්ම සමාව ගැනීමකින් ලිපිය පටන්ගත්තොත් හොදයි කියලා මට හිතුනා. ඒ වෙනමොකකටවත් නෙමෙයි, මගේ පළමු උපසිරසිය කරලා එවන්න තිබ්බ හදිස්සියට මට ඒ ෆිලුම මට වෙන්කරගන්න උදව්වුන හසන්ත සහෝදරයාට ස්තූති කරන්න බැරිවුනානෙ.(හිතට ආව අදහස් ටක් ගාලා වදන් වලට ගොනුකරලා email එක යවලා ඉවර වුනාමයි මතක්වුනේ ස්තූති කරලා නෑනෙ කි…

මුලින්ම සමාව ගැනීමකින් ලිපිය පටන්ගත්තොත් හොදයි කියලා මට හිතුනා. ඒ වෙනමොකකටවත් නෙමෙයි, මගේ පළමු උපසිරසිය කරලා එවන්න තිබ්බ හදිස්සියට මට ඒ ෆිලුම මට වෙන්කරගන්න උදව්වුන හසන්ත සහෝදරයාට ස්තූති කරන්න බැරිවුනානෙ.(හිතට ආව අදහස් ටක් ගාලා වදන් වලට ගොනුකරලා email එක යවලා ඉවර වුනාමයි මතක්වුනේ ස්තූති කරලා නෑනෙ කියලා. යැව්ව email එකක් delete කරන්න බෑනෙ.) ඉතිං මන් මේක අවස්ථාවක් කරගන්නවා හසන්ත සහෝදරයාට ස්තූතිවන්ත වෙන්න.
මීට මාස තුනකට විතර කලින් මට යාළුවෙක් හම්බවුනා, ඒබ් කියලා. අපි එයාට ඒබ් කිව්වට එයාගෙ නම ඒබ්‍රහම් ඩේල්. ඉතින් එයාට එයාගෙ කතාව ඔයාලත් එක්ක බෙදාගන්න ඕනෙලු. එයාගෙ කතාව එයාගෙ කටින්ම අහන්නකෝ.
“සෙව්මිණි නංගි කිව්වා වගේ මගෙ නම ඒබ්. මම මගෙ නෝනයි, පුතයි එක්ක සන්තෝසෙන් ජීවත් වුනා. අපේ නමවෙනි විවාහ සංවත්සරය දවසේ අපි ලග පාත තිබ්බ කෑම කඩේකට කෑම කන්න ගියා. හරියට කන්නවත් හම්බුනේ නෑ, කොහෙන්ද ආව පිස්සෙක් මගේ ඇස් ඉස්සරහම මගෙ ආදරණීය බිරිඳටයි, මගෙ පුංචි පුතාටයි වෙඩිතියලා ඌත් සියදිවි හානිකරගත්තා. ඒ දෙන්නව අමු අමුවෙම ඝාතනය කරපු එක මට දරාගන්න බැරි වුනා. ගෙදර ගියාම නෝනගෙ ආදරණීය කටහඩ අහන්න එයාගෙ සෙනෙහස විදින්න බැරිනම්, පුංචි පුතාගෙ හුරතල් බලන්න බැරිනම් ජීවත්වෙලා මොකටද? මාත් එයාලට එකතුවෙන්න මැරෙන්න හැදුවා. කොහෙද ඉතින් අද කාලෙ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුනුද කියනවනම් මිනිහෙක්ට නිදහසේ මැරෙන්නත් බෑ. වලපයයි ගොඩපයයි තියාගෙන හිටපු මාව දොස්තරලා එකතුවෙලා කොහොමහරි බේරගත්තා.හොඳම හරිය වුනේ ඊට පස්සේයි. මම NDE, ඒ කියන්නෙ මරනාසන්න අත්දැකීම් ලබපු නිසා මට අමුතු අමුතු දේවල් පේන්න පටන්ගත්තා. මට මැරිච්ච මනුස්සයන්ව පේන්න ගත්තා, මැරිච්ච අයත් එක්ක කිසිම උපකරණයක් නැතුව කතා කරන්නත් පුළුවන්වුණා. ඒ විතරක් නෙමෙයි මට හැම ඉලෙක්ට්‍රොනික දෙයක්ම ඇහෙන්න ගත්තා. මම මගේ හැකියාවෙන් මැරෙන්න යන මිනිස්සුන්ව බේරගත්තා. මට නිකන් දැනුනේ මම සර්වබලධාරී දෙවියන් වගේ. මම බේරගත්තු අයට පුදුමාකාර දෙයක් වුණා. ඒකයි ක්‍රිස්තියානි ධර්මයයි අතරෙ ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා මම හොයාගත්තා, මට මොකක්ද ඊට පස්සෙ වුනේ?, මම බේරගත්ත අයට මොකදවුනේ?, මම මොකක්ද හොයාගත්තෙ? කියන ප්‍රශ්නවලට උත්තර මගේ කතාව බලලම හොයාගන්න. මොකද මම ඕනාවට වඩා මගේ කතාව දිගහරින්න ගත්තොත් ඔයාලගෙ කුතුහලය නැතිකළා කියලා සෙව්මිණි නංගි මාත් එක්ක තරහ වේවි, එහෙනම් මම දෙනට සමුගන්නම්, ඔයාලා මගේ කතාව බලද්දී ඔයාලට මාව ආයෙ මුණගැහෙයිනේ.”
ඔය මදෑ ඒබ්ගෙ කතාව ඇහුවා. අපි දැන් ඒබ්ව අමතක කරලා ෆිලුම ගැන බලමු. White Noise 2 : The Light (2007) කියන සලෙරුව sci-fic,Thriller, Horror යන වර්ගීකරණයන්ට අයත් අතර කුණු තක්කාලි මීටරය 75% කින් හරවන්නත් IMDb 5.7 ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. Patrick Lussierගේ අධ්‍යක්ෂණයක් වෙච්ච මේ සලෙරුවට දක්ෂ නළුවෙක් මෙන්ම හඩ නළුවෙක් වූ Nathan Fillion (Guardians of the Galaxy, Justice League: The Flashpoint Paradox, Green Lantern: Emerald Knights), Katee Sackhoff (2036 Origin Unknown), Craig Fairbrass, Adrian Holmes (Red Riding Hood), Kendall Cross යන නළු නිළියන් රංගනයෙන් දායක වෙලා තියෙනවා.
මේ සලෙරුවේ පුනර්භවය, මරණින් මතු ජීවිතය, ශ්වේතාලෝකය, තේජෝරශ්මිය වගේ මාතෘකා ක්‍රිස්තියානි ධර්මය ඇසුරින් කරන පැහැදිලිකිරීමක් කිව්වොත් නිවරදියි. මරණයත් හා බැදුනු සාතන්ගේ ක්‍රියාකලාපය ගැන ගොඩක් දේවල් මේකෙන් ඉගනගන්න පුළුවන්. ඔය ගොඩක් සලෙරූවල තියෙන 666 කියන විශේෂ සංඛ්‍යාව විශේෂ ඇයි වගේ ගොඩක් දේවල් අපිට මේ සලෙරුවෙන් කියලා දෙනවා. මේක Flatliners (2017) වගේ ඒත් ඊටවඩා විස්තර, තියෙනවා වගේම ටිකක් භය හිතෙන, අද්භූත සලෙරුවක්. මම ඔයාලා ඔක්කොටම ආරාධනා කරනවා ඒබ්ගෙ කතාව බලලා රස වින්දනයක් මෙන්ම දැනුමත් ලබාගන්න කියලා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD DVD පිටපත් සඳහා අදාළ වේ.
1,778 downloadsDownload White-Noise-2-The-Light-2007.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)
Subtitles
17 comments
Nadeesha rox alahakoon
Sherlock holmes
Thanks :-)
Hashan Nethupriya HK
Download link rka nadda bro
Hashan Nethupriya HK
Thanxxxx
kavinuweerakkody
හම්මට!!ස්තූතියි.. ජය වේවා
Kulanjana Maduranga
subata thanks....
kelumchathuranga
thanks
Tharaka
thanks
LimeGreenSoda
ThanksSis
gihan perera
ස්තුතියි නංගියේ...මේ වගේ ෆිලුමක් නම් බැලුවේ නැ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝදරී....ජය වෙිවා ඔයාගෙ සියලු වැඩකටයුතුවලට.....
Prasad maduranga
Thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි......!
Advertisement

Tnx bro subata. Thawa idiriyatath sub karamu