“මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා, මම ඔයාව එක පාරක් දැකගන්න මිලියන වතාවක් වුනත් මැරෙනවා” හලෝ යාළුවනේ! අම්මෝ; ඔයාල වැරදියට හිතුවද? මම නෙමෙයි මෙහෙම කියන්නේ. මෙහෙම කියන්නේ මම අද අරන් ආව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නොහොත් ආර්ය කියන කෙනයි. මේ මගේ 4වන නිර්මානයයි. මම හිතනවා ඔයාල මේකෙ දෙවැනි කොටහ බැලුව කියලා. Ar…

Arya (2004)

“මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා, මම ඔයාව එක පාරක් දැකගන්න මිලියන වතාවක් වුනත් මැරෙනවා”

හලෝ යාළුවනේ! අම්මෝ; ඔයාල වැරදියට හිතුවද? මම නෙමෙයි මෙහෙම කියන්නේ. මෙහෙම කියන්නේ මම අද අරන් ආව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නොහොත් ආර්ය කියන කෙනයි. මේ මගේ 4වන නිර්මානයයි. මම හිතනවා ඔයාල මේකෙ දෙවැනි කොටහ බැලුව කියලා. Arya 2. ඕක කලින්ම දීලා තිබ්බනේ.

මේ උපසිරැසිය ටිකක් විශේෂ එකක්. මොකද මට මුල්ම වතාවට හිතුනා තෙළිඟු ෆිල්ම් එකකට සබ් දෙන්න. මොකද, මම බාරගත්ත අනිත් චිත්‍රපට එකක්වත් ඉන්දීය සිනමා නෙමෙයි! (පස්සෙ බලන්කෝ). මේක බාර අරන් නම් දැන් ගොඩක් කල්. වාර විභාගෙ හින්දා ඔක්කොම මග නැවතුනා. ඉතිං විභාගෙ ඉවර වුන ගමන් මම ඉතිරි ටිකත් හනිකට පරිවර්ථනය කලා. හරි, ඒකෙන් වැඩක් නෑ.

කතාවට මූලික වෙලා තියෙන්නේ කැම්පස් එකක්. ඒකෙ ඉන්නවා අජේ කියලා පොරක්. එයා ගීතාංජලී (ෂෝට් නේම් එක ගීතා. කතාවෙ තියෙනවා) කියන ගෑනු ළමයත් එක්ක ආදරය කරනවා. මම නම් කියන්නේ ඒක බලෙන් ආදරය කරවා ගැනීමක් කියලයි. ඔයාලත් පොඩ්ඩක් බලන්නකෝ. ඔන්න එතකොට අපේ කතාවේ වීරයා වෙන ආර්යත් ඒ කෙල්ලටම ආදරය කරනවා. එයා නම් පට්ට ටෝක් දෙන්නේ. ෂා… ගින්දර. අන්තිමට ඒ කොල්ලා ගොඩක් දුක් විඳලා කෙල්ලගේ ආදරය හිමි කරගන්නවා. පැය 2.30 පුරාම ඒ තුන්දෙනාගෙ ආදරනීය කතාව තමා තියෙන්නේ. ඒත් මේක ටිකක් විනෝදාත්මක කතාවක්ද කියලත් මට හිතෙනවා. මට නම් හිනාගිහින් පණයනවා මේක බලද්දි. කොහොමවුනත් මේක අපේ දැන්කාලේ සහෝදර සහෝදරියන්ට වඩාත් සුදුසුයි. මේකෙ තියෙන ගීත නම් ඉතාමත්ම විශිෂ්ඨයි. ඒවායෙනුත්, Feel my love, Oh my brother, I’m hearing a song කියන ගීත තුන නම් මගේ හිතට අල්ලලා ගියා. කොහොම වුනත් Aashiqui 2 ෆිල්ම් එකෙන් පස්සේ මම කැමතිම ඉන්දියානු ආදර අන්දරය තමයි මේක.

ආ, මේ චිත්‍රපටය මගින් සිංහල චිත්‍රපටයකුත් හදලා තියෙනවා. (හරියට නිකම් “Kanchana” වලින් “මායා” හැදුවා වගේ.) ඒ තමයි “ආදරයේ නාමයෙන්” කියන චිත්‍රපටය. මමත් ඒක දැනගත්තේ අද උදේ. ඔය මදෑ. කට්ටියම මේක බලලා විනෝද වෙන්නකෝ.

කමෙන්ටුවක් දාන්න හොඳද යාළුවනේ. වැඩිය ලියන්න තරම් දෙයක් නෑ. එහෙනම් මම ගියා. සීතල දෙසැම්බර් මාසෙම ඔයාලට දෙන්න උපසිරැසි ගොඩාරියක් තියෙනවා. ඒවත් මම ඉක්මනට දෙන්නම්කෝ. එහෙනම් බුදු සරණයි. ඔන්න ඉතිං කමෙන්ට් එකකුත් දාගෙනම යන්න යාළුවනේ…!

Arya (2004) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arya (2004) DVD9-Rip – X264 – AAC – Subs – 1 CD – RajMahal

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,381 downloadsDownload Arya-2004.Baiscopelk.com_.rar42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/YomalSenanayaka1-e1472752308383.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යොමාල් සේනානායක

Subtitles

2,381 downloadsDownload Subtitles42 KB

30 comments

  1. Buddhika

    Niyama film ekak meka...onna ay parak balannam..oyage mahansiyata..

    1. Shinu

      Thnx.

  2. Hasintha

    නියම‍යි !!!!

  3. Krishan NiShalya

    දේවාලයක් බන් උබනම් පට්ට
    කොහෙන්වත් හොයාගන්න බැරිව හිටියේ...
    මෙන්න ලගටම ගෙනල්ල /.........
    ☺☺☺☺
    GooD LUck....!

  4. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    1. Anonymous

      Subtitle eka downlod krata eka pennanne ne

  5. Chami.S

    Thanks.. Thanks...

  6. Anuradha Shanakä

    torrent ekata seed na machan :(

  7. yashiru+ayashmantha

    varudu+ake+sub+akath+dennako?

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. yashiru+ayashmantha

    me film akata tamil akakuth gahala thiyanawa. danushge kutty [2010] kiyana film aka

  10. praneeth madu

    ඔබට ජය

    1. Samith Eranga

      Download link ekk dennkoo

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Nadeena Athauda

    mewata torrent files hoyaganne kohenda?

  13. sinet

    tnkz for sub...supiri film ekk mn asma acotr innet tnkz again

  14. Sineth Samarasooriya

    tnkz for sub supiri film ekk mn asma actor innet tnkz again

  15. Danushka Sandaruwan

    සුපිරි යාලු.thank youuuuu
    තව තෙලිඟු ෆිලම් එකක් දෙන්න

  16. pasindu

    please bro,ravi teja ge kick 2 & bengal tiger sub ikmanatama dennnnoooooo

  17. තාරක නුවන් දිල්හාර

    එල එල
    මේ ෆිල්ම් එකත් සයිට් එකට තිබුණු ලොකු අඩුවක්
    බොහොම ස්තුතියි උපසිරසියට
    වරුදු ෆිල්ම් එකටත් සබ් දුන්නානම් වටිනවා
    එතකොට අල්ලුගේ ෆිල්ම් ඔක්කොම කම්ප්ලීට්
    ජයෙන් ජය

  18. samee

    machan sarainodu eke sub eka dannakoo

    1. Shinu

      Thnx

  19. madusanka

    Supiri film 1k bro

  20. Ahinsa

    Thank u...

  21. Tharaka Lahiru

    tnq

  22. Supun dilshan

    Kutty kiyala danush ge aweth mekama thamai

    1. vishan98

      danush ge kutty film eka meke reamke ekk

  23. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  24. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  25. Vinod

    Thanks for the subtitles ❤❤