අද මම ඔබ වෙත ගෙන ආවේ Atlantis: The lost empire (2001) චිත්‍රපටයේ දෙවන කොටස වන Atlantis: Milo’s Return චිත්‍රපටය යි. වෝල්ට් ඩිස්නි ආයතනයේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය මුල් වරට විකාශය වුණේ 2003 මැයි 20 වැනිදා. අත්ලන්තිසය ගැන පළමු චිත්‍රපටයෙන් පසු ඩිස්නි සමාගම Team Atlantis නමින් කතා මාලාවක් කිරීමට අද…

අද මම ඔබ වෙත ගෙන ආවේ Atlantis: The lost empire (2001) චිත්‍රපටයේ දෙවන කොටස වන Atlantis: Milo’s Return චිත්‍රපටය යි. වෝල්ට් ඩිස්නි ආයතනයේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය මුල් වරට විකාශය වුණේ 2003 මැයි 20 වැනිදා. අත්ලන්තිසය ගැන පළමු චිත්‍රපටයෙන් පසු ඩිස්නි සමාගම Team Atlantis නමින් කතා මාලාවක් කිරීමට අදහස් කළත් විවිධ හේතුන් මත එවැන්නක් විකාශය කළේ නැහැ. එහෙත් මේ කතන්දර කිහිපය එකතු කරමින් ඔවුන් පළමු චිත්‍රපටයේ අනුබන්ධයක් (Sequel) ලෙසින් Atlantis: Milo’s Return නමින් නව චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. මේ චිත්‍රපටය IMBb දර්ශකයේ 5.1/10 අගයක් ගැනීමට සමත් වුණා. මේ මුල් චිත්‍රපටයේ මයිලෝ තැච් ලෙසින් හඬකැවූ Michael J. Fox වෙනුවට James Arnold Taylor ද පළමු චිත්‍රපටයේ කුකිගේ චරිතයට හඬ කැවූ Jim Varney වෙනුවට Steven Barr ද මේ නිර්මාණය වෙනුවෙන් දායක වුණා. එමෙන් ම මේ චිත්‍රපටය Florence Stanleyගේ අවසන් චිත්‍රපටය ලෙස ද සැලකෙනවා.
පළමුවැනි චිත්‍රපටය අවසන් වුණේ කීඩා අත්ලාන්තිසයේ රැජිණ වී මයිලෝ සමඟ විවාහ වීමත් සමඟයි. මේ දෙන්නා අත්ලාන්තිසයේ හදවත යොදාගෙන අත්ලාන්තිසය එහි කළින් තිබුණු සමෘද්ධිමත් බවට නැවත පත් කරන්න උත්සාහ කරනවා. හිටිහැටියේම පොළව මතුපිටට ගිය මයිලෝගේ කණ්ඩායම සමඟ විට්මෝර් මහත්මයා අනපේක්ෂිත ලෙස අත්ලාන්තිසය වෙත පැමිණෙනවා. ඔවුන් පැමිණෙන්නේ පොළව මතුපිට මුහුදු යාත්‍රා අනතුරට ලක් කරන අබිරහස් ජීවියෙක් මර්ධනය කරන්න මයිලෝගේ සහයෝගය ගන්නයි. කීඩා සැක කරන්නේ මේ සත්වයා අත්ලාන්තියානු යුධ යන්ත්‍රයක් විය හැකි බවයි. පොළව මතුපිටට පැමිණෙන ඔවුන්ට මේ අබිරහස් සත්වයා මර්ධනය කිරීමට හැකිවෙයි ද? වෙරළාසන්න ගල්පරයක් මත ඉදිවුණු ධිවර ගම්මානය ඒ සත්වයාගෙන් ගලවා ගැනීමට ඔවුන්ට හැකි වෙයි ද? ඔවුන් මුහුණ දෙන අනෙක් අබිරහස නිරිතදිග එක්සත් ජනපදයේ කයෝටි වෘක ආත්ම කිහිපයක පහරදීමක් සහ කුකී සතුව තිබුණු මැටි භාණ්ඩයක් අන්තර්ගත ලී පෙට්ටියක අතුරුදන් වීමක්. මේ ලී පෙට්ටිය හොයාගෙන යන ඔවුන්ට ඇෂ්ටන් කානොබි නම් වූ කපටි කෞතුක භාණ්ඩ වෙළෙන්දා සමඟ අරගල කිරීමට සිදුවෙනවා. අතුරුදන් වූ ලී පෙට්ටියේ අබිරහස විසඳා ගැනීමට මයිලෝ සහ කණ්ඩායමට හැකි වෙයිද?ආපසු පැමිණෙන අතර මේ ගවේෂකයෝ දැනගන්නා තවත් දෙයක් නම් විට්මොර්ගේ පරණ තරඟකාරයෙක් වුණු එරික් හෙල්ස්ට්‍රෝම් උන්මත්තක භාවයක් නිසා තමා උතුරු දෙවියන්ගේ නායකයා වන ඔඩින් ලෙස විශ්වාස කරමින්, Gungnir නම් වන අත්ලන්තිසයේ පෞරාණික බලගතු හෙල්ල සොරකම් කර ඔහු විසින් ඇස්ගාඩ් ලෙස හැඳින්වූ බලකොටුවට රැගෙන යනවා. පුරාවෘත්ත වල සඳහන් දේවයුද්ධය (රග්නරොක්) සිදු කිරීමට මේ හෙල්ල යොදාගැනීමට ඔහු උත්සහ ගන්නවා, මේ විනාශය වළක්වා ගැනීමට මයිලෝගේ කණ්ඩායමට හැකි වෙයි ද? මේ චිත්රපටයෙන් ඒ ගැන දැනගන්න.
හඬ කැවීමේ ශිල්පින්:
James Arnold Taylor (Michael J. Fox වෙනුවට) – මයිලෝ තැච් ලෙසින්
Cree Summer – කීඩාගකාශ් හෙවත් කීඩා ලෙසින්
John Mahoney – ප්‍රෙස්ටන් විට්මෝර් ලෙසින්
Don Novello – වින්සෙන්සෝ හෙවත් විනී ලෙසින්
Jacqueline Obradors – ඔඩ්රේ රමිරෙස් ලෙසින්
Corey Burton – මෝලියර් ලෙසින්
Phil Morris – වෛද්‍ය ජෝෂුවා ස්වීට් ලෙසින්
Florence Stanley – පැකාඩ් මහත්මිය ලෙසින්
Steven Barr (දිවංගත Jim Varney වෙනුවට) – කුකී ලෙසින්
Clancy Brown – එඩ්ගා වොල්ගඩ් ලෙසින්
Jean Gilpin – ඉන්ගර් ඇලිසන් ලෙසින්
Thomas F. Wilson – ඇෂ්ටන් කානොබි ලෙසින්
Floyd Red Crow Westerman – චකාෂි ලෙසින්
Jeff Bennett – සෑම් මැකිනි ලෙසින්
W. Morgan Sheppard – එරික් හෙල්ස්ට්‍රොම් ලෙසින්
මේ උපසිරැසි ලබාදී ඇත්තේ Atlantis.Milos.Return.2003.720p.BluRay.H264.AAC-RARBG [995 MB] පිටපතට යි. මේ නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ, දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.
ඔබට තෙරුවන් සරණයි!!
🙂 🙂 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,966 downloadsDownload Atlantis-Milos-Return-2003.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
15 comments
Ishan Madusha
malinda0138
Ishan... meka ganne kohenda macho... mata download karaganna thanak labune naa
සබ් එකට බොහොම ස්තුතියි ප්‍රබුද්ධ සහෝදරයා
දිගටම සබ් කරන්න ශක්තිය ලැබේවා....Ishan Madusha
Walt Disney COLLECTiON 1937-2017 (1080p BluRay x265 HEVC DD 5.1 D3G)
yts.gs/movies/atlantis-milos-return-2003
google search බලන්න ලේසියෙන්ම හොයාගන්න පුලුවන්
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
උපසිරැසියට බොහෝම ස්තුතියි
elaisharaeranda1997
sub ekata thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
raviz
Thank you..........!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
1 වෙනි එකනම් පට්ට....
දෙකක් තියෙනවා කියලා දනන් හිටියෙත් නැ...දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රබුද්ධ සහෝ.
ජයෙන් ජය.Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි.සහෝ මේකට සබ් දෙනවා කිව්ව හින්ද කලින්ම download කරලා දැම්මා
බොහොම ස්තූතියි.පුලුවන්නම් treasure planet (2002) සබ් දෙන්න.
ජය වේවා!