Watch Trailer

The Outsider (2018) Sinhala Subtitles | යකුසා කල්ලියක ඉරණම වෙනස් කළ විදේශිකයා..!! [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න එහෙනම් ඔයාලට තවත් අපූරු සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නෙ. මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටය බාරගෙන මේ වෙද්දි කාලයක් වෙනවා. නොයෙක් වැඩ නිසා උපසිරසිය අරන් එන්න පමා වුණා ඉතින්. (සමීර සහෝගෙන් වදන් ටිකකුත් අහගත්තා.) හරි එහෙනම්, අද ඔයාලට අරන් එන්නෙ Crime | Drama | Mystery | Thriller යන ස…

ඔන්න එහෙනම් ඔයාලට තවත් අපූරු සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නෙ. මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටය බාරගෙන මේ වෙද්දි කාලයක් වෙනවා. නොයෙක් වැඩ නිසා උපසිරසිය අරන් එන්න පමා වුණා ඉතින්. (සමීර සහෝගෙන් වදන් ටිකකුත් අහගත්තා.) හරි එහෙනම්, අද ඔයාලට අරන් එන්නෙ Crime | Drama | Mystery | Thriller යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2018 මාර්තු 9 වැනිදා සිට ලොව පුරා විකාශය වුණු සලරුවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Martin Zandvliet විසින්. තිර පිටපත නිර්මාණය කරල තියෙන්නෙ John Linson, Art Linson සහ Ken Kao විසින්. Suicide Squad (2016) චිත්‍රපටයේ Joker ගේ චරිතයට හා Blade Runner 2049 (2017) චිත්‍රපටයේ Niander Wallace ගේ චරිතයට රංගනයෙන් එක් වූ Jared Leto මෙම සලරුවේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන අතර සෙසු චරිත සඳහා Thor (2011) හා Thor: Ragnarok (2017) චිත්‍රපට ද්විත්වයේ Hogun ගේ චරිතයට රංගනයෙන් එක් වූ Tadanobu Asano සමඟින් Rory Cochrane, Shiori Kutsuna, Emile Hirsch සහ Kippei Shiina තම රංගනයෙන් දායක වී තිබෙනවා. පුරා මිනිත්තු 120 ක කාලයක් පුරාවට ගලායන කතා පුවතක් රැගත් ඉංග්‍රීසි හා ජපන් සිනමා සම්මිශ්‍රණයක් වන මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.3/10 ක අගයක් ලබාගෙන ඇති අතර චිත්‍රපටය විකාශය කර ඇත්තේ Netflix හරහායි.

චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත් නික් කියන්නෙ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ යුධ සිරකරුවෙක් විදිහට ජපානයේ බන්ධනාගාරයක දඬුවම් විඳින ඇමෙරිකානු ජාතික පුද්ගලයෙක්. දවසක් නික්ට අහම්බෙන් ජපන් ජාතික සිරකරුවෙක් වන කියෝශිව දැන හඳුනාගන්න ලැබෙනවා. නික් මේ කියෝශිට කරන උදව්වක් නිසා මේ දෙන්නා ගජ යාළුවෝ දෙන්නෙක් බවට පත්වෙනෙවා. කියෝශි කියන්නෙ ජපානයේ සිදුවන නොයෙක් ආකාරයේ නීති විරෝධී ජාවාරම් වලට සම්බන්ධ යකුසා සංවිධානයට සම්බන්ධ “ෂිරොමට්සු” යන නමින් හඳුන්වන අපරාධ කල්ලියක මුල් පුරුකක්. ඉතින් කාලයක් සිර දඬුවම් විඳපු නික්, හිරෙන් නිදහස් වෙලා ඇවිත් කියෝශිගේ දැන ඇඳුනුම්කම් මාර්ගයෙන් ෂිරොමට්සු කල්ලියට එකතුවෙනවා. මෙහෙම කාලයක් ගත්වෙද්දි ෂිරොමට්සු කල්ලියේ ව්‍යාපාර වැඩ වලට තවත් යකුසා කල්ලියක් වන “ෂෙයිසු” කල්ලියෙන් බලපෑම් එල්ලවෙන්න පටන්ගන්නවා. නොයෙක් සිද්දි එක්ක මේ බලපෑම මතභේදයක් බවටත් එතනින් පස්සෙ කල්ලි දෙක අතරෙ ගැටුමක් බවටත් පත්වෙනවා. ඉතින් මේ කල්ලි දෙකේ ගැටුම කොතනින් කෙළවර වෙයිද, ෂිරොමට්සු කල්ලියේ අනාගතය කෙසේ විසඳෙයිද, නික් ෂිරොමට්සු කල්ලිය මේ ගැටුමෙන් බේරගනියිද… සියල්ල නරඹන ඔබට බාරයි.

“තමුසෙගෙ පවුලට(කල්ලියට)
වඩා මේ පර දේසක්කාරයව වටිනවද?”

– ඔරොචි

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

5,935 downloadsDownload The-Outsider-2018.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Isuru-Sampath-Sirisena-2018.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

5,935 downloadsDownload Subtitles30 KB

38 comments

  1. Panther

    උපසිරසියට ස්තුතියි සහෝ

  2. Shamal Ranasinghe

    Thank you so much for sub..! keep up the good work..!

  3. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  5. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. beemal

    patta wage film eka nm
    tnx tnx sub walata

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
    ජයෙන් ජය.

  9. Bobby

    Thank you very much. I wish you Happy new Year.

  10. 4devinda

    බොහොම ස්තූතියි සහෝ.
    තවත් දෙයක් මම හිතන්නේ මේක +18 වර්ගීකරණය සඳහා හොඳයි.

  11. Nilush Angana

    Sub ekata thanx

  12. gihan perera

    Thanks bro...good job and god bless you..keep continue it....good luck...

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය...

    ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

  17. AsithaDilruwan

    ela ela thanks

  18. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  19. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sub ekata bro..

  20. bLack_sNow

    Thanks bro sub ekata

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Pramukmili

    thanxx bro.....

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!

  24. Buddi

    Thanks.......

  25. malith

    Ela ela

  26. Kanchaka

    Thanks bro......

  27. chathuranga002

    ela

  28. krishanthakumara

    wasi

  29. dimal

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.!!*~

  30. krishuoc

    බොහොම ස්තුතියි ඔබතුමාට....

  31. jagath55

    Thanks

  32. හෂාන්

    බොහොම ස්තූතියි උපසිරසියට

  33. mss

    thankz

  34. sandharu

    Thanks broo

  35. Gushandesilva

    balapu supirima films walin ekak. thanks for the sub brother <3

  36. Chamal

    " INUYASHIKI සබ් දෙන්න කෝ

  37. Chamal

    ඉනුයාශිකි いぬやしき සබ් දෙන්න කෝ

  38. ravindu

    Inuyashiki (2018) sub eka dannako