ආයුබෝවන් ! මේ චිත්‍රපටියට සබ් දාන්න කියලා එව්වේ සිසිල ප්‍රසාද් අයියා. හැබැයි වැඩේ හිතන තරම්ම ලේසි වුනේ නෑ. වැඩේ මම හිතුවට වඩා කල් දිග් ගැස්සුනා. චිත්‍රපටිය ගැන කියනවා නම් මේක අයත් වෙන්නේ Action, Adventure, Drama යන වර්ගීකරණයට. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වන Pet…

ආයුබෝවන් ! මේ චිත්‍රපටියට සබ් දාන්න කියලා එව්වේ සිසිල ප්‍රසාද් අයියා. හැබැයි වැඩේ හිතන තරම්ම ලේසි වුනේ නෑ. වැඩේ මම හිතුවට වඩා කල් දිග් ගැස්සුනා.
චිත්‍රපටිය ගැන කියනවා නම් මේක අයත් වෙන්නේ Action, Adventure, Drama යන වර්ගීකරණයට. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වන Peter Weir විසින්. ඒ එංගලන්ත ජාතික නවකතාකරුවෙක් වන Patrick O’Brian විසින් 1969 දී රචිත Master and Commander නවකතාව ඇසුරෙන්. චිත්‍රපටිය මනාප 182,474 සමගින් IMDb රේටින්ග්ස් 7.4/10 ක ඉහල අගයක් ලබාගෙන තියනවා. 76 වෙනි ඔස්කාර් සම්මාන උළලේදී මේ චිත්‍රපටිය සම්මාන වර්ග දහයකට නිදේශ වෙලා තියනවා. ඒ අතරින් Best Cinematography සහ Best Sound Editing යන සම්මාන ද්විත්වය දිනා ගැනීමට හැකිවෙලා තියනවා. හැබැයි අනිත් සම්මාන අටම දිනාගෙන තියෙන්නේ The Lord of the Rings: The Return of the King (2003) චිත්‍රපටියයි. ඒ වගේම තවත් සම්මාන 21 ක් දිනාගෙන තියනවා
වගේම නිර්දේශවීම් 90ක් වාර්තා වෙලා තියනවා. චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ දෙන්නේ ඕස්ට්‍රේලියානු ජාතික Russell Crowe විසින්. එයා තමයි Gladiator (2000), Robin Hood (2010), A Beautiful Mind (2001), යන චිත්‍රපටිවලත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. අනෙක් චරිත වලට A Knight’s Tale (2001), The Da Vinci Code (2006), Iron Man (2008), Iron Man 2 (2010), The Avengers (2012) සහ Iron Man 3 (2013) යන චිත්‍රපටි වලින් මුණගැසුණු Paul Bettany සහ The Lord of the Rings කතාමාලාවේ Peregrin Took ගේ චරිතයට පණ පොවන Billy Boyd යන කට්ටිය තමයි රංගනයෙන් දායක වෙන්නේ.
1804 දී නැපෝලියන් බොනපාට් බලයට පත් වුනාට පස්සේ එයා රටවල් ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. එතකොට ප්‍රභල රටවල් වෙලා තිබ්බ ඉතාලිය, ජර්මනිය , ස්විට්සර්ලන්තය සහ රෝම අධිරාජ්‍යත් තමන්ගේ ග්‍රහණයට ගන්නවා. ඒ වගේම එයාගේ ඊලග ඉලක්කය වෙන්නේ එංගලන්තය. එවකට ලොව ප්‍රභලම නාවික හමුදාවට එරෙහිව සටන් කරන්න නැපෝලියන්ගේ හමුදාත් ඔවුන්ගේ නැව් අලුත් තාක්ෂණයෙන් නිමකළා. ඒ හින්දම මේ නාවික හමුදා අතර ප්‍රබල සටනක් ඇති වුනා. ඒ වගේම ඒ සටන් මුළු ලෝකේ පුරාම තියන ප්‍රංශ සහ එංගලන්ත නැව් අතර හටගත්තා. 1805 දී උතුරු බ්‍රසීල වෙරළට ආසන්නයෙන් යාත්‍රා කරන H.M.S. Surprise නැවට මුලස්ථානයෙන් පණිවිඩයක් ලැබෙනවා. ඒකෙන් කියන්නේ ප්‍රංශ ආරක්ෂක නැවක් වන Acheron නැවට පහර දෙන්න කියලා. ඉතින් ඉස්සරහට මොනවා වෙයිද? චිත්‍රපටිය ඇත්තටම තාත්විකව නිර්මාණය කරලා තියනවා. ඒවගේම නාවිකයන් විශ්වාස කරන ශාප, කපිතාන්ට විරුද්දව ඇති කරන කැරලි ගැසීම් වගේ සිද්දීත් මේ චිත්‍රපටිය පුරාවටම තියනවා.
මේ චිත්‍රපටිය සම්බන්ධ වන්නේ රුවල් නැව් වලට හින්දා ගොඩක් තියෙන්නේ එයට සම්බන්ධ වචන. විශේෂයෙන්ම නැවේ කොටස් වලට. එව්වා දැන් ගොඩක් වාග් මාලාවෙන් වියැකිලා ගිහින් තියෙන්නේ. විශේෂයෙන්ම සිංහල ශබ්ද කෝෂයෙන්. ඒ සදහා පිලියමක් විදිහට මම කරේ ඒකෙ ඉංග්‍රීසි වචනය තියලා ඒ ඉස්සරහින් ඒකෙ තේරුම ඉදිරිපත් කරපු එක. මම හිතනවා ඒක රසවින්දනයට බාදාවක් වෙන්නේ නැති වෙයි කියලා. විශේෂ ස්තුතිය පුද කරන්න ඕනි කණිෂ්ඨ වෙළද නාවික ඉංජිනේරු මගේ සහෝදර ධනුක ජයසිංහට. මේ චිත්‍රපටියේ නාවික වචන තේරුම් කර එකට. ඒ වගේම මම මේ උපසිරසියෙ ගෞරවය ඔහුට පුදකරනවා.
නැවත හමුවෙමු. ඔබට ජය !

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,684 downloadsDownload Master-and-Commander-The-Far-Side-of-the-World-2003.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
29 comments
IshaN22
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Dileesha Madushan
පට්ටයි සහෝ මේ වගේ ෆිල්ම් එහෙමනම් හොයාගන්නත් අමාරුයි
AsithaDilruwan
mahasi wela suba dunnta oyala dennatama pin
jaya wewa!!!Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Sadeu_Bandara
සිංහල උපසිරැසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
උපසිරැසියට බොහෝම ස්තුතියි
ehema karapu eka hodayi
ethakota therenawanechinthakaruwan
thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
ජයෙන් ජය.Saranga J. Liyanagama
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
malith
Ela ela
dimal
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.!!*~
dlen
thank you.
sandharu
Thanks brooo
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
chandik
Thanks for the subtitles. Keep up th good work ...!
Dilan Madushanka
"The Final Master" Film ekatath sub ekak dennakoo.
sasanka sathyajith
Thanks for the sub
Anonymous
thank for your effort
dilanka
sub eka download karanna bane
Ravindu Heshan - Admin
Dan Wada Saho
Dilanka
Thank you bro
Thisara Prabhath Senarathne
Thanks bro
Advertisement

Thank You Bro