ගොඩක් ප්‍රමාදයි. ඒ ගැන සමාව ඉල්ලනගමන් ඔන්න තව සලරුවකට සිංහල උපසිරැසි අරගෙන ඔයාල හමුවට ආවා. අද මේ ගෙනාපු චිත්‍රපටය බොහෝ දුරට කලින් හුරු පුරුදු චිත්‍රපට ශෛලියක් කියල බලන හැමෝටම තේරෙයි. කවුරුත් බලල ඇතිනේ Quentin Tarantino කියන අධ්‍යක්‍ෂකවරයාගේ චිත්‍රපට? කලින් ඔහු විසින් අධ්‍යක්ෂණය කල The Hateful Eight…

ගොඩක් ප්‍රමාදයි. ඒ ගැන සමාව ඉල්ලනගමන් ඔන්න තව සලරුවකට සිංහල උපසිරැසි අරගෙන ඔයාල හමුවට ආවා. අද මේ ගෙනාපු චිත්‍රපටය බොහෝ දුරට කලින් හුරු පුරුදු චිත්‍රපට ශෛලියක් කියල බලන හැමෝටම තේරෙයි. කවුරුත් බලල ඇතිනේ Quentin Tarantino කියන අධ්‍යක්‍ෂකවරයාගේ චිත්‍රපට? කලින් ඔහු විසින් අධ්‍යක්ෂණය කල The Hateful Eight (2015) චිත්‍රපටය බැලුවා නම් ඒ ශෛලිය අමතක වෙන එකක් නැහැ. ඔව් එයාගේ චිත්‍රපට වලට බොහෝ සමානකමක් කියනවා අද මේ මම උපසිරැසි සමගින් ගෙනාපු චිත්‍රපටයත්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Drew Goddard විසින්. ඔහු විසින් තමයි The Cabin in the Woods (2011) චිත්‍රපටය අධ්‍යක්ෂණය උනෙත්. ඒ වගේම ඔහු අපි බොහෝ දෙනෙක් රසවිඳපු Daredevil කතා මාලාවේ නිෂ්පාදකවරයෙකුත් වෙනවා. මෙහි රංගන දායකත්වය ගැන අවධානය යොමු කලොත් අපිට දැවැන්ත නම් බොහොමයක් දැකගන්න ලැබෙනවා. Jeff Bridges, Jon Hamm, Dakota Johnson, Chris Hemsworth වගේ වර්තමාන සිනමාවේ දැවැන්තයන් රැසක් චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. එයාල ගැන අමුතුවෙන් කියන්න යන්නේ නැහැ මොකද මේ නළු නිලියන් නොදන්නවා නම් චිත්‍රපට නොබලපු කෙනෙක්ම වෙන්න ඕන. ඒ වගේම මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය තුල 7.2 ක අගයකුත් ලැබී තිබෙනවා ප්‍රේක්ෂක මනාප 47,000 කට අධික ප්‍රමාණයකින්. ඒ වගේම චිත්‍රපටය රූගත කර තිබෙන්නේ කැනඩාව තුලයි. ඒ වගේම මෙහි නිෂ්පාදන වියදම මිලියන 32 වෙනුවට එක මිලියනයක් අඩුවෙන් තමයි ආදායම ලැබිලා තියෙන්නේ.
එහෙනම් කතාව පැත්තට යොමු වෙන්නම්. මේ කතාවට අදාළ චරිත හැම කෙනෙක්ම ආගන්තුකයෝ. මෙයාල හැමෝම මුණ ගැහෙන්නේ El Royale කියන ජනපද දෙකකට අයිති අපූරු හෝටලයක් තුලයි. මේ හෝටලය හරි මැදින් ඇමෙරිකාවේ තියෙන ජනපද දෙකක් වන කැලිෆෝනියා සහ නෙවාඩා කියන ප්‍රාන්ත සීමාවෙන් ද්වි ජනපද හෝටලයක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් මේ හෝටලය තුල තියන දේවලුත් ඒ ජනපද අනූව වෙනස් විදිහට තමයි තියෙන්නේ. කැලිෆෝනියා ප්‍රාන්තයට අයත් කාමර සහ ඊට අදාළ පහසුකම් වලට වඩා වෙනස් නෙවාඩා ප්‍රාන්තය තුල තියන කාමර සහ පහසුකම්. ඒ වගේම මේ හෝටලය දශක කීපයකට කලින් ඉතාමත් ජනප්‍රිය හෝටලයක් නමුත් යම් කාරණයක් නිසා හෝටලය සතු සූදු බලපත්‍ර අවලංගු වීමත් සමඟ මෙහි ජනප්‍රියතාව කෙමෙන් අඩුවෙලා ගිහින් තිබෙනවා. මේ හෝටලයට එනවා අමුත්තන් 4 දෙනෙක්. මේ හතර දෙනාට අමතරව හෝටලයේ සියලුම කටයුතු බලාකියාගන්න සේවකයෙක් ඉන්නවා. මේ පස් දෙනාටම එකිනෙකාට වෙනස් වූ රහසක් තියෙනවා. ඔවුන් මේ හෝටලයට එන්නේ විවිධාකාර වූ අරමුණු මුදුන්පත් කරගන්න. හෝටලයට මුලින්ම පැමිණෙන්නේ කතෝලික පියතුමෙක්. වයස්ගත පුද්ගලයෙක් වන ඔහු නමින් ෆ්ලින් පියතුමා. ඒ වගේම ඊළඟට පැමිණෙන්නේ කළු ජාතික ගායිකාවක් වන ඩාර්ලින් ස්වීට් නමැති කාන්තාවයි. මේ දෙන්නටම කලින් කෙනෙක් හෝටලයට ඇවිත් තියෙනවා ඔහු අලෙවි නියෝජිතයෙක් විදිහටයි හැමෝටම හඳුන්වා දෙන්නේ. ඔහු නමින් ලැරමි ස්ලිවන්. ඊට පසුව හෝටලයට පැමිණෙන්නේ කාන්තාවක්. මේ හැමෝම කලින් කිව්වා වගේ තම තමන්ට අයිති රහසක් සමගින් තමයි හෝටලය තුල රාත්‍රිය ගත කරන්න පැමිණෙන්නේ. ඒ වගේම මේ හෝටලයත් හැමෝම දන්න හෝටලයක් නෙමෙයි. හෝටලය තුල සිදුවන දේවල් ඉතාමත් අමුතුයි. හෝටලය සිටින එකම එක සේවකයාට හෝටලයට පැමිණෙන අමුත්තන්ගේ අවශ්‍යතා ඉටු කරනවට අමතරව තවත් රාජ කාරියක් පමුනවා තිබෙනවා. මේ හැම දෙයක්ම එකින් එක විසඳගන්න හැමෝටම ආරාධනා කරනවා ටාහෝ විල අසල තියන ජනප්‍රියම හෝටලය වන El Royale තුලට එහි මේ කුණාටු සහිත රාත්‍රිය ගත කරන්න ඇතුළු වෙන්න කියල. එසේනම් නැවත මුණ ගැහෙමු. හැමෝටම ජය!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා ගැලපේ.
7,067 downloadsDownload Bad-Times-at-El-Royale-2018.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
43 comments
Ravindu Rukshan
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Hashan M. Priyadarshana
Thank you broo sub ekata...
Jaya wewa..!Navod Hansajith Fonseka
elh,thnnxs
jagath55
Thanks
Tharaka
THANKS..................
gihan perera
පට්ට ෆිලුමක් සහෝ...ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Duleepa
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරයා ❤️❤️❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයBlacklist s06 සිංහල උපසිරැසි ලබාදෙන්නේ නැද්ද?
AsithaDilruwan
ela saho thanks
darshana100
thanks thanks yalu
Hemantha De Silva
ස්තුතියි හසන්ත...
Mevandhanushka
Thanks...
Panther
Thanz saho
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!
Kulanjana Maduranga
subata thanks saho.....keep it up.....
thilz
thank you
nish47
thanks bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
download කරලා හිටියේ සබ් දෙනකම්....
පට්ට අබිරහස් කතාවක් වගේ....Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි හසන්ත අයියා...
Eranda Malith 2.0
සබ් එකට ස්තූතියි සහෝ
aruna1234
thanks koluwo
Dewadithya
Thanks for Sub!
kokila harshani
[
dsdkavishka
Thenks bro
akalankagayan
Thnx......
Ara N Madhu
Thanks machan
Farmchemie_Roshan
Thanks bro sub ekata.obatath baiscope family ekath jayen jaya pathami.
NuwanK
Thank u bro..
Naveendra_rox
Thanks
pubudugalaxy789
Thanks bn.. page ekatath like ekak damma onna
Emi
Thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Ishan Madusha
බොහොම ස්තූතියි
Sajithlakshan
thanks ..................
Shehan putha
Thanks hasantha bro
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
MAALNATH
Thanks.......good luck........
Anonymous
Respect bro
tharindu dilshan singgamkutti athukorala
supiriyak..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බලපු පට්ටම ෆිල්ම් එකක් තැන්ක්ස් සබට