Watch Trailer

Sheena (1984) Aka Sheena: Queen of the Jungle with sinhala subtitles | වනාන්තරයේ සුරූපිණිය [සිංහල උපසිරසි සමඟ] (18+)

Queen Of The Jungle කියලා කිව්වොත් නම් ගොඩක්දෙනා නොදැන ඉන්න පුලුවන්, ඒත් “ශීනා” කියලා කිව්වොත් නම් අනූ ගණන්වල ඉඳන් රූපවාහිනිය බලපු ඕනම කෙනෙක් මේ කතාව දන්නවා. ඒකට හේතුව නම් මේ චිත්‍රපටයෙන් පස්සෙ, ඒ කියන්නෙ 2001 වර්ෂයේදී වගේ මේ තේමාව රූපවාහිනී කතාමාලාවක් විදිහට ඉදිරියට ගලාගෙන ගියා. මට මතක විදිහට ITN…

Queen Of The Jungle කියලා කිව්වොත් නම් ගොඩක්දෙනා නොදැන ඉන්න පුලුවන්, ඒත් “ශීනා” කියලා කිව්වොත් නම් අනූ ගණන්වල ඉඳන් රූපවාහිනිය බලපු ඕනම කෙනෙක් මේ කතාව දන්නවා. ඒකට හේතුව නම් මේ චිත්‍රපටයෙන් පස්සෙ, ඒ කියන්නෙ 2001 වර්ෂයේදී වගේ මේ තේමාව රූපවාහිනී කතාමාලාවක් විදිහට ඉදිරියට ගලාගෙන ගියා. මට මතක විදිහට ITN එකේ ඒ කාලෙ මේ කතාව පෙන්නුවා.

මේක මම මගේ පස්වන උපසිරැසි නිර්මාණය විදිහට තෝරගන්න විශේෂම හේතුව වුනේ ශීනා කියන රූපවාහිනී කතාමාලාව පොඩිකාලෙ ගොඩක් ආසාවෙන් බලපු කෙනෙක් වෙච්ච එක. විශේෂයෙන් කියන්න ඕනෙ මේක ගෝත්‍රික කණ්ඩායක් සම්බන්ධව කරපු නිර්මාණයක් නිසා චිත්‍රපටයේ කිහිප තැනකම නිරුවත් දර්ශන තියෙනවා කියන එකත්. ඔබව අපහසුතාවයට පත්වීමෙන් වළකින්න ඒකත් මතක තියාගන්න.

1984 අගෝස්තු 17 දින තිරගත කරපු මේ චිත්‍රපටයේ ඇස්තමේන්තුගත නිශ්පාදන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 25 ක් වෙලා තියෙනවා. ඒ කාලෙ හැටියට ඒක ලොකු වියදමක්. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ ඔයාලා හැමෝම දන්න King Kong (1976) කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු John Guillermin කියන අධ්‍යක්ෂවරයා විසින්මයි. මිනිත්තු 117 ක් පුරා දිවෙන මේ චිත්‍රපටයේ තිර රචනය සහ කතාව පිළිබඳව ගෞරවය David Newman, Lorenzo Semple Jr, David Newman, Leslie Steven යන අය වෙත හිමිවෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය, ඒ කියන්නේ ශීනාගේ චරිතයට පණ පොවන්නෙ Tanya Roberts කියන සුරූපී රංගන ශිල්පිනිය. ඒ වගේම Ted Wass, Donovan Scott, Elizabeth Toro යන අය සෙසු චරිත රඟදක්වනවා.

මොකක්ද මේ ශීනාගේ කතාව…??

ඇය නමින් ශීනා.. එහෙම නැතිනම් වනාන්තරයේ රැජිණිය, තවත් විදිහකට කිව්වොත් “ෆීමේල් ටාසන්”

“ෆිල් සහ බෙට්සි නම් සුදු ජාතික යුවලක් ඔවුන්ගේ දියණිය වන ජැනට් සමඟ අප්‍රිකාවේ ටිගෝරා ජනපදයේ ප්‍රාන්තයක් වූ පූජනීය සැම්බූලි භූමිය වෙතට පැමිණෙන අතර පුරාවිද්‍යා ගවේශක යුවලක් වූ මොවුන් දෙදෙනා තම දියණියද සමඟ සැම්බූලි භූමියට ප්‍රවිශ්ඨ වන විට ඔවුන් අත්දකිනුයේ ඇස් අදහාගත නොහැකි විශ්මත දෙයකි. එනම්, පූජනීය සැම්බූලි භූමියේ පසෙහි ඇති ලෙඩරෝග සුවකිරීමේ අත්භූත හැකියාවයි. මේ පිළිබඳව ඇතිවූ කුතුහලය මත මොවුන් දෙදෙනා සැම්බූලි භූමියේ පිහිටි පූජනීය ගුජරා කන්ද වෙත රහසේම ගමන් කරනුයේ රෝග සුවකිරීමේ පස පිළිබඳව පරීක්ෂා කිරීමටයි. එහෙත් ඉතා අවාසනාවන්ත ලෙස මොවුන් දෙදෙනා ගුජරා කන්ද විසින් බිලිගනු ලබන්නේ තම කුඩා දියණිය ආගන්තුක සැම්බූලි ජනපදයේ තනිකරමිනි. ඉන් අනතුරුව මෙම දැරිය හදාවඩාගන්නා සැම්බූලි ගෝත්‍රයේ වෛද්‍යවරිය (ශේමන්) එක්තරා මායාකාර බලයක් හිමි තැනැත්තියක් වූ අතර මෙම දැරිය අතීත පුරාවෘත්තයකට අනුව පැමිණි බව දැඩිව විශ්වාස කල ඇය විසින් ඇයගේ සියලු දැනුම, වෙදකම, සතුන් සමග සන්නිවේදනය කිරීමේ රහස් ඉහත කී දැරිය වෙත ලබා දී ඇය “ශීනා” නමින් සැම්බූලි ජනපදයේ ආරක්ෂිකාව වශයෙන් පුහුණු කරනු ලබයි. එ⁣සේම යෞවන වියට පැමිණෙන ශීනා ඉතා එඩිතර, බලසම්පන්න සහ ශක්තිමත් මෙන්ම සරාගී පෙනුමක් හිමි තරුණියක් විය. කෙසේ නමුත් ටිගෝරා ජනපදයේ පාලකයා වූ ජබලානි රජුගේ සොහොයුරු ඔට්වානි කුමරු විසින් ටිගෝරා ජනපදයට යටත් ප්‍රාන්තයක් වූ සැම්බූලි භූමිය ටයිටේනියම් බහුල ප්‍රදේශයක් බව දැනගත් පසුව එම ධනය ලබාගැනීමේ ⁣අවශ්‍යතාවය මත තම වැඩිමල් සොහොයුරු ඝාතනය කිරීමට සැන්ඩා කුමරිය සමඟ කුමන්ත්‍රණයක නියැලෙයි. මේ පිළිබඳව තම චිත්ත ශක්තිය අනුව දැනගත් සැම්බූලි ප්‍රාන්තයේ ශේමන් විසින් රජු දැනුවත් කිරීමට ටිගෝරා වෙත ගිය නමුත් ඝාතකයන් විසින් රජු ඝාතනය කර ශේමන් වැරදිකරු ලෙස සිරගත කරනු ලබයි. අවසානයේදී එම ඝාතනය ⁣ශේමන් විසින් සිදුනොකළ බවත්, එය වෙනත් අයෙකුගේ කුමන්ත්‍රණයක් බවත් ඝාතනය අවස්ථාවේ එම ස්ථානයේ සිටි චිත්‍රපට අධ්‍යක්ෂක වික් කේසිගේ කැමරාවේ සටහන් විය. මෙතැන් පටන් ශීනා, වික් කේසි, ෆ්ලෙච් සොයා එන ඔට්වානි කුමරුන්ගේ කුලී හමුදාව සහ සැම්බූලි සටන්කාමීන් අතර ඇතිවන සටන් මෙන්ම ශීනා විසින් සැම්බූලි ජනපදය බේරාගන්නා ආකාරය පෙන්වමින් චිත්‍රපටය ඉදිරියට ගලා යනු ලබයි….”

මේ චිත්‍රපටය ඉතා ආසාවෙන් බලන්න පුලුවන් විදිහට කතා⁣ව පෙළගස්වලා තියෙනවා. මම කලින් අරගෙන ආපු චිත්‍රපට වගේම මේකත් අද වෙනකොට රූපවාහිනියෙන් පවා ගොඩක් ඈත් වුනත්, ඒ කාලෙ අපි ගොඩක් ආසාවෙන් බලපු කතාවක ආරම්භයක්. ඉතින් මම දන්නවා ඒ කාලෙ මේක බලපු කෙනෙක්ට නම් ආයෙත් නොබලා ඉන්න බැරි වේවි. ඒ වගේම ශීනා කියන තරුණියට හිතෙන් ආදරය කරපු හැටි……
අැත්තටම අතීතය මතක් වේවි.

එහෙනම් ආයෙත් මේ වගේම කතාවකින් හම්බෙමු.

තෙරුවන් සරණයි…!

 

 

 Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා අදාළ වේ.

5,231 downloadsDownload Sheena-1984.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එරංග තුෂාර සඳනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,231 downloadsDownload Subtitles31 KB

28 comments

  1. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata..
    Jaya wewa!

  2. rangika Kariyawasam

    තැන්කු .ජයවේවා

  3. dsdkavishka

    Thenks for sub

  4. jerrydissanayake98

    tq bn sub ekata . puluwn nm riverdale tv series ekata sub diym kollo

  5. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ මේකේ ට්වි සීරියස් එක මමත් පොඩි කාලේ ගොඩාක් ආසාවෙන් බලපු එකක් .

  6. jagath55

    Thanks

  7. Ayesh Prashan

    Thank You

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Tharaka

    THANKS............

  10. Suranjan

    Thanks machan.....jayawewa......!

  11. Bandara 1976

    Thanks Bro....Tanya Roberts, most beautiful actress in the world...

  12. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. kapilakumara

    Thanks bro

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  16. Kulanjana Maduranga

    subata thanks

  17. Amalka Himeshan

    Thanks mchan sub ekata

  18. hgnalaka

    sheena tv siriyas aket sub dennako

  19. Dewadithya

    Thanks for Sub!

  20. DjMayura

    බොහොම ස්තුතියි සහෝදරයා
    ජයවේවා .....

  21. akalankagayan

    Thnx ......

  22. Asiri90065

    එල නියමයි සහෝ තෑන්ක්ස්

  23. blackLion007

    Thanks................

  24. AsithaDilruwan

    ela saho thanks

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  27. Sumudusen6071

    බොහොම ස්තූති පුළුවන් නම් tv series එකෙත් සබ් දෙන්නකො

  28. Anonymous

    Sheena - queen of the jungle (2000) tv series 1 sub 1 one

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.