Watch Trailer

The Hateful Eight (2015) with Sinhala Subtitles | අට වෛරක්කාරයෝ… [සිංහල උපසිරැසි සමඟ] (200)

කලින් උපසිරසේදී කිව්වා වගේ ඔන්න පොරොන්දු ඉටු කරන්නයි හදන්නේ. තවත් ඇමරිකන් සිවිල් යුධ කතාවක් අරගෙන තමයි මේ මුණ ගැහෙන්නේ. අද ටිකක් විශේෂයි මොකද මේ තමයි මගේ 200 වෙනි උපසිරැසිය. මම ස්තුති කතාවක් කරන්න යන්නේ නැහැ මොකද සමීර මල්ලි පහල ඔයාලට වැදගත් විස්තරයක් දීල තියෙනවා චිත්‍රපටයට අදාලව. ඒ නිසා පොදුවේ කියන…

The Hateful Eight (2015)-200
කලින් උපසිරසේදී කිව්වා වගේ ඔන්න පොරොන්දු ඉටු කරන්නයි හදන්නේ. තවත් ඇමරිකන් සිවිල් යුධ කතාවක් අරගෙන තමයි මේ මුණ ගැහෙන්නේ. අද ටිකක් විශේෂයි මොකද මේ තමයි මගේ 200 වෙනි උපසිරැසිය. මම ස්තුති කතාවක් කරන්න යන්නේ නැහැ මොකද සමීර මල්ලි පහල ඔයාලට වැදගත් විස්තරයක් දීල තියෙනවා චිත්‍රපටයට අදාලව. ඒ නිසා පොදුවේ කියන්නම් බයිස්කෝප් පවුලේ හැමෝටම ගොඩක් ස්තුති මෙතුවක් කල් පවුලක් වගේ එකට රැඳිලා හිටියට. ඒ සහෝදර බැම්ම තමයි 2009 ඉඳල අදවෙනකන් මේ වගේ ලොකු පවුරක් බවට පත් වෙලා තියෙන්නේ. ඇඩ්මින් සහෝදරවරුන්ට සහ සහෝදර උපසිරැසි කරුවන්ට සහ කාරියන්ට ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඒ වගේම අපිව දිරිමත් කරන අපේ විබපලට නිතර දෙවේලේ ගොඩ වදින ඔයාලවත් ආදරයෙන් මතක් කරනවා  😀 එහෙනම් ලැබුවා වූ 2016 නව වසර ඔබ සැම දෙනාටම සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සුබ නව වසරක්ම වේවා කියල ප්‍රර්ථනා කරනවා !!

200-Hasanth-Wish

ඇමරිකානු සිවිල් යුද්ධයෙන් වසර කිහිපයක් ගත වුන කල වයෝමි ප්‍රදේශයේ කටුක හිම කුනාටුවකට අසුව මග අතරමං මිනිසුන් කිහිපදෙනෙක් එක්ක තමයි අපි මේ ජීවිතයත් මරණයත් අතර කාලය ගත කරන්න සුදානම් වෙන්නේ, මම චරිත හදුන්වා දෙන්නම්, ඔවුන්ගේ ගති ස්වභාවය කෙටියෙන් පහදන්නම්, නමුත් ඔවුන් හා ආලයෙන් බැදෙන්නේ බලාගෙනයි.. 😉

ජෝන් රූත්
ඔහු වෘතියෙන් තිලිණ දඩයක්කරුවෙක් (Bounty Hunter), නමුත් කිසිදාක ඔහුගේ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම ඔහුගේ සිරිත නෙමෙයි, ඔහු අනිවාර්යයෙන්ම ඔවුන් අලුගෝසුවා වෙත ගෙනයනවා මයි… එනිසා ඔහු “අලුගෝසුවා” ලෙස අනුවර්ත නාමයක් ලබාගන්නත් සමත් වෙලා තියනවා, ගමනාන්තය රෙඩ් රොක්.

මේජර් මාකුයිස් වොරන්
හිටපු හමුදා නිලධාරියෙක් වෙන ඔහු දැන් තිලිණ දඩයක්කරුවෙක්, කියන්න අමතක වුනා ඔහු කළු ජාතිකයෙක්. බොහොම ප්‍රසිද්ධ පුද්ගලයෙක් වන ඔහු දක්ෂ වෙඩික්කරුවෙක් ලෙස ප්‍රසිද්ධයි. ගමනාන්තය රෙඩ් රොක්.

ෂෙරිෆ් ක්‍රිස් මැනික්ස් (?!)
කලින් හමුදාවේ සේවය කල ඔහුගේ පියා කළු ජාතිකයන් ඝාතකයෙක් ලෙස ප්‍රසිද්ධයි. රෙඩ් රොක් හි නව ෂෙරිෆ් ලෙස පත්වීම ලද ඔහුගේ ගමනාන්තය රෙඩ් රොක්. ලේසියෙන් කුපිත වෙන කළු සම ඇත්තවුන් පිළිකුල් කරනා ඔහුගේ කට නම් වැඩිය හොඳ නැහැ.

ඔස්වල්ඩො මොබ්‍රෙ (?!)
විදෙස් උච්චාරණයක් ඇති ඔහු, කතාවේ දක්ෂ, අනුන්ගේ කුණු හොයන්න උපන් හපනෙක්. හොඳින් ඇදපලද හිටියත් ඔහුගේ යමක් අනික් පුද්ගලයන්ට වඩා කුතුහලය දනවන බව පෙනේවි. වෘත්තීයෙන් රෙඩ් රොක් අලුගෝසුවා කියලයි කියන්නේ. 

ජෝ ගේජ්(?!)
ගොපලු කොල්ලෙක් හැටියට ඇඳ පැළදගෙන ඉන්න ඔහු පිරිස එකක් කතාවට එන කෙනෙක් නෙමෙයි. බොහොම රහසිගතයි, ඒ වගේම සංකීර්ණයි. මව බැලීමට රෙඩ් රොක් ආසන්න පැත්තක තියන නිවස වෙත යනවා කියලා තමයි ආරංචිය.

ජෙනරාල් සෑන්ඩ් ස්මිතර්ස්
සිවිල් යුද්ධය වෙනුවෙන් සටන් කල ඔහු මැනික්ස්ගේ පියාගේ වැඩ කිඩ අසා ඇති, යුධ ප්‍රවීනයෙක්. වයස අවුරුදු 60කට වැඩි පෙනුමක් ඇති ඔහු මේ ප්‍රදේශයට පැමිණ ඇත්තේ ඉසුරු සොයා නිවසෙන් ගිය තමුන්ගේ පුතා ගැන ආරංචියක් හොයාගන්න.

ඕ.බී.
ඔහුට අනුව මිනී තමුන්ගේ තිප්පොල බලාගන්නට භාරදී ගිහින් තියෙන්නේ ඔහුටයි. මෙක්සිකානු ජාතිකයෙක් වන මොහු කඩිසරයි. නමුත් යමක් සගවාගෙන ඉන්නා බවක් තමයි පෙන්නේ.

ඩේසි ඩොමෑගු
ඇය තමයි කිසියම් ආකාරයකින් මේ චරිත සියල්ලක්ම සම්බන්ධ කරනා සන්ධිස්ථානය වෙන්නේ. ඇය රූත් තමුන්ගේ සිරකරුවා ලෙස එල්ලා මැරීම වෙනුවෙන් තමයි රෙඩ් රොක් වෙත ගෙන යන්නේ. කළු සම ඇත්තවුන් හට වෛර කරන ඇය, ගායනටය දක්ෂයි, ඒ වගේමයි කතාවටත්. දරුණු බවක් නොපෙනුනා වුනත් සට කපට බව නම් වෑහෙනවා.

ඔන්න ඔය තමයි අපේ මුලික චරිත 8. ඔවුන් සියල්ලන්ම මහා හිම කුණාටුවේ කොටු වෙනවා මිනීගේ තිප්පොලට. ඒ කුණාටුව අවසානයේ තමුන්ගේ ගමන් බිමන් යන්න, මින් සමහරුන් එතනට එන්නේ කුණාටුවෙන් ගැලවෙන්න වුනත්, තවත් සමහරුන් එතනට එන්නේ වෙනත් අදහසක් හිතේ තබාගෙන… ඒ තමයි ඩේසි ගලවා ගැනීම… මොවුන් අතර බොහොම සිත්ගන්නා සුළු කතා බහ ඇති වෙන්න ගත්තම තමයි අපිට මොවුන් එකිනෙකාට සම්බන්ධ වෙන හැටි අපිට දැනගන්න ලැබෙන්නේ, ඒ වගේමයි ඔවුන්ගේ ඇතුලාන්තය අපි දකින්න ගන්නේ… සහතික වෙනවා ඔබට චිත්‍රපටය බලන්න පටන් ගන්න ඔබ නෙමෙයි මිනිත්තු 169 අවසානයේ ඉන්නේ. මේ චරිත කිසිවක් ඔබ සිතුවන් නෙමෙයි… ඔවුන් බොරු ආටෝප… හරියට අපේ ජීවිතය වගේ නේද?

නමුත් ඔය පාඩම අපිට පැය ගණනක් ඇදෙන කම්මැලි කතාවකින් කියනවාට වඩා ටැරන්ටිනෝ ඔහුගේ අතිශය ප්‍රචන්ඩ හා හාස්‍යජනක කතා විලාසයත් සිත් ගන්නා සුළු චරිතත් එකක් අපි වෙන ගෙනවිත් ඇති ආකාරය බොහොම අලංකාරයි. මේ ඔහුගේ 8 වැනි චිත්‍රපටය IMDB 8.2 වගේ ඉහල අගයක් ලබාගෙන ඇති මෙය රොටන්ට් ටෝමාටෝ 76 % දිනාගෙන තියනවා. රංගනයෙන් දායක වෙන්නේ Samuel L. Jackson, Kurt Russell, Jennifer Jason Leigh, Walton Goggins, Demián Bichir, Tim Roth, Michael Madsen, Bruce Dern වගේ දන්නා හදුනන පිරිසක්.

ටැරන්ටිනෝ කියන්නේ සිනමාව ගැන බොහොම වෙනස් හැටියකට දකින කෙනෙක් බව ඔහු මීට කලින් කල සිනමා පාට වන Reservoir Dogs, Pulp Fiction, Jackie Brown, Kill Bill: Vol. 1, Kill Bill: Vol. 2, Death Proof, Inglourious Basterds, Django Unchained ඒවායෙන් එකක් හෝ බැලු කෙනෙක් ඉන්නවා නම් දන්නවා නෙව. මෙවර ඔහුට අවශ්‍ය වෙනවා මේ සිනමා පටය මිලිමීටර් 65 කච යොදා ගෙන රූපගත කරන්නත්, Ultra Panavision 70 යොදාගෙන සේයාරූ ගත කරන්නත්. 65mm ගැන කතා කරනවා නම් අවසාන වතාවට මෙම කාච කට්ටලය යොදාගෙන කරලා තියන චිත්‍රපටය වෙන්නේ Lawrence of Arabia ඒ 1962 හිතන්නකෝ… ටැරන්ටිනෝ මේ කාචම යොදාගන්නාව ඒ වෙනුවෙන් කැමරා පවා තරමක් නවීකරණය කරන්න සිද්ධ වෙනවා, නමුත් ඔහු එහෙමයි… මෙහි ප්‍රතිපලය වෙන්නේ සාමාන්‍ය චිත්‍රපටයක අපි දකිනවට වඩා ප්‍රදේශයක් රූපගත කල හැකි වීම, චිත්‍රපටය බලනා විට ඔබට දැනෙයි වට පිටාව වෙනදට වඩා වැඩියෙන් කැමරාගත වෙලා තියන හැටි.

ඔහොම පටන් ගත්තා වුනත් මේක හදන ගමන ලේසි වුනේ නැහැ 2014 ජනවාරියේ මෙහි පිටපත අන්තර්ජාලය කාන්දු වීමත් එකක් ටැරන්ටිනෝ තීරණය කරනවා මෙම ව්‍යාපෘතිය නවතා දමන්න, නමුත් අපේ වාසනාවකට ඔහුගේ හිත වෙනස් වීමත් එක්ක 2014 දෙසැම්බර් රූපගත කිරීම් ආරම්භ කරනවා. ඉතින් ඔහොම නිර්මාණය වෙන චිත්‍රපටය නිකුත් කිරීම අදියර දෙකකට තමයි සිද්ධ වෙන්නේ. මුල් අධියර හැටියට දෙසැම්බර් මාසේ 25 වැනිදා තෝරාගත් 70mm ප්‍රොජෙක්ටර් තියෙන සිනමා ශාලා 100 ආසන්න ප්‍රමාණයකට නිකුත් වෙනවා. ඉන් පසු 2016 ජනවාරි 01 වැනිදා ඉදලා තමයි ඩිජිටල් සිනමාශාලා වෙත මේ සලරුව නිදහස් වෙන්නේ. (අපේ අවාසනාවට අපිට මේ 70mm පෙන්වන සිනමා ශාලා නැහැ නෙව එහෙම වුනා නම් රෝඩ් ෂෝ වර්ෂන් එක බලාගන්න තිබ්බා).

ගොඩක් දේ කිව්වා, අවසානයේ යන්න කලින් පොඩි ඉගියක් දෙන්නම් මෙතනින් දෙන්නයි පණ බේරාගන්නේ….! ඒ කවුද ? මේ කට්ටියට මොකද්ද වෙන්නේ ? ඩේසිගේ කතාව මොකද්ද? මේ ඔක්කොම ගැටළු ඔලුව කැරකැවෙන ආරකට, පුටු අගටම වෙලා ඉදන් බලන්න ඔබට භාරයි එහෙනම්. ආ… යන්න කලින් තව දෙයක් කියන්න ඕනේ අර නම එක්ක (?) තියන උදවිය ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න අමතක එහෙම කරන්න එපා. ජය වේවා…!

The Hateful Eight (2015) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ (BR) පිටපත් සඳහා අදාළ වේ.

4,819 downloadsDownload The-Hateful-Eight-2015.-BRRip-Update.zip479 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

4,819 downloadsDownload Subtitles479 KB

79 comments

  1. Saranga Liyanagama

    Thankz bro...

    1. Bhashith Udawatte

      ThanQ #Hasantha_Bro !!! :smile: ;)

  2. නිරෝෂ්

    බොහොම ස්තුතියි හසන්ත සහෝ.දෙසියවෙනි උපසිරැසිය වෙනුවෙන් හදපිරි සුබපැතුම්.ජයෙන් ජය !

  3. jagath

    උපසිරසියට ස්තුතියි.200 වෙනි උපසිරසියට සුබ පැතුම්.

  4. මධුකප්‍රිය පෙරේරා

    අහ්හ් නියමයිනේ මෙන්න හසන්ත සහොත් 200 ගැහුවා එහෙනම්..
    250,300 වැනි කඩඉම්වලට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    එහෙනම් උපසිරසියට ස්තුතියි.ඒවගේම ඔබටත් සුබ නව වසරක් වේවා.
    ඔබට ජය.

  5. udara

    patta aiye
    congrts 200 sub ekta
    amoo itn sub 200 krnwa kynna itn pissu hadenwa
    api wenuwen krna ma sewyta
    obta thwath sub genna shktiya labewa kiyla wish krnwa
    jaya wewa sahoo

  6. sajeevi

    200 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම් .........
    බයිස්කෝප්වාසී සැමට සුභ නව වසරක් වේවා.....

  7. නලින් පෙරේරා

    200 වෙනි කර්තව්‍යට සුභ පැතුම් හසන්ත අයියේ... තව තවත් සුපිරි සබ් නිර්මාණයේ ඉනිපෙත්තටම යන්න කියලා සුභ පතනවා.

    ජය වේවා!

  8. eranga

    200 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්...!!!

  9. MaLaKa

    200 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…!!!

  10. Kulanjana Maduranga

    welldone....Thank you very much HASANTHA saho…May you prosper.jaya wewa......

  11. සනත් ශ්‍රීමාල් පෙරේරා

    අලුත් අවුරුද්ද පටන් ගත්ත ගමන් ගැහුවා නේද 200 ක්.....
    හසන්ත සහෝට 2016 සුබ වසරක් වගේ පේන්නේ...
    සුබ පැතුම් 200 වෙනි උපසිරස ගැන්වීමට හසන්ත සහෝට...
    දීලා තියෙන්නෙත් සුපිරිම බයිස්කෝප් එක්කටනේ ( අනෙක් හැමෝම වගේ ;) )
    250 ත් ලගදිම ගහන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

  12. “චූටී මල්ලි”

    පට්ට හසෝ
    මේකනම් අනිවාම බලනවා
    ඉක්මනම 250ත් දෙන්න ලැබෙන්න කියලා පතනවා
    මේකෙ 1080p BR එනකම් ඉදලම බලන්න තමයි හිතා ඉන්නෙ
    සැමීගෙ ලිපියත් මරු
    සබට තුති
    ඔබට ජය.........

  13. Sanjaya

    200 ට උණුසුම් සුභ පැතුම් සහෝ…!!!

  14. වස්සානය

    මෙතරම් කාලයක් පුරාවට අපේ රස වින්දනටය ඔබේ කාලය වැය කර අප වෙනුවෙන් සබ් 200ක් කළ ඔබට සුභ පතනවා හදවතින්ම. ඉදිරියට යන්න ෂක්තිය ධෛර්‍ය්‍ය ලැ බේවා කියලත් පතනවා. තෙරැවන් සරණයි ..

  15. LAKSHAN

    200 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…

  16. දිල්ශාන් සචින්ත(සචී)

    නියමයි හසන්ත අයියා.300ත් ගහමු.උනුසුම් සුබපැතුම්.

  17. dilusha avissawella

    good luck bro.....

  18. Dhanushka

    Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!

  19. ලහිරු චානක

    නියමයි හසන්ත අයියා. සුබ පැතුම් :)

  20. Ishan

    Good luck saho... IDIRIYATAMA YAMU

  21. dammika

    api wenuwen oyage mahansiya mila kala nohekii

  22. නිර්මාණි

    අයියාගෙ 200 වෙනි උපසිරසියට සුභම සුභ පැතුම්. මේ උපසිරසිය දෙනකන් මඟ බලන් හිටියෙ. තව තවත් උපසිරසි ගේන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුභ පැතුම් අයියෙ....

  23. කේ.යූ.ජී. උදාර

    දෙසීයට මගේ සුබ පැතුම්!!!
    තව චිරාත් කාලයක් මේ සත් කාර්යය කරගෙන යාමේ හැකියාව ඔබට ලැබේවා...........
    සිංහල සබට බොහොම ස්තූතියි හසන්ත.

  24. ආසිරි ප්‍රියන්ත

    ඔන්න බලන්න හදන්නේ හොදේ...
    200 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් හොදේ..
    අආරන්චියක් ආවා 200 න් පස්සේ ඇති කිව්වා කියලා..
    එව්වා වානා හොදේ..
    ඔව් ඉහින් එක අතකින් කමෙන්ට් එකකින්වත් කෙලෙහි ගුණයක් දක්වාන්න බැරි එවුන් වෙනුවෙන් මොකට කාලේ කනවද?
    ඒකත් ඇත්ත තමා. කරනවා වැඩි වෙලා, ඒකයි මේ, ඉස්සරනම් මීට ගොඩාක් හොදයි. පරණ ෆිල්ම් එකක් දුන්නාත් කමෙන්ට් 50+ වැටුණා. ඒකට දැන්.
    දැන් ඉතින් එන හැම එකකට වගේ දෙන නිසා කිසි අගයක් නෑ මෙවුන්ට.
    හිතං ඇත්තේ අපේ රාජකාරියක් කියාලා වෙන්න ඇති සබ් කරලා දෙන එක, එකනේ කමෙන්ට් එකකවත් දාන්නේ නැතිව හැම ඒකාම සබ් එක විතරක් අරගෙන පාඩුවේ යන්නේ.
    කොහොමවෙටත් හසෝ, හිතේ සතුටට හරි කරගෙන යමු මේක පුලුවන්විදියකට.
    එහෙනම් ආයෙත් ඔන්න සුභ පතනවා 200 වෙනි උපසිරසියට.
    ෆිල්ම් එක බලලා ආයේ මොනවා හරි කියන්නම්..
    අජය වේවා..

    ඒත් හිතේ සතුටට වත් කරාගෙන යමු හසෝ..

  25. Achi

    ගොඩක් ස්තූතියි අයියෙ උපසිරසියට ...
    ඒවගේම 200 වෙනි උපසිරසියට සුබපැතුම්...
    තවත් ඉස්සරහට යන්න ශක්තිය ලබේවා කියල ප්‍රාර්ථනා කරනව...
    ජය වේවා ...!!!

  26. Madusanka Jayasooriya

    ස්තූතියි මාමී. 250ත් ඉක්මනින්ම දෙමු.

  27. Nishadi Wickrama

    tnx

  28. salika

    උපසිරසියට ස්තුතියි.200 වෙනි උපසිරසියට සුබ පැතුම්.

  29. Sadu..

    මුලින්ම හසන්ත වික්‍රමරත්න සහෝ 200 වෙනි සබ් එකට සුබ පතනවා.බොහොම තුති සහෝ සබ් එකට.මග බලන් උන්නු ෆිලුමක් නොවැ............
    ( ආසිරි ප්‍රියන්ත) ලොකු අය්යේ ඒ කතාවනම් සම්පුර්ණයෙන් ඇත්ත.මෙවුන්ට මේකේ අගයක් නැ.අගේ තෙරෙය් මේක නැවතුනොත් එහෙම.විරාපට්ටන් ගහගෙන ඉන්නවෙනකොට තමය් තේරෙන්නේ.කරන යන වැඩේට ගොඩක් පින් මචන්ලා.මේක දිගටම කරගෙන යමු.

    ජයවේවා.......
    බුදු සරණය්!!!

  30. Saman Prasad [පූසා]

    අඩේ සීයා තවත් සීයකින් වයසට ගිහිල්ල නොවැ...
    අවුරුද්දෙ මුළින්ම වාර්තාවක් තිබ්බේ එහෙනම් චොකොලට් මාම නේ...
    එහෙනම් හදවතින්ම සුභ පතනවා 200 වෙනි උපසිරසියට...
    තව හොඳ කොපියක් ආවම මේක ගන්නවා එහෙනම්...
    මෙව්වගෙ ඒවා මෙහම බලලා බෑ නොවැ... හෙ හේ... :D
    සැමියාගෙ ලිපියටත් තුති වේවා...!!!
    ජය වේවා එහෙනම්...!!!
    සුභ අලුත් අවුරුද්දකුත් වේවා...!!!

  31. එල්.සී.දමැල්

    200ට සුභ පතනවා හසා සහෝ...
    ජය...

  32. Sajith Anthony

    200 වෙනි උපසිරසියට සුභ පැතුම් හසන්ත අයියේ :)
    සබ් එකට ගොඩාක් ස්තුති,
    ජය වේවා...!!!

  33. me

    Thanks & wish you all the best.
    Keep up the good work :-)

  34. janaka

    thanks your great effort

  35. තිසර නියෝ

    හසා මාමිත් 200 ගැහුවා එහෙනම්....

    හදවතින්ම සුබ පතනවා 200 උපසිරැසිය වෙනුවෙන්....

    ඉක්මනටම 250/300 න් හමුවෙමු...

    සමීරටත් තුති අපූරු ලිපියක් අරගෙන ආවට

    උපසිරැසියට තුති…

    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..

    ඔබට ජය

    #Hail_Hydra

  36. dushan

    torrent download wennena????

  37. හසන්ත මාලිංග

    නියමයි හසන්ත අයියා, 200 වැනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව...
    ඒ වගේම උපසිරැසියටත් බොහෝම ස්තූතියි...
    ජය :D

  38. Rakitha Ranathunga

    එල එල හසන්ත අයියේ...
    200 වෙනි සබ් එකට සුභ පැතුම්.....
    සබට ස්තූතියි!!!

  39. S H E N A L

    thanks bro

  40. Nicol Vshan

    200ta Wish karanawa. Digatama sub denna. hoda copyak awama balanawa

  41. Jack

    නියමයි හසන්ත අයියේ...
    200 වෙනි සබ් එකට සුබ පැතුම්..
    දිගටම වැඩේ කරමු...
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජයෙන් ජය...

  42. ඉසුරු දිල්ශාන්

    නියමයි හසා අයියා!
    200වෙනි සබ් එකට හදවතින්ම සුභ පතනවා!!!!!
    ජය!!!!!!

  43. asd

    නියම ෆිල්ම් එක .කාලෙකට පස්සේ බලපු හොදම ෆිල්ම් එකක් .බොහොම ස්තුති සබ් එකට .ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා .

  44. Isuru

    200 වෙනි සබ් එකට සුබපතනවා !! එල ...

  45. ගයාන් රූකාන්ත(ජෝනා)

    යකු සියා දැන් දෙසියා වෙලානේ
    මොනවා උනත් සුභ පැතුම් මාමේ
    ෆිල්ම් එක නම් හොඳ කොපියක් ආවහමම බලනවා
    සබට තුති ජය!!

  46. ප්‍රණීත් චින්තක

    අඩ්ඩඩ්ඩා.
    විමා එක්ක චැට් කරද්දී තමා මට දැනගන්න ලැබුනේ 200 ගැන.
    පහුගිය දවස් ටිකේ කොහෙත්ම ඉන්ටර්නෙට් ලොග් වුනේ නෑ.

    අනේ ඉතිං සුබපතන්න එපෑයැ 200 ගැහුවාම. මට සමරන්න වුනෙත් නෑ තාම.
    තවත් ඉස්සරහට සබ් දෙන්න පුළුවන් වේවි කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඒ වගේම සමුගත්තට ආපහු වතාවත් ටීවි වලටත් උපසිරැසි දෙන්නම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ආයු -බෝ -වේවා !!!

  47. රොයිලි

    අපොයි හැමදාම වගේ ප්‍රමාද වුණා මෙදාපාරත් කමෙන්ට් එක දාන්න. සමාවෙන්න ඕනා ඒකට. සබ් දාන එකට දැන් නම් තියන කාලය බොහොම සීමිත වෙලත්, තාමත් මේ කාර්යය කරන එක බොහොම වටිනවා. විශේෂයෙන්ම බයිස්කෝප් අඩවියේ ඉන්න සුපිරිම උපසිරැසිකරුවා වෙච්ච උඹේ සබ්, හරි නම් අපි වැඩි වැඩියෙන් දකින්න ඕනා. එතකොට තමා ඒක අපේ වාසනාවක් වෙන්නේ. ඒත් ඉතින් කාලය එක්ක කොහොම කරන්නද? මෙහෙමවත් කරන එක මදෑ. ඉදිරියටත් මේ වගේ සුපිරි උපසිරැසි දෙන්න ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි කියනවා හසෝ සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  48. ලසා

    මක්කා කියන්නෙයි ඉතිං...
    ඔන්න මාත් ගැම්මටම දේසීයට සුභ පැතුවා ඕං. :D (Y)
    දැන් නම් මාමා සීයා වෙන්නත් කල් හරි වගේ. :p

  49. හසිත කොඩිතුවක්කු

    සබට ජය හසන්ත අයියා :-D

  50. දිනිඳු සම්පත්

    ඔන්න හසෝ මාත් උඹට මුළු හදවතින්ම සුභපතනවා.. කාලෙකින් මාත් සයිට් එක පැත්තෙ ආවෙ නෑ. බුකියෙන් තමයි දැනගත්තේ උඹ 200 ගහලා කියලා.. වෙලාවක් ලැබුනොත් බාගෙන බලන්නම්කෝ.. කොහොම උනත් දිගින් දිගටම සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මං ප්‍රාර්තනා කරනවා. ජයවේවා!!! :)

    (ඉස්සර ෆිලුමකට වැටෙන කමෙන්ටු වලින් 25%ක්වත් දැන් වැටෙන්නෙ නෑ වගෙයි. )

Load more comments