ලෝකයේ මුස්ලිම්වරු සාමාන්‍යයෙන් උත්සව දෙකක් සමරති, එනම් ඊද් උල් ෆිතර් සහ ඊද් උල් අද්හා. ඊද් උල් ෆිතර් යනු රාමදාන් උපවාසය මාසයක් අවසන් කිරීමේ සැමරුමයි. එය අරාබි මාසයේ ෂව්වාල් මාසයේ පළමු දිනයයි. බක්රිඩ් හෝ ඊද් උල් අද්හා යනු හජ් වන්දනාවේ සලකුණක් වන උත්සවය වන අතර එය දුල් හජ් හි 10 වන දිනයයි. මෙම දිනයේ ම…

ලෝකයේ මුස්ලිම්වරු සාමාන්‍යයෙන් උත්සව දෙකක් සමරති, එනම් ඊද් උල් ෆිතර් සහ ඊද් උල් අද්හා. ඊද් උල් ෆිතර් යනු රාමදාන් උපවාසය මාසයක් අවසන් කිරීමේ සැමරුමයි. එය අරාබි මාසයේ ෂව්වාල් මාසයේ පළමු දිනයයි. බක්රිඩ් හෝ ඊද් උල් අද්හා යනු හජ් වන්දනාවේ සලකුණක් වන උත්සවය වන අතර එය දුල් හජ් හි 10 වන දිනයයි. මෙම දිනයේ මුස්ලිම්වරු සත්ව පූජා ඔප්පු කරති. එබැවින් ඊද් උල් අද්හා බක්රිඩ් ලෙසද හැඳින්වේ. අල්ලාහ් කෙරෙහි ඇති ඔවුන්ගේ භක්තිය හා ප්‍රේමය සනාථ කිරීම සඳහා බක්රා ඊද් හෝ බක්රිඩ් තමන්ට සමීප සතෙකු පූජා කිරීමෙන් සලකුණු වේ. දෙවියන් වහන්සේගේ අණට කීකරු වීමේ ක්‍රියාවක් ලෙස තම පුත්‍රයාව පූජා කිරීමට නියමිතව සිටි ඉබ්‍රාහිම් (ආබ්‍රහම්) අනුස්මරණය කරන දිනයේදී මිනිසුන් පූජා කිරීම සඳහා දිනකට පෙර ඔටුවකු මිලදී ගැනීමක් සිදු කරනවා.
2019 අගෝස්තු මස 23 වන දින තිරගත වීම ආරම්භ කරන ලද IMDb අගය 8.4ක් වගේ ඉහල අගයක් ගත්ත පැයකුත් විනාඩි 54ක් පුරා දිවෙන Drama ගණයට අයත් වෙනස්ම ආකාරයේ කතාවක් ඔයාල වෙනුවෙන් අරගෙන එන්න මේ පාර හිතුවා. Vennila Kabaddi Kuzhu 2 (2019) චිත්‍රපටය ගෙනාව ගමන් Vikranth ත්ගේ නවතම චිත්‍රපටය ඔයාලට අරගෙන ආවා. Vikranth ගැන විශේෂයෙන් කියන්න ඕනෙ නෑනෙ. ගීත දර්ශකයේ ඇතුළත් ජනප්‍රිය ගීතයකුත් මෙහි ඇතුළත් වෙනවා.

චිත්‍රපටය දිහාවට හැරුනාම රත්නම් කියන්නෙ චෙන්නෙයි වල කුඩා ගම්මානයක ජීවත්වෙන පොඩි මනුස්සයෙක්. අයියා එක්ක ඉඩම් කුඹුරු ප්‍රශ්නයකට නඩු හබ කතා කරලා අතේ සතේ නැතුව කුබුරේ වැඩ ආයෙත් පටන් ගන්න කියල ණයක් ගන්න බැංකුවට ගියත් යහපත් ප්‍රතිචාරයක් හම්බවෙන්නෙ නෑ. යාලුවා එක්ක එකතුවෙලා ණය දැන අය කීප දෙනෙක් හම්බ වුණත් එයිනුත් වැඩක් වෙන්නෙ නෑ. යාලුවා කල්පනා කරල කල්පනා කරල සේට් කෙනෙක් හම්බවෙන්න යනවා ඉඩමේ ලියකියවිලි හරි තියල ණයක් අරගන්න කියල බලන්න.එතනට ගිහින් විස්තරේ කිව්වාම එයා ළග තිබ්බ සල්ලි “Bakrid” උත්සවේ ඔටුවෙක් ගන්නයි අනෙත් වැඩ වලටයි සල්ලි මදි වෙනව කියල කියනවා. ඒ වෙලාවෙම “Bakrid” උත්සවේට ඕන කරන ඔටුවා ලොරියක අරගෙන එනවා. ලොරි කාරයා ඔටුවා විතරක් වෙනුවට ඔටු පැටවෙකුත් අරගෙන ඇවිත් අඩු ගාණකට හම්බවුණා කියල.එයා කොහොමද බලාගන්නෙ කියල සේට් ලොරි කාරයට බැණ බැණ ඉන්නකොට රත්නම් ඉදිරිපත්වෙලා ඔටු පැටවව ගෙදර එක්ක යන්න සේට් ගෙන් අගනවා. කුඹුරු වැඩට ගොන්නු දෙන්නෙක් ගන්න හිතාගෙන ඉන්නවා.එයාලත් එක්ක ඔටු පැටවවත් බලාගන්නවා කියල රත්නම් සේට්ව කැමති කරවගන්නවා. ඔටුවත් අරගෙන යාලුවා එක්ක රත්නම් යන්න පිටත් වෙද්දි සේට් කතා කරල රත්නම් ඉල්ලගෙන ආපු සල්ලි ලියකියවිලි නැතුවම ලක්ෂයක් දෙනවා කුඹුරු වැඩ කරගන්න කියල. ඔටුවත් ගෙදර එක්කගෙන ගිහිල්ලා ළමය එක්ක සන්තෝසෙන් බලාගෙන කුඹුරු වැඩට ඕන කරන ගොන් දෙන්නෙකුත් මිලට අරගන්නවා.රත්නම්ගෙ දුව ඔටුවට සාරා කියල ආදරේට නමකුත් දානවා. ගොන්නු දෙන්නගෙන් සී සාල කුඹුරේ ළිදකුත් හාරල අක්කර 7 ම ලස්සන වගා කරගෙන ලස්සනට දවස් ගෙවීගෙන යද්දි දවසක් රත්නම්ගෙ බිරිද ගිහින් බලනකොට සාරා නැගිටින්නවත් බැරිවෙන්න අසනීප වෙලා. මේක රත්නම්ට කියල පශුවෛද්‍ය වරයා ගෙන්නලා බෙහෙත් කරවනවා. පශු වෛද්‍ය වරයා කියන විදියට ඔටුවට ඕන කරන කෑම එයාගෙ අනෙකුත් අවශ්‍යතා ඉටු වෙලා නැතිනිසා මෙහෙම වෙලා තියෙන්නෙ තව ටික කාලයක් හිටියොත් සාරා මැරිල යයි. ඒ නිසා මෙයාව හිටපු දිහාවටම එක්ක ගිහින් දාන එක තමයි හොදම කියල.රත්නම් අකමැත්තෙන් හරි සාරාව රාජස්ථානයට අරගෙන ගිහින් ඔටුවෝ ඉන්න පළාතකට ගිහින් දාන්න තීරණයක් ගන්නවා. සාරාව අරගෙන ගිහිල්ලා ලොරියක් කතා කරනවා.ලොරි කාරයෝ දෙන්න කතා කරගන්නවා අපිට මෙයාව 20000කට 30000කට විකුණගන්න පුලුවන් කොහොම හරි එක්ක යමු කියල.මෙතන ඉදන් තමයි සාරාගෙ ජීවිතේ කරදර වලට මුහුණ පාන්න වෙන්නෙ.හැමෝටම තෙරුවන් සරණයි.. ආයෙ ෆිලුමකින් මුණ ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper Web-DL පිටපත සඳහා අදාළ වේ.
3,166 downloadsDownload Bakrid-2019-Baiscopelk.com_.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
20 comments
Kantha_DLA
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
ජය වේවා.!Prasadmdrnga01
Thanks... Seetharama kalyana ektath sub ek one
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි. .....ජය වෙිවා.....
arawindasunimal
thanks sub ekata jayawewa team ekatama
තිසර නියෝ
උපසිරසියට තුති
N_R
Thank You.
shashika chamath@@@@
thanks !!!!
Brothers435
Dharmaprabhu 2019 එකටත් සබ් ඕනී
saman97
thanks this movie has beautiful songs
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිනු වීරක්කොඩි
ස්තූතියි ඔෂධ අයියේ, ලස්සන චිත්‍රපටියක් වගේ!
mahelaprabhath
Zip file 1 extract krma empty file ekak enne, subtitles pennanne na ,ai ehma wenne
mahelaprabhath
?
Thusitha_athula
මටත් එහෙමයි.තාම ඒක හදල නෑ
ranga11112
THANKS SAHO...THERUWANSARANAI
wajira
Thanks for sub
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Laki
Vellai yaanai movie eke sinhala subtitles dentako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Bakrid (2019) Sinhala Subtitles | සෙනෙහස…! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/bakrid-2019.jpg)
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!