Watch Trailer

Vennila Kabaddi Kuzhu 2 (2019) Sinhala Subtitles | කබඩි… කබඩි…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න බයිස්කෝප්වාසි රසික රසිකාවන්ට ඉක්මනටම තව ෆිලුමක් අරගෙන ආවා. 2019 ජූලි මස 12 වන දින තරගත වීම ආරම්භ කරන ලද Action, Drama ගණයට අයත් IMDb අගය 5.4 ක් අරගෙන තියෙන පැය 2 විනාඩි 20ක් පුරා දිවෙන Vikranth රගන ෆිලුමක් ඔයාලට අරගෙන ආවා.මතක ඇතිනෙ Vikranth ගේ කලින් ෆිලුමටත් මම උප සිරැසිය අරගෙන ආවා Suttu Pidik…

ඔන්න බයිස්කෝප්වාසි රසික රසිකාවන්ට ඉක්මනටම තව ෆිලුමක් අරගෙන ආවා. 2019 ජූලි මස 12 වන දින තරගත වීම ආරම්භ කරන ලද Action, Drama ගණයට අයත් IMDb අගය 5.4 ක් අරගෙන තියෙන පැය 2 විනාඩි 20ක් පුරා දිවෙන Vikranth රගන ෆිලුමක් ඔයාලට අරගෙන ආවා.මතක ඇතිනෙ Vikranth ගේ කලින් ෆිලුමටත් මම උප සිරැසිය අරගෙන ආවා Suttu Pidikka Utharavu (2019).කබඩි කියන්නෙ ඉංදියාවේ තවත් ජනප්‍රියම ක්‍රීඩාවක්.මතක ඇතිනෙ vijey ගේ Gilli (2004) චිත්‍රපටය.කබඩි….කබඩි….මේකත් කබඩි වටා ගෙතිල තියෙන කතාවක්.කතාව පැත්තට පොඩ්ඩක් හැරිල බලමු.

සරවනන් නගරයේ චිත්‍රපට තැටි අලෙවිසැලක් පවත්වාගෙන යන කෙනෙක්.කෙටියෙන්ම කිව්වොත් වීඩියෝ සෙන්ටර් එකක් පවත්වාගෙන යන කෙනෙක්.තාත්තා රජයේ බස් එකක රියැදුරෙක් විදියට සේවය කරගෙන ඉන්නවා.සරවනන්ගෙ තාත්තට කබඩි කියන්නෙ ජීවිතේ වගේ.තරුණ කාලේ කබඩි වලින් හැම තරගයක්ම ජය ගන්නෙ සරවනන්ගෙ තාත්තගෙ කණ්ඩායම.කබඩි තරගයක් තිබ්බොත් බස් එක යන්න තියෙන ගමන් මාර්ගයේ නෙමෙයි,තරගය තියෙන්නෙ කොහෙද බස් එකත් අරගෙන එයා එතන.ඔහොම තරගයක් තිබ්බ දවසක සරවනන්ගෙ ආච්චි අන්ත්‍රා වෙනවා.සරවනන්ගෙ තාත්තා ඒකට එන්නෙත් නැතුව යන්නෙ කබඩි තරගයට.මෙහෙම ගිහිල්ලා එයා රස්සාවත් නැති කරගන්නවා.පස්සෙ සරවනන්ගෙ අම්මගෙ රත්තරන් බඩු උකස් කරල කාර් එකක් අරගෙන ඒක දුවන්න පටන් ගන්නවා.තාත්තට කබඩි කියන්නෙ ජීවිතේ වුණාට සරවනන් නම් පොඩි කාලෙ ඉදලම කබඩි වලට ආසාවක් නෑ.තාත්තගෙ ආසාව වුණේ පොඩි කාලේ ඉදන්ම සරවනන්ට කබඩි කියල දීලා හොද කබඩි ක්‍රීඩකයෙක් කරවන්න.ඒ හීනේ සරවනන් පොඩි කාලෙදිම බොද වෙලා යනවා. සරවනන් කඩේ කරගෙන ඉන්න අතරේ කෙල්ලෙක්ව දකිනවා.ආච්චි නැතිවෙච්ච දවසේ සරවනන් යනවා ආච්චිගෙ අවසාන කටයුතු කරන්න ඕනෙ නිසා මාමව හොයාගෙන.හොයාගෙන ගිහින් තට්ටු කරල බලද්දි සරවනන් දැකපු කෙල්ලගෙ ගෙදර මේ තමයි මාමා කියල හිතාගෙන කතා කරත් පස්සෙ මාම ඇවිල්ලා සරවනන්ව එක්කගෙන යනවා. කාලය ඔහොම ගෙවීගෙන සරවනන්ගෙ ආදර හුටපටය මලර්ගෙ තාත්තා දැනගෙන සරවනන්ට ගහන්න කට්ටිය එවනවා.සරවනන් දුවල බේරෙන්න උත්සාහ කරනකොට දෙයියො එව්ව වගේ සරවනන්ගෙ තාත්තා ඇවිල්ලා සරවනන්ව බේරගන්නවා.පස්සෙ සරවනන්ගෙ තාත්තා එයාගෙ මදුරෙයි වල ඉන්න යාලුවගෙ තැනට වැඩකරන්න යවනවා ප්‍රශ්නෙ ටිකක් නිවෙනකම් කියල.පහුවදා පාන්දරම සරවනන්ව පිටත් කරල අරිනව මදුරෙයි වලට,ඒත් සරවනන් යන්නෙ කනකපට්ටි වලට. එහෙ ගිහින් “වෙන්නිලා කබඩි”කණ්ඩායමේ පුහුණුකරුව හම්බවෙලා එයාගෙන් කබඩි ඉගෙනගෙන තාත්තගෙ හීනෙ ඉෂ්ට කරන්න හිතාගෙන මොකද සරවනන්ට පොඩි කාලේ වෙච්ච සිද්දියක් නිසා තාත්තට වෙච්ච ලැජ්ජාවක් ගැන දැනගන්න ලැබුණ නිසා.වෙන්නිලා කබඩි කණ්ඩායමේ පුහුණුකරු හම්බවෙලා කතා කරද්දි දැනගන්නවා කබ්ඩි කණ්ඩායම විසුරුවලා එයත් දැන් ඉස්කෝලෙක කබඩි උගන්වන බව.සරවනන්ටත් ගමේ ගිහින් රස්සාවක් කරගෙන ඉන්න කියල පිටත් කරල අරිනවා.ගොඩක් විස්තර කරානෙ.සරවනන් කොහොමද කබඩි කණ්ඩායම එකතු කරගෙන තාත්තගෙ අසාව ඉෂ්ට කරන්නෙ කියල බලමු.එහෙනම් තවත් ෆිලුමකින් මුණගැහෙමු…තෙරුවන් සරණයි හැමෝටම…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

4,903 downloadsDownload Vennila-Kabaddi-Kuzhu-2-2019.zip111 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

4,903 downloadsDownload Subtitles111 KB

16 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. gihan perera

    ස්තුතියි සහෝ...මෙයා ඉතින් විජේ තලපතිගේ නෑකමක් තියෙන සහෝදරයෙක්නේ.විජේගේ රඟපෑම් ටිකක් විතර ගෑවිලා තියෙනවා.මේකත් නියමයි..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  3. roshanst

    ELAKIRI THANK YOU BRO

  4. chamee1234

    Ela brooo.thanks

  5. wnrodrigo

    Good work friend, Thanks!

  6. N_R

    Thank You.

  7. shashika chamath@@@@

    Thanks !!!!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. ranga11112

    THANKS SAHO.................BS

  10. lahiru999

    Elz ban

  11. Nchila

    pasupathyi inna film 1k nisa gdkm thnkz....puluwn nm 2006 veyil film 1tth sub krla denwda...

  12. Shehan putha

    Thank you bro

  13. Asanjana_Lahiru

    tnq saho jayawewa

  14. Tharindumadusanka

    Ela mcn thanks.

  15. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  16. Anonymous

    Me film eke 1 denawada