Watch Trailer

Failan (2001) Sinhala Subtitles | තව එක සැරයක්, ඔබ හමුවන්නට හැකි නම්…! [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Nobody Knows (2004) අම්මාවරු නැති දරුවන්නේ…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකද…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Nobody Knows (2004) අම්මාවරු නැති දරුවන්නේ…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

සෑම වසරකදීම ලෝකය පුරාවටම විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නා වූ දස දහස් ගනනක් වූ සිනමා සිත්තම් අතුරින්, බොහෝ විට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, හිංදි, දමිළ ආදී අපිට වඩාත් සමීප වූ, සීමිත භාෂා ගණනකින් නිර්මාණය වන්නා වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය වන්නා වූ විශිෂ්ට සිනමා නිර්මාණයන් මොනතරම් නං ප්‍රමාණයක් අපිට නොදැනීම මග හැරී යනවා ඇතිද…? මේ උත්සාහය ඒ විදියට මග ඇරිලා, කාලය කියන ඉලක්කම් දින වකවානු අතරේ සැගවිලා ගියපු හරි අපූරු කොරියානු සිනමා සිත්තමකට උපසිරැසියක් ලබා දෙන්නයි. හොඳ නිර්මාණයක්, හොඳ කතාවක් කිසිම දවසක වයසට යන්නෙ නෑලුනෙ. ” Old Is Gold ” කියන්නෙත් ඒ හින්දමලුනෙ. ඒ නිසා තිරගත උන අවුරුද්ද දිහා බලලා ලිපිය කියවන්නවත් නතර නොවී ගියපු අයට වඩා, නතර උන ඔබ වාසනාවන්තයි…

මීට අවුරුදු සෑහෙන කාලෙකට කලින්, මේ හරි අපූරු සිනමා සිත්තම මුල්ම වතාවට රසවිඳපු දවසෙම මම මේක වෙනම තැනක සේව් කරල තියා ගත්තා කවදා හරි දවසක අනිත් අයටත් රසවිඳින්න පුලුවන් වෙන්න මේකට නං සබ් එකක් හදන්නම ඕනෙ කියලා. පහුගිය අවුරුද්දේ දවසක සරසවියේ හිතවතෙක් වගේම හොඳ සිනමා රසිකයෙක් උන Anuja Wickramasinghe මලයා එයා බලපු හරි අපූරු සිනමා සිත්තමක් කියලා මේ සිනමා සිත්තම ගැන මූනුපොතේ දාල තිබුන සටහනක් දැක්කම තමයි මේ ආදරනීය සිනමා සිත්තම ගැන මගෙ මතකෙත් ආයෙම අලුත් උනේ. ඒ දවස් වලම මේකට සබ් එක හදන වැඩේට අත ගැහුවත්, පස්සෙ වැඩත් එක්ක ඒ වැඩේ පස්සටම ගියා. මොනවා උනත් Anuja මලයට පිං සිද්ධ වෙන්න තමයි අද හරි මේ සබ් එක හදල ඉවර කලේ…

” සමහර විටෙක දෛවෝපසහගත ජීවන බැඳීම් හරිම පුදුමාකාරයි, ආදරනීයයි…
හැබැයි සමහර වෙලාවට ඒවා මහ වේදනාත්මක දෛවයේ සරදම් බවටත් පත් වෙනවා…
මුදල් වෙනුවෙන් ඕනෙම ජරා වැඩකට අත ගහන, ලී කන්ජේ…
රස්සාවක් හොයාගෙන කොරියාවට ආපු අහිංසක, කන්ග් ෆෙයිලාන්…
දෙන්නගෙ දෛවයන් එකෙනෙකාට බැඳිල තිබුනෙ හරිම වෙනස් විදියකට…
සමහර ආදරකතා තියෙන්නෙ හමු වෙන්නම නෙමෙයි, වෙන් වන්නටමයි…
සමහරවිට ඒ දෙන්නගෙ ජීවිත බැඳිල තියෙන්න ඇත්තෙත් එහෙම ආදර කතාවකින්ම වෙන්න ඇති…

ඉතින් අපි මෙහෙම කියමු…,

ඉර මැවෙන්නට තිබුනා, අවරට නොයා දිගටම පායන්න…
ගඟ මැවෙන්නට තිබුනා, දියඹට ගලා නොගිහින් එතැනම පල් වෙන්න…
සයුර මැවෙන්නට තිබුනා, වෙරළට නෑ ගමන් නෑවිදින් සීතලේ ගල් වෙන්න…
ඒ ආදරේ මැවෙන්නට තිබුනා, කාලය නොගෙවී එක මොහොතක හෝ නතර වී හිඳින්න… “

අවසරයි නරඹන්න ” තව එක සැරයක්, ඔබ හමුවන්නට හැකි නම්…! “

Imdb දර්ශකයේ 7.5 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 86% ලබාගත්තු ලොව පුරාවට සම්මාන 10කින් පිදුම් ලැබූ මේ හරි අපූරු ආදරනීය සිනමා සිත්තමේ කතාව කියන එක නම් හරිම අමාරු දෙයක්. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි එකක් නිසා. මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසාවෙන් තවමත් මේ සිනමා සිත්තම රස විදින්න හිතුනෙ නැත්තං මේ සිනමා සිත්තමේ ට්‍රේලර් එක බලලා එන්න. තෝරා බේරාගෙන රසවිඳීම ඔබට බාරයි. කලින් කීවා වගේම තිරගත උන වසර දැකලා හැරිලා ගියපු අයට වඩා ලිපිය කියවපු ඔබ වාසනාවන්තයි, ඒ නිසාවෙන්ම වාසනාවන්තයෝ නරඹත්වා…!

Anuja මලයා මතක් කරල දීපු, ආදරය ගැන වෙනස්ම කියැවීමකින් යුත් පරසතුමල් සිනමා සිත්තමේ අවසන් සටහනින් මමත් මගේ සටහන අවසන් කරන්නම්…

” බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ…
දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ…
මා ආදරය දුටුබව නොම හැඟුනාවේ…
මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ…”

මහගම සේකර

පලි,

සබ් කරන්න මග ඇරුන අලුත්, පරණ භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් තියෙනව නං පහලින් කමෙන්ට් එකක් දාල යන්න. එහෙමත් නැත්තං ” hasitha.m.sky@ gmail.com ” එකට මේල් එකක් දාන්න. වෙලාව ලැබෙන විදියට, පුලුවන් විදියකට කරන්නම්.

ඔබට ජය…!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

3,662 downloadsDownload Failan-2001.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

3,662 downloadsDownload Subtitles42 KB

32 comments

  1. indika 75

    thanks..

  2. Anonymous

    Thanks for sub

  3. Anonymous

    Sub Ekata Thanks Brother..

  4. Rajitha

    කොරියන් ෆිල්ම් දෙන එකනම් පට්ට

  5. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  6. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  7. යුරාන් ධනුක (දනුවා)

    සුපිරි වැඩක් හසිත සහෝ
    දිගටම කරගෙන යමු.
    ජය වේවා !

  8. sam

    ube nama thibbanam athi hasitha
    eka aniwa balanawa
    thnx

  9. ප්‍රේමකුමාර

    බොහොම ස්තූති හසිත සුරුවෙනි.

  10. Bimsara Yashan(ඔලිව)

    නියමයි මේ වගේ මඟ හැරුණ සුපිරි චිත්‍රපට වලට සබ් දෙන එක නම්. ජයවේවා!

  11. Naveen

    උපසිරසියට තුති

  12. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  13. Anonymous

    good job bro thank you'

  14. Aravinda Fernando

    Thanks machan

  15. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  16. Anuja Wickramasingha

    මාරම සතුටුයි අයියේ මේකට සබ් එක කරපු එකට නං, සබ් කරන්න ඕන ෆිල්ම්ස් මේවා. මාවත් මතක් කරාට පට්ටම සතුට්උයි. අයියගෙ සබ් එක එක්ක ආයෙම බලනවා එහෙනං

    1. හසිත මධුෂාන්

      උඹ හින්දා තමයි මචං මේ සබ් එක හැදුනෙත්...

  17. Sheron

    More korean movies plz
    Also thanks for this

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  19. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  20. Dewadithya

    Thanks for Sub!

  21. හසිත මධුෂාන්

    එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න නතර වෙලා ගියපු හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි.....!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Anonymous

    good boys

  24. Lakshansilva18

    Thanks for Subtitles

    requests:-

    Keys to the heart (2018)
    The Attorney (2013)

  25. Anonymous

    බොහොම ස්තූතිය උපසිරසයට

  26. Rajitha Malinda Samarakoon

    thanks

  27. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  28. Madhu sooriyabandara

    Sub ekata godak thanks
    Request - chchronicle of a blood merchant 2015

  29. Akila Dilhara

    Thanks Brother...

  30. Krishani

    Thank you so much️️

  31. Anonymous

    Siddharth roy sinhala subtitles please