Watch Trailer

Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සොයන්න එය ඔබ සොයා ගනු ඇත.[සිංහල උපසිරැසි]

Anweshippin Kandethum (2024) Sinhala Subtitles බයිස්කෝප් 15 වන සංවත්සරය වෙනුවෙන් ඉතා පැරණි ඒත් අති විශිෂ්ඨ සිනමා පට දෙකක් තිළිණ කලා. මම හිතනවා ඔබ මලයාලි රසිකයෙක් නම් ඒව බැලිය යුතුම සිනමා පට දෙකක් කියල. ඔන්න මම එහෙනම් නැවතත් අළුත්ම සිනමා පට කිහිපයක උපසිරැසි අද සිට නැවත අරන් එනවා. Anweshippin Kandeth…

Anweshippin Kandethum (2024) Sinhala SubtitlesAnweshippin Kandethum (2024) Sinhala Subtitles

බයිස්කෝප් 15 වන සංවත්සරය වෙනුවෙන් ඉතා පැරණි ඒත් අති විශිෂ්ඨ සිනමා පට දෙකක් තිළිණ කලා. මම හිතනවා ඔබ මලයාලි රසිකයෙක් නම් ඒව බැලිය යුතුම සිනමා පට දෙකක් කියල. ඔන්න මම එහෙනම් නැවතත් අළුත්ම සිනමා පට කිහිපයක උපසිරැසි අද සිට නැවත අරන් එනවා.

Anweshippin Kandethum (2024) Sinhala Subtitles

අද ගෙන එන්නේ මේ වසරේ ඉතා සාර්ථක පිළිගැනීමක් ලබා ගත් ඉහත චිත්‍රපටය. දන්නවනේ මේ මාස කීපය මොලිවුඩය ඉතාම උණුසුම්. දිගටම සුපිරි චිත්‍රපට කිහිපයක් පොම්ප කරනවා. මොහාන් ලාල්, මම්මූටි,මේකෙ ටොවිනෝ වගේ සුපිරි තරු රඟපාන චිත්‍ර පට වගේම යොවුන් සහ නවක නළු නිළි කැලක් රඟපාන චිත්‍රපටද මේ වෙනකොට බොක්ස් ඔෆිස් වාර්ථා බිඳ දමමින් තිර ගත වෙනවා. ඉතින් මේ IMDB 7.7ක අගයක් ගත් ඉන්දීය රුපියල් කෝටි අටක වියදමක් දරා නිපදවූ මේ චිත්‍රපටය මේ වන විට කෝටි 25 ඉක්මවා ආදායමක් ලබල තියෙනවා. Thriller/Mystery ශානරයට අයත් මේ චිත්‍රපටය තවත් පොලිස් කථාවක්.

Anweshippin Kandethum (2024) Sinhala Subtitles

මිනී මැරුමක් පිටිපස හඹා යන පොලිස් කණ්ඩායමක් සාර්ථක ලෙස එය විසඳා ගැනීමට සමත් උවත් සුළු ප්‍රමාදයක් නිසා ඔවුන්ගේ රැකියාවටත් ගැටළු මතු වන තත්වයක් උදා වෙනවා. නැවත් ඔවුන්ගේ අහිමි වූ ගරුත්වය ඔවුන් ලබා ගන්නට උත්සාහ ගන්නේ නොවිසඳුනු පැරණි මිනී මැරුමක අභිරහසක් විසඳීමට උත්සාහ දරමින්.ඔවුන්ගේ උත්සාහය සාර්ථක වේද? සොයන්න එය ඔබ සොයා ගනු ඇත.

Anweshippin Kandethum (2024) Sinhala Subtitles

ඩාවින් කූරියකෝස් ගේ අධ්‍යක්ෂනයක් වන මෙහි ටොවිනෝ තෝමස් සමග ආධ්‍යා ප්‍රසාද්,සිද්දික්, ඉන්ද්‍රන්ස්, රාහුල් ‍රාජ්ගෝපාල් ආදීන් රඟපානවා.

Anweshippin Kandethum (2024) Sinhala Subtitles

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Anweshippin Kandethum (2024) Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

13,297 downloadsDownload Anweshippin-Kandethum-2024-Sinhala-Subtitles.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Anweshippin Kandethum (2024) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

13,297 downloadsDownload Subtitles62 KB

9 comments

  1. Netflix පිස්සා

    එල සහෝ, ආදරෙයි , බන්දුල සහෝදරයා එකදිගට අලුත් මලයාලම් දෙකක් ගෙනාවා මේක නම් සුපිරියක් තමයි, මගේ පොඩි ඉල්ලීමක් තියෙනවා පරන මලයාලම් film තුනක් ගැන, සුබ කරන්න පුළුවන් ද සහෝදරයා?

    1. BANDULA K

      කියන්න, උත්සාහයක් කරන්නම්

    2. RUWAN RANASINGHE

      thank u well done

  2. Buddhika Lakmal

    ..බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට..

  3. isuru

    Thank you

  4. Anonymous

    thank you.good work

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  7. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.