කොහොමද, යාලුවනේ? මෙන්න එහෙනම් DC ෆෑන්ස්ලා එනකන් බලන් හිටිය චිත්‍රපටය අරගෙන ආවා. DCEU එක කෙසේ වෙතත් DC ලා හැම වෙලේම හරියට කරන් ගිය වැඩක් තමා DC Animated Universe. WB ලගේ ඇනිමේශන් කොහොමත් ඉදිරියෙන් තියෙන නිසා DC ඇනිමේශන් වලටත් හොඳ නිර්මාණ එකතුවෙනවා. මේ අරන් එන්නේ මගේ ආසම වීරයෙක් වෙන බැට්මෑන්ගේ සුපිරි…

කොහොමද, යාලුවනේ? මෙන්න එහෙනම් DC ෆෑන්ස්ලා එනකන් බලන් හිටිය චිත්‍රපටය අරගෙන ආවා. DCEU එක කෙසේ වෙතත් DC ලා හැම වෙලේම හරියට කරන් ගිය වැඩක් තමා DC Animated Universe. WB ලගේ ඇනිමේශන් කොහොමත් ඉදිරියෙන් තියෙන නිසා DC ඇනිමේශන් වලටත් හොඳ නිර්මාණ එකතුවෙනවා. මේ අරන් එන්නේ මගේ ආසම වීරයෙක් වෙන බැට්මෑන්ගේ සුපිරිම චිත්‍රපටයක දෙවෙනි කොටස.
DC ලා අලුතින්ම අරන් ආපු බැට්මෑන් ෆිල්ම් එක තමා The Long Halloween කියන්නේ. මේ ලෝන් හැලොවීනුත් The Dark Knight Returns, The Death and Reign Of Supermen චිත්‍රපට විදිහටම කොටස් දෙකකිනුයි රිලීස් වුනේ. ඉතිං Batman The Long Halloween Part One එක පසුගිය ජූනි 22 රිලීස් වුනා. ඉතිං මේ අරන් එන්නේ ඒ චිත්‍රපටයෙම ඉතුරු කොටස. මේක බලන්න කලින් අනිවාරෙන්ම පළවෙනි කොටස බලලා ඉන්න.
ඉතිං මේ කොටස නිකුත් වුනේ ජූලි 27 වෙනිදා. IMDB දර්ශකයේ 7.3 ක ඉතා ඉහළ අගයක් වගේම Rotten Tomatoes මීටරේ 100% ක අංගසම්පූර්න අගයක් ලබාගෙන තියෙනවා. මේ පාරත් බැට්මෑන් විදිහට හඩ ලබාදෙන්නෙ Supernatural එකෙත් ඉන්න වගේම අනාගතයේදී The Boys සීරීස් එකටත් එකතුවෙන්න ඉන්න Jensen Ackles. ජෙන්සන් කියන විදිහට ජෙන්සන් හුඟක් ආසාවෙන් එකතු වුනු නිර්මානයක් මේ. මොකද ජෙන්සන් කියන්නෙත් හොඳ බැට්මෑන් ෆෑන් කෙනෙක් තමා. ඒ හින්දම මේ චරිතයට හොඳ සාධාරණයක් ඔහුගෙන් වෙලා තියෙනවා. මේ ළඟදී ලෝකයෙන් සමුගත් Naya Rivera කැට්වුමන් විදිහට හඩ ලබාදෙනවා. මේ තමා ඇයගේ අවසන් නිර්මානය. ඒ වගේම Josh Duhamel, Troy Baker, Billy Burke ප්‍රධාන චරිතවලට හඩ ලබා දී තියෙනවා.
කොමික් පසුබ්ම

මේ කොමික් එක 1996 ඉඳන් 1997 දක්වා කාලප 13 ක් පුරා ප්‍රකාශයට පත්වුණු කතාවක්. මේක රචනා කරලා තියෙන්නේ Jeph Leob නමැති ප්‍රසිද්ධ කොමික් රචකයා විසිනුයි. Tim Sale තමා ආර්ට් පැත්තෙන් සහභාගි වෙලා ඉන්නේ. ඒ වගේම කලරිස්ට් විදිහට Gregory Wright සහ සංස්කරණ කටයුතුවලින් Archie Goodwin සහ Chuck Kim දෙපලත් දායක වෙනවා.

Jeph Loeb

Tim Sale
ඉතිං අපි දන්න කියන චරිත ගොඩක් මේකෙ ප්‍රධාන චරිත විදිහට දායක වෙනවා. ඒ චරිත තමයි
- Batman aka. Bruce Wayne
- Jim Gordon
- Harvey Dent (පසු කාලීනව Two Face)
- Carmine Falcone
- Catwoman
කියන අය. ඉතිං අපි දන්න කියන හීරෝස්ලා, ඇන්ටි-හීරෝස්ලා වගේම විලන්ලා වටා ගෙතෙන කුතුහලේ පිරුණු කතාවක් කියලා දැනටමත් තේරුම් යන්න ඇතිනේ.
කතාව ගැනත් පොඩ්ඩක් බලමු. මේකෙ පාදක වෙන්නේ බැට්මෑන්ගේ මුල් කාලයේ වෙන සිදුවීමකට. නැත්තන් බෲස් වේන් බැට්මෑන් වෙලා පොඩි කාලයක් ගත්වෙලා වෙන සිදුවීමක්. මේ කාලය වෙද්දී හාර්වි ඩෙන්ට් පවා තමන්ගේ පරමාදර්ශී නීතීඥ්ඥ වෘත්තියේ යෙදෙනවා මිසක් ටූ ෆේස් කියන ක්‍රිමිනල් බවට පත් වෙලා නෑ. මේ කතාවෙ හතුරා තමා හොලිඩේ. හොලිඩේ කියන්නේ නිවාඩු දවස්වල මාසයකට වතාවක් කුරිරු ඝාතන සිදු කරන අභිරහස් අපරාධකාරයෙක්. ඉතිං බැට්මෑන් හාර්විගේ සහ ගෝර්ඩන්ගේ උදවු එක්ක මේ හොලිඩේගෙ දරුණු ඝාතන වළක්වන්න උත්සහ කරන ගමන් හොලිඩේගේ සැබෑ අනන්‍යතාවය හොයන එක තමයි කතාවේ මූලික සිද්ධිය. ඒ සිදුවීම් වන අතරතුර ගෝතම් නගරයේ ප්‍රධාන ක්‍රිමිනල් ෆැමිලි දෙකක් වෙන මැරෝනි සහ ෆැල්කන්වරුත් තමන්ගේ කිරුළ වෙනුවෙන් ගැටෙනවා. හාර්වි ඩෙනට්ගේ විනාශකාරී වෙනස් වීම වගේම බැට්මෑන්ගේ රෝග් ගැලරි එකේ තවත් විලන්ලා කිහිප දෙනෙක්ම කතාව තුළ දැකගන්න පුලුවනි.
ඉතිං කුතුහලය පිරුණු කෲර ඝාතන අභිරහසක් විසඳීම අතරතුර සුදු චරිත අළු පාටට හැරෙන හැටි වගේම බැට්මෑන්ගේ සාමාන්‍ය රෝග් ගැලරි එකේ ඉන්න සාමාන්‍ය අපරාධකාරයෝ අති භයානක සුපර් විලන්ලා වෙන හැටි ලෝන් හැලෝවීන් තුළින් බලාගන්න පුලුවන්.

Part Two එක සිද්ද වෙන්නේ කලින් චිත්‍රපටයට ටික කාලෙකට පස්සේ. මේ වෙද්දී බෲස්ව පොයිසන් අයිවි විසින් වශී කරගෙන ඉන්නේ. අයිවි තමන්ගෙ බලය යොදාගෙන බෲස් ලවා දේපල සහ ව්‍යාපාර ඔක්කොම ෆැල්කෝනිට ලියන්න යන්නේ. ඒත් කැට්වුමන් ඇවිත් ලොකු සටනක් දීලා බෲස්ව බේරගන්නවා. මේ අතර ආකම්වලින් ස්කෙයාක්‍රෝ සහ පෙන්ගුයින් පැනගන්නවා. ඔක්කොටම හපන් දේ තමා හොලිඩේ තාම තමන්ගෙ සුපුරුදු ඝාතන කරගෙන යන එක. මේ අතර ෆැල්කෝනි සහ මැරෝනි මැර හවුල් දෙක අතර යුද්ධය නගරයම වෙලාගෙන තියෙන්නේ. ඉතිං මේ හොලිඩේ කියන්නෙ කවුද, බැට්මෑන් කොහොම මේ ගැටලු විසඳයිද, ෆැල්කෝනිලා කොහොමද වේන්ලා එක්ක ගනුදෙනු කරන්න පැටලුනේ කියලා බලාගන්න එක ඔයාලටම බාරයි.
හුඟක් අය අහන දෙයක් තමා ඇයි බැට්මෑන් මේකෙදි වරද්දගන්නෙ කියලා. ඒකට හරිම උත්තරේ තමා මේක බෲස් බැට්මෑන් වෙලා අවුරුදු කිහිපයකින් වෙන කතාවක්. බැට්මෑන් ලෝකයේ හොඳම රහස් පරීක්ෂකයා වෙමින් ඉන්න කාලෙක සිදුවීමක් තමයි මේ. ඒ නිසා බැට්මෑන් අපි නිතර දකින තරම් සෑහෙන දක්ෂ නැහැ. ඉතිං මේ ෆිල්ම් එක අලුත් DC Universe එකේ කොටසක් වෙයි කියලා බලාපොරොත්තුවක් අවසානයේදි දෙනවා. ඒ වගේම බැට්මෑන්ගේ රෝග් ගැලරි එකෙන් එක්කෙනෙක් අයින් වෙද්දී තව එකෙක් අඩුව පුරවන්න එකතු කරලමයි කතාව අවසන් වෙන්නේ. ආහ් ඒ වගේම පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක බලන්නත් අමතක කරන්න එපා.
එහෙනම් DC ඇනිමේශන් එකක් මේ විදිහට අවසන් කරනවා. තවත් අලුත්ම නිර්මානයකින් ඉක්මණින්ම හමුවෙමු.
Trick or Treat
෴෴ සුබ දවසක්…! ෴෴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
6,830 downloadsDownload Batman-The-Long-Halloween-Part-Two-2021-Blu-Ray.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
24 comments
ශාමල් මනෝජන්
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Ravindu
උපසිරැසට ස්තූති.මේක හම්බවෙනකම් බලාගෙන හිටියෙ.
Nishan S. Ariyarathna
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Anonymous
Smallville එකටත් සබ් දෙන්න පුලුවන්ද
සුපුන් කෞශල්‍ය
බලන් ඉඳලා ඉදලා බැරිම තැන ඊයෙ ෆිල්ම් එක බැලුවා. කමක් නෑ.
මොනාවුනත් සබ් එකට ස්තූතියි. ආයෙ පාරක් බලන්නම්කො.
ජය වේවා!Ishan Madusha
බොහෝම ස්තූතියි සහෝ
Anonymous
part 01 ekamane aye daala tyenne
සචින්ත බෙනට්
නෑ බන් මේ Part 2 තියෙන්නෙ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
මධුකප්‍රිය පෙරේරා
thanks
ravidu ishan
සබිඑකට tnx mchn ජය!! ✌️✌️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
supun
tz sub ekata..
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
lakshan
thanks .........................
Devil Lakiya
Thanks Brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට .... ජය වේවා...❤️❤️❤️
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!kalhara kalhara
godak hondai
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් DC කොමික් නිර්මාණය කළ සුපර්මෑන්, බැට්මෑන් සමඟ මුල් යුගයේ පැමිණි චිත්‍රපට දෙකක් වන බයිස්කෝප් අඩවියෙන් මෙතෙක් උපසිරැසි ලබා නොදුන් මේ චිත්‍රපට දෙකටත් උපසිරැසි දෙන්න.
Swamp Thing - 1982
The Return of Swamp Thing - 1989