ඔන්න ඉතින් අද අරගෙන ආවේ ටිකක් පරණ චිත්‍රපටියක්. මේක තමයි 2007 වසරේ නිකුත් වුණු Ben 10: Secret of the Omnitrix කියන චිත්‍රපටිය. මේක අපි කවුරුත් දන්න Ben 10 Classic කතා මාලාවේ 4 වෙනි සීසන් එකේ අවසානය ලෙස නිකුත් වුණු චිත්‍රපටිය. මේක තනි චිත්‍රපටියක් වගේ තිබුණට ඇත්තටම මේක එපිසෝඩ් 3ක් විදියට තමයි ලියලා…

ඔන්න ඉතින් අද අරගෙන ආවේ ටිකක් පරණ චිත්‍රපටියක්. මේක තමයි 2007 වසරේ නිකුත් වුණු Ben 10: Secret of the Omnitrix කියන චිත්‍රපටිය. මේක අපි කවුරුත් දන්න Ben 10 Classic කතා මාලාවේ 4 වෙනි සීසන් එකේ අවසානය ලෙස නිකුත් වුණු චිත්‍රපටිය. මේක තනි චිත්‍රපටියක් වගේ තිබුණට ඇත්තටම මේක එපිසෝඩ් 3ක් විදියට තමයි ලියලා තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Scooter Tidwell හා Sebastian Montes විසින්. ඒවගේම චරිතවලට හඬ කවන්න Tara Strong (බෙන්), Paul Eiding (මැක්ස්), Steve Blum (විල්ගැක්ස්) ඇතුළු පිරිස් සහභාගී වෙලා තියෙනවා. මේකේ IMDb අගය 7.2/10 ක්.
ඉතින් කතාවට හුරු පුරුදු නැති අයට චරිත ටික හඳුන්වලා දෙන්නම්. මුලින්ම ඉන්නවා බෙන්. මෙයා තමයි ප්‍රධාන චරිතය. මෙයා තමයි බල ඔරලෝසුව හොයා ගත්තේ. බල ඔරලෝසුවට පුළුවන් බෙන්ව ඒ ඔරලෝසුවේ ඉන්න ඕනම ඒලියන් කෙනෙකුට හරවන්න. මේකේ මුලින්ම හිටියේ ඒලියන්ලා 10ක් උනාට දැන් ඊට වැඩියි. මෙයා ටිකක් නාහෙට අහන්නේ නැති පිරිමි ළමයෙක්. ඊළඟට ඉන්නවා ග්වේන්. එයා තමා බෙන්ගේ ඥාති සහෝදරිය. එයාට මැජික් පුළුවන්. මෙයයි බෙනුයි නිතරම රණ්ඩු වෙනවා. ඊළඟට ඉන්නේ මැක්ස්. මෙයා තමයි බෙන්ගෙයි ග්වේන්ගෙයි සීයා. මෙයා Plumbers කියලා අන්තර්මන්දාකිණි සාමය පවත්වගන්නා සංගමයක හොඳම නිලධාරියෙක්. හැබැයි මෙයා දැන් විශ්‍රාම අරන් ඉන්නේ. ඔන්න ඔය 3න් දෙනා තමයි ප්‍රධානම. තව මේ කතාවේ ඉන්නවා ටෙට්‍රැක්ස්. එයා බෙන්ගේ පිටසක්වළ යාළුවෙක්. ඊට පස්සේ ඉන්නේ බෙන්ගේ පරම හතුරා, විල්ගැක්ස්. මෙයාට බල ඔරලෝසුව ඕන වෙලා තියෙන්නේ විශ්වය ආක්‍රමණය කරන්න. මේ කතාව වෙනකොට බෙන එයාව Null Void කියන හිරකාර ලෝකෙක හිරකරලා ඉන්නේ. ඉතින් ඔන්න ඔය චරිත තමයි ඔයාලාට ෆිල්ම් එකේ අමුතුවෙන් හඳුන්වා දෙන්නේ නැති චරිත ටික.
දැන් මේ ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. ඩොක්ටර් ඇනිමෝ (ඒ තවත් බෙන්ගේ හතුරෙක්) එක්ක සටනකදී බෙන්ගේ බල ඔරලෝසුවේ ස්වයං-විනාශ වීම පටන් ගන්නවා. ඒක දැන් ගණනය කිරීම පටන් අරගෙන තියෙන්නේ. ගණනය කිරීම ඉවර වුණාම බල ඔරලෝසුව මුළු විශ්වයම විනාශ කරමින් විනාශ වෙනවා. බෙන් තාම මේක දන්නේ නෑ. බල ඔරලෝසුවෙන් එන සංඥාව දැනෙන ටෙට්‍රැක්ස් පෘථිවියට එනවා. ඉතින් මෙයාලගේ සැලසුම තමයි බල ඔරලෝසුවේ නිර්මාතෘව හොයා ගෙන මේක නවත්තන්න. ටෙට්‍රැක්ස් හා බෙන් ටෙට්‍රැක්ස්ගේ යානයේ නැගලා පිටත් වෙනවා. ඒත් ග්වේනුත් කොහොමහරි නැගගෙන. ඒ අතරේ විල්ගැක්ස් Null Void එකෙන් පැන ගන්නවා. බෙන් ඇතුළු පිරිසට යන ගමන් බොහෝ බාධකවලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මොනවද ඒ බාධක? එයාලා ඒවා ජය ගනීවි ද? එයාලා නිර්මාතෘව හොයා ගනීවිද? මේවාට උත්තර හම්බ වෙන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනවා.
සිංහල උපසිරැසිය එක ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙනම යන්න. ආයෙමත් මේ වගේ උපසිරැසියකින් හමුවෙමු.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,941 downloadsDownload Ben-10-Secret-of-the-Omnitrix-2007.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
20 comments
sachintha
අශාන් දමින්ද
ලිපිය නියමයි මල්ලි,
සබ් එකත් නියමෙට ඇති. දිහටම සබ් කරමු!!!Anonymous
Thanks brother .. puluvan nam benten omniverse eke last season 4 ta subtitles dennakoo.. best of luck
Nilush Angana
Sub ekata thanx
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් මේ චිත්‍රපට ටිකටත් සබ් දෙන්න.
Nightmare Before Christmas - 1991
Who Framed Roger Rabbit - 1988
Howard the Duck - 1986Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
සචින්ත බෙනට්
පොඩි කාලෙ ඉදන් ආසම සුපර්හීරෝ කෙනෙක් තමා Ben10 කියන්නෙ ❤️ මේ ෆිල්ම් එකත් බලල හිගක් කල් නිසා සහෝගෙ සබ් එක්ක ආයෙම බලන්න යන්නේ...
බොහොම ස්තූතියි මචන් සබ් එකට well done
Roshan
Tnx bro...Good Luck..
Anonymous
Sub ekata thanks
එල්. සී. දමැල්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් සනුප සහෝ.
බෙන් ටෙන් කියන්නෙ කාලයක් පිස්සුවෙන් බලපු කතාවක් තමයි ඉතින් :D
දිගටම සබ් කරමු. :)
ජය! ✌ravidu ishan
සබිඑකට tnx mchn ජය!! ✌️✌️
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Udara Damith
rlllllll
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥ පළමු උපසිරැසියට සුබපැතුම් මචං.... ඉස්සරහටත් සබ්කරන්න වෙලාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..
Anonymous
Ane ben ten me wage thawa ekak dannko
Isuru
Ben 10 classic eke season 1,2,3,4 wala subtitle hadala dhannako
Anonymous
Ben 10 TV Series ekatath subtitles ona.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
සිංහල උපසිරැසියට ස්තූතියි