Ninja Turtles AKA අපිරජ ඉබ්බො එහෙම කිවුවහම නොදන්න කෙනෙක් නැහැනෙ. මොකද අපි පොඩි කාලෙ ටීවී එකේ ඕනෙ තරම් මේ කාටුන් එක ගියා. ඒ වගේම තමයි බැට්මෑන්වත්. බැට්මෑන්වනම් නොදන්න එකෙක් නැහැනෙ. මොකද DC Comics Animation චිත්‍රපට ඒ තරමටම ප්‍රසිද්ධයි.ඉතින් මේ පාර DC Comic එක Nickelodeon එකත් එක්ක සෙට් වෙලා බැට්මෑන්…

Ninja Turtles AKA අපිරජ ඉබ්බො එහෙම කිවුවහම නොදන්න කෙනෙක් නැහැනෙ. මොකද අපි පොඩි කාලෙ ටීවී එකේ ඕනෙ තරම් මේ කාටුන් එක ගියා. ඒ වගේම තමයි බැට්මෑන්වත්. බැට්මෑන්වනම් නොදන්න එකෙක් නැහැනෙ. මොකද DC Comics Animation චිත්‍රපට ඒ තරමටම ප්‍රසිද්ධයි.ඉතින් මේ පාර DC Comic එක Nickelodeon එකත් එක්ක සෙට් වෙලා බැට්මෑන් සහ නින්ජ ටර්ටල්ස් ලගෙ ක්‍රොස් ඕවර් ඇනිමේශන් ෆිල්ම් එකක් හදල. ඒ තමයි Batman vs. Teenage Mutant Ninja Turtles (2019) කියන ෆිල්ම් එක. Batman/Teenage Mutant Ninja Turtles කියන කොමික් බුක් එකේ ඉශූ හය තමයි මේ ෆිල්ම් එකට පාදක කරගෙන තියෙන්නෙ.ඒවගේම බැට්මෑන්, රොබින්, බැට්ගර්ල්, ජෝකර්, රාස් අල් ගුල්, හාර්ලි කුයින්, පොයිසන් අයිවී, බේන්, පෙන්ගුවින්, වගේ DC Comic වල දැවැන්ත චරිත බොහෝ ප්‍රමාණයක් මයිකල් ඇන්ජෙලෝ, රෆායෙල්, ලියනාඩෝ, ඩොනෙටෙලෝ, ශෙඩර්, කියන Mirage Studios එකෙන් හදුන්වා දුන්න චරිත එක්ක සම්මිශ්‍රණය කරල මෙහි අධයක්ෂක වරයා ඉතාමත් සර්තක චිත්‍රපටයක් හදල තියෙනව කිවුවොත් නිවැරදියි. හැබැයි මම දන්න විදිහට දැන්නම් නින්ජ ටර්ටල්ස් කොමික් බුක් පබ්ලිශ් කිරීමේ අයිතිය තියෙන්නෙ IDW Publishingලට.
මාස නමයකට පස්සෙ තමයි මම මේ සබ් එකක් අරගෙන එන්නෙ. කාලෙක ඉදන් තමයි බැට්මෑන් ෆිල්ම් එකකට සබ් එකක් කරන්න බලාගෙන හිටියෙ. අන්තිමේදි ඔන්න සබ් එකක් කලා. මේකෙ ඉංග්‍රීසි සබ් එක රිලීස් වුනා කියල මාව දැනුවත් කරපු හසන්ත අයියටත් මම ස්තූති වන්ත වෙනව. මේක තමයි 2019 වර්ෂයේ රිලීස් වුණ තුන්වන DC ඇනිමේෂන් චිත්‍රපටය හොදයි එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.
මේ ෆිල්ම් එක 2019 මැයි 14 වෙනිද (ඊයෙ) තමයි රිලීස් වුනේ. පැය එකයි විනාඩි විසි හතරක දාවන කාලයකින් සමන්විත මේ චිත්‍රපටය මේ වනවිට IMDB දර්ශකයෙ 7.4 ක අගයක් ලබාගෙන තියෙනව. පවුලේ සැමට නැරඹීමට හැකි මෙම ඇනිමේෂන් චිත්‍රපටය Action, Adventure, Animation ගණයට තමයි අයත් වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jake Castorena කියන අධ්‍යක්ෂකවරයා විසින්. The Death of Superman ෆිල්ම් එකත් මෙයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.
ෆිල්ම් එකේ කතාව පැත්තට හැරුනොත් ශෙඩර් (AKA සාකිය) සහ රාස් අල් ගුල් දෙන්නත් එක්ක එකතුවෙලා ගෝතම් නගරය විනාශ කරන්න ප්ලෑනක් ගහනව.ගෝතම් නගරයේ විනාශය වෙනුවෙන් ශෙඩර්ට ලාසරස් පීට් එක දෙන බවට රාස් අල් ගුල් පොරොන්දු වෙනව. ඉතින් ශෙඩර්ගෙ පස්සෙන් ගෝතම් වලට එන නින්ජා ටර්ටල්ස්ල ටිකට අන්තිමේදි බැට්මෑන්ව මුණගැහෙනව. ඊට පස්සෙ දෙගොල්ලො අතර වලියකුත් යනව. කවුරු දිනයිද? කවුරු පරදියිද? නගරය විනාශ වෙයිද? ඒටික ෆිල්ම් එක බාගෙනම බලන්න.
චරිත වලට හඩකවන්නෙ මෙන්න මේ කට්ටිය
Troy Baker – Batman / Joker
Eric Bauza – Leonardo
Darren Criss – Raphael
Kyle Mooney – Michelangelo
Baron Vaughn – Donatello
Carlos Alazraqui – Bane
Cas Anvar – Ra’s al Ghul
Rachel Bloom – Batgirl
එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරසියකින් හමුවෙමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න. හැමෝටම බුදු සරණයි. ඒවගේම මේකෙ බ්ලූ-රේ බලන්න ඕනෙ කට්ටිය තව ටික කාලයක් ඉන්න. ජුනි 4 වෙනිද තමයි මේකෙ බ්ලූ-රේ එක රිලීස් වෙන්නෙ. එතකන් ඉන්න බැරි අය වෙබ් රිප් එක බලන්න.
CHOOSE YOUR SIDE…………….
– COWABUNGA –

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL / BR පිටපත් සඳහා අදාළ වේ.
12,908 downloadsDownload Batman-vs.-Teenage-Mutant-Ninja-Turtles.2019.BR_.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් දිල්හාර
Subtitles
85 comments
thisaranilupul1995
Virajcom
ස්තූතියි සබ් එකට සහෝදරයා.. පුලුවන්නම් the lego movie 2 එකට සබ් එක දෙන්නෝ...
Isira janith
The Lego movie 2 and sheep and wolves 2 ekata sub bennako thx sub ekata
waruna23
movie Link plz
SACHIN DILHARA
F7937CC45F3A263069016F39CDA5BD13C4B5CE86
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
gihan perera
ස්තුතියි සහෝ.....මේක ඊයේ දැක්කා ඇවිල්ලා තියනවා..අද උපසිරැසි දීලා..පට්ට බං සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
akila_23
tnx sub ekata. lego movie 2 ekatath sub eka dannako.plz..
lasaa
Thanks
Thamod Indusara
thanks saho
Ayesh Prashan
Thank You
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Vijitha Rathna (විජ්ජ)
ස්තුතියි සහෝ
1997lakmallakmal
thank you!!!!
1997lakmallakmal
thank you!!!! jaya wewa!!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක ඉක්මනටම දීලා...
මේක එනකම් බලන් හිටියේ...ලහිරු උදය
ෆිල්ම් එකනම් සුපිරිවගේ ,තෑන්ක්ස්
Chamod Nishantha
Thank you bro
isharaeranda1997
ela
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!
Malindasadaruwan
Thank you
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො....
Milind@
Thanks saho
thilz
thank uuuu
wajira
Thanks for sub
IshaN22
tnx
Stranger
Thank you
Kavishka Ransara
ela
sumudunamal
Jaya weva.....digatama karagena yanna...##
pubuduhustler
Nice
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Nadeesha rox alahakoon
Tnx bro. Meka aniwa balanna one
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
Ravindu Rukshan
thx
wildshark2099
thanks
shadow@worker
Ambe niyama Set eka thz saho
YasasPerera
thanks bro
Thilankadissanayake
thanks bro
DIlshanmapalagama
Patta ela ela
LakBRo
Thanks Bro
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවාSasanka Dilhan
Thank you
Tharusha2021
තැන්ක්ස්
Pdnk
Thanks bro
Lasith_2001
Sub ekata thanks brother
PahasaraDv
Thanks bro....
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
tharaka1.30
Thanks Bro....
Pradeepkumara
Thanks saho
Sajithlakshan
thanks ...............
Mahen Laknuka
Ela ela bokka
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks sub ekata