ඩීීසි කොමික් රසිකයින් නම් අනිවාර්යෙන්ම ඇනිමේෂන් චිත්‍රපට වලට කැමති ඇති. විශේෂයෙන්ම අවුරුද්ද පාසා නිකුත් වන චිත්‍රපට වලට. ඒ අයව අදත් සාදරයෙන් පිලිගන්නවා හරියටම DC Universe Animated Original Movies යටතේ 32’වැනි චිත්‍රපටය හැටියටත්, The DC Animated Movie Universe (DCAMU) යටතේ ඔවුන්ගේ 11’වැනි චිත්‍රපටය…

ඩීීසි කොමික් රසිකයින් නම් අනිවාර්යෙන්ම ඇනිමේෂන් චිත්‍රපට වලට කැමති ඇති. විශේෂයෙන්ම අවුරුද්ද පාසා නිකුත් වන චිත්‍රපට වලට. ඒ අයව අදත් සාදරයෙන් පිලිගන්නවා හරියටම DC Universe Animated Original Movies යටතේ 32’වැනි චිත්‍රපටය හැටියටත්, The DC Animated Movie Universe (DCAMU) යටතේ ඔවුන්ගේ 11’වැනි චිත්‍රපටය හැටියටත් සලකන මේ චිත්‍රපටය නරඹන්න යන්න කලින් කියන්න දෙන්න හදන අඩිතාලමට. හම්මේ ඉතින් මෙච්චර ෆිල්ම් ගොඩක්?! ඔව් ඉතින් 2007 දී පටන් ගත්ත වැඩනෙ මේ අද දක්වා ඇවිත් තියෙන්නේ. ඉතින් කෝකටත් කියලා අපි DC Universe Animated Original Movies කැටගරිය මතක් කරන් ඉම්මු.
- Superman: Doomsday
- Justice League: The New Frontier
- Batman: Gotham Knight
- Wonder Woman
- Green Lantern: First Flight
- Superman/Batman: Public Enemies
- Justice League: Crisis on Two Earths
- Batman: Under the Red Hood
- Superman/Batman: Apocalypse
- All-Star Superman
- Green Lantern: Emerald Knights
- Batman: Year One
- Justice League: Doom
- Superman vs. The Elite
- Batman: The Dark Knight Returns
- Superman: Unbound
- Justice League: The Flashpoint Paradox
- Justice League: War
- Son of Batman
- Batman: Assault on Arkham
- Justice League: Throne of Atlantis
- Batman vs. Robin
- Justice League: Gods and Monsters
- Batman: Bad Blood
- Justice League vs. Teen Titans
- Batman: The Killing Joke
- Justice League Dark
- Teen Titans: The Judas Contract
- Batman and Harley Quinn
- Batman: Gotham by Gaslight
- Suicide Squad: Hell to Pay
- The Death of Superman
- Reign of the Supermen
චිත්‍රපටයට පෙර නිර්මාණය වූ කොමික් පොත් ක්ෂේත්‍රය
“The Death of Superman” කියන්නේ ක්‍රොස්ඕවර් විදිහට සුපර්මෑන්වත් සම්බන්ධ කරගෙන නිර්මාණය වුනු සංස්කාරක හැටියට Mike Carlin නම් කොමික් පොත් රචකයා ඇතුළුව සුපර්මෑන් චිත්‍රකතා ලියන්න දායක වන අංශයම ඒ කිව්වේ Dan Jurgens, Roger Stern, Louise Simonson, Jerry Ordway වගේම Karl Kesel අයගෙන් සමන්විත කොමික් පොත් රචකයින් විසින් 1992 දෙසැම්බර් මාසයේදී පටන් ගත්තම 1993 ඔක්තෝබර් මාසය වෙනකන්ම මුද්‍රණයට ලක් කරපු කොමික් පොතක්. මේ පොතට අලුත් අදහස් එකතු කරගන්න ඕන නිසා “Lois & Clark: The New Adventures of Superman” කියන කතාමාලාවෙ රචක මණ්ඩලයට පවා වෝනර් බ්‍රදර්ස්ලා ඉල්ලීමක් කරලා කියලා තිබුනා ඒ කතාමාලාවේ වැඩ තාවකාලිකව නතර කරලා කොමික් පොතේ වැඩේට දායක වෙන්න කියලා. මේ කොමික් පොත නොයෙක් ආකෘති වලින් වගේම විවිධ සංස්කරණ විදිහට නිකුත් වීමක් පවා මුල් මුද්‍රණයෙන් පස්සේ සිද්දවුණා.
විශේෂයෙන්ම කියන්න ඕනා “The Death of Superman” කොටස් තුනකට බෙදිලා ගියා.
- පළමු කොටස – Doomsday (සුපර්මෑන් කොහොමද තමන්ගේ ජීවිතේ පරදුවට තියලා ඩූූම්ස්ඩේ එක්ක සටන් කල ආකාරය)
- දෙවැනි කොටස – “Funeral for a Friend” (සුපර්මෑන්ගේ නොමැතිකම නිසා මුළු ලෝකයම ඔහු ගැන දුක් වෙන අයුරු වගේම ජොනතන් කෙන්ට් නොහොත් ක්ලාක් කෙන්ට්ව හදාවඩාගත් පියාගේ හෘදආබාධය ගැන)
- තෙවැනි කොටස – “Reign of the Supermen!” (තමන් සුපර්මෑන් යැයි පවසා සුපර්මෑන්ගේ අඩුව පුරවන්න ඉදිරිපත් වෙන අය වගේම සැබෑ සුපර්මෑන්ගේ නැවත ආගමනය)
මේ “The Death of Superman” චිත්‍රකතා පොත නිකුත් කරලා මිලියන හයකට වඩා අධික පිටපත් ගණනාවක්ම විකිණීමට සමත්වෙලා තියෙනවා වගේම විශේෂයෙන්ම කියන්න ඕන 1992 කාලෙය්දී හොදම කොමික් පොත් අලවියෙක් තිබුණු මුද්‍රණයක් හැටියටත් පත්වෙලා තියෙනවා. මේ මුද්‍රණයේ රසය හදුනාගත්ත ඇතැම් විචාරකයෝ මේ කතාව ඇතුලේ තියෙන බලසම්පන්න බව වගේම මේකේ මදි පුංචිකම් පවා දැකලා පසු කාලීනව නවකතා රචකයින් දෙදෙනක් වෙනස් ආකාරයේ ආකෘතින් වලට අනුව කතාව නැවත ලියලා තියෙනවා. ඒවගේම මේකෙන් වීඩියෝ ගේම් එකකුත් නිර්මාණය වෙලා තියෙනවා. තව කොමික් අනුසාරයෙන් 2007 දි Superman: Doomsday කියන ඇනිමේෂන් චිත්‍රපටයද නිකුත් වීමක් සිද්දවෙනවා. ඒ විදිහට දෙවැනි අනුසාරයෙන් නිකුත්වෙන දෙවැනි චිත්‍රපටය තමයි මේ The Death of Superman (2018) විදිහට නිකුත් වෙන්නේ.
චිත්‍රපටයේ පසුබිම
වෝනර් බ්‍රදර්ස් ඇනිමේෂන් වගේම ඩීීසි එනට්ර්ටෙයින්මන්ට් දෙපිරිසමගේම නිෂ්පාදනයෙන් කොමික් පොතෙහි නම යොදාගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක් හැටියට තමයි “The Death of Superman (2018)” සලකන්න පුලුවන්. සුපුරුදු පරිදි ඩූූම්ස්ඩේ නම් අති විශාල දැවන්ත වගේම හුගාක් ශක්තිමත් කෙනාව Superman: Doomsday (2007), BvS (2016) චිත්‍රපට වලින් දැක්කා වගේම මේකෙනුත් දැකගන්න ලැබේවි වෙනස්ම විදිහකට නමුත් DCEU හි චිත්‍රපට කිහිපයක් සමානව ගලාගෙන ගිය ආකාරයට. මේ චිත්‍රපටයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා වනුයේ Scooby-Doo! & Batman: The Brave and the Bold (2018) චිත්‍රපටය එහෙම තනිවම අධ්‍යක්ෂණය කල Jake Castorena නම් අධ්‍යක්ෂකවරයායි. එහෙමයි කියලා ඒක විතරක් නෙවෙයි Batman: The Killing Joke (2016), Justice League Action (2016-2018) ටෙලිකතාමාලාව වගේම Young Justice (2012) කතාමාලාව පවා නිර්මාණයට දායක වෙලත් තියෙනවා. අනික් අධ්‍යක්ෂකවරයා ගැන කියනවනම්, මං නිතරම වගේ ලිපි වලදී මතක් කරන, ලොකු සේවයක් ඉටු කරන The Batman vs. Dracula (2005), Superman/Batman: Public Enemies (2009), Justice League: Crisis on Two Earths (2010), Batman: Year One (2011), All-Star Superman (2011), Justice League: Gods and Monsters (2015), Justice League vs. Teen Titans (2016), Batman: The Killing Joke (2016), Teen Titans: The Judas Contract (2017) වගේම Batman and Harley Quinn (2017) වගේ DC ඇනිමේෂන් විශ්වයේ සුපිරිම චිත්‍රපට 10 ක්ම අධ්‍යක්ෂණය කරපු වගේම මාවල් විශ්වයේ Hulk Vs (2009), Planet Hulk (2010) වගේම Thor: Tales of Asgard (2011) වගේ තවත් මාවලස් ඇනිමේෂන් චිත්‍රපටි තුනක් නිර්මාණය කරපු චීන-ඇමරිකානු ඇනිමේෂන් චිත්‍රපට අධ්‍යක්ෂණය කල, දෘෂ්‍යකරණ කලාකරුවෙක් වගේම චරිත නිර්මාතෘ කෙනෙක් හැටියට Marvel Entertainment හා Warner Bros. Animation තුලත් දැනට සේවය කරන “Sam Liu” තමයි මේ ඇනිමේෂන් චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ.
ඒවගේම තමයි නිෂ්පාදිත කටයුතු ගැන කතා කරද්දී Batman Beyond වගේ කතමාලාවන් නිර්මාණය වන්නට දායක වුණු James Tucker තමයි නිෂ්පාදිත කටයුතු සිදු කරලා තියෙන්නේ. එතකොට තිරපිටපත්වල කටයුතු ගැන කතා කරනවානම් ඇමරිකානු කොමික් පොත් රචකයෙක් වගේම තමන්ගේ කාර්යයභාර්ය DC Comics වෙනුවෙන් ලොකු මෙහෙවරක් තවමත් සිදු කරන Peter Tomasi නම් කොමික් පොත් රචකයා තමයි ඒ වැඩ කටයුතු සිදු කරලා තියෙන්නේ. චිත්‍රපටය තුල සුපර්මෑන්, ලොයිස් ලේන්, ලෙක්ස් ලූතර්, වොන්ඩර් වූමන්, ග්‍රීන් ලැන්ටර්න්, ෆ්ලෑෂ්, ඇක්වාමෑන්, සයිබෝර්ග්, මාෂන් මෑන් හන්ටර්, බැට්මෑන් එහෙමත් දකින්න ලැබෙනවා. මීට අමතරව ඉතින් සෙසු චරිත ගණනාවකුත් චිත්‍රපටය පුරාවටම දකින්න ලැබෙනවා. චිත්‍රපටයේ ධාවන කාලය ගැන කතා කරනවානම් පැයකුත් විනාඩි විස්සකටයි සීමා වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටය නිකුත් වුනාම නෙවෙයි මොකද මේක අන්තර්ජාලයට ලීක් වුණු චිත්‍රපටයක්. හරි ආකරවම බෙදාහැරිම සිදුවෙන්න තියෙන්නේ 2018 ජූලි 28 වැනිදාට. එදිනට HD පිටපත්ද, 2018 අගෝස්තු 07 වැනිදාට බ්ලුරේ පිටපත්ද නිකුත් වෙන්නයි නියමිතව තිබුණේ. නමුත් පෙර ලීක් වීමත් එක්ක 2018 ජූනි 18 වැනිදා පිටපත් නිකුත් වුනත් දවස් දෙකකට කලින් වෙනකන්ම කිසිදු උපසිරැසියක් නිකුත් වුනේම නැහැ. ඒ නිසාමයි මේ චිත්‍රපටය ලබා දෙන්න මෙච්චර කාලයක් ගත වුණෙත්.
චිත්‍රපටය නරඹන ඔයාලා හැම කෙනෙක්ම මතක ඇතිව අවසන් ජවනිකා තුනම බලන්න අමතක කරන්න එපා. මොකද කවදාවත් නැතුව මෙදාපාර වැඩි කොටස් තුනක්ම දකින්න ලැබේවි. ඒ නිසා ෆිල්ම් එක ඉවරයි කියලා වහලා දාන්න යන්න එපා. අවසන් සුභ ආරංචිය තමයි මේ චිත්‍රපටයේ දෙවැනි කොටස 2019 මුල් කාලයේදී නිකුත් වීමට නියමිත බව මේ වෙද්දීත් දැනුම් දීලා හමාරයි. ඒ චිත්‍රපටයෙන් සුපර්මෑන්, සුපර්බෝයි, ස්ටීල්, ඒරැඩිකේටර් වගේම සයිබෝර්ග් සුපර්මෑන්වත් දකින්න ලැබෙවී කියලා විශ්වාසෙ තියාගන්න පුලුවන්.
එහෙනම් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ නිකුත් වුන මේ සුපිරි චිත්‍රපටයත් බලලම ඉන්නකෝ එහෙනම්. මං ගිහින් එන්නෙම්. ජය!!
ලිපිය – චාමර සම්පත්
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය BR/WEB/HD පිටපත් සඳහා ගැලපේ.
8,516 downloadsDownload The-Death-of-Superman-2018-BR.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
57 comments
Dilshan Gamage
Dilshan Gamage
film eka download link ekakuth denna...
Gathsara Umesh
බොහෝම ස්තූතියි හසන්ත අය්යේ උපසිරැසියට...
එවගේ ලිපියටත් චාමර සහෝ..සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති හසා අයියේ උපසිරසට..ගොඩ කාලෙකින් නේද උපසිරසක් අරන් ආවෙත්. මේක බාලා ගොඩක් දවස්. අනිවා සබ් එක දෙන නිසා නොබලා හිටියා. DC ෆිල්ම් වගේ නෙමෙයි ඇනිමේශන් ෆිල්ම්. ඒ ගැම්ම ජිවිතේට DC ෆිල්ම් එකක බලාගන්න බැරි වෙන එකයි දුක..
Mayura
Nilupul Madukapriya Perera
හම්මට හසයියා නොවෑ සබ දීලා තියෙන්නේ..
කාලයක් බලාන උන්නා හැබැයි... පරක්කුයි ඈ..
ලිපියට තැන්ක්ස් වේවා සාමරයෝ.. සබටත් තැන්කු මාමි..sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
තවත් උපසිරැසියකින් ඉක්මනට හමුවෙමු...
ජය
Luke cage season 2 සබ් දෙනවද අඩවියෙන්...Mendis
Thank u very much bro sub ekta.... good luck....
Udara Damith Dissanayaka
යකඩෝ මන් මේවගෙන් බාගයක් වත් නරබලා නෑ නි
හනේ හනේ බනී බ නී
ශිකේ මන් ගැනම ලැජ්ජයි
den ඉතින් කාගෙන බැලිල්ලක් තම තියෙන්නේ
******
එක නෙමෙයි
අලුත් හෙයා ස්ටයිල් එක මරු හොදේIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Buddika
thanx bro..
subodha
Thanx bro..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ...
ෆිල්ම් දෙක තුනක් නැතිව අනිත් ඔක්කම බලල තියන්නේ...geeganagamage
සුපර් මෑන් කියන්නෙ පොඩි කාලේ ඉදලම මම ගොඩාක් ආස කරපු චරිතයක් සුපර් මෑන් හැම ෆිල්ම් එකක්ම මම අනිවර්යයෙන්ම බලනවා . බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Chamika RC
thanks for the sub
raviz
Thank you.........!
harshani11112
ස්තුති හසන්ත සහො ....
LuckyDhananjaya
sub download karnna ba...page not found kiyl enwa.why?
D.Chamara
බොහොම ස්තුති
aks
Thanks...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sajith Uditha
Batman Ninja අමතකවෙලා නේද...?
Sajith Uditha
Batman Ninja අමතක වෙලා නේද...?
සබ් එකට ස්තුතියි...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kavinda Buddhika
බොහෝම ස්තූතියි උපසිරැසියට... ජය වේවා...
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝදරයා.ජයවේවා..........
AsithaDilruwan
ela saho thanks
ගයාන්
Thanks වලට. Super man & Luis tv සිරිස් එකේ සබ්ටයිල්
පුළුවන් නම් දෙන්ඩකො
Naveen Rangana
සිංහල උපසිරසිට බොහොම ස්තුතියි.............ජය වේවා........!!!!!!!!!!!!!!!!!!!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
gihansanju
Bilal: A New Breed of Hero (2015) Animation එකේ sub එක දෙන්නකො....
Manjula2018
මේකේ සබ් එක නැහැනේ..
Sajithlakshan
සිංහල උපසිරසිට බොහොම ස්තුතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
kites
thank you!
shashika
mcn me wage marvel animated list ekat dann pluwanda loku udawwak plz mcn
toonmo
tnx bro,
Kungfuuu
Elama
sasala
thanks
samlak
බොහොම ස්තූතියි සහෝ සබ් එකට...
ජය!Greatest Lord
Thanks Bro
Dharshana Kasun
Thanks...
Dewadithya
Thanks for Sub!
ravishka lks
thanks for subtitle
KiDDY JAYz
adoh....list ekma dmmta thnkz bn..kiyla nima krnna ba thanks bn
Gayan_madushanka_
Thanks bro
Thanusha
Thanks bro
Mekata passe awe film aka mokakkdaසචින්ත කල්හාර බෙනට්
Ela
Kudz
Video එකයි sub එකයි ගැලපෙන්නෙ නෑනේ....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
film eka download link ekakuth dena...