හ්ම්ම්.. ඔන්න මම අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා. අලුත් කිව්වට මම ගේන උපසිරැසිය තමයි අලුත්. ෆිල්ම් එකනම් අවුරුදු 10ක් පරණ එකක්. අද මම මේ ෆිල්ම් එකට උපසිරැසි නිර්මාණය කළත් මේ ෆිල්ම් එක රිලීස් වෙනකොට මට අවුරුදු 12යි. ඒත් මට මතකයි ඒ කාලේ මේ ෆිල්ම් එක ගොඩක් ජනප්‍රිය වුණා කියලා. ඔව්. මේ දිල්ලි 6. දිල්ලි 6 […

හ්ම්ම්.. ඔන්න මම අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා. අලුත් කිව්වට මම ගේන උපසිරැසිය තමයි අලුත්. ෆිල්ම් එකනම් අවුරුදු 10ක් පරණ එකක්. අද මම මේ ෆිල්ම් එකට උපසිරැසි නිර්මාණය කළත් මේ ෆිල්ම් එක රිලීස් වෙනකොට මට අවුරුදු 12යි. ඒත් මට මතකයි ඒ කාලේ මේ ෆිල්ම් එක ගොඩක් ජනප්‍රිය වුණා කියලා. ඔව්. මේ දිල්ලි 6.
දිල්ලි 6 කියපු ගමන් එකවරම බලන්නේ ඇයි මේ දිල්ලි 6 (දිල්ලි හය) කියන්නේ කියලා. ඇත්තටම අපි කොළඹ 2, කොළඹ 7 කියලා කොළඹ ප්‍රදේශය වෙන් කරනවා වගේ, දිල්ලි 6 කියන්නේ දිල්ලි නගරයේ මේ කතාව සිදුවන ප්‍රදේශයේ නමයි. විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමා වන Rakeysh Omprakash Mehra ගේ කුඩා අවධියේ ඔහු තුළ ප්‍රතිනිර්මාණය වුණ ඔහු ජීවත් වූ දිල්ලි 6හි සිදුවීම්, දර්ශන මේ චිත්‍රපටය සඳහා යොදාගෙන තියන බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.
මේ කතාවට ආරම්භයක් ලබා දුන්නොත්, ඒක මෙහෙම කියන්න පුළුවන්. රෝෂන් කියන්නේ ඇමරිකාවේ ඉපදී හැදී වැඩුණු ඉන්දියන් සම්භවයක් තියන කෙනෙක්. එයා ඇමරිකාවේ ජීවත් වුණේ එයාගේ අම්මා,තාත්තා සහ ආච්චි එක්ක. ආච්චි හදිසියේම රෝගාතුර වෙන නිසා එයා කියනවා මැරෙනවනම් මට ඉන්දියාවේම මැරෙන්න ඕනෙයි කියලා. ඒ නිසා එයා කියනවා තමන්ගේ පුතාට, ඒ කියන්නේ රෝෂන්ගේ තාත්තට තමන්ව ඉන්දියාවට එක්කගෙන යන්න කියලා. නමුත් රෝෂන්ගේ තාත්තා ඇමරිකාවට ඇවිත් ඉන්නේ ආයේ ඉන්දියාවේ පස් පාගන්නේ නැහැ කියලා හිතාගෙනයි. ඒ නිසා තමන්ගේ ආච්චිව ආපහු ඉන්දියාවට එක්කගෙන යන්න රෝෂන් ඉදිරිපත් වෙනවා.
ඉතින් රෝෂන් එයාගේ ආච්චිත් එක්ක දිල්ලි වලට එනවා. දිල්ලි වලදී ඔහුව නෑදෑයන් සාදරයෙන් පිළිගන්නවා. ටිකෙන් ටික දිල්ලි සහ තමන් හිටපු නිව්යෝර්ක් වල වෙනස රෝෂන්ට පැහැදිලිව පේන්න ගන්නවා. ඒ වගේම ඒ මිනිස්සුන්ගේ ගතිගුණත්. ඔහු ටිකෙන් ටික දිල්ලි ජීවිතයට පුරුදු වෙනවා. මේ කාලයේදී දිල්ලි ප්‍රදේශයට එන අලුත්ම තොරතුර තමයි “කළු වඳුරා”. නම අහපු ගමන් හිනා යනවා වුණත්, මේ කළු වඳුරු සංකල්පය නිසා දිල්ලි මිනිසා වෙනස් වෙන්නේ කොහොමද කියලත් මේ චිත්‍රපටයෙන් හරි අපූරුවට නිරූපණය කෙරෙනවා. ඉතින් මේ කළු වඳුරා, රෝෂන් සමඟින් කොහොම සම්බන්ධ වේවිද? කියන දේ දැනගන්න ඔබට භාරකරනවා.
මේ චිත්‍රපටය ඉන්දියාව ආශ්‍රය කරගෙන බිහිවුණාට සෑම කෙනෙකුටම ගන්න තියන ආදර්ශ ගොඩක් අන්තර්ගත වෙලා තියනවා. විශේෂයෙන්ම වර්තමානය වන විට, අපේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නිසා බොහෝ දෙනෙකු පීඩාවට පත් වුණා. මෙම චිත්‍රපටයෙනුත් වෙනස් ජාතීන් සමඟිව වාසය කළ යුත්තේ කෙසේදැයි අවසානයේ ඉතාමත් පැහැදිලි ලෙස දැකගන්න පුළුවන්. “ඔබ තුළින් ඔබව දකින්න” එයයි සමස්ත චිත්‍රපටයෙන් අවසානයේ ප්‍රේක්ෂකයාට දන්වන පණිවිඩය.
ඉතින් මේ නිර්මාණය ඔබ අප සැමදෙනා අතට පත් කිරීම ඉටුපස බොහෝ දෙනෙක් සිටිනවා. කළින් සඳහනක් කළ ආකාරයට මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2009 පෙබරවාරි 20 දින. පැය 2යි මිනිත්තු 21ක කාලයක් මෙය තිරගත වෙනවා. මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Rakeysh Omprakash Mehra සහ Ronnie Screwvala විසිනුයි. අධ්‍යක්ෂණය Rakeysh Omprakash Mehraයි. තිර රචනය සිදු කර තිබෙන්නේ Rakeysh Omprakash Mehra සහ Kamlesh Pandey විසින්. මෙම චිත්‍රපටය Comedy/ Drama ගණයට අයත් වෙන චිත්‍රපටයක්. Showman Pictures ආයතනය, UTV Motion Pictures, Rakeysh Omprakash Mehra Pictures ආයතන තමයි මෙහි බෙදාහැරීම් කටයුතු සිදුකර තිබෙන්නේ. මෙම චිත්‍රපටය Imdb දර්ශකය ලෙස 6/10ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ප්‍රධාන චරිත විදිහට Abhishek Bachchan (රෝෂන්), Sonam Kapoor (බිට්ටු), Om Puri (මදන්ගොපාල්), Waheeda Rahman (ආච්චි), Rishi Kapoor (අලී), Divya Dutta (ජලේබි) යන පිරිස රංගනයෙන් දායක වෙලා තියනවා. ප්‍රධාන වශයෙන්ම අද වන විට ඉතා ජනප්‍රිය නිළියක් ලෙස සිටින Sonam Kapoor දෙවැනි වතාවට රඟපෑ චිත්‍රපටයත් මෙයයි. මෙය 2009 මාර්තු මස වන විට පමණක් ලබා ඇති ආදායම ඇමරිකානු ඩොලර් 879,913ක් වුණා. ඒ වගේම,
1. Film fare award for best music director ( A.R. Rahnman)
2. Nargis Dutt award for best feature film on national integration ( Rakeysh Omprakash Mehra)
3. National film award for best supporting actress (Divya Dutta)
යන සම්මාන වලට පාත්‍ර වී තිබෙනවා.
හින්දි ගීත රසිකාවියක් විදිහට මෙම චිත්‍රපටයේ සියළුම ගීත ඉතාමත් අලංකාර බව අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. අපි කවුරුත් දන්න “මසක්කලී” ගීතය ඇතුළු තවත් ඉතා රසවත් මෙන්ම චිත්‍රපටයේ කතා රසය නොබිඳෙන විදිහට නිර්මාණය කරලා තිබෙන ගීත නිසා මේ චිත්‍රපටයේ අලංකාරත්වය වැඩි වෙලා තියනවා කිව්වොත් නිවැරදියි.
මේ චිත්‍රපටය මට ලබාදුන් ශාන් විමුක්ති සොහොයුරාට ස්තූති කරමින් මේ චිත්‍රපටය රසවිඳින්න කියලා ඔබ සැමට ආරාධනා කරනවා. යළිත් උපසිරැසියකින් හමුවෙමු! 🙂
2009 ජූනි 3 පොතේ ගුරා සොහොයුරා විසින් පල කළ ලිපිය.
ඔන්න අලුත්ම හින්දි චිත්‍රපටයක් ගෙනාව..මේකෙ ‘මසක්කලී’ සින්දුව නිසා තමයි මම නම් මේ චිත්‍රපටය බලන්න පෙලඹුනේ..සින්දුව වගේම චිත්‍රපටයත් ලස්සනයි..ඉන්දියාවෙ එක ලග ගෙවල් පිහිටි අපිරිසිදු,කලබලකාරී පරිසරයත් ඒවායෙ වාසය කරන විවිධ ආගම් වලට අයත් විවිධ තරාතිරමේ මිනිසුන්ගෙ ජීවිතත් මේ චිත්‍රපටයෙ පෙන්නනව..මම නම් හිතන්නෙ මේක බැලුවට පාඩු නැති ෆිල්ම් එකක් කියල,කතාව කියවල ඔයාලම තීරණය කරන්නකො..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා ඉන්දියානු පවුලක් ඇමරිකාවෙ ජීවත් වෙනව..මේ පවුලෙ ආච්චි අසනීප වෙනව,වෛද්‍යවරය ඇයගේ පවුලේ කට්ටියට කියනව තව වැඩි දවසක් ආච්චිට ජීවත් විය නොහැකි බැවින් ඇගේ අන්තිම කාලය සතුටින් තියන්න කියල..ආච්චි කියනව තමන්ගෙ අන්තිම කාලය නෑදෑ හිතමිතුරන් එක්ක ඉන්දියාවෙම ගත කරන්න ඕන කියල..මේ අනුව ඇගේ මුණුබුරා එක්ක(අභිශේක් බච්චන් ) දිල්ලියට යනව..ඔවුන් මේ නගරයට ඇවිත් තියෙන්නෙ බොහොම කාලයකට පස්සෙ..ඇමරිකාවෙ හැදී වැඩුනු මුණුපුරා මේ ජීවිතයට හැඩගැසෙන අයුරුත් එහිදීඑ ඔහුට මුහුණ දෙන්න වෙන කරදරත්,අල්ලපු ගෙදර ගැහැණු ළමයත්(සෝනම් කපූර්),ඉන්දියානුවගේ උත්සව,අමුතු විශ්වාසයන් පෙන්වමින් මේ කතාව ගලාගෙන යනව..වැදගත්කම තියෙන්නෙ පිටරැටියෙකුට ඉන්දියානුවන් ගැන අදහසක් ගන්න පුලුවන් විදියට මේ ෆිල්ම් එක හදල තියෙනව..ඒ.ආර්.රාහුමාන්ගෙ සංගීතයෙන් හැඩ වුනු මේ ෆිල්ම් එකේ සින්දු ටික නම් උපරිමයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,936 downloadsDownload Delhi-6-2009.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
15 comments
තාරක නුවන් දිල්හාර
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Lalani Maduwanthi
Thank you nangi,,,,godaak pin oyata,,,God bless you
malithmadhushan45
බොහොම ස්තුතියි නංගි උපසිරසට
gihan perera
ස්තුතියි ගොඩක් නංගී....කොච්චර බැලුවත් එපා වෙන් නැති ෆිලුමක්...මසක්කලි......සින්දුව.....ජය වෙිවා නංගා්.....දෙවි පිහිටයි......
kuma.lk
Thank you ........
akitha_ransilu
Thank u very much..
TharakaWAS
Thanks for sub nangi...!!!
L asalaka
Tnxxxx sis...
Pramukmili
thanxx sis.........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mirage hirantha
india MTV morning Wake up (5.30am) Song 'Masakali by A R Rahaman , thanks lot for sub
mirage hirantha
Beasts Of No Nation 2015 \ can you upload that movie subs ?
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
නගා හින්දියකට සබ ගෙනල්ලා නෙව. :P
දිගටම සබ් දෙමු ආ..
ජය!
Advertisement
![Delhi-6 (2009) Sinhala Subtitles |දිල්ලි 6 ! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Delhi-6-2009.jpg)
මසක්කලී මසක්කලී...
උඩ් මටක්කලී මටක්කලී..
ආසම සිංදුවක් රහමාන්ගේ රහට මෝහිත්ගේ හඬට..
ලස්සන චිත්‍රපටියක්. කලිනුත් බලල තියේ.
සෝනම් කෙලී පැටික්කී
ස්තූතියි උපසිරසියට..
ජය..!!