Original Sin එක කරලා වැඩි දවසක් යන්න කලින් ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා. වෙනදා වගේම මේකත් කරන්න කියලා බාර දුන්නෙ හසන්න අයියා තමයි. මුලදි පෝස්ටර් එක දැක්කම හිතුවෙ කම්මැලි ෆිල්ම් එකක් වෙන්න ඇති. ඒත් ෆිල්ම් එක බාගෙන බලද්දි තමයි තේරුනේ මම කැමතිම Thriller කැටගරි එකට වැටෙන පට්ට ෆිල්ම් එකක්…
Original Sin එක කරලා වැඩි දවසක් යන්න කලින් ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා. වෙනදා වගේම මේකත් කරන්න කියලා බාර දුන්නෙ හසන්න අයියා තමයි. මුලදි පෝස්ටර් එක දැක්කම හිතුවෙ කම්මැලි ෆිල්ම් එකක් වෙන්න ඇති. ඒත් ෆිල්ම් එක බාගෙන බලද්දි තමයි තේරුනේ මම කැමතිම Thriller කැටගරි එකට වැටෙන පට්ට ෆිල්ම් එකක් කියලා.ඉතින් එක හුස්මට වැඩේ ඉවර කරලා ඉක්මණටම අරගෙන ආවා.
ෆිල්ම් එකේ කතාව ගැන මුලින්ම ටිකක් කියන්නම්, ෆ්‍රැන්සිස් කියන්නෙ රෙස්ටුරන්ට් එකක වේටර් කෙනෙක් විදියට වැඩ කරන තරුණ කෙල්ලෙක්, දවසක් උදේ මෙයා වැඩට යද්දි කෝචියේ තිබිලා අයිතිකාරයෙක් නැති බෑග් එකක් හමු වෙනවා. ඉතින් මේ බෑග් එකේ තියෙන අයිඩින්ටිටි කාඩ් එකෙන් අයිතිකාරයගේ ලිපිනය හොයා ගන්න ෆ්‍රැන්සිස්, එයාගේ එපාට්මන්ට් එකේ එකට ඉන්න යාලුවත් එපා කියද්දි බෑග් එක බාර දෙන්නා යනවා. බලද්දි ඒ බෑග් එක ග්‍රේටා කියලා මැදිවිය පහු කරලා ඉන්න ගෑනු කෙනෙක්ගෙ බෑග් එකක්. ඉතින් බෑග් එක ගෙනාවට ගොඩක් ස්තූති කරලා ග්‍රේටා ෆ්‍රැන්සිස්ව ගෙට කතා කරලා කෝපි එකකුත් හදලා දෙනවා. කොහොමහරි මේ විදියට අඳුනගන්න මේ දෙන්නා වැඩි දවසක් නොගිහින් හොඳ යාලුවො වෙන්නෙ ෆ්‍රැන්සිස්ගෙ යාලුවගෙ විරෝධය මැද, කොහොමහරි එක දවසක් ග්‍රේටා ෆ්‍රැන්සිස්ට එයාගේ ගෙදර රෑ කෑමකට ආරාධනා කරනවා ඉතින් දෙන්නත් එක්ක කෑම හදලා ග්‍රේටා ෆ්‍රැන්සිස්ට කියනවා කැබිනට් එක ඇරලා ඉටිපන්දම් ගන්න කියලා.
මෙතනදි තමයි වැඩේ පටන් ගන්නෙ. ෆ්‍රැන්සිස් අරින්නෙ ඉටිපන්දම් තියෙන ලාච්චුව නෙමෙයි වෙනත් එකක්. ලාච්චුව ඇතුලෙ තියෙන දේ දැකපු ගමන් ෆ්‍රැන්සිස්ට හිතාගන්න බැරි වෙනවා.. මෙතන ඉඳලා ෆ්‍රැන්සිස් වැටෙන්නෙ කවදාවත් හිතපු නැති අමාරුවක. මම මෙහෙම කතාව නවත්තන්නම් නැත්තම් ගතියක් නැති වෙනවනෙ. ග්‍රේටා කියන්නෙ ඇත්තටම කවුද? ෆ්‍රැන්සිස්ට මොකද වෙන්නෙ? කියන ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියෙනවා. ත්‍රිලර් ෆිල්ම් වලට කැමති අයට මේක සුපිරි කියලා බය නැතුව කියන්න පුලුවන්. අනිත් දේ තමයි මේක හොරර් ෆිල්ම් එකක් නෙමෙයි.
IMDB දර්ශකයේ 6.1ක අඟයක් ලැබිලා තියෙනවා විතරක් නෙමෙයි ඩබ්ලින් සිනමා සම්මාන උළෙලෙදි සම්මානයකුත් දිනාගන්න සමත් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වන ෆ්‍රැන්සිස්ගේ චර්තයට පණ පොවන්නෙ Chole Grace, ඉතින් එයා මම ඉස්සර ඉඳලම ආස කරන නිළියක් නිසා ඒකත් මේ ෆිල්ම් එකට කැමති වෙන්න හේතුවක් උනා. මුල ඉඳලා අඟ දක්වාම ටෙන්ෂන් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක් නිසා කාටත්ම බලන්න කියලා කියලා ආරාධනා කරන ගමන් මම ගියා. ඉඩ තියෙන විදියට ඉදිරියේදි තවත් ෆිල්ම් වලට සබ් අරගෙන එන්නම් ජය!!

Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
6,066 downloadsDownload Greta-2019.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
41 comments
wnrodrigo
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
Request :
Birds of Passage (2018)
Welcome to Marwen (2018)
The Perfect Date (2019)
Crypto (2019)
kuma.lk
thank you .....
rehani
thanks...
Lalani Maduwanthi
Thank you malli,,,
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi broooo...
Aac3
ගොඩාරියක් ස්තූති සබ් එකට සහෝ... ජය වේවා !!! දිගටම සබ් දෙන්න මේ වගේ
Ravindu Rukshan
patta filuma thx a
prasannavijethunga
ela brooooooooo
Xxxxx
Thanks brother
Tharaka
THANKS.................
indika75
thanks..
Rukshan37
ela ela
Bandara76
"එක හුස්මට වැඩේ ඉවර කරලා ඉක්මණටම අරගෙන ආවා".... සබ් එකට ස්තූති සහෝ… පොප් ගායිකා මැඩෝනා රගපාන Body of Evidence (1993 film) එකට සබ් එකදෙන්නකො.අද කාලයේ අනියම් සබදතා වල ආදීනව කියාදෙන චිත්‍රපටියක්
Dana25
bohoma sthuthi bro. ;)
jaya!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
Rumesh dhanushka
Thank you udara & all admins
D.Chamara
bohoma sthuthi sahooo
Pradeepkumara
Thanx saho
Ara N Madhu
Thanks alot malli..maath aasama actress kenek...Podi kaale endanma eki thamange talent eka pennuwa.....
madurocks
nish47
Thanks bro
Jaya Wewa !!polaya
T H A N K Y O U
Pramukmili
thanxx bro.....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...BR අප්ඩේට් එකක් දෙන්න පුලුවන්ද...??? බුදුසරණයි...ජය වේවා!!!
AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sampath n perera
thanks ......jayawewa
kshiteddy
Thnaks mach!! keep it up!!
බොබී
කුතුහලයක් තියෙන ෆිල්ම් එකක් වගේ. බොහොම තුති සහෝ.
MAALnath
Thanks ...............good luck .......................
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා !
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Lakshansilva18
The witness (2018) korean movie ekata sub dennako
Shaggy
Thank you very much
dilruwan
meke year eka waradi.2018 kyla hadanna,tawa podden wena film ekk down wenne.sub eka kalaata stuutiii.
Rishantha
Thanks Brother
නීලක
මෙය blueray එක සමග සින්ක් කරන්න පුලුවන්ද?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
God work friend, Thanks!