ඔයා ගොඩක් ආදරය කරන කෙල්ල මැරිල කියල හිතුනොත් මොනවගේ දෙයක්නම් ඔයාට දැනෙයිද..? ඔයාගෙ ඒ ආදරය කරපු කෙල්ල මැරිල නෑ කියල ඔයා තාමත් හිතවනම්. එයා එක්ක ජීවත් වෙනවනම්… එයා එක්ක කථා කරනවනම්.. ඇත්තටම එහෙනම් පිස්සුද… නෑ….ඒ තමයි ආදරය කියන්නේ.. ආදරය වැඩිකෙනෙක්ට ඒ වගේ දෙයක් දරාගන්න බෑ.. ඇත්තටම එයා විශ්වාස කරන් නෑ…

ඔයා ගොඩක් ආදරය කරන කෙල්ල මැරිල කියල හිතුනොත් මොනවගේ දෙයක්නම් ඔයාට දැනෙයිද..?
ඔයාගෙ ඒ ආදරය කරපු කෙල්ල මැරිල නෑ කියල ඔයා තාමත් හිතවනම්.
එයා එක්ක ජීවත් වෙනවනම්…
එයා එක්ක කථා කරනවනම්..
ඇත්තටම එහෙනම් පිස්සුද…
නෑ….ඒ තමයි ආදරය කියන්නේ..
ආදරය වැඩිකෙනෙක්ට ඒ වගේ දෙයක් දරාගන්න බෑ..
ඇත්තටම එයා විශ්වාස කරන් නෑ එයාගේ ආදරය එයා ලග නෑ කියලවත්,
ඒක තමයි ආදරය…
පණ පිටින් ඉන්න අයත් එක්ක
මැරුණ අයට ජීවත් වෙන්න බෑ..
ගමේ අය විරුද්ධ වුණත්. යාළුවන්
මගෙන් ඈත් වෙලා ගියත්…
මම ඔයා එක්කම ඉන්නවා..
බෑ ජෙයි..
– එහෙම නම් මමත් මැරෙනවා..
ඔයා ජීවත් වෙන්න ඕනේ..
මැරිලත් එකට ජීවත් වෙන්න හිතනවා..
මේ මොන වගේ ප්‍රේමයක් ද.?
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර යුද්ධය මතක ඇතිනෙ කට්ටියට. සමහරුන්ටනම් දැන් ඉතින් ඒක මතකවත් නැතුව ඇති.කොහොමෙන් හරි ඔන්න මේ ෆිලුම පටන් ගන්නෙම අපේ රටේ යාපනයේ සීන් එකකින්. මේක 2017 වර්ෂයේදී තිරගත වූ සිනමා සිත්තමක්. Bayama Irukku (2017) කියපුවමා මේකෙන් කියවෙන්නේ බය තියෙනවා, බියජනකයි වගේ. මේක ටිකක් මං කලින් ලබා දුන්න උපසිරසි වලට වඩා ටිකක් වෙනස් චිත්‍රපටයක්.චුට්ටක් පරණ වුනාට ලස්සන ආදර කතාවක් තියෙන චිත්‍රපටයක්.
2013 වර්ෂයේ තිරගත වුන Pee Mak කියන තායි සිනමා පටය අනිවාර්යෙන්ම නරඔලා ඇති කියල මම හිතනවා. ඉතින් අද මම අරගෙන ආවේ එහි ප්‍රතිනිර්මාණයක් විදිහට නිර්මාළුය කරපු දමිළ සිනමා පටයයි. ජවහර් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද 2017 ඉන්දියානු දෙමළ ත්‍රාසජනක, විකට චිත්‍රපට ඝණයට අයත් වන මෙම චිත්‍රපටයේ සන්තෝෂ්, ප්‍රතාප් සහ රේෂ්මි මෙන්ම ප්‍රධාන චරිත නිරූපණය කරන අතර කෝවායි සරලා, රාජේන්ද්‍රන්, භාරනි, ජගන් සහ ලොලු සභා ජීව සහාය චරිත නිරූපණය කරයි. මහේන්ද්‍රන් විසින් සංස්කරණය කරන ලද සී. සත්‍ය විසින් සංගීතය සපයන ලදී. මෙම ත්‍රපටය නිෂ්පාදනය ආරම්භ කරන ලද්දේ 2015 අග භාගයේ වුවත් ප්‍රමාදයක් නිසා එය 2017 සැප්තැම්බර් 22 වන දින නිකුත් විය.
ජේ (සන්තෝෂ් ප්‍රතාප්) ලංකාවට එන්නේ ඇගේ බිරිදගේ ලේකා (රේෂ්මි මෙනන්) දෙමව්පියන් හමු වී තම බිරිද දරු ප්‍රසුතියෙන් සිටින බැවින් ඔවුන්ව ඉංදියාවට කැදවාගෙන යාමටයි. ලේකා යාපනයේ කාන්තාවකි. ජේ ලේකාව විවාහ කර ගනිමින් ඉංදියාවේ වාසය කරයි. ජේ තම බිරිදගේ දරු ප්‍රසුතිය නිසා ඇගේ දෙම්පියන් ඇය ලග සිටියානම් වඩාත් හොදයි සිතා ජේ ලංකාවට පැමින ඇත. ලංකාවට පැමිණි ජේ හට මුහුණ දීමට සිදු වන්නේ යාපනයේ යුද්ධයට මැදි වීමටයි. දිනක් ඔහු යුද්ධයට හසුවී සිටි හතර දෙනෙකු බේරාගනී. ජේ හට පසුව දැන ගන්නට ලැබෙන්නේ කිළිනොච්චි කදවුරේදී තම බිරිදගේ මව මිය ගිය බවයි. ඔහු ලංකාවට පැමිණ මාස 4 ක් ගත වී ඇති බවත් , ඔහුගේ බිරිදට මේ වන විට තම දරුවා උපත ලබා ඇති බවත්, ඔහු විසින් බේරා ගන්නා ලද 4 දොනහට පවසති. විස්තර සොයා බලන විට ඔවුන්ද ඉන්දියාවෙන් ලංකාවට පැමිණි අය වේ. පසුව මොවුන් ජෙයිගේ හොදම මිතුරන් බවට පත් වේ. පසුව ජේ සමග මොවුන් 05 දෙනා තම මව් භූමිය වෙත ගමන් කරයි. එහිදී ජේයිගේ ආරාධනයෙන් දින දෙකක් තමාගේ නිවසට ඇවිත් යන ලෙසට ජේ තම මිතුරන්ට ආරාධනා කරයි, පසුව එහි ගිය මිතුරන්ට තම මිතුරාගේ ලස්සන බිරිදව දරැවාත් සමග සිටුනු දක්නට ලැබේ. පසුව මොවුන් රාත්‍රී නින්දට වෙනම ඒ අසල ඇති පාළු ගෙදරකට ගමන් කරයි. එහිදී ඔවුන්ට විවිධ සිද්ධීන් වලට මුහුණ දීමට සිදු වේත පසු දින තම මිතුරාගේ බිරිදගේ වෙනස් කම් දකින මෙම යහළුවන්ට ඇය ගැන බියක් ඇතිවෙනවා. පස්සේ මාර්කට් එකට යන ගමන් ගමේ අය කියන කථා වලට මොකක් හරි වැරැද්දක් වෙලා තියෙන බව යාළුවන්ට ඒත්තු ගැන්වෙනවා. පස්සේ යාළුවන්ට ගේ පිටිපස්සෙ වලදාල තියන මිනියක් හම්බ වෙනවා. ඒ මිනියෙ ජෙයිගේ බිරිද අතේ දාගෙන ඉන්න මුද්ද එහෙමම තියෙනවා. කොහොමින් හරි යාළුවන්ට වැඩේ තේරුම් යනවා මේ ඉන්නේ අවතාරයක්, එහෙමත් නැත්තම් හොල්මනක් කියලා.
පස්සේ යාළුවන්ව බේරෙන්න ඕනි නිසා තම යහළුවාගෙන් වෙන් වී යන්න උත්සහ කරත් ඔවුන්ට යා ගැනීමට පවා නොහැකි වෙනවා. පසුව තම ආදරණීය බිරිදගේ අවතාරයෙන් තම යහළුවා බේරා ගැනීමට මෙම යාළුවන් 4 දෙනා උත්සහ කරන්නේ ඔහුට ඇය ගැන ඇත්ත පවසා දීමෙන් අනතුරැවයි. අවතාරක් වුනත් තමාට ඇයව අමතක කර නොහැකි නිසා ජෙයි ඇය සමගම ජීවත් වීමට කැමති වේවිද කියලා බලන්න ඔයාලට භාර කරනවා. ලස්සන ආදර කතාවක් තියෙන්නෙ, අවසානෙට පොඩි දුකක් දැනේවී. අරන් බලන්න එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙනකන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
කාණ්ඩය : Comedy, Horror
අධ්‍යක්ෂණය : Jawahar
නිෂ්පාදනය : Jawahar
රංගන ශිල්පීන් : Santhosh Prathap, Reshmi Menon, Kovai Sarala, Bharani, Rajendran, Jagan
ධාවන කාලය : 2h 2 min
තිරගත කල දිනය : 22 September 2017 (India)
සංගීතය : C. Sathya
IMDB අගය : 5.5/10
උපසිරසිය HD AVC හා -පිටපතට නිකුත් කර ඇත.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD AVC පිටපත් සඳහා අදාළ වේ.
3,595 downloadsDownload BayamaIrukku-2017.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
15 comments
හසිත මධුෂාන්
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!geeganagamage
ගොඩක් ස්තුතියි තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
isurupragz
ස්තුතියි!!
arawindasunimal
thanks sub ekata jayawewa...................
Kushan Charuka
ස්තූතියි සහෝදරයා සබ් එකට..
ranga11112
thnxx broo
Lahiri
THANKZ SAHO
Ravin Laksitha
Thanks .
gihansandaruwan
Thanks bro....
nish47
ස්තූතියි සහෝ
D.Chamara
bohoma sthuthi sahooo jaya ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dewshi manisha
film eka down krnna link ekak ewannako...
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකා බොහොම ස්තූතියි උදය සහෝ....!