Watch Trailer

Behind Enemy Lines (2001) | සුපිරිම යුධ චිත්‍රපටයක්. [සිංහල උපසිරැසි සමඟ]

හලෝ කෂ්ටිය කොහොමද :D…..හුඟ කාලෙකට පස්සෙ බයිස්කෝප් එකට උපසිරැසියක් ගේන්න හැකිවීම ගැන බොහොම සතුටුයි. මට පහුගිය අවුරුදු දෙකක් විතර කාලය ඇතුළත හුස්මක් කටක් ගන්න බැරුව හිටිය නිසා මේ වැඩ පොඩ්ඩක් අතපහු උණා. හ්ම්…කමක් නෑ, මගේ හතර වෙනි උපසිරැසිය හැටියට අද මෙන්න එළකිරි වගේ භාණ්ඩයක් ගෙනාව. ඉස්සල්ලම කියන්න ඕනි…

behind enemy lines 2001

හලෝ කෂ්ටිය කොහොමද :D…..හුඟ කාලෙකට පස්සෙ බයිස්කෝප් එකට උපසිරැසියක් ගේන්න හැකිවීම ගැන බොහොම සතුටුයි. මට පහුගිය අවුරුදු දෙකක් විතර කාලය ඇතුළත හුස්මක් කටක් ගන්න බැරුව හිටිය නිසා මේ වැඩ පොඩ්ඩක් අතපහු උණා. හ්ම්…කමක් නෑ, මගේ හතර වෙනි උපසිරැසිය හැටියට අද මෙන්න එළකිරි වගේ භාණ්ඩයක් ගෙනාව.

ඉස්සල්ලම කියන්න ඕනි මට තාම පුදුමයි 2001 අවුරුද්දෙ මෙච්චර තාක්ෂණයක් හොලිවූඩ් වල තිබුණද කියන්න. මොකද මේක බලනකොට ඕගොල්ල්නට හිතෙයි එහෙමනං අපේ රටේ සිනමා කර්මාන්තය 2014 වෙලත් කොයිවගේ තත්වෙකද පවතින්නෙ කියල ( සැ.යු: විවේචනයක් නෙවෙයි :D, ඇත්ත කියල ඕගොල්ලන්ටම තේරෙයි ). අනික මං හිතන්නෙ නෑ දැං එන හොලිවුඩ් ෆිල්ම් වලවත් මෙච්චර කැමරා හැසිරවීමක්, අධ්‍යක්ෂණයක් ඇති කියල. මොකද මේකෙ සමහර අවස්ථා තියනව බය කියන එක නියමට පෙන්නන්න. අනිත් එක මේකෙ ඕනවට වැඩිය බොරු ආටෝප නෑ දැං ඔය එන සමහර චිත්‍රපට වල වගේ. මේක අවුරුදු 14ක් පරණ එකක් නිසා IMDB රෑන්කිං නං පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නෙ, ඒත් තියනව 6.4ක්. රෑන්කිං අඩු උණාට සමහර ෆිල්ම් පට්ට කියල අපි හැමෝම දන්න දෙයක්නෙ :D.

මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ, Flight of the Phoenix ( 2004), Max Payne (2008) සහ A Good Day to Die Hard ( 2013) වගේ සුපිරි ෆිල්ම් ටිකක් අධ්‍යක්ෂණයට දායක වෙච්ච John Moore කියන අධ්‍යක්ෂකවරය. Anaconda, Night at the Museum වගේ සුපිරි චිත්‍රපටි වල රඟපාපු නියම නළුවෙක් වෙච්ච Owen Wilson මෙහි ප්‍රධාන චරිතය රඟපානව.

මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ 1995 ජූනි මාසෙ 2 වනිදා බොස්නියානු හමුදා විසින් බිම දාපු ඇමෙරිකානු ගුවන් යානයේ ගුවන් නියමුවෙකු දිවිබේරාගත් ආකාරයේ සත්‍යය කතාවක් අසුරෙන්. පොඩි විස්තරයක් කියනවනං මේකෙ වෙන්නෙ………ටිකක් කෙළිලොල් දඩබ්බර ගති තියෙන නාවික ප්‍රහාරක ගුවන් නියමුවෙක් උණ බර්නෙට් ට නාවික හමුදා ජීවිතේ එපා වීගෙන, කම්මැලි වීගෙන එන කාලෙක. හරියටම නත්තල් දවසෙ, ඔහුට යන්න ලැබෙනව තමංගෙ සගයත් එක්ක සෝදිසි ගුවන් සැරියක. මෙහෙදී ඔවුන්ට දකින්න ලැබෙනව හිතාගත නොහැකි දෙයක්. ඔවුන් මෙය ගවේෂණය කරන්න යාමෙදි මුහුණ දෙන්න සිදුවෙන අන්තරා දායක සිද්ධීන් දාමයක් සහ දිවිගලවා ගැනීමට දරණ උත්සහයක් තමයි මේ චිත්‍රපටියෙ තියෙන්නෙ. මේක මටනං කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති චිත්‍රපටියක්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ හැම කෙනාම බලන්න, උපසිරැසි වල අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න, හැකි උපරිම විදිහට මං නිවැරදි කළා, මං 200% සහතික කරනව මේක හැමෝගෙම හිතට අල්ලයි. අනිවාර්යෙන්ම!! එහෙනං තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සුබ ගමන්!

Behind Enemy Lines (2001) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

1FCD0647F1864B36C3B900FAC36965FE90B76444 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,757 downloadsDownload Behind.E.L.2001.baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හෂාන් මලිඳු ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හෂාන් මලිඳු

Subtitles

4,757 downloadsDownload Subtitles33 KB

49 comments

  1. නලින්

    ස්තුතියි “ හෂාන් මලිඳු ” සහෝ! මෙක මුලින්ම බැලුවේ සිරසේ!

    මැක්සා කථාව අාා!

    ස්තුතියි!! සබත් දුන්නට

    ජය වේවා!

    1. හශාන්

      සිරාවට මචං මාත් බලුවෙ සිරසෙ :D

  2. Thanu

    Sub 1ta thanx saho

  3. harsha

    මම මේක කීප සැරයක් නරඹලා තියනවා. පට්ටම පට්ට ෆිල්ම් එකක්

  4. අයේෂ්

    Thank You..

  5. Sisira Hegoda

    Thanks.

  6. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගන්නවා සබට තුති සහෝ
    ජය෴෴ :) :)

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. Ashan ravihansa

    Owen Wilson innavanam aniwama balanava macho meka thava films avith thiyenava neda evata sub denda .sub ekata thankz

  9. වරුණ රංගජිත් (වරූ)

    සබට තුති සහෝ ජය වේවා!

  10. යොහාන් බාතිය

    මේක නම් පට්ට ෆිල්ම් එකක්. සබ් දුන්නට ගොඩක් තුති. ජය වේවා!!!!!!!!!!

  11. kamal

    පට්ට film එක මචන් මෙ‍කේ අනිත් 2යි 3යි films 2කටත් සබ් ඉක්මනටම දේන්න ගෝඩාක් තැන්ක්ස්

  12. thisal

    thzk bn gdk kal bln hitiya meka denkm, meke 2katai 3nti sub dipnko ikmnta

  13. Kulanjana Maduranga

    film 1nm mare maru.subata thanks HASHAN saho.digatama sub demu.jayen jaya…………

  14. හශාන්

    කස්ටියටම බොහොම ස්තූතියි....මේකෙ 2 යි 3යි සුපිරිද මේ වගේම....?

  15. Chaminda Lakruwan

    පට්ට ෆිල්ම් එකක්නේ ගෙනත් තියෙන්නේ කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ මම මේක 10 පාරක් විතර බලලා තියෙනවා නමුත් සබ් එකත් එක්ක බලන්නත් ඔනනේ ඒ නිසා අරන් බලනවා දිගටම මේ වලේ ෆිල්ම් දාන්න මචෝ ජයවේවා...

  16. sachira sandeepa

    පට්ටම පට්ට ෆිල්ම් එකක් මචං ඕකනම්...වෙඩි තියාගන්න සීන්මයි තියෙන්නේ

  17. Jack

    ස්තුතියි සහෝ.
    මේක නම් නියම යුද චිත්‍රපටයක්.

  18. “චූටී මල්ලි”

    ඉස්සර බැලුවා
    දැන්නම් මතකත් නෑ බන්
    සබට තුති
    ඔබට ජය...........

  19. sahan

    ela ela,,mama balapu pattama film walin ekak.sub dapu hinda ayemat balanawa..

  20. jayanandana

    thx machan onna gaththa

  21. Thilina

    මේක පට්ටම පට්ට එකක්. තෑන්ක්ස් සබ් වලට.. මේක මෙච්චර දවසක් යනකන් සබ් නැතුව හිටිය කියලත් හිතාගන්න බෑ... ඇත්තටම හෂාන් ගොඩාක් ස්තුතියි මේකට... ආයේ කියල වැඩක් නෑ.. ‍සුපිරිම සුපිරියි...

  22. Nimesh

    thnx hode...Balala na...balanawa sub eka nisa...Supiri nm ai comment karanawa..

  23. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  24. ඉෂාර වෙත්තසිංහ

    ඔන්න මම නම් ෆිල්ම් එක බලලම comment එකක් දාන්න හිටියා............
    දැන් තමා බලලා ඉවර වුනේ............
    ෆිල්ම් එක කිව්වා වගේම හොඳයි............
    සබ් එකත් නියමයි............
    තවත් සබ් ගෙන ඒමට ශක්තිය දිරිය පතනවා..........
    ඔබට ජය............

    1. හශාන්

      මොහොම ස්තූතියි...ෆිල්ම් එක බලලම කොමෙන්ට් කරනවනං මං ගොඩක් කැමතියි :)

  25. Isu DP

    Niyamai Hashan....
    Me Wage Patta Movies Digatama Gemu....
    War Movies Nam Godak Hodai.....
    IMDb Eka Me Wagema Hoda Films Gemu...
    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

  26. රොයිලි

    බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සෙ මේ ඇවිත් ඉන්නේ සුපිරිම චිත්‍රපටයක් අරගෙන. ජය෴෴ :P :P

    1. හශාන්

      බොහොම ස්තූතියි සහෝ !!!

  27. yash

    hunga klayak thisse mn meka hewwa bn thnq hnde

  28. හිරාන් අමරසිංහ

    තෑන්ක්ස් සහෝ...

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  30. Bhathiya

    fatta movie 1 maru

  31. weera

    niyama film eka saho...... kochchara baluwath epa wenne na.good luck.

  32. කේ.යූ.ජී. උදාර

    ඔන්න අදයි මං මේක බැලුවේ.........
    මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි හෂාන්.

  33. Kasun

    thanx broo..patta film ekak wage denma banawa.

  34. Amalka

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  35. Prasad Kandamulla

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..............

  36. Deepani

    ගොඩක් ස්තූතියි සහෝ. ඔයාට තව තවත් මෙවැනි උපසිරස හදන්න ශක්තිය ලැබේවා!
    බයිස්කෝප් එකට ජයෙන් ජය!

  37. muditha gayan

    Thankzzzzzzzz

  38. waruna udesh

    sub ekata thanks saho ........... 2001 ekedi hadunu film ekak widihata meka pattama patta

  39. Anonymous

    Enemys.line 2020. Film එකේ සින්හල සබ් එක දාන්න පුලුවන්ද?

  40. කසුන් ගිම්හාන

    Sinhala sub eka ganna beri weida??

    1. කසුන් ගිම්හාන

      enemys.line 2020 sinhala sup plz

  41. Anonymous

    hoya hoya hitapu film aka hambuna thanks sub akata 2007 anthimata baluwe supiriyk

  42. ravidu ishan

    සබ්එකට Tnx Mchn✌️✌️ ජය!!

  43. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  44. jack

    සිංහල Subtitle එක දුන්නට බොහොම ස්තුතියි!!!

  45. Sumedha Alwis

    Thank uuu. අවුරුදු 10කට පස්සෙත් ❤