Watch Trailer

Beneath the Planet of the Apes (1970) | වානර ලොවේ අවසානය [සිංහල උපසිරැස සමඟ]

ඔන්න පොරොන්දු උන විදිහට Planet Of The Apes කතාමාලාවේ දෙවෙනි කොටස අරන් ආවා. ටිකක් පරක්කු උනා. වැඩිය කතා ඕනේ නෑ. චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. මේක 1970 නිකුත් උන එකක්.මේක හදන්න ගිය වියදම ඇමරිකානු ඩොලර් 4,675,000. බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් 18,999,718. කොහොමද වැඩේ. ෆිල්ම් එක සුපිරියට තිබිලා…

Beneath the Planet of the Apes 1970

ඔන්න පොරොන්දු උන විදිහට Planet Of The Apes කතාමාලාවේ දෙවෙනි කොටස අරන් ආවා. ටිකක් පරක්කු උනා. වැඩිය කතා ඕනේ නෑ. චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. මේක 1970 නිකුත් උන එකක්.මේක හදන්න ගිය වියදම ඇමරිකානු ඩොලර් 4,675,000. බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් 18,999,718. කොහොමද වැඩේ. ෆිල්ම් එක සුපිරියට තිබිලා නේද.හැබැයි මේකෙ ImdB අගයනම් 6.1 ලෙස තමයි සටහන් වෙන්නේ.

දැන් එහෙනම් කතාව පැත්තට හැරෙමු. හැබැයි එකක් කියන්න තියෙනවා. මේක බලන්නනම් පලමු චිත්‍රපටය බලලා ඉන්න ඕනේ. මොකද මේක පටන්ගන්නේ පලවෙනි එක ඉවර වෙන තැනින්. ඒක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් Planet of the Apes  (1968) එක බලලා ඉන්නකෝ. කතාව පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි පලමු චිත්‍රපටය බැලුවේ නැත්නම්. ඒකයි.

හරි එහෙනම් මෙන්න කතාව. Taylor සහ Nova අශ්වයකුගේ පිටේ තහනම් ප්‍රදේශයේ තිබෙන කාන්තාරයක් තරනය කරමින් සිටිනවා. හදිස්සියේම ඔවුන් ඉදිරිපිටින් මහා ගින්නක් මතුවී වෙඩි හඬවල් ඇසෙන්නට පටන් ගන්නවා. එවිට Taylor බියවී  Nova ව අශ්වයාගේ පිටේ Zira වෙතට යවනවා  උදවු රැගෙන එන ලෙස පවසා. මේ අතර තුර තහනම් ප්‍රදේශයේ වෙනත් තැනක Taylor ව සහ ඔහුගේ අනෙත් සගයන්ව සොයන්නය පැමිනි දෙවන අභ්‍යවකාශයානයද අනතුරකට පත්වී තිබෙනවා. Taylor ගේ යානය වගේම ඔවුන්ගේ යානයත් අනාගතයට පැමිනිලා තියෙන්නේ කාලයේ යම් ලිස්සායාමකින්. කෙසේ හෝ එම අනතුරින් දිවිගලවාගත් අභ්‍යවකාශගාමියෙකු වන Brent විශ්වාසකරනවා ඔහු ගොඩබාලා තියෙන්නේ වෙනත් ග්‍රහලොවකට කියලා. ඉන් පසුව Brent හට Nova ව මුනගැසෙනවා. ඔහු දකිනවා ඇය ලඟ Taylor ගේ පලඳනාවක් තිබෙනවා කියලා.ඇයව කෙසේ හෝ කැමතිකරවාගෙන Nova ට කියනවා කතා කරන්න පුලුවන් කෙනෙක් ඉන්න තැනකට එක්කගෙන යන්න කියලා. ඇය මොහුව වානරයින්ගේ නගරය වෙත ගෙනයනු ලබනවා. එතනින් පස්සේ වෙන දේවල් ඉතින් කතාව බලලම තමයි හොයාගන්න වෙන්නේ
ඔන්න ඔතනින් තමයි කතා පටන්ගන්නේ. අම්මේ මුලු කතාවම කිවුවද මන්දා.කමක් නෑ. පලවෙනි එක බලපු අයනම් මේක අනිවාරෙන් බලනවා.ImdB අගය තරමක් පලවෙනි එකට වඩා අඩු උනත් මේ කතාව ඒකට වඩා හොඳයි. එහෙනම් මේ ඇති.දැන් ඉතින් බාගෙන බලන්න තියෙන්නේ.සබ් එක බාන ගමන් පොඩි අදහසකුත් තියලාම යන්න.

එහෙනම් තෙවන කොටසින් ලඟදීම මුනගැසෙමු….

 

Planet of the Apes (1968) on IMDb

 

 

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

1823F86D8304C76E6801C753346481746A0AF2A7

750 MB (BR) ඩිරෙක්ට් ලින්ක් එකෙන් මෙතනින් බාගන්න

 

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

978 downloadsDownload Beneath.The_.Planet.of_.The_.Apes_.1970.zip32 KB


 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/රඛිත-රණතුංග-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රඛිත රණතුංග

Subtitles

978 downloadsDownload Subtitles32 KB

16 comments

  1. VIDEOS|9

    ස්තුති යි ඔබට. දිගටම SUB කරන්න . ජය වේවා ..!
    අද මම එක . :P

  2. warshamanage

    Thanks for the sub.Direct link not working.

  3. prabhath

    thanks

  4. දසුන් සුචරිත

    බාමි.ස්තුති යි

  5. Kulanjana Maduranga

    niayamai…thanks RAKITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. indika

    thanks

  7. නලින්

    ස්තුතියි රඛිත සහෝ..

    ජය වේවා!

  8. yeshu

    tnx

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. “චූටී මල්ලි”

    මේකන්ම්
    බලන එක සුවර් නෑ
    සබට තුති
    ඔබට ජය...............

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. රොයිලි

    බොහොම ස්තූතියි රඛිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Chinthaka

    නියමයි සහෝ...මේකෙ ඊළඟ එක තවම නෑනෙ...

  14. Madhawa

    Bro "Escape from the Planet of the Apes (1971)" Film Ekath Dennako. Please !!!!!

  15. අසිත

    elama saho thanks

  16. Bandaramudiyansi

    ඉතුරු ටිකටත් සම්පූර්ණ කරන්න පුලුවන් ද මල්ලි. ගොඩක් වටි එහෙම උනොත්