Watch Trailer

Duma (2005) with Sinhala Subtitles | මිතු දමට සීමා නෑ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඩ්‍රැකියුලාගේ නොකියූ කතාව අරගෙන ආවට පස්සෙ තවත් පරණ සලරුවකට උපසිරසි අරගෙන ආවා. මේක කරන්න නෙවෙයි ඉතින් හිටියේ. කොහෙද ඉතින් සමීර චතුරංග සහෝගෙන් බේරෙන්න බැරි වුනානේ සබ් එකක් කරලා දෙන්න කියලා. 😛 බැරිම පාර මේක කොලා. කස්ටිය කිවුවා අලුත් එකක් කරමු කියලා හැබැයි ඉතින් මං තවම මේ උපසිරසි නිර්මාණයට…

Duma 2005

ඔන්න එහෙනම් ඩ්‍රැකියුලාගේ නොකියූ කතාව අරගෙන ආවට පස්සෙ තවත් පරණ සලරුවකට උපසිරසි අරගෙන ආවා. මේක කරන්න නෙවෙයි ඉතින් හිටියේ. කොහෙද ඉතින් සමීර චතුරංග සහෝගෙන් බේරෙන්න බැරි වුනානේ සබ් එකක් කරලා දෙන්න කියලා. 😛 බැරිම පාර මේක කොලා. කස්ටිය කිවුවා අලුත් එකක් කරමු කියලා හැබැයි ඉතින් මං තවම මේ උපසිරසි නිර්මාණයට ආදුනික නිසා තව ටික කාලයක් යනකම් පරණ ඒවම දීලා අත්දැකීමත් ටිකක් වැඩි කරගන්න කියලා හිතුවා 😀 අපේ ඇඩ්මින් සමීර සහෝලා දෙන්නා තරහක් නැතිව ඇති කියලා හිතනවා අලුත් ඒවා කොරන්ඩ බෑ කිවුවට    😉 ( මේක නම් දැන් අර කියන්නා වගේ කොටි වලිගයක්ම තමා ) ඉතින් මම අද අරගෙන ආපු සලරුව තමා Duma (ඩූමා). මතක ඇතිනේ මේක සිරස නාලිකාවේ එහෙම සිංහලෙන් හඬකවලත් විකාශය වුනා. මේක නිකුත් වුනේ 2005 වසරේ  සැප්තැම්බර් 30 වෙනිදා. සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නෙ Carroll Ballard නම් අධ්‍යක්ෂකවරයා විසිනුයි. Fly Away Home, Wind, Never Cry Wolf වැනි සිනමාපටද නිර්මාණය වුනේ මේ අධ්‍යක්ෂකවරයා අතින්ම තමා. මේ සිනමාපටයට පාදක වුනේ Carol Cawthra Hopcraft සහ Xan Hopcraft යන කතුවරුන් දෙදෙනා විසින් ලියන ලද  How It Was with Dooms කියන ග්‍රන්ථයයි. IMDb අගය 7.3. සලරුවේ එන චරිත පැත්තටත් පොඩ්ඩක් හැරෙමුකෝ…

කතාව ගෙතීගෙන යන්නෙ පොඩි චීටා පැටවෙක් වටා. ඉතින් ඒකේදී මේ චීටාගේ අයිතිකාර ළමයා, එහෙමත් නැත්නම් සෑන් විදිහට Alexander Michaeletos ද, සෑන්ගේ පියා විදිහට Campbell Scott ද, සෑන්ගේ මව විදිහට Hope Davis ද, සෑන්ට අතර මගදී මුණ ගැහිලා එයාගේ හොඳම යාළුවා වෙන රිප්කුනා විදිහට Eamonn Walker  ද රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව පැත්තටත් පොඩ්ඩක් හැරෙමුකො නේද….

මුලින් කිවුවා වගේ මේ කතාව ගෙතී තියෙන්නෙ චීටාවෙකු වටා. මේ චීටා කුඩා කාලයේදී සිංහයින් විසින් පහර දීලා මේ චීටා පැටියගේ අම්මව මරණවා. ඉතින් මේ පැටියා තනි වෙනවා. දවසක් මේ පැටියව පාරේ ඉඳලා සෑන් කියන ලමයටයි එයාගෙ තාත්තාටයි හම්බවෙනවා. පස්සෙ මේ දෙන්නා මේ චීටා පැටියාව ගෙදර අරගෙන ගිහිල්ලා හදාගන්නවා. ඔහොම කාලය යද්දී මෙයාගෙ තාත්තා මැරෙනවා. හැබැයි ඒ වෙනකොටත් තීරණය කරලා තිබ්බෙ තාත්තයි සෑනුයි එකතුවෙලා දැන් ලොකු වයසක ඉන්න චීටව, එහෙමත් නැත්නම් එයාගෙ නමින් කියනවා නම් ඩූමාව කැලේට ගෙනිහින් දාන්න. ඉතින් තාත්තා නැති වුන නිසා මේ සෑන්ට ඒක කරන්න පුළුවන් වෙයිද?  පුළුවන් වෙයිද කියලා එහෙනම් ඔයාලම කතාව බාගතකරගෙන බලන්නකෝ… එහෙනම් තවත් උපසිරසියකින් හමුවන තෙක් Baiscopelk එන හැමෝටම බුදු සරණයි…!!!

… Love doesn’t stop when time passes, or you live in different places, or somebody gone.
That’s how it was with me and Duma … 

 

Dracula Untold (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Duma – 2005 ws DVDRip XviD iMBT

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,383 downloadsDownload Duma-2005.baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,383 downloadsDownload Subtitles28 KB

26 comments

  1. indika

    thnq :)

  2. VIDEOS|9

    ස්තුති යි ඔබට. දිගටම SUB කරන්න . ජය වේවා ..!

  3. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks for best movie SUB !!!

  4. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  5. kasun

    thanks niyamai.............

  6. රුවන් කාරියවසම්

    මං නම් English film වලට සිංහල sub බලන්නේ නෑ English sub එකම බලනවා මිසක්. ඔන්න film. සිංහල sub ගහන එවුන් ආදර්ශෙට ගනිල්ලා.

  7. thisal

    අනිවා බැමක් තමා තැන්ක්ස්

  8. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. නිරොෂ

    මෙක මම කලින් බැලුව.එත් මහන්සි වෙල සබ් හදපු නිස අයෙත් බලනව.සබට තැන්ක්ස්

  10. රවිඳු නිපුන්

    නියමයි පැන්තර්...
    මේක ලස්සන කතාවක්..
    ඒ කාලේ බැලුවා වගේ මතකයි...
    ආයෙත් බලනවා සබ් එක්කම...
    තෑන්ක්ස් සබට!!

  11. නලින්

    ස්තුතියි සමනො. මරු කතාව මේක.

    ජය වේවා!

  12. #YasmikaSH

    අප්පටසිරි කළු පූසා මේක දුන්නද බන් උඹ?? මමත් තාමත් අරකේ බාගයයි කලේ... මොනව වුනත් සිරසෙන් නම් මේක සුපිරියට හඬකවලා තිබුණා. සබ් එක උඹත් දීලා ඇති සුපරියට. මොනවවුනත් හොඳ කතාවක්. ඕකේ සුපිරි ඇෆ්රිකන් සවුන්ඩ්ට්‍රැක් එකකුත් තියෙනවා :D :D

    කළු පූසාට ජයවේවා !

  13. kaveen

    සිරස නිසා මේ චිත්‍රපටියකින් මගේ පලවෙනි හඬකැවීම කරන්න ලැබුනේ මම එක ගැන ගොඩක් සතුටුයි.මම original එකක් හොයා හොයා හිටියේ.....

    1. බ්ලැක් පැන්තර්

      ඒ ගැන හුඟක් සතුටුයි සහෝ... සුභ පැතුම්...!!!
      ඒ වගේම අපිට දැනගන්න පුලුවන්ද ඔයා හඬ කවපු චරිතේ මොකක්ද කියලා...??
      මං හිතන්නෙ සෑන් වෙන්න ඕනා... ;)
      අදහස් දැක්වීමට ස්තූතියි සහෝ... :)

    2. kaveen

      ඔව් සහෝ...මම 8 වසරේ ඉන්න කාලේ ඔය ෆිල්ම් එකට ඩබ් කෙරුවේ.සෑන් ට තමා හඬකැවුවේ... :)

    3. බ්ලැක් පැන්තර්

      ඔයා මේ පෝස්ට් එකට කමෙන්ට් කල එක ගැන හුඟක් සතුටු වෙනවා.
      අනික කියන්නම ඕනා, ඔයා නියමෙටම ඔයාගෙ වැඩේ කරලා තිබ්බා. හඬ කැවීම සුපිරියි... :)
      මට තාමත් මේ ෆිල්ම් එක සිරසෙන් බැලුවා අද වගේ මතකයි... :)

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  15. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  16. “චූටී මල්ලි”

    එලස් බ්ලැකා
    සබට තුති
    ඔබට ජය...............

  17. ශාන් විමුක්ති (විමා)

    අහ හා..
    සබ් කරන පුසෙක්
    සබට තුති පූසෝ :P

  18. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. sujith lasantha

    thanks

  20. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  21. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. නිර්මාණි විජේසිංහ

    ආහ්.අපේ පූස් මල්ලිගෙ සබ් එකක්නෙ.බොහොම ස්තූතියි උපසිරසියට.පවුලෙ කෙනෙක් ගැනමයි නේ කතාව.හේ හේ ජය වේවා එහෙනම්.

  23. එල්.සී. දමැල්

    ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.