බයිස්කෝප් එල්කේ පාඨක-ප්‍රේක්ෂක-රසික ප්‍රජාව නැවත වරක් ආයුබෝවන් කියලා පිළිගන්න ගමන් මගේ 10වන උපසිරැසිය තමයි අද මේ විදිහට දොරට වඩින්නේ. එදා භූල් භුලයියා චිත්‍රපට මාලාවේ දෙවෙනි අදියර මගේ 8 වෙනි උපසිරැසියෙන් ආවරණය වුණු බව ඔබට මතක ඇති. මේ තමයි තුන්වෙනි අදියර. මිනිත්තු 158ක් පුරාවට විහිදෙන මේ සලරුවේ කතාව…

බයිස්කෝප් එල්කේ පාඨක-ප්‍රේක්ෂක-රසික ප්‍රජාව නැවත වරක් ආයුබෝවන් කියලා පිළිගන්න ගමන් මගේ 10වන උපසිරැසිය තමයි අද මේ විදිහට දොරට වඩින්නේ. එදා භූල් භුලයියා චිත්‍රපට මාලාවේ දෙවෙනි අදියර මගේ 8 වෙනි උපසිරැසියෙන් ආවරණය වුණු බව ඔබට මතක ඇති. මේ තමයි තුන්වෙනි අදියර.

මිනිත්තු 158ක් පුරාවට විහිදෙන මේ සලරුවේ කතාවස්තුව ගැන පොඩි විස්තරයක් කළොත්, දෙවෙනි අදියරෙන් බොරු යකැදුරු චරිතයක් වැළඳගත්තු රුහාන් රන්ධාවා තමන්ගේ අලුත්(?) සගයා තිල්ලු එක්ක ෆුල් ටයිම් යකැදුරු රස්සාවකට බැහැල ඉන්නවා. යකැදුරුකම කිව්වට ඇත්තටම මෙයාලා කරන්නෙ එළිපිටම ගසාකෑම අරමුණු කරගත්තු අමුම අමු රඟපෑමක්, මේ අතරෙදි මෙයාලට පුරාණ රජ පවුලකින් ඉහළම මිලකට බරසාර වැඩක් පැවරෙනවා. ගෙවන ගාන කෙසේ වෙතත්, මේ කාලයේ මේ රජ පවුල ජීවත්වෙන්නෙ නම් තමන්ගෙ මාළිගාවෙනුත් එළියට වැටිලා, රාජකීය ගවහල ඇතුළෙ පැලපදියම් වෙලා, අර උම්මග්ග ජාතකයේ ලියවිලා තියෙන වචනයෙන් කිව්වොත් දුබ්භෝජනයෙනුදු-දුක්ඛසෙය්‍යායෙනුදු කාලය ගත කරමින්. මොකක්ද හේතුව, මාළිගාවෙ භූත දෝසයක්…

රුහාන් රන්ධාවා නොහොත් රූ බාබා චරිතයට කාර්තික් ආර්‍ය්‍යන්, තිල්ලුගේ චරිතයට අරුන් කුෂ්වා, මහරාජ්ගේ චරිතයට අර කොස්ගෙඩි වගයක් හොරකම් කළයි කියල පොලිස් ඇන්ට්‍රියක් දාපු පා.ම. මුන්නා ලාල් පටේරියා ඉන්නෙ, අන්න ඒ චරිතයට පෙනී හිටපු විජය් රාස්, සුපුරුදු චෝටේ පණ්ඩිත් චරිතයෙන් රාජ්පාල් යාදව්, ඒ වගේම විද්‍යා බාලන්, මධුරි ඩික්සිත්, සංජය් මිෂ්රා, රා‌ජේශ් ශර්මා, සෞරබ් ඩුබේ, ත්‍රිපති දිම්රි ඇතුළු දැවැන්ත නළුනිළි කැළක් භූල් භුලයියා 3 සලරුවෙන් හමුවෙනවා. චිත්‍රපටයේ තිර රචනය ආකාෂ් කෞෂික්, සංගීතය තනිෂ්ක් බාග්චි සමග ප්‍රීතම් චක්‍රබෝර්ති, සංස්කරණය සංජේ සංක්ලා, අදියුරුවම අනීස් බස්මි, නිෂ්පාදනය භූෂන් කුමාර්, ක්‍රිෂන් කුමාර් සමග මුරාද් ඛේතනි, ඒ වගේම ඉදිරිපත් කිරීම Cine1 studios, T-Series Films සමග AA Films. ඒ තරම් විශාල කෲ එකක් තිරය පිටිපස්සේ ඉඳන් මේ සලරුව වෙනුවෙන් දරදිය ඇදලා තියෙනවා.

2024 නොවැම්බර් 1 වෙනිදා තිරගතවීම් ආරම්භවුණු මේ චිත්‍රපටය YTS හරහා බාගත කරගන්න අවශ්‍ය වටපිටාව සකස්වුනේ නම් 2025 ජනවාරි මුල්භාගයේ දි. චිත්‍රපටයේ නිෂ්පාදනයට වැයවුණු ඉන්දියානු රුපියල් කෝටි 150ට සාධාරණයක් ඉෂ්ට කරන්න කෝටි 400ක් ඉක්මවූ බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා වෙලා තියෙනවා වගේම IIFA සහ News18 Reel සම්මාන උළෙලවලින් සම්මානයටත් පාත්‍රවෙලා තියෙනවා, කොයි හැටි වේවා, අන්තර්ජාල සිනමා දත්ත ගබඩාව (IMDb) සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු තක්කාලි එකතුවෙන් කියවෙන්නේ වෙනත් කතාවක්. IMDb මධ්‍යන්‍යයෙන් මේ වෙනකොට ලකුණු 4.7/10 කට ත් තක්කාලි මාපකයෙන් 43%කටත්, වාසනාවකට වාගේ 57% ක Audience Score එකකටත්, මැදහත් මට්ටමේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයකටත් මේ ලිපිය ලියන මොහොතේ දී භූල් භුලයියා 3 උරුමකම් කියනවා.

මේ වෙනකොට සතියේ දවස් හතම වැඩට කොටුවෙලා ඉන්න මට මේ උපසිරැසියේ සෝදුපත් බලන්නවත් වෙලාවක්-කලාවක් නොලැබුණු තරම්. කොහොම හරි, කලබලයක් නැතුව හෙමින් සීරුවේ වැඩේ ඉවර කරන්න නිදහස ලබාදුන්නු රවිදු හේෂාන් සහෝදරයාත්, ඒ වගේම ලශේන් ද මෙල්, සිසිල ප්‍රසාද්, ශාන් විමුක්ති ඇතුළු නම් සඳහන් කළ–නොකළ සමස්ත බයිස්කෝප් එල්කේ සහෝදර පිරිසටත්, සබ් එක බාගන්න එන හැමෝටමත්, නැවත වරක් ස්තුතියි. ඉතින් අවසරයි සමුගන්න… අදට. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,807 downloadsDownload Bhool-Bhulaiyaa-3-2024.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ දුවිඳු තරින්ද පෙරේරා” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ දුවිඳු තරින්ද පෙරේරා

Subtitles

1,807 downloadsDownload Subtitles68 KB

7 comments

  1. Dasun

    සුපිරි...ආර්ටිකල් එකත් සුපිරි

  2. Buddhika laKMal

    පරක්කුවෙලාහරි සබ්එක දුන්නට තෑන්ක්ස් සහෝ

  3. Anonymous

    ko sub eka

  4. Dhananjaya

    සබ නෑෙන

  5. Kaushal

    Where can i find the subtitles for this film

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  7. nilanka

    thanks........