Watch Trailer

Big Momma’s House 2 (2006) Sinhala Subtitles | ලොකු අම්මාගේ රහස් පරික්ෂක වැඩ [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම. ඔන්න තවත් ලස්සන විනෝදකාමී චිත්‍රපටියක් දෙන්නයි මේ සූදානම. පවුලේ හැමෝටම ඒකට ඉඳගෙන බලන්න පුළුවන් Martin Lawrence ගේ Big Momma’s චිත්‍රපට මාළාවේ 2 වෙනි චිත්‍රපටය තමයි මේක. වයසක මහත කාන්තාවක් මෙන් වෙස්වලාගෙන සිටින FBI රහස් පරික්ෂකයෙකුගේ අපූරු වැඩ ගොන්නක් තමයි මේ චිත්‍රපටයට මුසු වෙලා ත…

සුභ දවසක් හැමෝටම. ඔන්න තවත් ලස්සන විනෝදකාමී චිත්‍රපටියක් දෙන්නයි මේ සූදානම. පවුලේ හැමෝටම ඒකට ඉඳගෙන බලන්න පුළුවන් Martin Lawrence ගේ Big Momma’s චිත්‍රපට මාළාවේ 2 වෙනි චිත්‍රපටය තමයි මේක. වයසක මහත කාන්තාවක් මෙන් වෙස්වලාගෙන සිටින FBI රහස් පරික්ෂකයෙකුගේ අපූරු වැඩ ගොන්නක් තමයි මේ චිත්‍රපටයට මුසු වෙලා තියෙන්නේ. මේකේ කලින් චිත්‍රපටිය බළලා නැත්තම් විගහට අරන් ඒකත් බලන්න Big Momma’s House (2000).

කතාව මේකයි,

මැල්කම් ටනර් පෙර FBI ආයතනයේ රහසිගත මෙහෙයුම් කටයුතු පිළිබඳ සේවය කර මේ වන විට ආයතනයේ ලිපිලේඛන කටයුතු සිදුකරන නිලධාරියෙක්. තම බිරිඳගේ ගර්භණිභාවය නිසා ඇයට වැඩි අවධානයක් යොමු කිරීම සදහා මැල්කම් මෙලෙස තමන්ගේ රහසිගත මෙහෙයුම් කටයුතු වලින් ඈත්ව සුළු සේවයේ යෙදි සිටියි. රහසිගත මෙහෙයුම් වැඩ වලට වඩාත් ප්‍රිය කරන මැල්කම්ට තම වත්මන් ‍රැකියාව පිළිබඳ තිබෙන්නේ නොසතුටකි. තම බිරිඳගේ බලපෑම නිසයි මැල්කම් එවැනි සුළු කාර්යක් ‍තෝරාගෙන තිබෙන්නේ. දිනක් තමන්ගේ වැඩබිමට අයිති නොමැති එක්තරා රහසිගත මෙහෙයුම් කටයුත්තකට හිත යන මැලක්ම්ට යලිත් තමන්ගේ පෙර පරණ සුපුරුදු ගතිගුණ ඇති වෙන්නට පටන් ගනි. රාජ්‍ය බුද්ධිමය රහස් පද්ධති වල දත්ත සොරෙන් ලබා ගතහැකි මෘදුකාංගයක් සාදන මෘදුකාංග ඉංජිනේරුවරයෙකුගේ නිවසකට ළමයි බලාගන්නියක් ලෙසින් ලොකු අම්මා අයුරින් වෙස්වලාගෙන තම බිරියටත් බොරු පවසමින් ඔත්තු බැලීමට මැල්කම් යයි. FBI ආයතනයෙත් කිසිම අනුදැනුමක් නොමැතිව මැල්කම් මෙලෙස තම හිතුමතේට ක්‍රියා කරනු ලබයි. මෙම නිවසේ දඟකාර කොළු පැටියෙක්ද විසේකාර පොඩි කෙල්ලෙක්ද සහ හිතුවක්කාර වැඩිමල් දියණියක්ද සිටියි. ඔවුන්ව බලාකියා ගැනිමින්, ඔවුන්ගේ දඟ වැඩත් ඉවසමින්, ගේ දොර වැඩත් කරමින් තමන්ගේ විපරම් කිරීමේ රාජකාරිය සිදු කිරීමට මැල්කම්ට සිදුවේ. මේ ලොකු අම්මගේ ළමයි බලාගන්න වැඩේදි බොහොම අපූරු සිදුවීම් ‍රැසක්ම වෙනවා. ලොකුම අම්මා හෙවත් මේ රහස් FBI නිලධාරියාගේ රහසිගත අනන්‍යතාවය හෙළි වීමටත් යන අවස්ථාද නැතුවාම නොවේ.

මේ මෙහෙයුම සාර්ථකව කරගන්න මැල්කම්ට පුළුවන් වෙයිද? මැල්කම් හොරෙන්ම විසඳන්න යන මේ මෙහෙයුම FBI එකට මාට්‍ටු වෙයිද? ලොකු අම්මා ළමයි බලාගන්නියක් විදියට ගිහින් මොනවා කරගනියිද? මැල්කම්ගේ මේ ලොකු අම්මා වැඩේ තමන්ගේ නෝනට මාට්‍ටු වෙයිද ? මොනවද වෙන අපූරු සිදුවීම්?

සේරටම උත්තර දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්න.
තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,625 downloadsDownload Big-Mommas-House-2-2006.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

3,625 downloadsDownload Subtitles55 KB

13 comments

  1. සචින්ත කල්හාර බෙනට්

    උපසිරැසියට බොහොම ස්තූතියි, සහෝ.

  2. තෙපුල් ලයන්ත

    Ammee e kale balapu supiri film ekak

    sub ekata thanks machan

  3. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...
    ජයවේවා....!

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. Hashan M. Priyadarshana

    Big Mommas: Like Father, Like Son (2011) එකටත් සබ් දෙන්න බ්‍රෝ

  6. chani

    The Nutty Professor 1996 movie sub dennko please thanks!!!

  7. Dewadithya

    Thanks for Sub!

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Malith Samarawickrama

    Thanks machan sub ekata

  13. Anonymous

    THANKS