හොඳයි, එහෙනම් ඔන්න මේ පාර මම ඇඩම් ස්ලැන්ඩර්ගේ චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. ඇඩම් ස්ලැන්ඩර් කවුද කියලා මෙතන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න උවමනා නෑනේ. කොමඩි රසිකයෝ නම් හොඳ හැටි මෙයා ගැන දන්නවා, අනිත් උදවියත් එහෙමයි. මේ තමයි මම ඇඩම් ස්ලැන්ඩර්ගේ ගෙනාපු දෙවෙනි චිත්‍රපටිය. මුලින්ම දුන්නු චිත්‍රපටිය ඇවිල්ලා…

හොඳයි, එහෙනම් ඔන්න මේ පාර මම ඇඩම් ස්ලැන්ඩර්ගේ චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. ඇඩම් ස්ලැන්ඩර් කවුද කියලා මෙතන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න උවමනා නෑනේ. කොමඩි රසිකයෝ නම් හොඳ හැටි මෙයා ගැන දන්නවා, අනිත් උදවියත් එහෙමයි. මේ තමයි මම ඇඩම් ස්ලැන්ඩර්ගේ ගෙනාපු දෙවෙනි චිත්‍රපටිය. මුලින්ම දුන්නු චිත්‍රපටිය ඇවිල්ලා Spanglish (2004). හැබැයි ඒකේ ස්ලැන්ඩර් හිටියට ඒක කොමඩි චිත්‍රපටියක් නම් නෙමෙයි, කොහොම වුනත් ලස්සන අර්ථයක් තියන ජීවිතයේ දුක්මුසු අවස්ථාවන් අන්තර්ගත වෙලා තියන ලස්සන චිත්‍රපටියක්. ඒක බළලා නැති අය අරන් බලන්න. දැන් මේ අරන් ඇවිත් තියන චිත්‍රපටිය නම් ඇවිල්ලා ඇඩම්ගේ හුඟක් පරණ පැලනකන්ම හිනා වෙන්න පුළුවන් පරණ කොමඩියක්. ඇඩම් හුඟක් තරුණයි ඒ කාලේ. ඒ කියන්නේ ඇඩම් කොල්ලා කාලෙදි වගේ තමයි මේ කොමඩිය ගහලා තියෙන්නේ. දැන් වගේ නෙමෙයි, දැන් නම් ඇඩම් හුඟක් වයසයි. ඒත් එහෙමයි කියලා එදා ඉඳන් අද වෙනකන් මිනිහගේ විහිළු වල නම් කිසි අඩුවක් නෑ.
කතාව මේකයි,
කෝටිපති හෝටෙල් ව්‍යාපාරිකයෙකුට ඉන්නවා වයසින් වැඩුනු තරුණ ළාමක ගති ගුණ තියන අඩු අධ්‍යාපනයක් ලබපු සෙල්ලක්කාර, කරදරකාර, මානසිකව විකාර පුතෙක්. මෙයා තමයි බිලී මැඩිසන්. ඉන්නේ තරුණ වයසේ වුනාට කරන්නේ පොඩි ළමයින්ගේ ළාමක වැඩ, විහිළු වගේ දේවල්. කිසිම දෙයක් බරපතල්ව හිතන්නේ නෑ. කනවා බොනවා ඔහේ විනෝදයෙන් තමන්ගේ යාළුවොත් එක්ක කල් ගෙවන ඒක තමයි මිනිහා කරන්නේ. ඉතින් මෙහෙම ඒක දවසකදි බීලිගේ කෝටිපති තාත්තා තීරණය කරනවා තමන්ගේ ව්‍යාපාරික වැඩ වලට සමුදෙන්න. තමන්ගේ ව්‍යාපාරයන් සියල්ලම වෙනත් පිට අයෙකුට ලබා දීමට බිලීගේ තාත්තා මෙතනදි කටයුතු කරන්න තීරණය කරනවා. තමන්ගේ පුතාට නැතුව මෙහෙම කොහෙවත් ඉන්න පිට කෙනෙකුට මේ ව්‍යාපාර බිලීගේ තාත්තා පවරලා දෙන්න අදහස් කරන්නේ ඒවා වල වැඩ කරන සේවකයොන්ගේ සුභ සිද්දිය උදෙසායි. හරි නම් තමන්ගේ දේවල් ලබා දෙන්න ඕනේ තමන්ගේ ළමයට වුනාට මෙතනදි ඒක කරන්න පුළුවන්කමක් නැති බව බිලීගේ තාත්තට තේරුම් යනවා. මොකද බිලී මෝඩයෙක්, හරි හැටි ඉගෙනීමක් නෑ, කරන්නේ පිස්සු වැඩ, වැඩ කරන්නේ පොඩි ළමයෙක් වගේ, ඉතින් මේ කාරණා නිසායි බිලීගේ තාත්තා මෙහෙම කරන්න තීරණයක් ගන්නේ. මේ ගන්න තීරණයෙන් බිලීට කවදාවත් රස්සාවක් කරන්න උවමනා වෙන්නෙත් නෑ. බිලීට ඔහේ කකා බිබී ඉන්න පුළුවන් බව බිලීගේ පියා මේ සම්පූර්ණ කාරණය බිලීට පැහැදිලි කරලා දෙනවා. නමුත් බිලී මෝඩයෙක් වුනට මේ වැඩේට තදින්ම විරුද්ද වෙනවා, තමන්ට උරුම වෙන්න ඕනේ මේ දේපළ පිට කෙනෙකුට දෙන්න යන ඒක ගැන. බිලී තමන්ගේ තාත්තගෙන් ඉල්ලනවා තමන්ට මේ ව්‍යාපාරයන් ලබා දෙන ලෙසට. බිලීට හරි හැටි ඉගෙනනීමක් නැති ප්‍රශ්නේ නිසා බිලීගේ පියා මේකට කැමති වෙන්නෙම නෑ, තමන්ගේ සේවකයොන්ගේ අනාගතය පරදුවට තියන්න බැරි හින්දා. නමුත් බිලී ඒක අපූරු යෝජනාවක් තමන්ගෙ පියාට සිදු කරනවා. ඒ තමයි 1 වසරේ ඉඳන් 12 වසර වෙනකන් තියන සියලුම විභාහ කරලා තමන්ගේ අධ්‍යාපන සමත්කම අරගන්නම් කියලා සති 2ක් ඇතුළත. බිලීගේ තාත්තා මේ අදහසට හුඟක් පැහැදිලා බිලීට අවසාන අවස්ථාවක් වශයෙන් දෙනවා ඔප්පු කරලා පෙන්නන්න තමන්ගේ පුතා මෝඩයෙක් නෙමෙයි කියලා. ඉතින් බිලී පහුවදා උදේම ඉස්කෝලේ 1 වසරේ ඉඳන් යන ගමන පටන් ගන්නවා. බිලීගේ මේ ඉස්කෝලේ ගමන කඩාකප්පල් කරන්නයි, බිලී තාත්තට දුන්න අර පොරොන්දුව කඩාකප්පල් කරන්නයි එක පුද්ගලයෙක් විවිධ උත්සහයන් දරනවා. බිලීට විවිධ අපූරු දේවල් වලට මූණ දෙන්න සිද්ද වෙනවා මේ නැවත යන ඉස්කෝලේ ගමනෙදි. අධ්‍යාපනික ගැටළු කරදර බාධක, ළමයින්ගේ පීඩා හිරිහැරයන් වලටත් බිලීට මූණ දෙන්න සිද්ද වෙනවා. ඒ වගේම පාසලේ ඉන්න ලස්සන ගුරුවරියක් එක්කත් බිලී හාද වෙන්න විවිධ අපූරු උත්සහයන් දරනවා. පන්ති කාමරය තුළ විවිධ අපූරු සිදුවීම්ද මේ අතර වෙනවා.
බිලීට සති දෙකක් ඇතුළත සියලුම වසරවල් සමත් වෙන්න පුළුවන් වෙයිද ? කවුද මේ බිලීගේ වැඩ කඩාකප්පල් කරන්න උත්සහා කරන කෙනා ? ඇයි එහෙම කරන්නේ ? පන්ති කාමරයේ ඒ වෙන අපූරු සිදුවීම් මොනවද ? නැවත පාසල් ජීවිතේ බිලීගේ කොහොම එකක් වෙයිද ? බිලීගේ තාත්තගේ ව්‍යාපරයන් වස්තු සම්පත් කාට අවසානයේ ලැබෙයිද ? අර ලස්සන ගුරුවරුයත් එක්ක බිලීට හාද වෙන්න පුළුවන් වෙයිද ?
එහෙනම් කොල්ලා කාලේ ගහලා තියන ඇඩම්ගේ මේ කොමඩිය අරගෙනම බලන්න. තවත් ඇඩම් ස්ලැන්ඩර්ගේ මේ වගේම චිත්‍රපටියකින් නැවත හමුවෙමු!
ඔ ඩොයිල් රූල්ස් ! 😀 ඔ ඩොයිල් රූල්ස් ! 😀 ඔ ඩොයිල් රූල්ස් ! 😀
(ඔ ඩොයිල් රූල්ස් – ඇඩම් ස්ලැන්ඩර් තමන්ගේ චිත්‍රපටි වලට
නිරන්තරයෙන් යොදා ගන්නා යම් වදනක්)

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,134 downloadsDownload Billy-Madison-1995.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
24 comments
Hashan M. Priyadarshana
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Capharnaüm (2018) - mkvcage
හරිම ලස්සන ගොඩක් දුක හිතෙන කතාවක්.
මේකට උප සිරසි දුන්නේ නැත්නම් ගොඩක් පසු තෑවෙන්නවෙයි.....
Rating: 8.4/10 - 6,962 votesහසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට...
පුලුවන්නම් දිගටම මේ වගේ පරන උනත් මග ඇරුන හොද ෆිල්ම් වලටම සබ් දෙමු සහෝ....
ජය...!Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො....
Kulanjana Maduranga
subata thanks
Pradeepkumara
Thnx saho
indika75
thanks..
යුරාන් ධනුක (ධනූ)
Thanks Saho !!!
wajira
Thanks for sub
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
ජයවේවා..IreshSampath
thanks
Eranda Malith 2.0
Thanks mcn
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...කොච්චර වැඩ රාජකාරී තිබුනත් කොමඩි ෆිල්ම් එකක් නම් කොහොමහරි වෙලාවක් හොයාගෙන බලනවා. තව මේ වගේ ෆිලුමකට උපසිරස ලබා දෙන්න කියල ඉල්ලීමක් කරනවා..බුදුසරණයි..ජය වේවා!
බොබී
කොමඩි නම් අපිත් කැමතියි. අනිවා බලනවා. තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න, සහෝ.
jagath55
Thanks
sahith sambodhi
TNX BROO liyala thiyena widihata balanna hithenawa
AsithaDilruwan
ela saho thanks
hmj
Thanks for the sub Bro...Good luck!
Thilankadissanayake
thanks
dragonhero
thanks
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thank you machan sub ekata....
Jaya wewa!