Watch Trailer

Ocean’s Eight (2018) Sinhala Subtitles | මහා දියමන්ති හොරකම… [සිංහල උපසිරැසි සමඟ]

හොරකම කිසිදාක අගය කල යුත්තක් නෙමෙයි හැබැයි ඉතින් එහෙමයි කියලා අනුන් හොරකම් කරනවා බලා ඉදලා අපි සතුටු වුන අවස්ථා නැතුවම නෙමෙයි නෙව… අපි හැමෝම මංකොල්ලකෑම්, හොරකම් සම්බන්ධ චිත්‍රපටි වගේම රුපවාහිනී කතා මාලා බලන්න මොහොම කැමති නිසාවෙන්ම මේ ටිකේ තවත් රුපවාහිනි කතා මාලාවක් එක්ක බයිස්කෝප් අපේ සහෝදර උපසිරසකරු…

හොරකම කිසිදාක අගය කල යුත්තක් නෙමෙයි හැබැයි ඉතින් එහෙමයි කියලා අනුන් හොරකම් කරනවා බලා ඉදලා අපි සතුටු වුන අවස්ථා නැතුවම නෙමෙයි නෙව… අපි හැමෝම මංකොල්ලකෑම්, හොරකම් සම්බන්ධ චිත්‍රපටි වගේම රුපවාහිනී කතා මාලා බලන්න මොහොම කැමති නිසාවෙන්ම මේ ටිකේ තවත් රුපවාහිනි කතා මාලාවක් එක්ක බයිස්කෝප් අපේ සහෝදර උපසිරසකරුවෙක් ඔබත් එක්ක රෝයල් මින්ට් කියල පුංචි ආයතනයක් කොල්ල යනවා… නමුත් සල්ලිම හොරකම් කරලා එපා වෙලා නම් එකතු වෙන්න අපිත් එක්ක වෙනත් වටිනා දෙයක් හොරකම් කරන්න හැටි බලා ඉන්න…

මතකද දන්නේ නැහැ ටික කාලෙකට කලින් සිනමා ලෝකය පුරා නමක් දරාගෙන හිටිය ඕෂන් කියල හොරෙක්ව… තනියම එහෙම නෙමෙයි 11 දෙනෙක් එක්ක එක වතාවක් හොරකමක් කරලා සාර්ථක වුන තැන 12 දෙනෙක් එක්කාසු කරගත්ත මේ හොරා 13 දෙනෙක් එක්කත් හොරකමක් බෙදාගෙන තමයි අවසානයේ නතර වුනේ, අනේ ඉතින් තිරයේ අපි නොදැක්ක ටික කාලේ ඇතුලත ඕෂන් ලොක්කා පරලොව සැපත් වෙලා කියල තමයි ආරංචි නමුත් ඉතින් ඕවා කියන බැහැ, නීල් කැෆ්රි වගේ මරණයක්ද දන්නේ නැහැ නෙව… මේ වතාවේ අපේ කතා නායිකාව ඩේබී ඕෂන්… නෑකමින් ඕෂන් ගොයියාගේ නැගණිය වෙන ඩේබී කතාව ආරම්භ කරන්නේ බන්ධනාගාරයක් ඇතුලතින්… කළකම් පලදිලා කියල හිත හදාගන්න බැරි මේකෙම උන් ඉන්නකොට කියල ඔබට තේරුම් යාවි වැඩි වෙලාවක් යන්න කලින්… ඒ බන්ධනාගාරගතව උන්න කාලය පුරාම ඩේබී එක අවසාන හොරකමක් සැලසුම් කිරීම නිසාවෙන්…

නමුත් අයිය වගේම තනියම නම් හොරාකෑම කරන්න නංගිත් සූදානම් නැහැ, තමුන් එක්ක මීට පෙර මෙහෙම වැඩ කරන්න එක්කාසු වුන ලූ තමයි මුලින්ම හවුල් වෙන්නේ ඇය තමයි සම්බන්ධතා වගේම සැලසුම් කරන්න අවශ්‍ය ස්ථානයේ ඉදලා සෑහෙන වැඩ කොටසක් ඉටු කරන්නේ… ඉන් පස්සේ එක්කාසු වෙනවා රෝස් ඇය නම් ඉතින් හොරෙක් නෙමෙයි සුප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්… ඔයින් ගියාම ආභරණ නිර්මාණය කරන්න සම්බන්ධයෙන් විශිෂ්ඨ අමිතා එක්කාසු වෙනවා කණ්ඩායමට. නමුත් ඉතින් පුංචි අත් දෙකක් තියන කොස්න්ටන්, ටැමී වගේ මංකොල්ලකාරියක් එක්ක නයින් බෝල් නමින් තමුන්ව හඳුන්වා ගන්නා පරිගණක ඇතුලට හොරෙන් රිංගන්න උපන් හපන් කෙල්ලත් එක්කාසු වෙනකම් ඉතින් මේ කාණ්ඩය සම්පුර්ණ වෙන්නේ නැහැ කිව්වහැකි…

ඉතින් විවිධ පැතිවලින් දක්ෂතා දක්වන්නට හැකි මේ පිරිසගේ අරමුණ එහෙමත් නැත්නම් ඉලක්කය වෙන්නේ මොකද්ද කියල ඔබ හිතනවා ඇති… ඒ රාත්තල් 6 ක් බරින් යුක්ත තනිකරම දියමනිතියෙන් නිර්මාණය වුන, රජ පවුලක් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය වුන වසර 50 කින් හිරු දැක නැති පවුම් මිලියන 150 අධික වටිනාකමක් ඇති මාලයක්… හැබැයි පුතෝ වැඩේ නම් ලේසි වෙන්නේ නැහැ මොකද මේ තරම් වටිනාකමක් එක්ක හොයන පිරිස වැඩි වෙනවා වගේම ආරක්ෂාව ගැන ආයේ කියන්න දෙයක් නැහැ නෙව නමුත් ඉතින් හොරකම් කරන්න තියන දෙය ලේසි නම් මොන මගුලක් කරන්න මෙහෙම නිර්මාණයක් බලන්න අපි කාලේ කාදාන්න ද ? ඉතින් ඔබට විශිෂ්ඨ හොරකමක් බලාගත හැකි වේවි… හිතාමතාව මේ කතාවේ සෑහෙන දේවල් ඔබට නොකියා ඉන්න මම වගබලා ගත්තා මොකද කියනවා නම් කතාවේ පෙරලි කිහිපයක් සිද්ධ වෙනවා ඒ දේවල් හෙළි කලොත් අර ජෝ කොල්ලා මට මැරුණා මිනිස්සු පේනවා කීවා වගේ වෙන නිසා….

IMDB මීටරයේ 6.3 ක අගයක් වගේම රෝටන් ටෝමාටෝ මීටරයේ 67% ක අගයක් ලබාගත් පැය එකකුත් මිනිත්තු 50 පුරා දිවයන Action, Comedy, Crime, Thriller කාණ්ඩ නියෝජනය කරනා මේ නිර්මාණය තුල ඔබට දැකගත හැකි වේවි සම්මානනීය විශිෂ්ඨ නිලියන් බොහොම ගණනක්… නමි ටිකක් එහෙම කියනවා නම් Sandra Bullock, Cate Blanchett, Anne Hathaway, Helena Bonham Carter, Mindy Kaling, Rihanna, Awkwafina, Sarah Paulson ඔතනින් නතර නොවී Richard Armitage, Elliott Gould, Dakota Fanning, James Corden වගේම තවත් විශාල පිරිසක් එක්කාසු වෙනවා. Gary Ross අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙහි පිටපතත් නිර්මාණය කරලා තියෙන්නේ ඔහු එක්ක Olivia Milch.

මේ කතාව මුලින්ම භාර අරගෙන තිබ්බ රොයිලි අයියාටත්, මේ ටිකේ මම භාරගත්ත හෝ මට භාර වුන නිර්මාණ වැඩි නිසාවෙන් කරමුද ඇහුව ගමන් එකපයින් “හා” කිව්ව උදයංග සහොටත් ස්තුති කරමින් මම සමුගන්නවා. ඔබට භාරයි ඔස්කා සම්මාන ඔස්කා සම්මාන 4 ක් එක්ක නාමයෝජනා 9ක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 7 ක් එක්ක නාමයෝජනා 21 වගේම එමි සම්මාන ගොන්නක් එක්ක ග්‍රෑමි සම්මාන එහෙමත් තියන මේ ප්‍රධාන හොරුන්ගේ වැඩ බලන්න…. එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / HD / Blu-Ray පිටපත් සඳහා ලබා දී ඇත.

23,662 downloadsDownload Oceans-Eight-2018-Update.zip121 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” හා “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

JOINING DATE – 2017-07-03[ උදයංග සම්පත් ] 
JOINING DATE – 2013-02-12 [ සමීර කරුණාරත්න]
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

23,662 downloadsDownload Subtitles121 KB

110 comments

  1. විමා

    දෙන්නටම සබට තුති වේවා
    මෙන්න ගන්නෝ

  2. Kulanjana Maduranga

    niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  3. indika75

    enakam balagena hitiye,thanks.

  4. gihan perera

    දෙන්නටම ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.....නියමයි....දිගටම උපසිරැසි කරන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝලා දෙන්නටම....පට්ට ෆිලුමක්...මේක නම් සුපිරි මචෝ....

  5. යුරාන් ධනුක

    බොහෝම ස්තුතියි උපසිරැසියට !

  6. Milind@

    Thanks saho

  7. Kavishal Rasintha

    Ayyalaa dennatama bohoma sthuuthiy sub ekata... Gd luck

  8. Kavinga

    thanks bro well done

  9. tharindu jayasekara

    thanx boss......

  10. Gayathri anushika

    Kohomada film down load karanne..help me

  11. 4devinda

    බොහෝම ස්තුතියි.. .

  12. SanjulaJeter

    thanks

  13. lahiru sadaruvan

    thank you so much both of you...

  14. Udara Damith Dissanayaka

    මේ වගේ ඒවා නම් කොහොමත් අත හරින්නේ නී

  15. wnrodrigo

    Good work friend, Thanks!

  16. scgimhan

    thanx bro

  17. Ravindu Rukshan

    පට්ට ෆිලුම තැන්ක්ස්

  18. MAALnath

    Thanks ...............good luck ....................... ..

  19. shehardinush

    Thanx Brooooooooooooo.........

  20. .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  21. Kapila4499

    thank for sub ..................

  22. DilanDilshan

    ela ela thankzzz..

  23. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  24. nimanaka

    thanks brother

  25. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

  26. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  27. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  28. Amilperera

    Thnks broo sub akata

  29. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  30. nishannw

    Thank u mcn...jaya wewa

  31. Kanchaka

    Thanks bro

  32. DilanMax

    Thank bro. ජය!!!!

  33. gayanveranga

    tnx bro

  34. mighty.94

    Thanks Bro...!!!

  35. krishanmadusanka

    patta filuma.kello inna hinda boring wei kiyala hithuwe.thanks sub ekata

  36. subodha

    Thanks Bro..

  37. kelumchathuranga

    thanks

  38. Nuwan

    සබ් එකට ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි..

  39. madushangamage

    thankes bro

  40. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදයංග හා සමීර සහෝ.
    ජයෙන් ජය.

  41. nishadchandima

    බොහෝම ස්තුතියි!!!

  42. pradeep hashan

    thanks bro sub ekata

  43. Sajithlakshan

    sub ekata thanks machan

  44. Kulanjana Maduranga

    thanks saho sub ekata.....

  45. sampath n perera

    thanks

  46. Ranasinghe_charuni

    Thank

  47. mudith89

    patta flim ekak, ela, 2018 mn balapu hodama ekak kiyala kiyanda puluvan

  48. roshanst

    thank you

  49. suna

    thanx sahola dennatama.

  50. දසිත චාමික

    bohoma sthuthie saho! jaya!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.