Watch Trailer

Final Destination : Bloodlines (2025) Sinhala Subtitles | මරණයට ඇති නෑකම! [සිංහල උපසිරැසි] 18+

Final Destination Bloodlines (2025) Sinhala Subtitles මේ ලෝකයේ ඉපදෙන හැම කෙනෙක්ටම උරුම එක දෙයක් තියනවා. ඒ තමයි මරණය. අපි මොන ආගම ඇදැහුවත්, මොන දේ විශ්වාස කරත් හැමෝටම පිළිගන්න වෙන කාරණාව එහෙම නැත්නම් පොදු ධර්මතාව තමයි ඒ. ගොඩක් අය මරණය ගැන වැඩිය කතා කරන්න ආසත් නැහැ. ඒකට හේතුව මරණයේ ඇති වේදනාව සහ දුක…

 

Final Destination Bloodlines (2025) Sinhala Subtitles

මේ ලෝකයේ ඉපදෙන හැම කෙනෙක්ටම උරුම එක දෙයක් තියනවා. ඒ තමයි මරණය. අපි මොන ආගම ඇදැහුවත්, මොන දේ විශ්වාස කරත් හැමෝටම පිළිගන්න වෙන කාරණාව එහෙම නැත්නම් පොදු ධර්මතාව තමයි ඒ. ගොඩක් අය මරණය ගැන වැඩිය කතා කරන්න ආසත් නැහැ. ඒකට හේතුව මරණයේ ඇති වේදනාව සහ දුක කියන එක අපි හැමෝටම පැහැදිලියි.

හොලිවුඩ් චිත්‍රපට කලාවට නම් මරණය කියන සංකල්පය අලුත් දෙයක් නෙමෙයි. ගොඩක් චිත්‍රපට නිර්මාණය වෙලා තියෙන්නේ මරණය සෘජුව හෝ වක්‍රව පදනම් කරගෙන. විශේෂයෙන්ම ක්‍රියාදාම, හොල්මන්, ඇතැම් විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක චිත්‍රපට වල මරණය කියන්නේ, මරනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. නමුත් මේ මරණය කියන සංකල්පය වෙනස්ම ඇහැකින් දැකපු නිර්මාණයක් 2000 වසරේ දී බිහි වෙනවා “Final Destination” නමින්. මේ නිර්මාණයේ ඇති සුවිශේෂී බව, ඒ කියන්නේ මරණය කල් තියා දැකීමට ඇති හැකියාව සහිත පුද්ගලයෙක් කතාවේ ඇතුලත් කිරීම සහ ඒ දැකපු ආකාරයෙන්ම මරණය එක් එක් පුද්ගලයා වෙත ලඟා වීම කියන කාරණා නිසා මේ චිත්‍රපටය ජාත්‍යන්තර මට්ටමින් බහුතරයකගේ අවදානයට ලක් වෙනවා. ඒ සමගම මෙහි තවත් කොටස් 4 ක් අනුපිළිවෙලින් 2003, 2006, 2009, සහ 2011 යන වර්ෂ වල අපි අතරට එනවා. ඉතින් අද මම ඔයාලට අරන් එන්නේ මේ සීරීස් එකේ 6 වෙනි කොටස වන Final Destination Bloodlines කියන චිත්‍රපටය. පස් වෙනි කොටස ඇවිත් අවුරුදු 14 කින් තමයි මේ 6 වෙනි නිර්මාණය එලියට එන්නේ. කොච්චර ලොකු කාලයක්ද නේ..

මීට කලින් මේ චිත්‍රපටයට උපසිරැසි දුන්න සහෝදර උපසිරැසි කරුවන් දෙන්නවත් මතක් කරගෙන එහෙනම් කතාව ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.

1968 අවුරුද්දේ Skyview නමින් ඉතා උස කුළුනක ඇති ආපන ශාලාවක් විවෘත කිරීමේ උත්සවයකට අයිරිස් (Brec Bassinger) ඇගේ පෙම්වතා වන පෝල් (Max Lloyd-Jones) සමග සහභාගී වෙනවා. කුළුන උඩට ගිය අයිරිස්ට මාරයා විසින් මේ උත්සවයට පැමිණි සියලු දෙනාම විනාශ කරන හැටි මැවිලා පේනවා. ඒ එක්කම ක්‍රියාත්මක වන අයිරිස් හැමෝගෙම ජීවිත බේරා ගන්නේ Skyview කුළුන මහජනතාවට නුසුදුසු මාරක තැනක් බවට සහතික කරමින්. හැබැයි මරණයෙන් බේරුනා කියලා හිතුව ඒ උත්සවයට ආපු හැමෝම (අයිරිස්ගේ පෙම්වතා පෝල් ඇතුළුව) පසු කාලෙක මරු තුරුළට යන්නේ අයිරිස්ව විතරක් ඉතුරු කරලයි.

ඔය සිද්ධිය වෙලා අවුරුදු බර ගානකට පස්සේ ඒ කියන්නේ අයිරිස් ආච්චි කෙනෙක් උනාට පස්සේ, අයිරිස්ගේ මිණිබිරිය වන ස්ටෙෆනි (Kaitlyn Santa Juana) ටත් අයිරිස් තරුණ කාලේ දැකපු Skyview සිද්ධිය පේන්න ගන්නවා. මේ ගැන හොයන්න ස්ටෙෆනි එයාගේ ආච්චි අයිරිස් ගාවට ගියාම දැනගන්න ලැබෙනවා අයිරිස්ට ලේ නෑකම ඇති හැමෝවම මාරයා ඉක්මණින්ම බිලි ගන්නා බව. ඉතින් ස්ටෙෆනි තමන්ට ගන්න පුළුවන් උපරිම උත්සාහය ගන්නවා තමන්ගේ පවුලේ අයව මාරයාගෙන් බේරාගන්න. මොකද හිතෙන්නේ පුළුවන් වෙයිද?

Final Destination Bloodlines එළි දැක්වූයේ මැයි 16. වැඩි කාලයක් නැහැ. තාමත් හෝල්වල මේ චිත්‍රපටය පෙන්වනවා. New Line Cinema නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Zach Lipovsky සහ Adam Stein විසින්. චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 110 ක් පමණ වෙනවා. ඒ වගේම මේක මේ වෙනකොට IMDb 7.1 අගයකුත් Rotten Tomatoes 92% අගයකුත් අරන් තියෙන්නේ. ඉතින් කතාවේ ගුණාත්මකබාවය ගැන කවර කතා ද?

ලිපිය අවසන් කරන්න කලින් Final Destination චිත්‍රපට මාලාවේ හැම කොටසකම හිටපු Tony Todd ව මතක් කරන්නම ඕන. ඒ එයා ගිය අවුරුද්දේ ජීවිතයෙන් සමුගත් නිසයි. ඉතින් ආපහු Final Destination චිත්‍රපටයක් ආවොත් Tony Todd ව නම් අපිට දැකගන්න වෙන්නේ නැහැ.

ඒ වගේම පහුගිය 12 වෙනිදා ඉන්දියාවේ සිදු උන ගුවන් අනතුරෙන් මිය ගිය හැම දෙනාටමත් නිවන් සුව ප්‍රර්ථනා කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා. මම ඒ ගැන විශේෂයෙන් කියන්න හේතුව ඒ සිදුවීමත් Final Destination පළවෙනි කතාවත් අතර පුංචි සමානකමක් තිබීමයි.

එහෙනම් පරිස්සමට බලන්න. වටපිටේ ඇති දේවල් ගැන ඇහැ ගහගෙන ඉන්න. මාරයා කොයි වෙලේ ඒවිද දන්නේ නැහැ.

 

 

   

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත් සඳහා ලබා දි ඇත.

 

12,591 downloadsDownload Final.Destination.Bloodlines.2025.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank


SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Final Destination Bloodlines (2025) Sinhala Subtitles

Subtitles

12,591 downloadsDownload Subtitles47 KB

20 comments

  1. PCVENOM

    Thanks for the Sub

  2. Dilshan

    අනිත් කොටස් නොබල මේක බැලුවට අවුලක් නැද්ද????

    1. Chamikara Vidanage

      ඒවා බලලා බලන්න පුළුවන් නම් හොඳයි. ඕක විතරක් කෙලින්ම බැලුවා කියලා අවුලක් නැහැ.

    2. Dilshan

      ස්තුතියි සහෝ රිප්ලයි එකට සහ උපසිරසියට
      අදම බලනවා
      ජය වේවා

  3. Bimsara Yashan (ඔලිව)

    සුපිරියක් තමා චාමිකර අයියේ. කිව්ව වගේම අදම දුන්නානේ. තාම මං මේකෙ මුල් ෆිල්ම් තුන විතරයි බැලුවේ, අනිත් දෙකත් බලලා මේකත් බලන්න ඕනෙ ඔයාගෙ සබ් එකෙන්ම. එහෙනම් බොහොම ස්තූතියි සහෝ සබ් එකටයි මෙච්චර ඉක්මනින් ගෙනාවටයි. ජයවේවා!

  4. Buddhika laKMal

    ස්තූතියි චාමිකර සහෝ කාලෙකින් පට්ටම මූවි එහෙකට සිංහල සබ් දුන්නට.......

  5. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  6. Damith Niwanthaka

    thanks bro. jaya wewa..............!!!

  7. Sumindu Maduranga

    Movie එක ආපු ගමන්ම උපසිරැසි ලබා දෙන්න කැපවෙනවට, ගොඩක් ස්තූතියි සහෝ.

  8. Udaya

    බොහොම ස්තූතියි❤️

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  10. Chamara

    බොහොම ස්තූතියි .

  11. Sahan Gayantha

    thanks a lot Chamikara saho sub ekata

  12. Viraj

    Thanks

  13. Anonymous

    Thi sub did't macth my movie. It download in ytf in torrent

  14. Anonymous

    thank you

  15. Anonymous

    Thanks...

  16. mahesh pubudu

    Thank you so much. superb movie

  17. Anonymous

    Thanks bro

  18. Harshana Atapattu

    Thanks for sub brother. Keep it up

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.