Watch Trailer

Black Book (2006) AKA Zwartboek with Sinhala Subtitles | හෙට දිනක් උදාවේ නම් පලිගනිමි…[සිංහල උපසිරසි සමඟ] (18+)

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ My Father and My Son (2005) හැම තාත්තෙකුගේම සිතුවිලි…….. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ My Father and My Son (2005) හැම තාත්තෙකුගේම සිතුවිලි…….. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ බලන්න ලැබුන පට්ටම ෆිල්ම් එකකටයි. IMDb දර්ශකයේ 7.8 ක් එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලා සම්මාන 13ක් සහ නිර්දේශවීම් 21 ක් ලබාගත්තු දෙවන ලෝක යුද සමයේ නෙදර්ලන්තයේදී සිදුවූ සත්‍ය කතාවක් පදනම් කරගෙන නිපදවූ සුපිරිම ෆිල්ම් එකක්. පැය 2යි විනාඩි 25ක් යනකල් උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන, නියපොතු කකා පුටුව උඩ හිටවන ජාතියෙ ෆිල්ම් එකක් ලගදි බැලුවෙ නැත්තන්, අනිවා මෙන්න ඔයාල හොයපු ෆිල්ම් එක……..

රේචල් ස්ටේන් කියන්නෙ දෙවන ලෝක යුධ සමයේ නෙදර්ලන්තයේ සිටි ධනවත් යුදෙව් පවුලක එකම දියණියයි. ජර්මානුන්ගේ යුදෙව් සංහාරය නිසා සැඟවුණු ජීවිතයක් ගත කරන රේචල් හමුවීමට පැමිනෙන අබිරහස් අමුත්තෙක් ඇයව ජර්මානුන්ට අසුනොවී දේශ සීමාවෙන් එපිටට රැගෙන යාමට පොරොන්දු වෙනවා. නමුත් අවාසනාවන්ත විදියට මේ පැන යාමේ උත්සාහයේදී ජර්මානු මුර සංචාරක බෝට්ටුවකට අසු වී ඇගේ පවුලේ සියලු දෙනාවම ඉතාමත් කුරිරු අන්දමින් ඇගේ දෑස් ඉදිරිපිටදීම ඝාතනය වෙනවා. අහම්බයකින් මෙන් රහසිගතව ක්‍රියාත්මක වන නෙදර්ලන්ත නිදහස් සටන්කාමී සංවිධානක් විසින් ඇගේ දිවි බේරා ගන්නා අතර අවසානයේ එලිස් ඩී වාරිස් ලෙස සිය නම වෙනස් කර ගනිමින් ඇයත් ඔවුන් සමග එකතු වෙන්නේ පලිගැනීම සිය එකම අරමුණ බවට පත් කර ගනිමින්. පසුව ඇයට හමුවෙන ජර්මානු හමුදා නිළධාරියෙකුගේ ආධාරයෙන් ජර්මානු හමුදා මූලස්ථානය තුලට ඔත්තුකාරියක ලෙස රිංගා ගන්නා රේචල් එක්වරම සොයා ගන්නේ සිය දෙමාපියන් ඝාතනය කල ජර්මානු මුර සංචාරක බෝට්ටුවේ පැමිනීම හුදෙක් අහඹුවක් නොවන බවයි. එතැන් පටන්……..

සිය මවුබිමේ නිදහස උදෙසා දිවි පරදුවට තබා සටන්කල දේශප්‍රේමීන්……………
මුදලට ගිජුවූ දේශ ද්‍රෝහීන්……..
සියල්ල තීරනය කල කලු පැහැ කුඩා සටහන් පොත……..
ආදරයේ නාමයෙන් දිවිපිදූ ජර්මානු හමුදා නිලධාරියා……..
සතුරන් මිතුරන් සහ පාවා දෙන්නන් මැදින් දිවෙන ඇගේ පලිගැනීමේ වීර චාරිකාවේ අවසානය……..
අවසරයි නරඹන්න, හෙට දිනක් උදාවේ නම් පලිගනිමි…………..

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ අදක්ශතාව හින්දා ඔයාලට පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. ලගදීම තවත් සුපිරිම ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය…….!

ප.ලි – මේකේ ටිකක් සැරටම වගේ 18+ සීන් ටිකක් තියෙනවා. ඒවා කලාත්මක ඇහැකින් විතරක්ම බලනවා නං හොදයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

6,613 downloadsDownload Black-Book-2006.zip60 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HasithaMadhushan-e1483740911458.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

6,613 downloadsDownload Subtitles60 KB

54 comments

  1. Dulanga

    Thanks

    1. dileepa

      link natho

  2. Saminda Wadamachchi

    Thank you bro...............

  3. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  5. chandana

    Thanks macho

  6. අසිත

    elama saho thanks

  7. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  8. James DC

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ... තවත් මෙවැනි හොඳ ෆිල්ම් එකකට ඉක්මනින්ම සබ් දෙන්න...

  9. Bandara

    පට්ටම ෆිල්ම් එක ගොඩක් ස්තූතියි සහෝ…

  10. Rajitha

    Thanks bro.......jayawewa......!

  11. Udaya Fernando

    Thanks Hasitha

  12. ashan lankanath

    Thanks ..............good luck ..................

  13. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  14. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  15. Buddi

    Thanks........

  16. shan m

    Torrent eka nene

  17. Palitha de Silva

    ගොඩක් ස්තූතියි..

  18. M.K.I.Lakmal

    Dear,

    Link 1 dapan bn....

  19. Sohan Jayasooriya

    ස්තූතියි සහෝ සබ් එකට.. ජයවේවා

  20. buddhi

    thnks saho sub ekt... link ekak dhnko bn

  21. kasun

    Thank you brother patta film akak sub akata thanks

  22. wije

    Niyamai machan adama banava .digatama sub kotanta honde

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. හසිත මධුෂාන්

    සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන හොරෙන්ම මාරු නොවී කමෙන්ට් එකක් දාල යන්න නතර උන හැම දෙනාටම බොහොම ස්තූතියි...........

  25. දමිත්

    බොහොම ස්තුතියි උපසිරැසියට හසිත සහෝ.
    ජයෙන් ජය.

  26. හසිත මධුෂාන්

    Me sub ekata galapena hoda kopiyak
    Moviescounter web site eken leesiyenma direct download kara ganna puluvan.

  27. Sasith

    Thanks මල්ලි. තව හොඳ film ,කරන්න ශක්තිය ලැබෙන්න පාර්තනා කරනවා.........

  28. අබා

    ලිපි ලිවීමේ කිසිදු අදක්ෂ තාවයක් නැත...ලිපිය ෆිල්ම් එක දෙකම පට්ට...තව මේ විදියේ හොද නිර්මාණය රැගෙන එන්න ...ජයවේවා ...!

  29. shan

    thanks maru film eka thaw hona eva karanna

  30. Ruwan

    Very good film.thanks very much

  31. kasun

    Pattama fim akak bn thank you

  32. damith

    thanks saho....!!!

  33. smsp senanayake

    Thanks

  34. Shadow

    thaaaadaaa

  35. James DC

    අදයි සහෝ ෆිල්ම් එක බැලුවෙ. සුපිරිම චිත්‍රපටයක්. ඒ වගේම විශිෂ්ට උපසිරසි ගැන්වීමක්. දිගටම මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න. ජය !

  36. akila13

    thanks bro

  37. insaisuru

    ස්තූතියි සහෝ සබ් එකට.. ජයවේවා

  38. sadaruwan1996

    thanks sub akata

  39. Lakshansilva18

    The Grey zone (2001) sub plz..

    1. හසිත මධුෂාන්

      මේකෙ තියෙන්නෙත් Son Of Saul (2015) ෆිල්ම් එකේ කතාවමයි නේද....?
      බොහොම ස්තූතියි සහෝ මේ ෆිල්ම් එක ගැන දුන්න ඔත්තුවට...
      flame and citron (2008) න් පස්සෙ මේකට සබ් එක දෙන්නම්...
      ඒ වගේම සමාවෙන්න ඕනෙ සහෝ ප්‍රමාදයට....
      අදයි මේ කමෙන්ට් එක දැක්කෙ....

    2. samee1986

      Son of soul download karaganne komada? Torrent eke nane eka?

  40. හසිත මධුෂාන්

    හොරෙන්ම සබ් එක බාගෙන නොයා සබ් එක හදන්න උන මහන්සිය වෙනුවෙන් එක වචනෙකින් හරි ස්තූතියි කියලා යන්න තරම් කෘතවේදී උන හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි....!

  41. cbotheju

    thank you

  42. nish47

    thanks mchn
    Jaya wewa !!

  43. sandaru_fedz

    ස්තූති මිත්‍රයා..❤

  44. samee1986

    Nice sub. Thank you so much

  45. Hassy

    Thank you saho IMDB 7.8 tiyena Foreign language film ekak kiyanne supirima tama...
    tawa ekak: me site eke Telingu ewa Foreign language category eke tiyenne. ehema wenna bane!

  46. avishka360

    Thanks

  47. tharindu dilshan

    tnx brother

  48. Akila Dilhara

    Thanks Brother...❤

  49. Madushanka

    404 Error eka enawa. please re-upload it.

    1. Sanupa Ranmeth

      Fixed.

  50. Akila Dilhara

    Thanks for Sub Bro...❤❤❤