Sadistic Personality Disorder. හැමෝටම තේරෙන භාෂාවෙන් කියනවා නම්, අනිත් අයගේ දුක, වේදනාව දැකලා, එයින් සතුටක් ලැබීම. බොහොම දරුණු මානසික රෝගයක්. මෙවැනි මානසික රෝගයකින් පෙලෙන අයෙකු, තමන්ගේ සතුට වෙනුවෙන් අන් අයගේ දුක වේදනාව බැලීමට, ඕනෙම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. විශ්වාස කරන්න… මේ ලෙඩේ අපි හැමෝම…

Sadistic Personality Disorder. හැමෝටම තේරෙන භාෂාවෙන් කියනවා නම්, අනිත් අයගේ දුක, වේදනාව දැකලා, එයින් සතුටක් ලැබීම. බොහොම දරුණු මානසික රෝගයක්. මෙවැනි මානසික රෝගයකින් පෙලෙන අයෙකු, තමන්ගේ සතුට වෙනුවෙන් අන් අයගේ දුක වේදනාව බැලීමට, ඕනෙම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. විශ්වාස කරන්න… මේ ලෙඩේ අපි හැමෝම ළඟ තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් තුල මේ රෝග ලක්ෂණය 4%ක් තියෙනවා. ඒත්, ගිය අවුරුද්දේ කැලිෆෝනියා වල කරපු පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා, මේ තත්වය දැන් 6% ක් දක්වා වැඩිවීමක් වෙලා තියෙනවා කියලා. ඒත්, බොහොම කලාතුරකින් මේ තත්වය බොහොම උත්සන්න වෙලා, දයාවක් හෝ අනුකම්පාවක් කියා සේයා මාත්‍රාවක් හො නොමැති පුද්ගලයින් ඉපදෙනවා. සුඩලෙයි! ඉහත කී රෝග තත්වය 15% ක් ඔහු තුල පිහිටා තිබෙනවා. හිතාගන්නකෝ කොයි මට්ටමේ දරුණු පුද්ගලයෙක්ද කියලා!
– නෝනා, මේ ගෑණු ළමයි දෙන්නගේ ඇඳුම් ගලවලා දාලා, දෙන්නවම කෑලි කෑලි වෙන්න කපලා කොටලා, එකටම දාලා ගිහිල්ලා තියෙනවා. ශරීර කොටස් කාගේද කියලා වත් හොයාගන්න බැහැ. පොඩ්ඩක් පවුලේ ගෑණු කට්ටියත් එක්ක ඇවිල්ලා, ශරීර කොටස් ටික අඳුරගෙන, මිනී දෙක එකලාසයක් කරලා හදාගන්න උදව් කළොත් හොඳයි.
– උඹ ගෙදර එනකොට, අම්මවයි මල්ලිවයි පෙති පෙති ගහලා තියන්නද? උණු ලේ හැමතැනම විදීවී!
– මුවෙක් මරලා දැම්මාම දඬුවම් දෙනවා. හැබැයි බැටළුවෙක් මැරුවා කියලා කිසි අවුලක් නැහැ. ඇයි ඒ? මොකද, මුවෝ ඉන්නේ ටික දෙනයි. බැටළුවෝ ඕනේ තරම් ඉන්නවා. මේ ලෝකේ බැටළුවොන්ට වඩා මිනිස්සු මහ ගොඩක් ඉන්නවා. ඉතිං, මං මිනිස්සු කීපදෙනෙක් මරලා දැම්මා කියලා මොකෝ වෙන්නේ?
– භූමිකම්පා, සුනාමි, කුණාටු වගේම රජය මගිනුත් ජනගහණය පාලනය කරනවා. ජනගහණය පාලනය කරන්න ආපු අලුත්ම කෙනා තමයි මේ මම!
මේ දෙබස් හතර ඕනෙවටත් වඩා වැඩිවෙන්න ඇති සුඩලෙයි කියන්නේ කොයිතරම් දරුණු, කෘර ඝාතකයෙක්ද කියලා දැනගන්න. කවුද මේ සුඩලෙයි? මේ මිනිහා මේ වෙද්දී මිනිස්සු කී දෙනෙක් මරලා ඇත්ද? එක්කෙනෙක්? දෙන්නෙක්? දහයක්? විස්සක්? නැහැ! සිය ගණනක් මරලා තියෙන්නේ! දහස් ගාණක් මරන්න සැලසුම් හදලා තියෙන්නේ. අවුරුදු 12 දි තමයි පළවෙනි වතාවට මිනිහෙක් මරන්නේ. එදා ඒ පටන්ගත්ත ලේ පිපාසය කවදාවත් අඩුවුණේ නැහැ. වැඩි වුණා මිසක්. දරුණුකම විතරක් නෙමෙයි. බොහොම තියුණු මනසක් තිබ්බ මේ සුඩලෙයිව අල්ලගන්න තියා කවුද කියලාවත් පොලීසිය දැනගෙන හිටියෙ නැහැ. මේ කෘර මිනීමරුවව නීතියේ රැහැනට කෙසේ නම් හසුකර ගන්නද?
ශිවා! රජයේ ආයතනයක බොහොම පොඩි රස්සාවක් කරන්නේ. ඒ තමයි කෝල් ටැප් කරන එක. මිනිස්සුන්ගේ පුද්ගලික කෝල් ටැප් කරන එක නීතිවිරෝධියි තමයි. හැබැයි, සාමය සහ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යන්න ඕනේ නිසා, මහජනතාවගේ හැසිරීම් නිරීක්ෂණය කරලා, මොකක්මහරි සැක කටයුතු හැසිරීමක් ගැන ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ කණ්ඩායම දැක්කොත් එහෙම, අන්න ඊට පස්සේ ඒ පුද්ගලයාගේ කෝල් වලට සවන්දීල සහ ඒවා රෙකෝඩ් කරනවා. නැතුව, හැමෝගෙම කෝල් වලට සවන්දෙන්න අවසර නැහැ. ඒත් මේ ශිවා නම් හැම කෝල් එකකටම සවන් දුන්නා. ඒ වෙනුවෙන්ම විශේෂිත සොෆ්ට්වෙයා එකක් හැදුවා. කවුරුහරි කෙනෙක් කෝල් එකකින් තර්ජනය කිරීමක් කලොත්, එහෙම නැත්නම් උදව් ඉල්ලුවොත් හරි, සොෆ්ට්වෙයා එක ඇක්ටිවේට් වෙලා, සිස්ටම් එකෙන් ඒක හොයාගන්නවා. මේ නිසාම, අපරාධයක් සිද්ධවෙන්න කලින් ඒ ගැන දැනගෙන, මේ අපරාධ නවත්වන්න ශිවාට හැකියාව ලැබුණා. එක දවසක් මේ වගේ කෝල් එකකට ශිවා සවන් දුන්නා. ගෑණු ළමයෙක්ගේ. මේ තමයි මේ සිද්ධි දාමයේ සියළුම කාරණා උඩි යටිකුරු වීමේ කේන්ද්‍රස්ථානය. සුඩලෙයිට එරෙහිව ශිවා!
ප්‍රින්ස් මහේෂ් බාබු! තෙලිඟු සිනමාව කිව්වම සමහරු හිතාගෙන ඉන්නේ අල්ලු අර්ජුන්, රාම් චරන්, ප්‍රභාස් වගේ අය තමයි ජනප්‍රියම නළුවෝ කියලා. ජනප්‍රියයි තමයි. හැබැයි, 1988 දී Bazaar Rowdy චිත්‍රපටය මගින් සිනමාවට පය තබපු මහේෂ් බාබුගේ ජනප්‍රියත්වය අසලකට එන්න හෝ ඉහත කියපු නළුවන්ට බැහැයි කියලා, තෙලිඟු සිනමාව ගැන දන්න උදවිය හොඳාකාරම දන්නවා. ඉන්දියාව තුලට පමණක් සීමා නොවී, ලොව වටාම ප්‍රේක්ෂක ජනතාවක් සිටින මහේෂ් බාබුගේ නවතම සිනමා පටය තමයි මේ ආකාරයෙන් ඔබවෙත ගෙන එන්නේ. මේක විශේෂයි. මොකද කියනවා නම්, අසාර්ථක චිත්‍රපට කීපයකට පස්සේ, මහේෂ් බාබුගේ නැවත නැගිටීමක් විදියට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. තේරෙන භාෂාවෙන් කියනවා නම්, “ගින්දර බඩුවක්” තමයි මේ සැරේ මහේෂ් බාබු අරගෙන එන්නේ. තනියෙන් නම් නෙමෙයි. Ghajini (2005), Ghajini (2008), 7 Aum Arivu (2011), Thuppakki (2012), Holiday (2014), Kaththi (2014) වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණයන් අධ්‍යක්ෂණය කරපු A.R. Murugadoss තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නේ. සංගීත ක්ෂේත්‍රයේ තවත් දැවැන්තයෙක් වෙන Harris Jayaraj ගේ සුමියුරු සංගීතයෙන් තමයි චිත්‍රපටය වර්ණවත් වෙන්නෙ. ඒ වගේම, චිත්‍රපටයේ නිෂ්පාදන වියදම පමණක් ඉන්දියානු රුපියල් කෝටි 120ක් වෙනවා. මේ අවුරුද්දේ, තෙලිඟු චිත්‍රපටයක් වෙනුවෙන් වියදම් කරපු දෙවැනි වැඩිම මුදල් ප්‍රමාණය. ඒ වගේම, මේ චිත්‍රපටය දෙමල භාෂාවෙන් පවා නිකුත් කරලා තියෙනවා. මේ තමයි, මහේෂ් බාබු දෙමල සිනමා ක්ෂේත්‍රයට පැමිණෙන පළමු අවස්ථාව. චිත්‍රපටය සඳහා කෝටි 120ක් වියදම් කළාට පාඩුවක් වුනේ නම් නැහැ. පළවෙනි දවසෙම ඉන්දියානු රුපියල් කෝටි 51ක බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කරන්න සමත් වුණා. මේ තමයි, එදා මෙදා තුර ඉන්දීය චිත්‍රපට ඉතිහාසය තුල, සමාරම්භක දිනයේදීම චිත්‍රපටයක් වාර්තා කරපු 12 වෙනි වැඩිම ආදායම. මෙතනින් නැවතුනේ නම් නැහැ. දවස් දොළහක් ගතවෙද්දී ඉන්දියානු රුපියල් කෝටි 150 සීමාව බොහොම ලේසියෙන් ඉක්මවලා ගියා. මීට පස්සේ ආදායම් ගැන කිසිම සඳහනක් නැහැ. බොහෝ දුරට, ඉන්දියානු රුපියල් කෝටි 200-250 ක් ලබාගන්න හැකියාව ලැබෙන්න ඇතියි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම, මේ චිත්‍රපටයේ re-make එකක්, බොලිවුඩ් දැවැන්ත නළුවෙකුගේ ප්‍රධාන රංගන දායකත්වය සමගින් සිදුවන බවට දැනටමත් නිළ නොවන ආරංචි මාර්ග පවසනවා.
ඒ වගේම කියන්න ඕනේ, චිත්‍රපටය සඳහා තාක්ෂනය උපරිම වශයෙන් යොදාගෙන තියෙනවා. හොලිවුඩ් disaster චිත්‍රපට වල වගේ, තාක්ෂනය බොහොම ඉහලින් යොදාගනිපු දර්ශන කීපයක් බලාගන්න හැකියාව ලැබේවි. ඒ වගේම, පන්දහස ඉක්මවූ ප්‍රේක්ෂක සංඛයාවකගේ මනාපයෙන් IMDB දර්ශකය 7.6 ක් දක්වා කරකවන්න මෙම සිනමා නිර්මාණයට හැකියාව ලැබිලා තියෙනවා. චිත්‍රපටය අයිති වෙන්නේ, Action, Crime, Thriller කාණ්ඩ වලට. චිත්‍රපටයේ සෙසු චරිත සඳහා, සුරූපී Rakul Preet Singh සහ, දමිළ නළු Bharath Srinivasan සහ Surya S.J. රංගනයෙන් දායක වෙනවා.
ඒ වගේම, මේ චිත්‍රපටය සඳහා හාඩ් කෝඩඩ් සබ් එකක් තමයි නිකුත් වුනේ. ඒ නිසා අලුතින්ම ලයින් හදාගෙන තමයි සබ් එක කරන්න වුනේ. විභාගේ පටන්ගන්න තව දවස් තුනයි තියෙන්නේ. මේ චිත්‍රපටයට තිබ්බ ආසාව නිසාම තමයි විභාගයක් අස්සේ වුනත් මේක කලේ.
එහෙනම්, අරගෙනම බලන්න. නැවතත් මතක් කරනවා. මේක ” සාම්ප්‍රදායික ඉන්දියානු ගොන් ආතල් චිත්‍රපටයක්” නම් නෙමෙයි. එදා මෙදා තුර ඉන්දීය චිත්‍රපටයක් තුලින් නොදැකපු අන්දමේ දරුණු, සාහසික වගේම තියුණු මනසක් සහිත අපරාධකරුවෙක් හඹා යෑමක් බලාගන්න පුළුවන්. ඉහලට ගත්ත හුස්ම ටික පහළට දාන්න අමතක කරවන මට්ටමේ සුපිරියක්. එහෙනම්, ගිහිල්ලා එන්නම්. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත සඳහා අදාළ වේ.
34,817 downloadsDownload Spyder-2017.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
114 comments
Chandima
Udara Rajapakse
Ammo #Sisila Aiye Liyuma :) <3
Chamika
Thnx kawadda denne kyl blgena hitiye
shasith sandaruwan
හම්මේ සිසිල....
මේක දෙනකල් තමයි බලන් හිටියේ.
දෙපාරක් හිතන්න දෙයක් නෑ ආය සුපිරියක් තමයි. අනිවා බැලිල්ලක්.
විභාග කටයුතුත් සාර්ථක වේවා කිව්වා ඕං. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Krishan NiShalya
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
ලිපිය කියවව්වේ නෑෆිල්ම් එක බලන්න ඕනේ ඉක්මනට
බොහොම ස්තුතියි ...
තව පට්ට ෆිල්ම් ගෙන්න ....
☺☺☺☺☺☺☺☺
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල දමිළ චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ,විභාගෙත් කට උඩ තියාගෙන සබක් කරනවා කියන්නේ,ඒකත් HC එකක්,කියන්න වචන නෑ ,නියමයි,ෆිලුම අද නැත්නම් හෙටම අනිවාර්යෙන් බලන්න ඕනේ,ජයවේවා!!
Sajith thilakarathne
bokkenna Thanks bro sub ekata
Thilina Chamara
thank you
Ajith Priyantha
super
sub ekata thanks wawaC. R. ජයලත්
නියමයි සිසිල අයියා ජය වේවා!!!!
අසිත
elama saho thanks
lahiru sandaruwan
thank you so much aiye.. exam ekath goda yanna kyla wish karanawa... all the best......
KwiZ
elma saho.....rough night 2017 movie ekatath suba dena..jaya wewa...
Mahesh
Sub ekata thanx
Buddika
Sub eka not fund kiyala watenawani
සංජු
බොහෝම පිං
liyanage
exam pass wenna mama hadawathin wish karanawa
prabodha
wow niyamai sisila saho... Thank bro.... puluwannam Birth of the Dragon film ekata sub denna
SENEHAS NIMNA
Bro සබ් එක unvalid කියලා වැටෙනවානෙ.
Naveen Lakshan NL
සිසිර සහෝ උබ නම් එල ෆිල්ම් එක ඇවිත් සතියක් වත් ගියෙ නෑ සබ දිලා...තෑන්ක්ස් සහෝ මේ සෙවයට...!!
තැන්ක් යු තරිදු සහෝ දෙනකන් බලන් හිටපු ෆිල්ම් එකක් මේක
කිසිදු ලාබ අපේක්ශාවකින් තොරව ඔබලාගේ වටිනා කාලය අපේ රස වින්දනය උදේසා කැප කරමින් මේ කරන සේවයට ඔබ සියලුම දෙනාට අනේක වාරයක් ස්තුතියි!!!
බුදු සරණයි !! දෙවි පිහිටයි!!
තව තවත් මෙවැනි සේවාවන් අප උදෙසා ඉදිරියෙදි ඉටු කරන්නට ලැබේවායි එක සිතින් පතනවා....!!!!!
ජයෙන් ජයම වේවා ඔබලාට !!
ස්තුති...!Naveen Lakshan NL
සිර සහෝ උබ නම් එල ෆිල්ම් එක ඇවිත් සතියක් වත් ගියෙ නෑ සබ දිලා…තෑන්ක්ස් සහෝ මේ සෙවයට…!!
කිසිදු ලාබ අපේක්ශාවකින් තොරව ඔබලාගේ වටිනා කාලය අපේ රස වින්දනය උදේසා කැප කරමින් මේ කරන සේවයට ඔබ සියලුම දෙනාට අනේක වාරයක් ස්තුතියි!!!
බුදු සරණයි !! දෙවි පිහිටයි!!
තව තවත් මෙවැනි සේවාවන් අප උදෙසා ඉදිරියෙදි ඉටු කරන්නට ලැබේවායි එක සිතින් පතනවා….!!!!!
ජයෙන් ජයම වේවා ඔබලාට !!
ස්තුති…!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
yukthi sudheera
බොහොම ස්තූතියි සහෝදරයා ..... විභාගයට ජයවේවා ...!
prasad
bohoma stutie sub ekata saho .lipiya niyamatama tiyanawa.saho maka direct link eka baiscope download ekata danawada?
AWNCK
Thanks Bro
රුවන් ඉන්දික
කිසිදු මිල මුදලක් නොමගෙන කරන්නා වු මෙම කටයුත්තට ගොඩාක් පින් සහෝ...............ගොඩක් ස්තුතියි මෙම උපසිරසියට......
Gathsara Umesh Kumara
Ayge sub niymyi....
Enkm blgrn idiye .....
Bhooooooooooooooooooooooooooooooooom
Sthuthiyi....කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා...!sachin gimhan
බොහොම ස්තූතියි සහෝ
Lucky
ලිපියනම් සුපිරියටම දීල තියෙනව සහෝ.සබ් එකට ස්තූතියි
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට....!
SPD
එනකං මග බලාගන ඉඳපු ෆිලුමක් තමයි මේක.
බොහොම ස්තුතියි සිසිල සහෝ විභාග අස්සේ උනත් අපි වෙනුවෙන් කරන මේ සේවයට.
විභාගෙත් හොඳට කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා...!!!gihan perera
Thank you very very much bro...maka hoya hoya hitiya..sub ekata thank you..exam ekath hodata karanne..jaya wava....
clash of clan
Hash : 0D4CCFB4799D746067A402FACF0A5A5123F9D4EB
Size : 708.89 MB
Kashmika
බොහොම ස්තූතියි! ලින්ක් එක හොයාගන්න බැරිව හිටියෙ!
Abhisara
thank you so much for the link
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
nirodha uthpala
Hambe lipiya kiyavaddi sisilayada kiyala hite kanava tibba suba download karaddi dakke pora thamai .... thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
Avindu umesh
sub ekata tnx bro!!
Naveen Lakshan NL
විභාගයට සුබ පැතුම් බ්‍රෝ
widuranga
sub ekata thanx brooo
exam ekata good luckChamith Mihiranga
Super wedak... Thank you aiya...!
Pawan Shamika
Thank you very much bro
Oyalnam maaray
Film eke hdrip 1 awith dawas 2n sub 1th dunna
Patta saho
Enakal balan hitapu film 1k
Jayawewa!
Digatama api ubalath ekka innawa
Ela ela ela........පසිදු අමරසිංහ
උපසිරසියට බොහොමත් ස්තූතියි සිසිල සහෝ
ලයින් හදලම ගේමගහල නේද ✌️✌️✌️rangika Kariyawasam
උපසිරැසි යට බෝම ස්තුතීයි සිසිල සහෝ.හරිම ආසාවෙන් බලන් හිටපු ෆිලුමක් . අපි වෙනුවෙන් කරපු කැප කිරීමට බොහෝම තුති.ජයවෙිවා .
madusara manawasinghe
බොහොම ස්තුතියි.
විභාගයත් බොහොම ඉහලින් පාස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ජයවේවා!Dilan Sandaru
Sub එකට thaq මචං..sweetiee weds nri මේ film එක google එකේ පොඩ්ඩක් හොයලා බලන්න ෆට්ටම film එකක්..පුලුවන් නම් මේකේ sub එක දෙන්න මචං
dana
thanks macho. me wage film patta. exam walata jaya.
Hiran sanjika
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.......!!!!
oshanda
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…….!!!!
Kashmika
බොහොම ස්තූතියි!
Advertisement
ammo ela ela... thaz bro