ආයුබෝවන් යහලු යෙහෙලි හැමෝටම. මේ මගේ 10 වෙනි සිහල උපසිරසියයි. මේකත් එක්ක 2020 පෙබරවාරි මාසේ මං ඔයාලට උපසිරසි 4 ක් අරන් ආවා. ඇත්තටම අවංකවම සිතට මාරම සතුටුයි. අපි කරපු සබ් එකක් තියනවා කිව්වම. සතුට තවත් වැඩි වෙනවා ඔයාලගේ අදහස් වලට. නිවාඩු තියන තියන විදියට පුලුවන් විදියට මම තවත් සිංහල සබ් අරන් එන්න පොරො…

ආයුබෝවන් යහලු යෙහෙලි හැමෝටම. මේ මගේ 10 වෙනි සිහල උපසිරසියයි. මේකත් එක්ක 2020 පෙබරවාරි මාසේ මං ඔයාලට උපසිරසි 4 ක් අරන් ආවා. ඇත්තටම අවංකවම සිතට මාරම සතුටුයි. අපි කරපු සබ් එකක් තියනවා කිව්වම. සතුට තවත් වැඩි වෙනවා ඔයාලගේ අදහස් වලට. නිවාඩු තියන තියන විදියට පුලුවන් විදියට මම තවත් සිංහල සබ් අරන් එන්න පොරොන්දු වෙනවා. පළවෙනි සබ් එක හදන්න මං මුලින්ම උපදෙස් ගත්තේ මං කවදාවත් දැකලා නැති ෆේස්බුක් හරහා අදුර ගත්ත නිරෝෂ් ගුණසේකර සහෝදරයාගෙන්. ඊටපස්සේ බයිස්කෝප් එකේ ශාන් විමුක්ති සහෝදරයා ඇතුළු ඇඩ්මින් මඩුල්ල. මේ හැම දෙනාටම ගොඩක් ස්තූතියි. ඉතින් ඔන්න අදත් මම එනවා Alfred Hitchcock ගේ තවත් ලස්සන පරණ චිත්‍රපටියක් අරගෙන.
Blackmail මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1929 දී. මෙහි රංගනයෙන් Anny Ondra, John Longden සහ Cyril Ritchard ඇතුළු එවකට සිටි රංගන ශිල්පීන් රැසක් දායක වෙනවා. මේ චිත්‍රපටයේ කතා සාරාංශය ලන්ඩන් නගරයේ කාන්තාවක් දූෂණය කිරීමට තැත් කරන පිරිමියකු ඝාතනයට ලක්වෙනවා. ඉන්පසු ඒ කාන්තාව තවත් පිරිමියකු විසින් ඝාතනය ගැන තොරතුරු කියමින් බය කර ලාබ ප්‍රෙයා්ජන ගැනීමට තැත් කිරීමේදී ඒ කාන්තාවගේ පෙම්වතා විසින් බේරගන්නවා. ඉතින් විනාඩි 85 කාලයක් පුරා දිවෙන මේ චිත්‍රපටයේ කාතාව තමයි මේ. මේක කළු සුදු චිත්‍රපටයක්. එවකට නිහඩ චිත්‍රපට තමයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ පසුබිම් සංගීතයක් සමග මුළු චිත්‍රපටයම දිවයනවා. Blackmail චිත්‍රපටයත් මුලින්ම නිහඩ චිත්‍රපටයක් ලෙස නිෂ්පාදනය ආරම්භ කලත් බ්‍රිතාන්‍ය ඉන්ටර්නැෂනල් පික්චර්ස් සමාගම Blackmail චිත්‍රපටය කතානාද චිත්‍රපටයක් ලෙස අනුගත කිරීමට තීරණය කරලා. මෙය පළමු සාර්ථක යුරෝපීය ටෝකී හෙවත් කතානාද චිත්‍රපටය බවට පත්වුනා. එකල ශබ්දය සදහා පහසුකම් නැති සිනමා හල් සදහා නිහඩ පිටපතකුත්, ශබ්දය සදහා පහසුකම් ඇති සිනමාහල් සදහා තවත් පිටපතකුත් ලෙස මෙම චිත්‍රපටය එලි දැක්වූවා. මෙම පිටපත් දෙකම බ්‍රිතාන්‍ය චිත්‍රපට එකතුවේ අදටත් සුරක්ෂිතව තියනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂක Alfred Hitchcock ඔහුගේ සෑම සිනමා නිර්මානයකම වාගේ රූප රාමු කීපයකට පෙනී සිටිමින් ඔහුගේ අනන්‍යතාවය පෙන්වනවා. එකල එය හැදින්වූයේ Alfred Hitchcock තම සිනමා නිර්මානය මත තියන සමරු අත්සනක් ලෙසයි. මීට පෙර මා විසින් ඔබට ඉදිරිපත් කල The 39 Steps චිත්‍රපටයේ මුල් කොටසේ බස්රථයක් එන දර්ශණයක ඉස්සරහින් පැමිණෙන Alfred Hitchcock මදක් නැවතී සිගරට් පැකට් එකක් විසිකරලා යනවා. හොදින් බලන්න මේ චිත්‍රපටයේත් පොඩි ළමයෙකුගේ කරදර මැද දුම්රිය මැදිරියක පොතක් කියවමින් යන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක Alfred Hitchcock ය. එහෙනම් අදට මං සමු ගන්නවා. තවත් ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරන් මං ඔයාලව හමුවෙන්න එන්නම්. හැමෝටම ජයග්‍රාහි සුබ දවසක් වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
1,210 downloadsDownload Blackmail-1929.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
14 comments
Hashan M. Priyadarshana
thilina
Little Monsters
2019 pulvnm mekatath denna ko sub zombi ktavakPriyantha Dayakeerthi
මට පුදුම හිතුණා, ඔබගෙන් අදත් උපසිරසියක් නිකුත් වී තිබෙනවා දැක්කම. ඇත්තෙන්ම මම මෙම වෙබ් එකට දිනපතා ආවත් සබ් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ මන්ද මෙහි කලාත්මක සිනමාපට සඳහා සබ් කරනා අය අඩු නිසා. එයට වරදක් කියන්නට බැහැ. මෙහි සබ් කරනා සෑම දෙනාම සබ් කරන්නේ තමා පුද්ගලිකව රුචිකත්වය දක්වන ඒවාට පමණයි. (ඔබේ අදහස නම් කොහොමද දන්නේ නැහැ) මෙවැනි පැරණි සිනමාපට උපසිරසියක් බොහෝවිට ඩවුන්ලෝඩ් කරන්නේ 150 ක 200 ක රසිකයන් පිරිසක් පමණයි. හැබැයි ඒ අය සියල්ල මම වගේ සබ් හිඟයකින් පෙළෙනා අයවළුන් වෙන්න ඇති. ඒ නිසා වැසි වසින්නාක් මෙන් පැමිණෙන නව සබ් රැල්ල වගේ නොවෙයි මෙය අපට ඉතා වටිනා දිය පොදක් බවම පවසන්නට ඕන. ඔබට අවන්කවම ගොඩක් ස්තුතියි!!! හැකිනම් දිගටම මෙම මහඟු මෙහෙය සිදු කරන්න.
Gihan Lakmal
එල මචෝ, මේ වගේ සිංහල උපසිරසි නැති පරන ෆිල්ම් ගොඩක් තියෙනව, ඒවටත් පුළුවන් වෙලාවට සබ් කරන්න ... ❤️❤️❤️❤️
Dewadithya
Thanks for Sub!
indika75
thanks..
Shamal manojan
ගොඩක් ස්තූතියි මෙම උපසිරැසියට. අලුත් චිත්‍රපටවල උපසිරැසි සියයකට වඩා මෙම පැරණි චිත්‍රපට උපසිරැසිය වටිනවා. බොහොම පින්. හැකිනම් ඇල්ෆඩ් හිච්කොක්ගේ උපසිරැසි නොකළ අනෙකුත් චිත්‍රපටත් ලබාදෙන්න.
Anonymous
Bohoma sthuthi shamal..
asitha
ela saho thanks
දමිත් රත්නායක
Another good one from oldies. Your subs are always on point, thanks.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සාරංග
Tnx for the sub !
Good job !!
Lasantharathnasirirox
බොහෝම ස්තුතිය ජයවේවා..බුදු සරණයි !!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
බොහොම ස්තුතියි බ්‍රෝ මේ වගේ පරණ උනාට සුපිරි filmවලට සබ් දෙනවට :) :) ...
ජය වේවා.!