Watch Trailer

Spies in Disguise (2019) Sinhala Subtitles | විද්‍යාඥයාගෙයි ඔත්තුකාරයාගෙයි මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

වෝල්ටර් බෙකට්; පුංචි මොලකාරයා එහෙම නැත්තන් පුංචි විද්‍යාඥයා, ලාන්ස් ස්ටර්ලින්; ලෝකෙ හොඳම ඔත්තුකාරයා, මෙන්න මේ චරිත දෙක වටේ තමා මං මේ අද ගෙනාපු කතාව ගෙතිලා තියෙන්නෙ. මුලින්ම කතාවට බැහැලා ඉමු එහෙනම්. මං කෙටියෙන් කතාව කියලා දාන්නම්. වෝල්ටර් එහෙම නැත්තන් ගැජට් බෝයි කිව්වොත් හරි. පොඩිකාලෙ ඉඳලා පුංචි පුං…

වෝල්ටර් බෙකට්; පුංචි මොලකාරයා එහෙම නැත්තන් පුංචි විද්‍යාඥයා, ලාන්ස් ස්ටර්ලින්; ලෝකෙ හොඳම ඔත්තුකාරයා, මෙන්න මේ චරිත දෙක වටේ තමා මං මේ අද ගෙනාපු කතාව ගෙතිලා තියෙන්නෙ.

මුලින්ම කතාවට බැහැලා ඉමු එහෙනම්. මං කෙටියෙන් කතාව කියලා දාන්නම්. වෝල්ටර් එහෙම නැත්තන් ගැජට් බෝයි කිව්වොත් හරි. පොඩිකාලෙ ඉඳලා පුංචි පුංචි නිර්මාණ කරන එක තමා එයාගෙ වැඩේ. කොහොමහරි වසර 14කට පස්සෙ මේ පුංචි වෝල්ටර්යි ලාන්ස්යි දෙන්නම වැඩ කරන්නෙ එකම ආයතනයක. කතාව පටන්ගන්නෙ මෙහෙමයි. ලාන්ස්ට ජපානෙ ආයුධ ජාවාරමකින් ආයුධයක් අරන් එන්න පැවරෙනවා. ඒක එයාලගෙම ආයුධයක්. කොහොමහරි ලාන්ස් එයාගෙ වැඩකෑලි ටික දාලා ආයුධය තියන බ්‍රීෆ්කේස් එකත් අරන් ආපහු එනවා. අරන් ඇවිල්ලා බ්‍රීෆ්කේස් එක ඇරලා බැලුවම ඒක හිස්. කම්පැනියෙ ඉන්න තව ඒජන්ට් කෙනෙක් ලාන්ස්ගෙ පිට වැරදි ටික පටවනවා. ඒත් ලාන්ස් වැරදිකාරයෙක් නෙමේ. මුලදි එයා දන්නෙත් නෑ මොකද උනේ කියලා. කොහොමහරි ආයුධය අධ්‍යක්ෂකට දෙන්න කලින් ලාන්ස්ට “අමුතු එකා“ එහෙම නැත්තන් පුංචි වෝල්ටර්ව හම්බෙනවා. වෝල්ටර්ගෙ අදහස් ලාන්ස්ට ඉදිරිපත් කරත් වැඩක් වෙන්නෙ නෑ.

කොහොමින් කොහොමහරි ලාන්ස් කම්පැනියෙන් පැනලා යනවා. මෙයාගෙ පස්සෙන් කම්පැනියෙ කට්ටිය පන්නන්න ගන්නවා. ඊටපස්සෙ වෝල්ටර්ට පුංචි විද්‍යාඥයාව මතක් වෙනවා. පස්සෙ ලාන්ස් මෙයාව හොයාගෙන යනවා. ඒ යනකොට වෝල්ටර් එයාගෙ පරීක්ෂණයක් කරමින් ඉන්නෙ. ලාන්ස් වෝල්ටර්ව හම්බෙන්න ගියාට පස්සෙ අත්වැරදීමකින් ලාන්ස්, වෝල්ටර්ගෙ අලුත්ම නිර්මාණෙ බීගෙන බීගෙන යනවා… ටික වෙලාවකින් ලාන්ස් පරවියෙක් බවට හැරෙනවා. කතාවෙන් බාගෙකම වගේ මෙහෙයුම අරන් යන්නෙ මේ පරවියායි, පුංචි විද්‍යාඥයායි. ඉතින් වැඩිය කතාව කියන්න බලාපොරොත්තුවක් නෑ මොකද එතකොට බලන්න දෙයක් නැතුව යනවනෙ.

කාලෙකට පස්සෙ ආයෙත් සබ් එකක් අරගෙන ආවා.. මේ පාර ආවෙ ගිය අවුරුද්දෙ අන්තිමේ ආපු සුපිරිම සුපිරි ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන. ඇනිමේෂන් ෆිල්ම් එකක් උනාට Sci-Fi, Action, Adventure සුපිරියටම තියන ෆිල්ම් එකක් මේක. ඒ වගේම තමා Comedy ගැනත් කතාකරලා වැඩක් නෑ. කොමඩි ෆිල්ම් එකක වගේ කොමඩි තියනවා. Troy Quane සහ Nick Bruno කියන දෙන්නාගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 6.8 කුත් Rotten Tomatoes දර්ශකයේ 76%ක අගයකුත් ලැබිලා තියනවා. ඒ වගේම Blue Sky Stuidos, 20th Century Fox Animation, Chernin Entertainment ආයතන එකතුවෙන් නිර්මාණය වුණ මේ චිත්‍රපටය 20th Century Fox Studio මගින් බෙදාහැරලා තියනවා.

ඒ ‍වගේම මේ චිත්‍රපටයට හඬ දායකත්වය සපයපු උදවිය ගැනත් කතාකරන්නම ඕණ. Aladdin (2019), Gemini Man (2019), Bad Boys for Life (2020), Suicide Squad (2016) වැනි විශිෂ්ට නිර්මාණවලට රංගන දායකත්වයෙන් සහභාගි වුණ Will Smith මේ චිත්‍රපටියේ Lance Sterling චරිතයට පණ පොවනවා. ඒ වගේම Dolittle (2020), Onward (2020) වගේ තිරගත වෙන්න තියන සුපිරි නිර්මාණවලට තම දායකත්වය සැපයූ, ඒ වගේම Captain America: Civil War (2016), Spider-Man: Homecoming (2017), Avengers: Infinity War (2018), Avengers: Endgame (2019), Spider-Man: Far From Home (2019) වැනි ආදායම් වාර්තා ලේඛනයේ මුල් පෙල සිටින විශිෂ්ට නිර්මාණවලට රංගන දායකත්වයෙන් සහභාගි වුණ අපි කව්රුත් දන්න ස්පයිඩර් මෑන් එහෙම නැත්තන් Tom Holland තමා මේ චිත්‍රපටියෙ අපේ පුංචි විද්‍යාඥයා හෙවත් Walter Beckettගෙ චරිතයට පණ පොවන්නෙ. ඒ වගේම තමා 2019 දෙසැම්බර් 04 පළමු වරට මහජන ප්‍රදර්ශනයට නිකුත් කරන මේ සිනමාපටය ඇ.ඩො. මිලියන 100ක වියදමකින් නිර්මාණය කර ඇ.ඩො. මිලියන 149ක් උපයාගන්න සමත් වෙනවා. Mark Ronson, Lil Jon, Monsta X වැනි උදවිය සංගීතය සඳහා දායකත්වය සැපයූ මේ සිනමාපටය Golden Globe Reel සිනමා උළෙලේ Outstanding Achievement in Sound Editing – Feature Animation සහ Annie Awards හි Outstanding Achievement for Character Design in an Animated Feature Production, Outstanding Achievement for Music in an Animated Feature Production සඳහා නිර්දේශ වෙලා තියනවා.

ඉතින් චිත්‍රපටිය ගැන විස්තර කිව්වා ඇති කියලා හිතනවා. ආයෙත් මේ වගේ නිර්මාණයකින් හම්බෙන බලාපොරොත්තුවෙන් මම අදට නවතිනවා. කට්ටියටම මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. කෝකටත් Trailer එක බලලා ගන්න. මට හිතෙනව ඔයාලට මේක හිතට අල්ලලා යයි කියලා.

෴ බුදු සරණයි! ෴

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

උපසිරැසියෙ තිබූ දෝෂය නිවැරදි කර ඇත.

26,576 downloadsDownload Spies-in-Disguise-2019-Update.zip99 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

26,576 downloadsDownload Subtitles99 KB

56 comments

  1. madushrmh

    downloads eke video copy ekata sub eka set wennaa

  2. Nilush Angana

    Sub ekata thanx

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    Minuscule 2 (2019)
    Tokyo Ghoul S (2019)

  6. Asitha.pramoth

    ස්තූතියි

  7. Hiran Eranda

    thanks

  8. rockz2020

    පොල්ලෙන් ගැහුවා වගේ බ්ලූරේ ඈ :)
    තද තද සහෝ උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා! ✌❤

    The Curse of the Were-Rabbit (2005)
    Checkered Ninja (2018)
    The Rising Hawk (2019)

  9. Malinda

    එනකන් හිටියේ. තැන්කිව්. :)

  10. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..
    මේක එනකම් හිටියේ...

  11. Malinda

    බයිස්කෝප් ඩවුන්ලෝඩ් ෆයිල් එක සබ් එකට සෙට් වෙන්නේ නෑ. ඒක පොඩ්ඩක් බලන්න.

  12. Anonymous

    Thank You

  13. ranga11112

    thanks malli

  14. arawindasunimal

    thanks sub ekata (C.R. Jayalath) jayawewa...............

  15. Ravisara Dharmapala

    Aio sub eka set wen nne saho

  16. D.Chamara

    bohoma sthuthi sahoo

  17. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  18. rasika213

    download copy ekata hariyanna hadpan mcn.

  19. ashenwmab

    Thanks bro

  20. දමිත් රත්නායක

    Another good one for animated movie. Your subs are always on point, thanks.

  21. podda

    thanks mcn

  22. Anonymous

    Ela

  23. Lasantha

    Ela

  24. TeshanB

    Bohooma Sthuthii...

  25. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  26. Rukshan Gogerly

    Thz brother

  27. Dewadithya

    Thanks for sub!

  28. Ish822

    සබ් එකට තැන්ක්ස් මචන් එත් 720p.BluRay එකට සබ් එක සෙට් වේන්නේ නෑ

  29. Chathura Prabhash

    sub 1 set wenne saho video copy 1ta...

  30. Chämàrá Sâmpáth

    උපසිරැසියෙ තිබූ දෝෂය නිවැරදි කර ඇත.

    1. Anonymous

      Sub eke aula thama thiyenawa ne bro

  31. දසිත චාමික

    bohoma sthuthie saho sub ekata! jaya!

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. abeyweera

    සබ් එක සෙට් වෙන් නැනෙ
    නැනෙ

  34. sahangayantha

    thanks a lot saho sub ekata

  35. Shehan putha

    Thanks CR J

  36. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    1. Eranga Sandaruwan

      දෝශය නිරාකරණය කරලා කීවට
      Spies.In.Disguise.2019.720p.BluRay.x264.AAC-[YTS.MX]
      මේ රිප් එකට නම් සබ් එක පොඩ්ඩක්වත් මැච් වෙන්නේ නෑ බ්‍රෝ

  37. Anonymous

    ou tama yts rip 1ta match wenne ne sub 1

  38. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි C.R සහෝ..ජයවේවා..!

  39. ChamikaNipul

    subtitle eke mulma tika hariyata sync wela na

  40. Anonymous

    thanx bro

  41. Avishkaravidu

    Thanks

  42. Sajithlakshan

    thanks .........................

  43. gayanmagee

    thanks

  44. Ushan

    Thz mcn

  45. Anonymous

    sub ekanm set wenne na mcn

  46. Anonymous

    Thanks for sub

  47. Anonymous

    Thanks bro...

  48. Dulina

    thank you so much ...Good quality subtitles.......

  49. Anonymous

    thx bro

  50. Amalka Rathnagoda

    Wow,

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.