” මඩ සෝදාගත් කල රජකම අරගන්න ගොවියා සුදුසුම කෙනාලු රටක උපන්න..!” අපේ රටේ ශ්‍රීලංකාවේ නම් අපි හැමෝම ඔය වගේ වචන පේලියක් සිංදුවකත් අහලා තියෙනවා. වගේම පැරැණ්නෝ කියපු අර්ථ උපදේශයකුත් තියෙන බවත් දන්නවා. ඉතින් ඇත්තටම ගොවියන්ට රජකම දුන්නේ නැතිවුනාට ගොවියන්ට ගොවිතැන් කරන්න අවශ්‍යය කරන දේවල් මොනවගෙන් මොනවද…

” මඩ සෝදාගත් කල රජකම අරගන්න ගොවියා සුදුසුම කෙනාලු රටක උපන්න..!”
අපේ රටේ ශ්‍රීලංකාවේ නම් අපි හැමෝම ඔය වගේ වචන පේලියක් සිංදුවකත් අහලා තියෙනවා. වගේම පැරැණ්නෝ කියපු අර්ථ උපදේශයකුත් තියෙන බවත් දන්නවා. ඉතින් ඇත්තටම ගොවියන්ට රජකම දුන්නේ නැතිවුනාට ගොවියන්ට ගොවිතැන් කරන්න අවශ්‍යය කරන දේවල් මොනවගෙන් මොනවද අද කාලේ ලැබිලා තියෙන්නේ.? වතුර ප්‍රශ්න,වගාවට බෙහෙත් යොදන පොහොර ප්‍රශ්න,ණය ප්‍රශ්ණ, වන සතුන්ගෙන් ඇතිවෙන ප්‍රශ්න.ඒ විතරක් නෙවෙයි කොහොමින් හරි ණය තුරුස් අරගෙන ගොවිතැන් කටයුතු කරලා ඒවගෙන් ලැබෙන අස්වැන්න හරි හමන් මිලකට විකුණගන්න බැරුව පාරවල් ගානේ බැහැලා කෑගහන්න වෙන එක ඇතැම් ගොවීන් සියදිවි නසාගෙන පවා තිබෙනවා..! මේවා දකිනකොට හරිම සෝචනීයයි. ඇත්තට හරිම ලොකු දුෂ්කරතාවයන් ගොඩකට අද කාලේ ගොවි මහතුන් මුහුණපාලා තියෙන්නේ මේවගෙන් ඇතැම් ගැටලු වලට රජය සහ රාජ්‍යනොවන සංවිධාන වලිනුත් යම් යම් සහන දීලත් ඇති. සරලවම කියනව නම් සත්‍යවශයෙන්ම ගොවියන් කීයෙන් කීදෙනාටද හරියට ගොවිතැන් කටයුතු කරලා ලැබෙන අස්වැන්නට නියම මිලක් ලැබිලා තමන්ගේ ණය තුරුස් ගෙවාගෙන තමන්ගේ අනිකුත් වැඩකටයුතු හිතේ සතුටින් කරන්න පුලුවන් වෙලා ඇත්තේ..? ඒගැන විමසා බලන එක ඔබට භාරයි.! තව දෙයක් හුදෙක්ම මේ ලිපියේ මේ ඡේදය ලිව්වේ දේශපාලන අදහසකින් නම් නොවන බව කරුණාවෙන් සලකන්න.
අද මම අරගෙන ආවේ ගොවියන්ට උග්‍ර ලෙස බලපාලා තියෙන ගොවීන්ගේ ප්‍රධානතම ගැටලුවක් වන ජල ප්‍රශ්නයට විසඳුමක් අරන් එන්නට උත්සහ කරන තොරතුරු තාක්ෂණ විෂය ධාරාවෙන් ඉහලට ගියපු තරුණයන් දෙදෙනකුගේ හා තරුණියකගේ කතාවක්.! හැබැයි මේ කතාව දකුණු ඉන්දීයාවේ කතාවක්.! වර්තමාන පරපුරේ තරුණ තරුණියන් බොහොමයක් දෙනා උසස් අධ්‍යාපනය ලබන්න විෂයන් තොරාගන්න අවස්තාවේදි වැඩි ප්‍රතිශතයක් දෙනා තෝරාගන්නේ කෘෂිකර්මයට අදාල විෂයන් නම් නෙවෙයි. ඒකට හේතු ගොඩක් තියෙනවා. දෙමව්පියන්ගේ බලපෑම වගේම කෘෂිකර්ම ක්ෂේත්‍රයේදි ගොවිතැන් කරන ව්‍යවසායකයින් ඉහත කියපු ගැටලුත් එක්ක එම ක්ෂේත්‍රයේ ලබන පාඩු සහගත ආදායම නිසාවෙන් ඉතින් දෙමව්පියන් උනත් තමන්ගේ දූවාදරුවන්ට ඒ වගේ ක්ෂේත්‍රයක් සම්බන්ධව කිසිම දෙයක් කරන්නට ඉඩනොදෙන එක පුදුමයක්නම් නෙවෙයි.කෙටියෙන්ම කියනව නම් ගොවි පවුල් වලින් උසස් අධ්‍යාපනය හදාරන්න එන දරුවන්ටත් ඒ දෙමව්පියෝ එහෙම තමයි කියන්නේ.! ගොවිතැන් කරලා නම් අමාරුවේ වැටෙන්න එපා කියලා. මේ කාරණාව අපේ රටටත් පොදු කාරණවක්..! ගොවින්ගේ අයිතිවාසිකම් ලැබිලා ගොවියන්ගේ අස්වැන්නට නියම වටිනාකමක් ලැබිලා ගොවියෝ විස්වාසවන්තව තමන්ගේ ගොවිතැන් කටයුතු කරන්න ගත්ත දවසකදි නම් ගොවියො කවදාවත් ණය ගන්න එකක් නැතිවෙයි. කවදාවත් ගොවිතැනට සම්බන්ධ ගැටලු ඇවිත් සියදිවි හානි කරගන්න එකකුත් නැතිවෙයි. අනාගතෙදි කවදාම හරි නව පරපුර කෘෂිකර්මය ආවරණය වෙන විෂය පථයද වැඩි වශයෙන් හදාරන්න නැඹුරුවෙයි. එවිට කෘෂිකර්මයටත් නව අදහස් නව තාක්ෂණික ක්‍රම හරියාකාරව එකතු වෙයි එදාට නම් උඩම කියලා තියෙන වාක්‍යය සත්‍යක්ම වෙයි.
ඉන්දීය සිනමා කර්මාන්තයේ අධ්‍යක්ෂකවරු මෙන්ම නිෂ්පාදකයින්ද තම සිනමා නිර්මාණ අතරට ගොවියන්ගේ දුක්කම්කටොලු ගැන පිලිබිඹු කරන නිර්මාණද කලින් කලට ගෙන එනවා ඔබ දන්නවාත් ඇති උදාහරණයක් ලෙස මෑත කාලයේ දකුණු ඉන්දීය සිනමාවෙන් බිහිවුන ගොවින්ගේ ගැටලු ගැනම කතා කර තිබුණ සිනමාපටයක් ලෙස Kaththi (2014) සිනමාපටය පෙන්වාදිය හැකිය. ගොවීන්ගේ ප්‍රධානතම ගැටලු වෙනුවෙන් පෙනි සිටිනා Action,Thriller වර්ගීකරණයට අයත් මෙම චිත්‍රපටය තිරගතවුනේ මේ අවුරුද්දේ එනම් දෙදාස් දහනවයෙ මාර්තු මාසේ අට වෙනදා සිටයි R.කන්නන් කියන අධ්‍යක්ෂකතුමාගේ රචනයෙන් හා නිෂ්පාදනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන්ද හැඩවුන මේ සිනමා පටය සඳහා Atharvaa, Megha Akash, Sathish, RJ Balaji රංගනයෙන් දායකත්ව සපයනවා.
චිත්‍රපටයට අදාල විශේෂ කරුණු දෙකක්.!
- මෙම චිත්‍රපටයේ රූගත කිරීම් දින හතලිස් පහක කාලයක් තුලදි සිදුකරිමට හැකිවි තිබෙනවා.
- මෙම චිත්‍රපටයේ නම බූමරංග් ලෙසින් සෑදී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පැරණි දඩයක්කරුවන් භාවිතා කල දඩයම් කිරීමට ගන්නා අයුධයක් වන බූමරංගය නම් ආයුධයේ නම පාදක කරගෙනය. (බූමරංගයෙන් දමාගැසු විට එය දඩයමට හසුවන සත්වයාගේ ගැටී දමාගැසු දඩක්කරුගේ අතටම ආපසු පැමිණේ එහිදි ඔහු එව නිවැරදි ලෙස අල්ලාගනී,තමන් කලදේ තමන්ටම ආපසු එනවා යන අර්ථයක් මෙමගින් හැඟවේ)
බූමරංගය.


– බූමරංගය අතින් අල්ලන ආකාරය –
චිත්‍රපටය ගැන හැඳින්වීමට ඉදිරිපත් කල කරුණු ප්‍රමාණවත් යැයි සිතමින් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම නිරතුරවම ඔබට විදෙස් සිනමා පට රූපවාහීණී කතා මාලාවන් වැනිදේ ඔබට තිලිණ කරන අතරම ඔබට චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසියක් නිකුත් කර සිටිනවාටත් වඩා චිත්‍රපට ගැන සවිස්තාරත්මක පැහැදිලි කිරිම්ද ලබදෙන බව ප්‍රේක්ෂක ඔබ සියලුදෙනා හොඳින්ම දන්නා කරුණක්.! ඒ බව තව දුරටත් සනාථ කරමින් පසු ලිපියෙන් අද ඔබ හට විස්තර කිරිමට බලාපොරොත්තු වන්නේ මෙම සිනමාපටයේ ආරම්භයේදී පැවසෙන Face transplant යන වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් කරුණක් ඔබ හමුවේ ඉදිරිපත් කිරිමටයි. එසෙ නම් අද මා අත්‍යඅවශ්‍ය පාඨමාලාවකට සහාභාගිවීමට සිදුව ඇති නිසා මාස දෙකක් වැනි කාලයකට උපසිරැසි කිරිමෙ කටයුතු වලින් තාවකාලිකව සමුගන්නවා.සහෝදර උපසිරැසිකරුවකු වන තාරක නුවන් දිල්හාර මල්ලිට විශේෂ ස්තුතිය පිරිනමන අතරම මේ චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට අවස්ථාව සලසා දුන් අප වෙබ් අඩවියේ සංස්කාරක වරයකු වන සුධීර මාලන් සොයුරාටද ස්තුතිය පුදකරනවා. උපසිරැසිය අරගෙන යන ගමන් නැතිනම් චිත්‍රපටය නරඹා අවසානයේ හෝ ඔබගේ අදහස් උදහස්ද දක්වා යන්නට කාරුණිකව ඉල්ලා සිටිමින් මා අදට සමුගන්නවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!
ප:ලි –
අද කාලේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක බොහොමයක් දේවල් වෙනස් වෙලා තියෙනවා. ඒ අතරින් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට අවයවයන් බද්ධ කිරීම වගේ දේවල් සුවිශේෂියි ඉතින් අද මේ කියන්න යන්නේ අපි හැමෝම අහලා නැති Face transplant surgery නැතිනම් මුහුණු බද්ධ කිරීමේ සැත්කම ගැන. මෙතනදි Plastic surgery (ප්ලාස්ටික් සැත්කම්) එක්ක මේක පටලව ගන්න නම් එපා ඒක වෙනම දෙයක්..! මුහුුණු බද්ධ කිරීමේ සැත්කම් වලද විවිධ පැතිකඩවල් තියෙනවා මේ සූදානම සම්පූර්ණ මුහුණ බද්ධ කිරීමේ සැත්කම පිළිබඳවයි. පුද්ගලයෙකුගේ මුහුණට බරපතල ලෙසින් හානි සිදුවූවාට පසු උදාහරණයක් ලෙස පිලිස්සීමක් සිදුවි නැතිනම් විශාල ලෙස ඝට්ටනයක් සිදුවී මුහුණ අඳුනාගැනීමට පවා නොහැකි ලෙස විරූපීවී ගිය අවස්තාවකදි සිදුකරන ලද සැත්කමක් මේ සැත්කමටත් අවයවයන් දන්දෙනවා මෙන් දායකයෙක් නොහොත් Donor කෙනකු අවශ්‍ය වෙනවා.හැබැයි මේ දායකයා නැතිනම් දන්දෙන පුද්ගලයා තවදුරටත් ජීවත්වෙන්නෙ නම් නෑ. ලෝකයේ ප්‍රථමයෙන්ම Full Face transplant surgery නැතිනම් සම්පූර්ණ මුහුණු බද්ධ කිරීමේ සැත්කමක් සිදුකර ඇත්තේ 1994 වර්ෂයේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි නව හැවිරිදි සන්දීප් කෞර් හට සිදුකර තිබෙනවා. එසේනම් චිත්‍රපටයේද උදාහරණයකට පෙන්වන මුහුණ බද්ධ කල පුද්ගලයකු වන ප්‍රංශයේ Richard Norris ගේ ඡායාරූපය ඔබටත් පැහැදිලි වන ආකාරයට පහතින් දක්වා ඇත.


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
18,988 downloadsDownload Boomerang-2019.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
87 comments
Kungfuuu
ND sanka
tnqqq
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahoo sub ekata...
Gihannirosha
Tnx bn sub ekat
manul chandula
Thanx bro sub ekata
Kavishna
thnx bro....
Sanjeewa2010
Pattaaaaaaaaaaaa
Madawadilhan
Thanks
pradeepravindra
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ගොඩක් කල් ඉදන් එනකo බලන් හිටපු film එකක්
ඔෂද ධනංජය
thanx sahoo...
Rumesh dhanushka
බොහොම ස්තුතියි...
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …..
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!harshani11112
ස්තුති තරිඳු සහො
තෙරැවන්සරණයිmaleesha sankalpa
උපසිරසිය ලබා දුන්නට ස්තුතියි!
Nilush Angana
Sub ekata thanx
Udaya Saman
උපසිරසියට බොහොම තුති තරිදු අයියේ..වැඩ රාජකාරි අතර, ඔබ කරන්නා වූ මේ මහගු මෙහෙවර වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තූතියි..100 ටත් ලගයි නේද දැන්නම්..ඉක්මනටම දෙමු ආ....බුදු සරණයි...
dinujadilshan
bro film eka baa ganna link eka dynko plz
Nadeesha rox alahakoon
Tnx bro.
Nimantha.Chathuranga
ELaaa
subodha
Thanks
Ayesh Prashan
Thank You
pawan shamika
ela mchn thanx
C.R.Jayalath
තරිඳු අයියනෙ කරල තියෙන්නෙ. තෑන්ක්ස් අයියේ
Naleen
Thank youbro
KGSILVA
මචන්ලා පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා..පුලුවන්නම් How to Get Away with Murder කියන ටීවී සිරීස් එකට සබ් කරහල්ලකෝ කවුරුහරි
NuwanK
Thank u bro...
rangika Kariyawasam
තැන්කු මචං. සුපිරියක් ..සබ දුන්නට ෆට්ටම තැන්ක්ස්
Samsan jayantha
Ela
sooriyapatabadige
Thanks for sub.........(muthuramalingam 2017) movie ekata sub dennako please........
deliya
thanks saho sub akata denakan balagana hitiye.lipiyat patta aaaaaa.budusaranai.jaywewa
Primalshim
downloard link ekak oni..
thilz
thank u 4 the sub and the lettr
chandika1975
thank you and good worked.
Shalin Herath
Tnx bro sub ekata
pandulaperera
downloard link eka dennakoo please..
Sanjeewa2010
Pattaaaaaaaaaa
Hemantha De Silva
ස්තුතියි තරිඳු...
සබ් එකට...
විස්තරයට...
සුභ අළුත් අවුරුද්දක් වේවා...darshana100
thnaks saho
kaniyacool
sub ea enne ne broo
damith_janaranjana
Thanks bro
prageeth
thanks bro
H_anuru
Thank you bro
Madhu_Akarsha
Sub ekatath wistharayatatth thanx
Eranda Malith 2.0
බොහොම ස්තූතියි
prabha
ELa
basura indrachapa
උපසිරැසියට ගොඩක් තුති සහෝ
IsuruAbeywickrama
tnx brother ❤
hacwkuser
thanks broo
chanakaaa
thankss
IsuruF
thanks sub ekata
dinujadilshan
bro film eka baa ganna link eka dynko plz
gihan perera
නියමයි මචෝ m.t.r .පට්ට...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
RuwanLakshan93
එල සහෝ ජය වේවා.... !
thanks bro sube ekata pottu 2019 film ekatath sube dannako jayawewa.
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති අයියේ..
සුපුරුදු පරිදි දැනුමටත් දෙයක් එක් කලාට බොහොම පින්.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!C lakmal
THANKS ,
Sathru (2019) Tamil සිංහල සබ් දෙන්න බලන්න
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you bro