Watch Trailer

Bullet Train (2022) Sinhala Subtitles | බුලට් ට්‍රේන් [සිංහල උපසිරැසි] (18+) *350*

හෙමින් සීරුවේ 350වෙනි උපසිරසියටත් ඇවිල්ල ඔන්න. සබ් එකක් කරනවා කියන්නෙම තනිකර කට්ටක්. සබ් එකක් හරි කරපු කෙනෙක් ඒ බව දන්නවා. ඇම්මක් නැත්නම් කොහෙත්ම දෙවැනි සබ් එක කරන්න හිතක් එන්නේ නැහැ. දල වශයෙන් සබ් 350ක් කරණ කාලය ගණනය කලොත්, මම 50%කට වඩා කලේ ටීවී සිරිස් නිසාම දල වශයෙන් සබ් එකක ලයින් 750ක් තියෙනවා ක…

හෙමින් සීරුවේ 350වෙනි උපසිරසියටත් ඇවිල්ල ඔන්න. සබ් එකක් කරනවා කියන්නෙම තනිකර කට්ටක්. සබ් එකක් හරි කරපු කෙනෙක් ඒ බව දන්නවා. ඇම්මක් නැත්නම් කොහෙත්ම දෙවැනි සබ් එක කරන්න හිතක් එන්නේ නැහැ. දල වශයෙන්  සබ් 350ක් කරණ කාලය ගණනය කලොත්, මම 50%කට වඩා කලේ ටීවී සිරිස් නිසාම දල වශයෙන් සබ් එකක ලයින් 750ක් තියෙනවා කියල ගත්තොත්, සමස්ථ ලයින් ප්‍රමාණය  262,500ක්. සාමාන්‍යයෙන් ලයින් 150ක් කරන්න පැයක් යනවා කියල ගත්තොත්  (262,500 / 150 ) පැය 1,750ක්. ඒ කියන්නේ දවස්  73ක් (1,750/24) නොහොත් මාස දෙකයි දවස් කිහිපයක් එක දිගට රෑ එලි වෙනකම් උපසිරසි කළා හා සමාන කාලයක්  මේ වෙනුවෙන් වැය කරලා තියෙනව. ඉන්දියන් ෆිල් කරන සහෝදර සහෝදරියන් ගැන මෙහෙම සලකා බැලුවොත් අපේ සමහරුන්ට අවුරුද්දක වගේ කාලයක් එන්නත් ඉඩ තියෙනව.

කොහොම නමුත් බයිස්කෝප් වෙබ් අඩවියේ ඉන්න සහෝදර උපසිරසිකරුවන් නිසාත්, ෆිල්ම් සම්බන්ධව තියෙන ඇම්ම නිසාත්, බයිස්කෝප් සමග එකතුවෙලා ඉන්න සැබෑම රසිකයින් නිසාත් තමයි මේ තරම් දුරක් එන්න ඉඩක් ලැබුනේ. ඒ වෙනුවෙන් වචනයකින් හරි සහය දුන්නු හැමෝටම බොහොම ස්තුතියි. ආදරෙයි.  ❤

ඒ මොනා උනත් සිරිස් එකකට සබ් කරනකොට එපියක් දෙකක් පරක්කු වුනොත් සබ් එක අරගෙන යන ගමන් මව් දෙමව්පියෝ සිහි කරලා පවා ගිය අයගේ කමෙන්ට් දැක්කම මෙහෙම කැප කිරීමක් කරන්න ඕනද කියල හිතිලා තිබ්බ පහුගිය කාලේ පුරාවටම. උපසිරසිකරණයෙන් වැඩිවශයෙන් ඈත් වෙලා හිටියෙත් ඒ නිසාමයි. කොහොම නමුත් ඉතිං හැමෝම පෙන්වන්නේ තමන්ගේ වටිනාකමනේ ඉතිං, ඒ බනින අය පෙන්නලා තියෙන්නේ ඒ අයගේ වටිනාකම  කියල හිතල ආයේ පුළුවන් හැම වෙලාවකම උපසිරසි අරගෙන එන්න ඕන කියල හිතිලා තමයි මේ විධියට උපසිරසි අරගෙන එන්නේ ඉතිං. නැත්නම් මේක ජීවිතේට පහුකරන්න හිතපු කඩයිමක් නෙමෙයි, අතැරලා දාල තිබුණු කඩයිමක්. 🙂  

මේ ෆිල්ම් එක පදනම් වෙන්නේ Maria Beetle නමැති ජපන් නවකතාව මත. මේ කෘතිය රචනා කරල තියෙන්නේ ජපන් ජාතිකයෙකු වන Kôtarô Isaka විසින්. ඒ නිසාම තමයි මේක ජපානයේ රුගතකිරීම් සිදුකරලා තියෙන්නේ සහ සිනමාපටය පුරාවටම ජපන් වයිබ් එක තියෙන්නේ. 2010ඩි ප්‍රකාශයට පත්වෙන මේ පොත ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ 2021දි. ඒ වගේම මේක අසැබි වදන් සහ මුල් පැය කාල වගේ ඇතුලත ඉතාම සුළු වෙලාවකට 18+ දර්ශනක් ඇතුලත් නිසා මුල් ටික බළකොට පරිස්සමින් බලන්න. අසැබි වදන් නම් සැර බාල කරලා සබ් එකට දාල තියෙන්නේ ඉතිං. 

Brad Pitt, Joey King, Aaron Taylor-Johnson, Brian Tyree Henry, Andrew Koji, Hiroyuki Sanada, Michael Shannon, Bad Bunny, Sandra Bullock යන නළු නිලියන් ප්‍රධාන වශයෙන් මේ සිනමාපටය සඳහා එකතු වෙනව. එළ-කිරි කැමියෝ දෙක තුනකුත් තියෙනවා. ඔයාලම බලාගන්නකෝ ඒ ටික. 🙂 සිනමාපටය අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නෙ David Leitch විසින්. මෙයා තමයි Deadpool 2 (2018), Fast & Furious Presents: Hobbs & Shaw (2019) වගේ සිනමාපටවල අධ්‍යක්ෂකවරයා වෙන්නේ. ඒ වගේම සිනමාපට බර ගානක ස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විධියටත් මෙයා වැඩ කරලා තියෙනව. ඒ නිසා ඇක්ෂන්-කොමඩි ශානරයට අයත් වෙන මේ සිනමාපටයේ කොලිටිය ගැන නම් ආයේ කියන්න දෙයක් නැහැ.

අධ්‍යක්ෂකවරයා තමන්ගේ උතසහය එහෙම දරනකොට ප්‍රධාන රංගනයෙන් එකතුවෙන බ්‍රැඩ් පිට් කොල්ලා තමන් විසින්ම මේකේ එන ක්‍රියාදාම 95%කට වඩා ප්‍රමාණයකට පෙනී ඉඳල තියෙනව. ඩොලර් මිලියන 90ක විතර වියදමක් දරමින් නිෂ්පාදනය කරපු මේකේ ප්‍රඩක්ෂන් කොලිටිය නම් නියමයි. ඒ වගේම මේ සිනමාපටය වෙනුවෙන් 7.4ක imdb අගයකුත්, රෝට්න් ටොමැටො වෙබ් අඩවියේ 54%ක විචාරක අගයකුත්, 76%ක ප්‍රේක්ෂක කම්ත්තකුත් දිනාගන්න සමත් වුණ මේ සිනමාපටය ඩොලර් මිලියන 230කට එහා ගිය බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගනිමින් වසරේ බොක්ස් ඔෆිස් ලයිස්තුවේ දැනට 14වෙනි තැන දිනාගන්න සමත් වෙලා තියෙනව ෆුල් ඇක්ෂන්-කොමඩි පැක් එකක් මේක.

මේකේ කතාව මුලිකවම දිව යන්නේ බ්‍රිෆ් කේස් එකක් සම්බන්ධව. බ්‍රැඩ් පිට් රඟපාන්නේ කුලී අපරාධකරුවෙක් විධියට, එයා අවාසනාවන්තයි. ඒ මොකද කියනව නම් මිනිහ වැඩක් කරන හැම වෙලාවකමදීම මොකක් හරි බාල්දියක් පෙරලිලා වටේ ඉන්න එකෙක් මැරුම් කනවා. ඒ කියන්නේ මිනිහා අවාසනාව අරගෙන එන්නේ අරගෙන එන්නේ වටේ ඉන්න අයට. ඒ වගේම මිනිහා මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබාගන්නවා මානසික සන්සුන්භාවය වෙනුවෙන්. ඒ නිසා මේ වෙනකොට මිනිහා ඉන්නෙ බොහොම සාමකාමීව හැම දෙයක්ම විසඳගන්න හදන්නේ සාමකාමිව.

ඉතිං ලොකු නිවාඩුවකින් පස්සෙ මිනිහා ආයේ ෆීල්ඩ් එකට බහිනවා. මිනිහට ලැබෙන මෙහෙයුම තමයි ජපානේ බුලට් ට්‍රෙන් එකක තියෙන බ්‍රිෆ් කේස් එකක් හොරෙන් අරගෙන තවත් දුම්රිය නැවතුම්පොලකින් බහින එක. ඒ මෙහෙයුම වෙනුවෙන් එයාට ලැබෙන කේත නාමය තමයි ලේඩිබග්. හරිම සරල වැඩක්නෙ කියල හිතල බාරගන්න වැඩේ දුම්රියට නැගල ටික වෙලාවක් යනකොටම සංකීර්ණ වෙන්න ගන්නවා. මිට කලින් කරපු මේ වගේ වැඩවලදී විරුද්ධවාදීන් විධියට මුණගැහිලා සටන් කරපු, වෙඩි තියපු, වෙඩි කාපු, වස දුන්නු, එකී මේකි නොකී හැම ජාතියකම වගේ අපරාධයන්ට හවුල් වුණ සෙට් එකක්ම මේක ඇතුලේ ඉන්නව. ඒ වගේම මේක තමා මම බලල තියෙන ෆිල්ම් අතරින්, සිනමාපටයේ ප්‍රධාන සහ අනු-ප්‍රධාන චරිත සඳහාත්, කතාවට ප්‍රධාන වශයෙන් දායක වෙන භාණ්ඩ සඳහාත්, එක සිනමාපටයකදී සුපිරියටම බැක් ස්ටෝරීස් ලබාදුන්නු හොඳම සිනමාපටය මේක කියල කිව්වොත් වඩාත් නිවැරදියි. සිරාවටම ඈ 😀

කිසිම කම්මැලිකමක් නැති පැය දෙකක් වෙනුවෙන් ෆිල්ම් එක බලන්න වාඩි වෙන්න එහෙනම්. ආයේ තව උපසිරසකින් මුණගැහෙමු. ජය!

Director: David Leitch

Writers: Zak Olkewicz, Kôtarô Isaka

IMDB Ratings : 7.4

Release Date: 05 August 2022

Digital Release Date: 26 September 2022

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

27,482 downloadsDownload Bullet-Train-2022-Blu-Ray.zip131 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

27,482 downloadsDownload Subtitles131 KB

87 comments

  1. Priyantha Dayakeerthi

    ශාන් විමුක්ති සොයුර,
    350 වැනි උපසිරසි කඩඉමට උණුසුම් සුබපැතුම්!

  2. Lemon

    patta film ekak
    tanks sub ekata .

  3. anonymous

    Congratulations !!
    Tnx sub ekata

  4. මයුර

    350ට සුබ පැතුම් විමෝ..
    ජයින් ජයිම වේවා..

  5. Udara Damith

    මටත් හෙන ආසයි සබ කරන්ඩ
    එඑ උනාට ඉංග්‍රීසි බෑනේ

  6. Udara Damith

    onna thor awilla

  7. Udara Damith

    suba anagathayak

  8. Bimsara Yashan(ඔලිව)

    350 වෙනි උපසිරැසි ගැන්වීමට සුභපැතුම් විමා අයියේ. ඔයාගෙ සබ් ගැන නම් ආයෙ කියන්න දෙයක් නෑනෙ සුපිරියටම තියෙනවා. ඒ වගේම ඉදිරි වැඩ කටයුතුත් ඉහලින්ම සාර්ථකත වෙන්න කියලා පාර්තනා කරනවා. ජයවේවා!

  9. Anonymous

    Thanks Brother, Congratulations

  10. M.Ismath

    සුබ පැතුම්...❤️

    1. ලසා

      සුභ පැතුම් ✌✌✌

  11. Naveen Mbr

    350 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්! ජයෙන් ජයම වේවා අශාන් අයියේ! තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!

  12. Sanjeewa2010

    Pattaaaaaaaaaaaaaaaaaaaa.... Congrtazzzzzzzzzzzz

  13. malith madhushan

    350 වෙනි කඩයිමට සුබ පැතුම් විමා අයියේ, බයිස්කෝප් එකට සම්බන්ද උන දවස් වල ඉඳන්, උපසිරසක් කරනකොට හිර උන තැන් වල ගැට ලිහා ගන්න කරපු උදවු වලටත් ගොඩක් ස්තුතියි, ඒ වගේම ROP වගකීම කරට අරන් කරන එකතත් ගොඩක් ස්තුතියි විමා අයියේ, ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා, අතාරින්නෙ නැතුව 400 යටත් යමු

  14. Pasindu Madumal

    350 වෙනි උපසිරැසියට උණුසුම් සුබපැතුම් අයියා ♥️
    ඇම්මක් තියෙන නිසා කළාට පෙරළා එන්නේ ගැරහුමක් විතරමයි

  15. සංජන චමෝද්

    350 වන උපසිරැසිකරණයට උණුසුම් සුභ පැතුම් අයියෙ. දිගටම වැඩේ කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. 🤗

    උපසිරැසියටත් ස්තූතියි

    අයියෙ. 🤪

  16. lakmal

    congratulations bro

  17. Udara Uluvitiya

    350 ට සුබ පැතුම් මචෝ.....
    මේ වැඩේ දිගට ම කරගෙන යමු සහෝ.
    ජයෙන් ජය...

  18. gihan

    350ට සුභ පැතුම්.උපසිරසියටත් බොහෝම ස්තුති

  19. Anonymous

    Bullet train thank you for sub

  20. අචින්ත

    කඩයිම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් මචන්.. ඒ වගේම ස්තූතියි
    සයිට් එකේ ක්‍රියාකාරී ඇඩ්මින් කෙනෙක් විදිහට දන්න කියන කාලේ ඉඳන් පුළුවන් හැටියෙන් සයිට් එකේ දේවල් හොයල බලල කරනව 350ට වගේම ඒකටත් ලොකු ස්තුතියක් හිමි වෙන්ඩෝනාමයි...ජය වේවා ඉතිං කරන කියන දෙයක් හරි යන්ඩම කියල තමයි ප්‍රාර්ථනා කරන්නේ බ්‍රෝ....

  21. Roshan

    Thanks bro...great job...good luck...

  22. Buddhi Senanayaka

    ජය!

  23. Anonymous

    Thanks

  24. නිමල් දිසානායක

    350 ට සුපැතුම්
    ඔබ කළ සේවය මනරම්
    අද මේකත් බාගන්නං
    වෙන දවසක බලන්නෙ නං

  25. එල්. සී. ‎දමැල්

    350වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් අයියේ! :)
    උපසිරසිකරණයේ සුපිරිම වැඩකරුවෙක් තමයි ඉතින්...
    ඒ විතරක් නෙමෙයි මම අනිත් අයගේ සබ් බලලා ඒ ස්ටයිල් එක කොපි කරන, මං තවමත් ඉගෙනගනිමින් ඉන්න ඉංග්‍රීසි අනුවර්තනය, දන්න සිංහල ටික රහට හසුරුවන විදි යහමින් ඉගෙනගන්න මුල් පෙළ උපසිරසිකරුවන්ගෙන් මුල් හරියෙම ඉන්න⁣ කෙනෙක් තමයි විමා කියන්නෙ. ඉතින් ඒ වෙනුවෙන් ස්තුති නොකරම බැහැ. මම හැමදාම අගය කරන්නෙ කොයි තරම් කාර්යබහුල වුණත් විමාට සබ් කරන්න තියෙන කැපවීම සහ උනන්දුව ගැනයි.
    ඉතින් ඒ උනන්දුව දිගටම තියාගෙන දිගටම උපරිසරකරණයේ නිරත වන්නටත් අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  26. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ.... 350වෙනි සබ් එකට සුබ පැතුම්

  27. Lakindu R

    350* සබ් කරනවා කියන්නේ සෙල්ලන් වැඩක්ද..
    පිස්සු හැදෙනවා..

    ජයවේවා සහෝ..
    400*ටත් එමු ඉක්මනට

  28. දරා

    350 ට සුබ පැතුම් විමා අයියා

  29. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    මුලින්ම 350 වෙනි සිංහල උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබපැතුම් මචෝ බයිස්කෝප් සිංහලෙන් සැබෑම රසිකයින් වෙනුවෙන් සිදුකරනා මෙහෙවරට විශේෂ ස්තුතිය

  30. Anonymous

    350 ට සුභ පැතුම් විමා සබ් එකක් කරනවා කියන්නෙත් ලොකු ගේමක් 350ක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙවේ සුපිරි අයියේ දිගටම සබ් කරන්න ජය වේවා

  31. Kushan

    Sub akta thanks

  32. oshanda

    350 වෙනි උපසිරැසියට උණුසුම්ම සුභ පැතුම්. 350 කියන්නෙ සුළු පටු දෙයක් නෙමෙයි. ඉස්සරහටත් බයිස්කෝප් කැදැල්ලේ මුල් පුරුකක් විදියට නොබදව සහයෝගයෙන් කටයුතු කරන්න ලැබේවා, ඒ වගේම හොද නිර්මාණ දායක කරන්න ලැබේවා. සුභ අනාගතයක් වේවා. උපසිරැසි රසික රසිකාවියන් වෙනුවෙන් කරන සේවයට බොහෝම පින් අත්වේවා....

  33. Asanga kb

    Thank you and good luck..

  34. N Sasith

    මා දුටු ආදරණීයම උපසිරැසිකරුවා.. සුභ පැතුම් 350ට

  35. Anonymous

    සුබ පැතුම්..සබ් එක දුන්නට බොහොම ස්තුතියි.. ❤ ජය..

  36. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  37. wickramarachchi

    thank you good luck

  38. Hasitha

    350 වන උපසිරසියට සුබපැතුම් සහෝ ..!!

  39. Anonymous

    Thank you and congratulations!!!

  40. නලින් පෙරේරා

    350 වෙනුවෙන් සුභම සුභ පැතුම්. කොච්චර ලෙඩ ආවත් වැඩේ නම් නවත්තන්න එපා. ඉදිරියටම යමන්.. සබට ස්තුතියි, විමෝ. ජය වේවා!

  41. Kantha_DLA

    350 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  42. Yash

    Thanks brother thank you very much
    Really appreciate your efforts.
    Thanks again.keep it up

  43. Danushka

    උපසැරසි කඩයිමට සුභ පැතුම් සහෝ, ජය වේවා.....

  44. Charith

    සුබපැතුම් සහෝදරයා!

  45. viraj

    thank you and good luck

  46. Buddhika laKMal

    350වෙනි උපසිරැසියට සුබ පැතුම් මචං... උඹල හින්ද තමයි බං අපි ෆිල්ම් එකක් නියම විදිහට රස විදින්නේ... තමුන්ගේ පෞද්ගලික වැඩරාජකාරි මැද ෆිල්ම් එහෙකයට සිංහල උපසිරැසි අරගෙන එන්වට බොහෝම ස්තූතියි.... මොකා මොන බයිල ගැහුවත් ඉස්සරහටත් අපිට සිංහල සබ් දෙන්න ඉදල හිටලවත්.... කරන කියන පෞද්ගලික වැඩකටයුතු සාර්තක වේවා....

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  47. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    350 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  48. Mano

    Godak sthuthi.. Jaya wewa!

  49. Anonymous

    දැන් එන මාවල් ලබ්බවල් වලට වැඩිය රසවිදින්න පුලුවන් නියම ෆිලුමක්

  50. akila

    thank you brother

Load more comments