GUCCI මේ නම අහල නැත්තන් දැකල හරි ඇති. විලාසිතා ලෝකේ ඉහළින්ම වැජඹෙන Gucci සන්නාමේ සුඛෝපභෝගී සමාජේ ආදරේ ගෞරවේ හිමි කරගන්නේ සියවසක කාලයක පටන්මයි. 1921 දී ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයෙන් ආරම්භවෙන Gucci ආයතයේ කතෘවරුන් බවට පත්වෙන්නෙ විලාසිතා නිර්මාණ ශිල්පී Guccio Gucci සහ ඔහුගේ දෙටු පුත්‍ර Aldo Gucci. එතැන් පට…

GUCCI මේ නම අහල නැත්තන් දැකල හරි ඇති. විලාසිතා ලෝකේ ඉහළින්ම වැජඹෙන Gucci සන්නාමේ සුඛෝපභෝගී සමාජේ ආදරේ ගෞරවේ හිමි කරගන්නේ සියවසක කාලයක පටන්මයි. 1921 දී ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයෙන් ආරම්භවෙන Gucci ආයතයේ කතෘවරුන් බවට පත්වෙන්නෙ විලාසිතා නිර්මාණ ශිල්පී Guccio Gucci සහ ඔහුගේ දෙටු පුත්‍ර Aldo Gucci. එතැන් පටන් පවුලේ ව්‍යාපාරයක්ව පැවතුණු Gucci ආයතනයේ හිමිකාරිත්වය අද පවතින්නේ Gucci පවුලෙන් පරිබාහිරවයි. මෙන්න මේ කාරණාව සිදුවෙන්න මූලිකව බලපෑම් කළ ඛේදජනක සිදුවීම් මාලාවයි House of Gucci චිත්‍රපටයට පාදක වෙන්නෙ.
Gucci නාමය 1921 පටන් අද වන තුරුම ලොව විලාසිතා සමග නිතර කියවෙන නමක්. ඉතාලියේ ෆ්ලෝරන්ස් හී ඇරඹෙන Gucci ඉතා කෙටි කාලයක් ඇතුලත ලොව පුරා දැවැන්ත විලාසිතා වෙළද නාමයක් ලෙස ඉදිරියට පැමිණියා. කෙසේ නමුත් චිත්‍රපටයට පාදක වනුයේ හැත්තෑව දශකයේ අගබාගයේ සිදු වූ Maurizio Gucci ගේ හා Patrizia Reggiani ගේ ආන්දෝලාත්මක විවාහයත් . ඉන් පසුව Gucci පවුල තුල සිදුවන අභ්‍යන්තර ව්‍යාපාර කොටස් අර්බුධ සමග Gucci පවුලට අත්වෙන ඛේදවාචකයයි. මෙය මෙලෙස සත්‍ය කතාවක් වුවද The House Of Gucci A Sensational Story Of Murder කෘතිය පාදක කරගෙන චිත්‍රපටයේ පිටපත රචනා වූ බව සදහන් .
House of Gucci සෑහෙන අවධානයක් දිනාගන්න එක් හේතුවක් වෙන්නෙ මෙය Alien, Blade Runner, Gladiator, The Martian වැනි අතිවිශිෂ්ට ගණයේ චිත්‍රපට නිර්මාණය කළ Sir Ridley Scott ගේ අධ්‍යක්ෂණයක් වීම. දෙවන කාරණය Lady Gaga, Adam Driver, Al Pacino, Jared Leto, Jeremy Irons, Salma Hayek වැනි සුපිරි නළුනිළි කණ්ඩායමක් චිත්‍රපටයට රංගනයෙන් දායකවී තිබීම. Gucci ලෝකයේ අංක එකේ වෙළඳ සන්නාමයක් වීමත් මේ චිත්‍රපටයට මේ තරම් අවධානයක් හිමි වෙන්න හේතුවන්න ඇති. ඉතින් එවැනි කණ්ඩායමක දායකත්වයෙන් බිහිවෙන නිර්මාණයකට ලැබෙන්න ඕන කොහොම ප්‍රතිචාර ද? කණගාටුවට කාරුණ House of Gucci ඒ තරම් යහපත් ප්‍රතිචාර ලබාගත් චිත්‍රපටයක් නොවීම. චිත්‍රපටයට ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාර. අඩුපාඩුවක් විදිහට මම දුටු දේ නම් චරිත ගොඩනැංවීම තවත් ප්‍රබල ආකාරයෙන් සිදුවෙන්න තිබුණ බවයි. උදාහරණයක් විදිහට Jerad Leto රඟදැක්වූ චරිතය අපි දකින්නෙ අන්තිම අනුවණ මනුස්සයෙක් විදිහට. ඔහුගේ චරිතය ඒ සීමාවට කොටුවී තිබුණු බවක් දකින්න ලැබුණා. Lady Gaga රඟදැක්වූ චරිතයත් තවත් මතු වුණානම් හොඳ බවක් මට දැනුණෙ. ඒ වගේම විශේෂයෙන් හොලිවුඩයේ නැගී එන තරුවක් වෙන Leto තමන්ගේ බාහිර ස්වරූපය පවා වෙනස් කරගෙන චරිතයට අනුගත වී තිබුණු ආකාරය අතිවිශිෂ්ටයි. මේ වැනි දස්කම් දක්වමින් ප්‍රේක්ෂකයන් ගේ හදවතේ රැඳුණු අයට ඉන්නෙ Christian Bale, Gary Oldman, Johnny Depp වැනි ටික දෙනයි. Jerad Leto ඒ අතරට පැමිණෙන්න නියමිතයි. House of Gucci සිනමාකරණයත් රූපමය ගොඩනැංවීමත් ආකර්ෂණීය මට්ටමක් තිබුණ. විලාසිතා සම්බන්ධ තේමාවක් නිසා රූපමය ආකර්ෂණය අඩුවක් නැතිව චිත්‍රපටයෙන් අත්විඳගන්න පුලුවන්. සමස්තයක් විදිහට කොයිතරම් ඍණාත්මක ප්‍රතිචාර ලැබුණත් House of Gucci ඇහැට බොහෝම ප්‍රිය සහ රසවින්දනාත්මක සිනමා අත්දැකීමක් බව කිවහැකියි.
ධන තන්හාව හා නොසිදෙන ආශාවන් මිනිස්සුන්ව අරන් යන්නෙ හැම වෙලේම ඛේදවාචකයකට. ඒකට සමාජයේ තරාතිරම හෝ ස්ත්‍රීපුරුෂ භාවය අදාල වනුයේම නැහැ. කාන්තාව යන සාධකය හැමවෙලේම දෙපැත්ත කැපෙන පිහියක් . ඔවුන්ගේ අන්තවාදී ආකල්ප දැඩි විනාශකාරීයි. Gucci පවුලේ ඛේදවාචකය ලොවට කියන්නෙ ඒ විනාශයේ කතාවයි.
කෙසේ නමුත් චිත්‍රපටය පුරා ඇඩම් ඩ්‍රය්වර් , අල් පචීනෝ , ලේඩි ගාගා මෙන්ම ජෙරඩ් ලෙටෝ ගේ රංගනය පැහැදිලිවම චිත්‍රපටයේ ධනාත්මක අංගයක්. හැත්තෑව දශකයේ ඉතාලිය මෙන්ම විලාසිතා චිත්‍රපටය තුල ඉතාම සාර්ථක මෙන්ම ආකර්ශනීයව නිර්මාණය කරන්නටත් නිර්මාණකරුවන්ට හැකිව තිබීමත් මෙහි ධනාත්මක ලකුණක්. රිඩ්ලි ස්කොට්ගේ සෙසු චිත්‍රපට මෙන්ම මෙහිද සිනෙමැටොග්‍රැෆි හා සංගීතය ඉතාමත් ඉහල මට්ටමක තිබූ බවත් කිවයුතුමය් . විශේෂයෙන් මෙහි භාවිත කොට තිබූ ගීත චිත්‍රපටය මුල සිටම රැකගෙන ආ ස්ටය්ලිෂ් බවට පැහැදිලිවම එල්ල කලේ ඉහල බලපෑමක්.
ඉතින් හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටිය රසවිදින්න කියලා.
ජය වේවා

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,730 downloadsDownload House.of_.Gucci_.2021.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලක්ෂාන්
Subtitles
23 comments
AKEESHA
Anonymous
❤️
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
❤️
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Anonymous
❤️
Deegayu Abeysekera
filuma bala goda kal.....
suba enakal hitiye.....
!!!tnx!!!
Anonymous
❤️
දරා
මරු බන්
Anonymous
❤️
Anonymous
Patta
Anonymous
❤️
Anonymous
Lou sub plz
Anonymous
Ok
Supun Kaushalya
තෑන්ක්ස්
Anonymous
❤️
sajeeva
Thank you.....
damith
thanks you bro jaya wewa........!!!
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Dewadithya
Thanks for Sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manu
Godak sthuthi.. Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ