ඔන්න ගොඩක් දෙනා BR කොපි එනකං මග බලාගෙන ඉන්න කතාවක් අරගෙන තමයි මේ බයිස්කෝප් එකට ගොඩවදින්නේ. උපසිරැසිය කරලා BR කොපියට උපසිරැසි දෙන්න කියලා හිතාගෙන හිටියත් හදිසි කාරයින් ගැන හිතලා උපසිරැසිය දෙන්න ඕනේ කියලා කල්පනා කලා. ඉතිං මේ විදියට මේ උපසිරැසියත් සමග මම මගේ 400 වැනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ ඔබ හමුව…

ඔන්න ගොඩක් දෙනා BR කොපි එනකං මග බලාගෙන ඉන්න කතාවක් අරගෙන තමයි මේ බයිස්කෝප් එකට ගොඩවදින්නේ. උපසිරැසිය කරලා BR කොපියට උපසිරැසි දෙන්න කියලා හිතාගෙන හිටියත් හදිසි කාරයින් ගැන හිතලා උපසිරැසිය දෙන්න ඕනේ කියලා කල්පනා කලා. ඉතිං මේ විදියට මේ උපසිරැසියත් සමග මම මගේ 400 වැනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ ඔබ හමුවේ තබනවා. මේ වෙද්දී නිකුත් වෙලා තියෙන ටොරන්ට් පිටපත් විවිධාකාර පිටපත් නිසා මේ උපසිරැසිය 100%ක් ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න පිටපත එක්ක නොගැලපෙන්න පුළුවන්. ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන පිටපත්වල ගුණාත්මකබාවය අඩු වුනත් ගොණුවේ ප්‍රමාණයෙන් නම් අඩුපාඩුවක් නැතුව ගිගාබයිට් එක දෙක පන්නලා තියෙන නිසා හැම පිටපතක්ම ඩවුන්ලෝඩ් කර-කර ඒ ඒ කතා වලට ගැලපෙන විදියට උපසිරැසිය හදන්නත් අමාරුයි. ඒ වගේම ඒ ඒ පිටපත් වලට ගැලපෙන ඉංග්‍රීසි උපසිරැසි මොනවද කියලා දැනගන්නත් ඒ ඒ පිටපත් ඩවුන්ලෝඩ් කරගෙන ගලපනවා මිසක් එකිනෙකට වෙනස් පිටපත් වලට අදාල ඉංග්‍රීසි උපසිරැසි වලට අනුකූලව සිංහල උපසිරැසිය සින්ක් කරන්න අමාරු නිසා, මම අඩුවට හොද කොලිටියට තියෙන පිටපතක් තෝරගෙන ඒක ඩවුන්ලෝඩ් කරලා තමයි මේ උපසිරැසිය හදලා තියෙන්නේ. ඒ නිසා දැන්ම බලන්න හදිසි ඇත්තෝ ඉන්නවනං උපසිරැසිය කලින් දුවනවා පරක්කු වෙලා දුවනවා කියලා අමුතුවෙන් කමෙන්ට් වල සටහන් කරන්න දෙයක් නෑ. මොකද කිව්වොත් පුතේ ඒ තමයි ලෝක ස්වභාවේ. ඒකත් එක්ක මට හැප්පෙන්න අමාරුයි.
හොදයි එහෙනං ඒ තමයි මගේ පෞද්ගලික Disclaimer එක. එහෙනං මෙච්චර දුරක් ආපු එකේ මම මෙතක් කරපු උපසිරැසි ගැන පොඩි සාරාංශයක් පහලට පෙල ගස්වන්නම්. හැබැයි දින වකවානු නම් සටහන් කරන්නේ නෑ, මොකද කිව්වොත් කවුරුවත් ඒ ගැන දැනගන්න අවශ්‍යතාවයක් නැතුව ඇති කියලා හිතන නිසා, නැතුව ලිපිය ලියන්න කම්මැලි නිසා නෙමෙයි. 😉
TV
===
- The Mentalist – (S01 – S07) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (150)
- Elementary – (S02) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (9)
- Nikita – (S01 – S04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (73)
- The Messengers – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (13)
- The Last Ship – (S02 – S04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (36)
- Sense8 – (S01, S02) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (21)
- Marvels Agents of S.H.I.E.L.D – (S03, E04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (33)
- Under the Dome – (S03) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (5)
- Scorpion – (S02, S04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (23)
- ShadowHunters – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (4)
- Marvels Jessica Jones – (S01, S02) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (5)
- Teen Wolf – (S05) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (1)
- Lucifer – (S03, S04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (2)
- Marvels Luke Cage – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (1)
- The Gifted – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (1)
- Deception – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (13)
Films
=====
1). Barly Leathal (2015)
2). Chloe and Theo (2015)
3). Citizenfour (2014)
4). Pitch Perfect 2 (2015)
5). Pitch Perfect 3 (2017)
6). The Help (2011)
7). Doctor Strange (2016)
8). Valerian and the City of a Thousand Planets (2017)
9). Deadpool (2016)
10). Deadpool 2 (2018)
ඉතිං ඔය තමා මගේ කැරැට්ටුව. ඔව්, මූ ගොඩක්ම කරලා තියෙන්නේ ටීවි තමා. ඒ වගේම ෆිල්ම් වලින් අංක 1 සහ 8 ඇරෙන්න අනිත් හැම එකක්ම ගොඩක්ම ආසාවෙන් මට වෙහෙසක් වත් නොදැනීම මම කරපු උපසිරැසිය කියලා මතක් කරන්න කැමතියි. මොකද කිව්වොත් ඒ ෆිල්ම් මම ආසාවෙන් බලපු ඒවා නිසා. ඒ හින්දා දැනට ඔය ෆිල්ම් ලිස්ට් එකේ ෆිල්ම් එකක් හරි නොබලපු අය ඉන්නවනං දැන්ම අරගෙන බලන්න.
මෙතන ඉදන් තමයි අමාරු කටයුත්ත තියෙන්නේ. ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්නත් ඕනේ, ඒ වගේම වෙබ් අඩවියේ මුල් කාලේ පටන් පැවතගෙන ආපු සම්ප්‍රධායක් වුනු නාමාවලි සදහනක් සිද්ධ කරන්නත් ඕනේ. හැබැයි මෙතනදී සම්ප්‍රධායානුකූලව වැඩ කරන එකත් එපා වෙන වැඩක්. මොකද කිව්වොත් ඉස්සර අඩවිය පවත්වාගෙන යන්න කියලා අත හිත දීගෙන හිටියේ බොහෝම සුලු ප්‍රමාණයක්. ඒ වගේම අපේ කකුලෙන් අදින්න අම්බානක කට්ටිය හිටියා. උන් එක්ක ඔන්ලයින් වලි යන්න බහින සෙට් එක තමා ඒ කාලේ ෆිට්. ඔව් ඉතිං මතක් කරනවා කියලා සටහන් කරන්න තරම් ලොකු නම් ප්‍රමාණයක් තිබුනේ නෑ. ඒත් ඒ හිටපු අතලොස්සක් කිහිප දෙනාගේ අප්‍රතිහත ධෛර්ය වගේම මොකක්දෝ ලොකු වාසනාවක් නිසා ඇස්වහක් කටවහක් නෑ දැන් බයිස්කෝප් ලොකු පවුලක් වෙලා තියෙනවා. හරියට ටීවි චැනල් වල යන ඉවරයක් නැති හින්දි කතාවක වගේ. මූණු දැක්කත් ඇත්ත නම් මතක් නොවන ගානට දැන් සාමාජිකයෝ බයිස්කෝප් වටේට ඉන්නවා. ඒ හින්දා අමනාපයක් වෙන එකක් නෑ කාගේවත් නම් මතක් නොකරන එකට. හැබැයි පොදුවේ අපේ ඇඩ්මින් මඩුල්ලට වගේම අපිත් එක්ක ටච් එකේ ඉදගෙන වෙබ් අඩවියට අතහිත දෙන හැම කෙනෙක්ම ආදරයෙන් මතක් කරනවා. ඒ හැමෝම ආදරෙන් මතක් කරන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි, අපි පුංචියට ඉදිද්දී අමාරුවෙන් ඉංග්‍රීසි ගෙට ගහගෙන කොහොමහරි ගොඩක් වචන වරද්ද වරද්ද උපසිරැසි කරලා 50 කඩයිම් පන්නලා ආපු කාලේ පුංචියට තිබුනු වෙබ් අඩවිය නෙමෙයි දැන් තියෙන්නේ. 400 ගහලා අහස ලඟයි කියලා හිතේ බලාපොරොත්තු තියාගෙන ඉන්න අපිට දැන් සාගරයක් වගේ ලොකු වෙබ් අඩවියක් එක්ක හිතමිතුරු කම් ගොඩක් ඇතිවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට උපසිරැසියක් වගේ පොඩි දෙයක් නැතුව මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඇත්තටම සතුටු 400ට වඩා ඒ ගැනයි. ඒ වගේම 400 ගැනත් සතුටුයි.

ෆිල්ම් එකට බහිමු නේද? 300 වෙනි කඩයිමෙන් හමුවුනු Deadpool පලමු කතාවෙන් අවුරුදු 2කට පස්සේ තමයි මේ විදියට වෙඩ් විල්සන්ගේ කෙරුවාව බලන්න හැමෝම සූදානම් වෙන්නේ. වේඩ් විල්සන් කියන්නේ කවුද කියලා පලමු කතාව බලපු හැමෝම දන්නවා ඇතිනේ. කතාවේ මුල හරියෙන්ම කෙල්ල සෙට්වෙලා අවුරුද්දක් වැනේසා එක්ක ඇදේම ගත කරපු මිනිහා කසාද බදින්න කියලා ඇද උඩම විවාහා ගිවිසලා ඇදෙන් බැහැලා චූ පාරක් දාන්න පැත්තකට ගියපු ගමන් කලන්තේ දාලා බිම ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ තමයි දැනගන්නේ මිනිහට සහලෝල පිලිකාව බව. ඉතිං අන්තිමට පිලිකාව සනීප කරගන්න කියලා නීති විරෝධී පර්යේශණයකට භාජනය වෙන වේඩ් විල්සන් වුල්වරීන්ට හා සමාන බලයක් සහිත කෙනෙක් බවට පත් වෙනවා.
අතින් අස්ථිමය උල් පිට නොවුනත් වුල්වරීන් හා සමාන සුව වීමේ ශක්තියක් ඩෙඩ්පූල්ට තියෙනවා. ඒ වගේම අතක් පයක් ගැලවිලා ගියත් ඩෙඩ්පූල්ගේ ඒක ආපහු වැවෙන බවත් කලින් කතාව බලපු අයට දකින්න ලැබෙන්න ඇති. ඒ වගේම ගොඩක් අයට ගැටලුවක් වුනු දෙයක් තමයි Ryan Reynolds, වේඩ් විල්සන් හෙවත් ඩෙඩ්පූල් විදියට X-Men Origins (2009) කතාවේ හිටපු බව. එත් අන්තිමට ස්ට්‍රකර් අතින් එයා සුපිරි ආයුධයක් බවට පත් වෙලා වුල්වරීන් සහ එයාගේ සහෝදරයා වෙන සේබර්ටූත් එක්ක එකට සටන් කරනවා. ඒත් අවසානයේ ඒ කතාවේ ඩෙඩ්පූල් වුල්වරීන්ට පරදිනවා. ඒ වගේම තමයි ඩෙඩ්පූල් කියන චරිතය කොමික් වල විදියට ඇන්ටි-හීරෝ කෙනෙක් නැතුව තනිකරම දුශ්ඨයෙක් කරලා තමයි සිනමාව හරහා පෙන්වන්නේ. මෙතනදී තමයි සම්පූර්ණ අසාර්ථකත්වටය පත්වුනු Green Lantern (2011) කතාව හරහා බ්ලැක් විඩෝව දික්කසාද කරලා තමුන්ගේ සැබෑ ජීවිතේ අනාගත බිරිද වුනු බ්ලේක් ලයිව්ලි කරකාර බන්දගෙන DC වලට නොසෑහෙන්න දෙස් දෙවොල් තියාගෙන ඩෙඩ්පූල් චරිතෙට අලුත් ආරම්භයක් දෙන්න ඕනේ කියලා රයන් රෙනෝල්ඩ්ස් හිතන්නේ. අවුරුදු ගානක් කට්ට කාලා අන්තිමට මිනිහා FOX ස්ටුඩියෝ එක කැමති කරවා ගන්නවා චිත්‍රපටියක් නිර්මාණය කරන්න. ඒ උත්සාහය තමයි අවුරුදු ගානකට පස්සේ 2016 දී මුල්ම ඩෙඩ්පූල් චිත්‍රපටිය විදියට එලිදැක්වුනේ. මෙතනදී ප්‍රධාන නලුවා තනිකරම ප්‍රධාන නලුවා විතරක් නෙමෙයි. කතාවේ නිශ්පාදක කෙනෙක් වගේම රචකයෙක් විදියටත් සැලකියයුතු දායකත්වයක් මේ කතාවට ලබා දෙන්නේ. ඒ ගමන් මගේ හැලහැප්පිලි තමා කතාව ඇතුලේ යම් යම් තැන් වල අපට නොතේරෙන විහිලු විදියට අහන්න ලැබෙන්නේ.
Fox ස්ටුඩියෝ එක චිත්‍රපටිය හදන වැඩේට අන්තිමට එකඟ වුනත් ඩෙඩ්පූල් කතාවේ සාර්ථකත්වය ගැන කිසිම විශ්වාසයක් තිබුනේ නැති නිසා FOX විසින් මෙතෙක් කාලයක් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන ආපු කිසිම X-Men චරිතයක් ඩෙඩ්පූල් කතාවට ලබා දෙන්නේ නෑ. ඒකට හේතුව තමයි හදිසියේවත් ඩෙඩ්පූල් කතාව අසාර්ථක වුනොත් ඔවුන් මෙතෙක් දුරට ගෙන ආපු X-Men කතාව සාර්ථකව ගලාගෙන ආපු ආකාරයට එය බාධාවක් වෙන නිසා. නමුත් චාර්ල්ස් එක්සේවියර්ගේ මන්දිරය සමග මෙතෙක් සිනමාව තුල අප්‍රසිද්ධව තිබුනු චරිත කිහිපයක්, ඒ කියන්නේ පැත්තකටම දාලා තිබුනු චරිත කීපයක් අරගෙන කුණු දූවිලි පිහදාලා හොද ගැලපෙන නලු නිලි පිරිසක් ඒ චරිත වලට ආරූඪ කරලා, තමුන්ගේ උප්පත්තියෙන් ආපු කටකැඩිච්චි ගතියෙන් ඔප දාලා, සාර්ථකව පලමු චිත්‍රපටය නිර්මාණය කරනවා. ඔයාලා පලවෙනි කතාව බැලුවා නම් මතක ඇති ඩෙඩ්පූල් වතාවක් දෙවතාවක් අහනවා “කෝ අනිත් X-Men ලා”කියලා.
ඒ වගේම තමයි X-Men කතාව වුනත් අනාගතය, අතීතය විදියට කොටස් දෙකකට බෙදිලා, ඉස්සර ඉදන් කතාව බලපු සමහරක් අයටත් දැන් ඒක අච්චාරුවක් වෙලා තියෙන්නේ. ඇත්තටම X-Men: Days of Future Past (2014) ෆිල්ම් එකේදී වුල්වරීන් අතීතයට ගියත්, එතනදී ටයිම් ලයින් එක දෙකට බෙදිලා අතීතය වෙනස්ම විදියකට ගලාගෙන යනවා. ලෝගන් වයසට ගිහිල්ලා මැරෙන්නේ අපිට හුරු පුරුදු අපි පුංචි කාලේ ඉදන් බලාගෙන ආපු ෆිල්ම් සෙට් එකට අදාල කොටසක් විදියටයි. අන්න ඒ නිසා තමයි ඩෙඩ්පූල් පලමු කතාවේදී කොලෝසස් ඩෙඩ්පූල්ට මහපාරේ තඩිබාන වෙලාවේදී “මැකවෝයි ද ස්ටුවර්ට් ද? මේ කාල රාමුව හරියට පැටලෙනවා…” කියලා කියන්නේ. මොකද කිව්වොත් චිත්‍රපටිය බලන කවුරුවත් දන්නෙත් නෑ මේක අතීතෙන් බෙදිලා ගියපු ටයිම් ලයින් එකට සෙට් වෙන කතාවක්ද නැතිනම්, ලෝගන් වයසට ගිහිල්ලා මැරෙන ටයිම් ලයින් එකට අදාල කතාවක්ද කියලා. හැබැයි ඒ ගැටලුව මේ චිත්‍රපටියේදී ලොකු ඊස්ටර් එග් එකකින් නිරාකරණය කරනවා. ඒ වුනත් අපි ගොඩක් දෙනෙක් දන්නවා මේ කතාව අදාල ටයිම් ලයින් එක මොකක්ද කියලා.
ඒ වගේම තමයි DC vs Marvel ගැටුම. වෙන කිසිම කතාවකදී DC සහ Marvel යන ආයතන දෙක එකිනෙකට ඝට්ටනය වෙන්න නොදී වෙන් වෙන්ව ඔවුන්ගේ චරිත පවත්වාගෙන යනවා. ඒ ඒ කොමික් නිසා අපිට සාමාන්‍ය ව්‍යවහාරයට ආපු නම් පවා අනෙක් ආයතන වලින් භාවිතා කරන්නේ හරි පරිස්සමෙන්. මොකද කිව්වොත් අයිතිය පිලිබද හෝ වෙන මොකක්හරි හේතුවක් නිසා මතභේදයන් ඇතිවෙන්න පුළුවන් නිසා. ඒත් ඩෙඩ්පූල් කියන්නේ හැම වෙලාවකම කොමික් පොතකදී හෝ චිත්‍රපටයකදී හෝ 4th wall කියන සංකල්පය නැති චරිතයක්. ඒ කියන්නේ චිත්‍රපටයක චරිතයක් රඟපාද්දී ඒ චරිතයට දැනීමක් නෑ ඔහු හෝ ඇය ඉන්නේ චිත්‍රපටයක් බව. එහෙම නැතිනම් චිත්‍රපටය බලන අතරතුර ප්‍රේක්ශකයාට එය දැනෙන්නට ඉඩ දෙන්නේ නෑ චරිතය චිත්‍රපටයක කොටසක් වග. තවත් පැහැදිලි කලොත්, කතාවක චරිතයක් චිත්‍රපටය තුලදී සිදු කරන දෑ ඒ කතාව තුලදී ප්‍රේක්ශක අපට වගේම චරිතයටත් සැබෑවක්. නමුත් ඩෙඩ්පූල් කියන චරිතයට ලෝකයේ සිදුවෙන අනෙකුත් හැම දෙයක් ගැනම අවබෝධයක් තියෙනවා. ඒ බව ප්‍රේක්ශකයා සමග බෙදාහදා ගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් චිත්‍රපටයට අදාල හේතු කාරණා අනුව චරිතය ප්‍රතික්‍රියා දැක්වුවත් ඔහු දන්නවා තමුන් ඉන්නේ චිත්‍රපටයක් තුල බව. ඒ නිසා තමයි චිත්‍රපටය අතරතුර ඩෙඩ්පූල් කැමරාව දිහාවට හැරිලා ප්‍රේක්ශකයාට මොනාහරි දෙයක් කියන්නේ. ඉහත කාරණාව නිසාම බොහෝමයක් චිත්‍රපට වලදී සුපිරි වීරයින් පාවිච්චි කරන ප්‍රයෝගයන් පවා සැබෑ ජීවිතේ ප්‍රායෝගික නැති බවත් කෙලින්ම චිත්‍රපටිය තුලින්ම පෙන්වන්නේ ඔහු ඒවා කරන ගමන්මයි. මේ නිසා කතාවේ හාස්‍ය රසය තවත් වැඩි කරලා පෙන්වන්න චරිතයට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඒ ඒ චරිත හැසිරෙන ආකාරය පොතේ ගුරා විදියට පහසුවෙන්ම දැක්වීමේ හැකියාවකුත් චරිතයට ලැබෙනවා.
මේ විදියට ගලාගෙන ආපු ඩෙඩ්පූල් කතා මාලාව ඉදිරියේදී තමුන්ගේම කියලා චරිත ටිකක් වර්ධනය කරගන්න පාටක් තමයි මේ කතාව බැලුවොත් පේන්න තියෙන්නේ. මොකද කිව්වොත් කතාව ඇතුලේ වගේම පූර්ව ප්‍රචාරක පටයේ එක් තැනක වෙඩ් විල්සන් කියනවා…
“…අපිට මල ඉලවු කණ්ඩායමක් හදන්න වෙනවා. උන් තදයෝ වෙන්නත් ඕනේ, සදාචාරේ අඩුවෙන්න ඕනේ, අවුරුදු 10ක් 12ක් මේ ෆිල්ම් එක ඇදගෙන යන්න පුළුවන් තරම් වයස අඩු වෙන්නත් ඕනේ.”
පේන විදියට වෙන කවුරු කතාව අතෑරලා දාන්න හැදුවත් නලුවා වැඩේ අතාරින්න කැමති නෑ වගේ. කොහොම වුනත් ඉදිරියේදී අපිට ඩෙඩ්පූල් තවත් චිත්‍රපටයක් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.
හොදයි ඉතිං, දැන් ලිපිය කියෙව්වා ඇතිනේ. අවුරුදු දෙකකට කලින් බලපු චිත්‍රපටියක් ගැන ලිපියක් පිරෙන්න කියවපු එකේ කොහොමද අලුත් එක බැලුවොත්? එහෙනං උපසිරැසිය බාගෙන කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම වයස අවුරුදු 18ට වැඩි පොඩි ළමයි ඉන්නවනං ගෙදර මිනිස්සු ඉන්න තැනක නැතුව දොර ජනෙල් වහගෙන කතාව බලන තරමට හොදයි. මොකද කිව්වොත් ඩෙඩ්පූල් කියන්නේ පවුලේ කතාවක් වුනත් පටන් ගන්නේ අමු කුණුහරුප වලින් නිසා. 😉
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, We do not provide any torrent links.
WEB (Super Duper)/ BR (Super Duper)
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත් සඳහා පමණක් ලබා දි ඇත
92,930 downloadsDownload Deadpool-2-2018-BR-1-1.zip135 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
504 comments
ගෝස්ට් පන්ක්
Rangana.lk
තැන්ක්ස් වේවා !!!
RandiS
Baiscope you are amazing!!!!
Congratulation for 400!
Good luck bro!
ඉදිරියටත් මේ වගේ සබ් දෙන්න baiscope හැමෝටම සුබපැතුම්!Kawi Jayasinghe
Suba pethum sahoo . Sub machine eka... fb ekan msg dala karadara kala sub illala Kasun Widusha mataka athi samaharavita sathutui sahoo digtama sub diyan...... karana weda katauthu saarathaka wenda wish kranawa jaya wewaaa,,,,, Bs
THE NEW FOLDER
400 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!! ස්තූතියි සහෝ…………………………………
geeganagamage
බොහොම ස්තුතියි එනකම් බලාගෙන හිටිය ෆිල්ම් එකක් සුපිරි කියන්න වචන උපරිමයි . ඒ වගේම කවුරු හරි කෙනෙක් Tremors 6 (2018) එකටත් සබ් කරන්නකෝ .
Kantha_DLA
400 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Chami.S
400ta unusum suba pathum..
Chami.S
400ta unusum suba pathum..
Thank you..TMKavindulakmal
400 SUB EKATA SUBA PATHUM DIGATAMA KARAN YAMU ......
Charith Eranga Munasinghe
400ta subapethum,
kohoma unath BR eka enakan balanne na.
thanks sub ekata(400tama)Thisal
400 වෙනි සබට උණුසුම් සුබපැතුම්
බොහොම ස්තුතියි
keep goingelaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ශසිත් සඳරුවන්
400 වෙනි උපසිරැසියට සුභපැතුම් ප්‍රණීයෝ...
තවත් සුපිරිම උපසිරැසිකරුවෙක් විදිහට තමයි උඹව දකින්නේ. Under the Dome සීරීස් එකයි ෆිල්ම් ටිකයි තමයි උඹේ ඒවගෙන් නම් බලලා තියෙන්නේ. සබ් ගැන ඉතින් කියන්න දෙයක් නෑ. ඕනම ඉංග්‍රීසි වචනයකට නියමෙටම ගැළපෙන සිංහල වචන දාන්න පුලුවන් කෙනෙක් තමයි ඉතින්. :P මේක ඉතින් හොඳ කොපියකින් තමා බලන්නේ. දිගටම සබ් දෙමු ආ... ඔබට ජය!Sudheera Kasun
නියමයි සහෝ.. BR එනකන් ඉන්නව ඒත්.. Deadpool 1 එකේ වගේ සුපිරියටම sub ඇති කියලා හිතනවා...
එලස්...
පින්max payne
thnx bro.. e wagema 400 weni ekta suba pathum brther
Subhash13
400 උප සිරැසට ජය වේවා.. 500 කඩයිමත් ඉක්මනට ලගා වෙන්න කියල සුබපතනවා
Mayura
එල එල ජය ජය වේ
praveen ranasinghe
බොහොම ස්තුතියි උපසිරැසිය වෙනුවෙන්.400 වෙනුවෙන් හදවතින්ම සුභ පතනව.BR එකක් ආවට පස්සේ නිදහස් වෙලාවක ෆිලුම බලන්na ඕනේ.එතකොට ආපහු කමෙන්ට් තීරුවට ගොඩවෙලා යන්නම්.ආපහු සැරයක් සුභ පතනවා 400 කඩයිම වෙනුවෙන් සහ පෞද්ගලික ජීවිතේ අනෙකුත් දේවල් වෙනුවෙනුත්!! මේ අවසානය නෙවෙයිනේ,ඉස්සරහටත් තවත් ලස්සන හොඳ ෆිලුම්වල උපසිරැසි වලින් හමුවෙමු,ජයවේවා
Sasankathulshanaberathna
400වෙනි සබ් එකට සුබපැතුම් ප්‍රණිත් සහොදරයා ✌️
malith
Ela ela
Sherlock holmes
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
ජයවේවා
web/Br ආවම බලනවsadeepaT
sub ekata thanks...e unata BR enakal iwsn innawa
podda
mulinma 400 bsuba pathanwa bro!!!! mentalist walin thamai oyage sub balanna patan gatthe supirima kathawak wagema sub 1 hodatama thibuna. ithin tv serious ekakata ප්‍රණිත් රණසිංහ” sub hambuwenawa kiyanne eka supirima tv serious ekaka kiyala amuthuwen kiyanna oni ne. Jaya wewa bro. 500 ikmanta gahamu
Pravidu Fdo
Congratz & May God Bless You For Future Wrks
❤️❤️Pravidu Fdo
Plz update web dl or br when it comes
කැලුම් ගුණසේකර
400ට උණුසුම් සුබපැතුම් සහෝ. හොද කොපියක් ආවම බලනවා. බොහොම ස්තූතියි උපසිරැසියට.
mdlahiru
HD TC kiwwata thiyenne HD TS copy...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
400කුත් ගහලා...
400 වෙනි උපසිරැසියට සුබ පැතුම්!
500ත් ගහමු...සුපිරිම සබ් හදන කෙනෙක්...
Deadpool නම් හොද කොපියක් එනකම් ඉන්නව...භාෂිත් උඩවත්ත
400ට සුබපැතුම් ප්‍රණීත් අයියේ...
ජය වේවා... :!:James DC
400 වෙනි කඩයිමට සුභ පැතුම් සහෝ.
උපසිරසියටත් බොහොම ස්තූතියි.and1992
suba patum sahodaraya 400 weni sub 1kta
dhanuha vk
suba pathum aiya 400ta. asawebalan hitiya filumak thama. THANKS...
Amalka Himeshan
සුබ පැතුම් සහෝ 400වෙනි සබ් එකට
Nipuna Kisal
congratulations bro...
Nipun Pavithra
Thnx සහෝ..... සුබ පතනවා 400 ට.... දිගටම සබ් දෙමු..... ඔයාල ලොකු කැප කිරීමක් කරන්නේ.... Good Luck ...
අහ්හ්... පුලුවන්නම් The Good Doctor එකේ සබ් කරන්න බලනවද? සුපිරි TV srs ekk කියල හිතෙනෝ...Themiya125
400 weni sub ekata suba pathum broooooo
chathuthee
patta ...
Praneeth priyadarshana
Congrtz keep it up bro
Helili Hemamali
දිගටම සබ් දෙන්න මල්ලි, නවත්තන්නෙපා.
මල්ලිට සුබ අනාගතයක් පතන මම අක්කා.
බුදු සරණයි!darshana100
yalu oyalage me karana sewaya godak hodai ath mage nam mataya hoda copy akakata sub dana aka oyalatat karadarayak na neda monawa unath oyata suba patum saho budusaranai
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඒවගේම 400 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ඊලග උපසිරැසි නිර්මානයෙන් හැකි ඉක්මනට හමු වෙමු
ජයVihanga sathsara
400ta suba pathum aiye.... oyage sub... Deception , under the doom , sense8 arenna okkoma balala ne......
patta... sub gana kiyanna deyak na... uparimen karana kenek adambarai... jaya..
janithhashan
මාර කොල්ලේක් ආ................එල බොක්ක.
Keep it up broBandaramudiyansi
අපි හිතුවෙ ,ඔය සමිර කරුනාරත්න මල්ලිලා , ශාන් විමුක්ති මල්ලිලා ... එගොල්ලො වැඩි සබ් කරල තියෙන්නේ කියල ............ මෙන්න සබ් 400ක්ක්.. රොයිලි ප්‍රනාන්දු සහෝ වගේ 400k දැක්ක දෙවැනි කෙනා... congratulations මල්ලි.... දිගටම සබ් කරන්න ❤ මෙක ගන්න හිතම් ඉන්න ෆිල්ම් එකක් මේ වසරෙ ..බ්ලුරේ පිටපතක් එනකල් ඉන්න ඔනේ
lal
Thanks. waited for this .... but I don't like cam releases .... can wait for quality copy ... btw thanks again buddy.
ඉසුරු සම්පත් සිරිසේන
400* වැනි උපසිරසියට සුබපැතුම් ප්‍රණීත් සහෝ..!!
~~ඔබට ජය~~nethna dilmina
elama bro
Dewappriya bandara
එලම බං.. congratulations...
itamilapc
elakiri bro ohoma yan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Elama Bn