Watch Trailer

Cargo (2017) Sinhala Subtitles | රුදුරු වෛරසයකට සීමා කළ නොහැකි වූ අසීමිත පිය සෙනෙහස..!! [සිංහල උපසිරසි සමඟ]

ඔයාගෙ ජීවිතේ වටිනම දේ මොකක්ද? එහෙම ප්‍රශ්නයක් ඔයාලගෙන් ඇහුවොත් ඔයාල නම් එක පාරටම එක එක උත්තර දෙයි. ඒත් ඔය ප්‍රශ්නෙ ඔයාගෙ අම්මගෙන්, එහෙමත් නැත්නම් ඔයාගෙ තාත්තගෙන් ඇහුවොත්.. කිසිම පැකිළීමකින් තොරව එයාල කියන්නෙ අපිට වටිනම දේ අපේ දරුවො කියලයි. ඒ තමයි දෙමව්පියන්ගෙ අසීමිත් දරු සෙනෙහසේ මහිමය. කවදාකවත් ඒ අ…

ඔයාගෙ ජීවිතේ වටිනම දේ මොකක්ද? එහෙම ප්‍රශ්නයක් ඔයාලගෙන් ඇහුවොත් ඔයාල නම් එක පාරටම එක එක උත්තර දෙයි. ඒත් ඔය ප්‍රශ්නෙ ඔයාගෙ අම්මගෙන්, එහෙමත් නැත්නම් ඔයාගෙ තාත්තගෙන් ඇහුවොත්.. කිසිම පැකිළීමකින් තොරව එයාල කියන්නෙ අපිට වටිනම දේ අපේ දරුවො කියලයි. ඒ තමයි දෙමව්පියන්ගෙ අසීමිත් දරු සෙනෙහසේ මහිමය. කවදාකවත් ඒ අසීමිත දාරක ප්‍රේමය කිසිම දේකට දෙවෙනි වෙන්නෙ නම් නැහැ. අම්ම කෙනෙක්ගෙ අසීමිත ආදරය වගෙම තාත්ත කෙනෙක්ගෙ රැකවරණය දරුවෙකුට ලොකු ශක්තියක් වගෙම වටිනා බැඳීමක්. තමන්ගෙ දරුවො උස් මහත් කරල එයාලට හොඳ අනාගතේකට මං පෙත් විවර කරල දෙන එක හැම අම්ම කෙනෙක්ටම, හැම තාත්ත කෙනෙක්ටම තියෙන අහිංසක බලාපොරොත්තුවක්. ජීවන ගමනේ මොන තරම් බාධක කම්කටොළු වලට මූණ දෙන්න සිද්ද වුණත් සිනා මුසු මුහුණින් ඒ දුක් ගැහැට දරුවන්ගෙන් වහන් කරගෙන ඔවුන්ට තමන්ට පුළුවන් උපරිම ආකාරයෙන් සලකන්න හැම දෙමව්පියෙක්ම ගොඩක් උත්සහ කරනවා. තමන්ගෙ දරුවෙකුට ලෙඩක් දුකක් එහෙමත් නැත්නම් වෙන මොන යම් හෝ කරදරයකට මූණපාන්න සිද්ද වුණු අවස්තාවක තමන්ට පුළුවන් ඕනිම කැප කිරීමක් කරල එයාලව බේරගන්න ඕනිම අම්ම කෙනෙක් වගෙම ඕනිම තාත්ත කෙනෙක් කිසිම වෙලාවක දෙපාරක් හිතන්නෙ නැහැ. ඉතින් පොඩ්ඩක් හිතන්න, දරුණු වෛරසයක් නිසා මුළු ලෝකයම විනාශ මුඛයට ඇදගෙන යමින් පවතින කාල වකවාණුවක, ජීවත් වෙන මිනිසුන් පවා නොමිනිසුන් ලෙස හැසිරෙන වටපිටාවක හුදෙකලා වුණු අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි අසීමිත දරු සෙනෙහසේ නාමයෙන් බහ තෝරන වියේ ඉන්න තමන්ගෙ බිළිඳු දියණියව මේ භයානක වෛරසයෙන් වගෙම අනෙකුත් අන්තරාවන්ගෙන් බේරගෙන ඇයව ආරක්ෂා කරගන්න මොන තරම් බාධක වලට වගෙම මොන තරම් දුක් ගැහැට වලට මුහුණ දෙන්න ඕනිද කියල…

ඇන්ඩි සහ කේයි කියන්නෙ තරුණ අම්ම කෙනෙකුයි තත්තා කෙනෙකුයි. මේ දෙන්නට තාම හරියට බහ තෝරන්නවත් බැරි රෝසි කියල මල් කැකුළක් වගේ පුංචි දූ පොඩ්ඩක් ඉන්නවා. අවාසනාවක තරම කියන්නෙ මේ දෙන්නට රෝසිව උස් මහත් කරන්න සිද්දවෙන්නෙ දරුණු සොම්බි වෛරසයක් නිසා මුළු ලෝකයම විනාශ වෙමින් පවතින අඳුරු කාල වකවානුවකයි. ඕනම දෙමව්පියෝ දෙන්නෙක් කරනවා වගේ මේ දෙන්නත් ගඟක් දිගේ බෝට්ටුවක් ආධාරයෙන් රෝසිව මේ ව්‍යවසනයෙන් බේරගෙන එයාට හොඳින් උස් මහත් වෙන්න පුළුවන් ආරක්ෂිත් තැනක් හොයාගෙන ගමන් කරනවා. මේ යන අතර මඟදී කේයි දැනගන්නවා එයාලගේ කෑම ඉවරවෙන්න කිට්ටුයි කියල. එයා ඇන්ඩිට යෝජනා කරනවා සිතියමේ තියන එක්තරා ටවුමකට යමුයි කියල. ඒත් ගොඩබිම අතුරු අන්තරාවන් බහුල නිසා ඇන්ඩි ඒ යෝජනාවට කැමති වෙන්නෙ නැහැ. එයා වෙනත් තැනක තියන ආරක්ෂිත් තැනකට යන්න තීරණය කරනවා. මේ යන අතරමඟදි ඇන්ඩිට අනතුරට පත්වුණු රුවල් බෝට්ටුවක තිබිල කෑම වගයක් හම්බවෙනවා. ඊට පස්සෙ දවසෙ කේයි තනියම මේ බෝට්ටුවට ගිය වෙලාවෙ එයාව වෛරසය ආසාදනය වුණු රෝගියෙක් හපාකනවා. ඉතින් කේයි දැනගන්නවා තමන්ටත් මේ සොම්බි වෛරසය ආසාදනය වෙලා කියල. ඇන්ඩි තීරණය කරනවා කේයිව ගොඩබිමේ තියන එක්තරා රෝහලකට අරගෙන යන්න. ඒත් අවාසනාව කියන දේ ඇන්ඩිට හරස් වෙනවා. රෝහලට යන අතරමඟදි කේයි සොම්බියෙක් බවට හැරෙනවා. ඉතින් ඇන්ඩිට සිද්දවෙනවා තනියම රෝසිව ආරක්ෂිත තැනකට එක්ක යන්න. ඒත් ඇන්ඩි දැනගන්නවා එයාටත් වෛරසය ආසාදනය වෙලා කියල. ඇන්ඩි සොම්බියෙක් බවට හැරෙන්නෙ පැය 48ක් විතරයි තියෙන්නෙ. ඉතින් ඇන්ඩිට එයා සොම්බියෙක් බවට හැරෙන්න කලින් තමන් පණ වගේ ආදරය කරන රෝසිව ආරක්ෂිත තැනකට එක්ක යන්න පුළුවන් වෙයිද… සියල්ල නරඹන ඔබට බාරයි.

මිනිත්තු 7ක කාල පරාසයකට සීමා වූ 2013 වසරේදී නිෂ්පානය කළ “Cargo” නම් කෙටි චිත්‍රපටය පාදක කර ගනිමින් එහි ප්‍රති නිර්මාණයක් වශයෙන් Drama | Thriller යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2018 මැයි මස 18 වැනිදා විකාශය වූ මෙම ඕස්ට්‍රේලියානු සලරුව අධ්‍යක්ෂණය කර ඇත්තේ Ben Howling සහ Yolanda Ramke යන අධ්‍යක්ෂකවරුන් දෙදෙනා විසිනුයි. චිත්‍රපටයේ තිර පිටපත් නිර්මාණය සිදු කර ඇත්තේද Yolanda Ramke විසින් වන අතර චිත්‍රපටයේ ප්‍රධාන චරිතය The Hobbit චිත්‍රපට ත්‍රිත්වයේ Bilbo Bagginsගේ, Sherlock කතා මාලාවේ Dr. John Watsonගේ හා Captain America: Civil War (2016), Black Panther (2018) චිත්‍රපට වල Everett K. Rossගේ චරිතයට රංගනයෙන් දායක වූ ජනප්‍රිය නළු Martin Freeman විසින් රඟ දක්වන අතර සෙසු චරිත සඳහා Anthony Hayes, Caren Pistorius, Susie Porter, Kris McQuade හා David Gulpilil තම රංඟන දායකත්වය ලබා දී තිබෙනවා. මිනිත්තු 105ක කාලයක් පුරාවට ගලා යන සංවේදී කතා පුවතක් රැගත් මෙම චිත්‍රපටය මේ වන විට IMDb දර්ශකයේ 6.4/10ක අගයකුත් Rotten Tomatoes හි 89%ක ප්‍රතිශතයකුත් ලබාගෙන තිබෙනවා. Umbrella Entertainment, Addictive Pictures, Causeway Films හා Head Gear Films යන සමාගම් වල නිෂ්පාදනයක් වන මෙම සලරුව ලොව පුරා විකාශය කළේ Netflix නාළිකාව මඟිනුයි.

“මට පුළුවන් අම්මිගෙ සුවඳ දෙන්න,
මං ගාවත් අම්මිගෙ සුවඳ තියෙනවා.”
– ඇන්ඩි.

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

8,381 downloadsDownload Cargo-2017-BR.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Isuru-Sampath-Sirisena-2018.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

8,381 downloadsDownload Subtitles44 KB

34 comments

  1. tharidu sagara

    matathi hithuna pala weni coment aka danna jaya wewa

  2. sanjaya4567

    THANK U

  3. විදුෂාන් සජිත්

    :-) බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට,.. සබ එනකල් බලන් හිටියේ.. දිගටම යමු, ජය වේවා!!.. :-)

    1. sameerasa1

      please send movie torrent link

  4. malith

    Ela ela

  5. Sulakshana Thilakarathna

    QUIET PLACE EKAA ILLALA THIBBA GAMAN DEELA.. BOHOMATHMA ISTHUTHI OBATA!!!

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
    ජයෙන් ජය.

  9. sanjeewakbg

    Thanks bro...

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..!

  12. .comDevinda

    නියම වැඩක් දිගටම sub දෙමු ජයවේවා

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  15. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. Prabodha Madhusankha Hettiarachchi

    Thank broo sub ekataa..

  17. AsithaDilruwan

    ela ela saho thanks

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. MonsterTeddy16

    මේ film එක අනිවාර්යයෙන් බලන්නම ඕනා එකක් බන්. ඒ තරම් වටිනවා. උපසිරැසිය දුන්නට ගොඩක් ස්තුතියි.

  20. chinthaka_priyadrshana

    Thank U lot Macho............

  21. Madusha_fdz

    ELa ela

  22. Ara N Madhu

    Thanks Machan

  23. madhushi1.amarasinghe

    Thanks alot. Balaagena hitiye....

  24. Haashan Dhanushka

    thnxxxxx

  25. Dewadithya

    Thanks for Sub!

  26. nalin.kumara0510

    Thanks bro good luck.

  27. Mahesh-jaali

    Thnqqqq thnqqqq niyamay sahooo... me den balanawoooo

  28. Jana

    Thanks saho

  29. ricadodamien

    Thank u Isuru brother & baiscope team for the sub, all the best too baiscope team...........

  30. Nivom

    YTS eken ganna epaa, wena cartoon magulak download wenne,

  31. MAALNATH

    Thanks ...............good luck ..................

  32. Sunrise International Cargo and Courier

    International has the finest international courier and cargo equipped with significant expertise and knowledge of the industry. We have an exceptionally well-trained and professional team that aids all our processes. Moreover, we are proficient in managing the varied requirements of our clients with utmost efficiency. You can rely on us for speed, dependability and assurance with your international courier and cargo services. Therefore, if you want the best courier and cargo in Mumbai as well as internationally, Sunrise International can be the best choice.

  33. Vishwa sasanka

    Thank you