Watch Trailer

Cars 3 (2017) with Sinhala Subtitles | නව පරපුරෙන් අභියෝගයක් [සිංහල උපසිරසි සමඟ](50)

මිනිසුන් ජිවිතයේ බොහෝ දේ කරන්නේ යම් අරමුණක්,ඉලක්කයක් වෙනුවෙනුයි. උපසිරැසිකරණය. මා මේ ක්‍රියාදාමය ආරම්භ කලෙත් යම් අරමුණක් හිතේ තබාගෙනයි.එසේ නොමැතිනම් යමකට පිලියමක් වශයෙනුයි.එනම් මෙයින් වසර 2ට පෙර සමාජ ජාලවලට (මුහුණු පොත නොවේ) අධික ලෙස ඇබ්බැහිවී සිටි මා එයට පිලියමක් ලෙස චිත්‍රපට හා රුපවාහිනී කතාමාලා…

මිනිසුන් ජිවිතයේ බොහෝ දේ කරන්නේ යම් අරමුණක්,ඉලක්කයක් වෙනුවෙනුයි. උපසිරැසිකරණය. මා මේ ක්‍රියාදාමය ආරම්භ කලෙත් යම් අරමුණක් හිතේ තබාගෙනයි.එසේ නොමැතිනම් යමකට පිලියමක් වශයෙනුයි.එනම් මෙයින් වසර 2ට පෙර සමාජ ජාලවලට (මුහුණු පොත නොවේ) අධික ලෙස ඇබ්බැහිවී සිටි මා එයට පිලියමක් ලෙස චිත්‍රපට හා රුපවාහිනී කතාමාලා නැරඹීම ආරම්භ කලා. (ඉඟුරු දීලා නයි කොච්චි ගත්තා) ඒ අතරවාරයේ තමා මේ සොඳුරු නවාතැන්පලට ගොඩ වුයේ.

මුලින්ම භාගත කලේ ස්කුබිඩු චිත්‍රපටයක්. කෙසේ හෝ උපසිරස ගැටගහගෙන ඒකනම් බැලුවා.ඔය අවස්ථාවේ තමා උපසිරස් කරන වැඩේට හිත ගියේ.ඒ අනුව වැඩේට බැස්සේ ජෙට් ලීගේ චිත්‍රපටයකින්. Unleashed (2005) චිත්‍රපටයෙන් ආරම්භ කළ මේ ගමනේ වැඩිමනක් ගණනය වන්නේ රුපවාහිනී කතාමාලාවලිනුයි.ඒ අතරට චිත්‍රපට 07ක් වැනි කුඩා ප්‍රමාණයක් අයත් වෙනවා.කෙසේ වෙතත් 2015-04-22 ආරම්භ කළ මේ ගමන තුලින් මේ කඩයිම දක්වානම් එන්න කිසිම ඕනෑකමක් තිබුනේ නෑ.ඒ නිසාම වෙන්න ඇති ලොකු කාලයක් ගත වුනේ.හැබැයි අද ඉඳන්නම් අතට විවේකයක් නැති වේවි.ඒ ඒතරම්ම මේකට ආසාවක් ඇතිවෙලා තියෙන්නේ. (දැනටමත් කරන්න 15ක් ගොඩ ගැහිලා). කෙසේමුත් 2017-07-30 වන දින දක්වා ඒ රසාස්වාදය වෙනුවෙන් කැපකළ ඒ හෝරා දිහා බලලා නිහතමානි සතුටක් වගේම පොඩි ආඩම්බරයකුත් නොදැනෙනවාම නෙවෙයි.ඊටත් වඩා මේ තුලින් ලබා ගත්ත දැනුම,අත්දැකීම් හා මිතුරන් හැමදේටම වඩා වටිනවා.ඒ සියල්ල තවත් දියුණු කරගන්නට මේ ගමන තවත් ඉදිරියට යෑමටයි අදිටන.

ඉතින් මේ කඩයිම සපුරණ මේ මොහාතේ මතක් කලයුතු පිරිසක් ඉන්නවා. මුලින්ම මට මේ අවස්තාව දුන්න හසන්ත වික්‍රමරත්න ,සමීර චතුරංග සහෝ දෙන්නට ස්තුතිවන්ත වෙනවා.ඒ වගේම තමා විද්‍යුත් පණිවිඩ සඳහා පිළිතුර දක්වමින් සහය දැක්වූ රොයිලි ප්‍රනාන්දු, අශාන් විමුක්ති, ප්‍රනීත් රණසිංහ, සමන් ප්‍රසාද්, අසංක ප්‍රදීප්, හා ආසිරි ප්‍රියන්ත සහෝලා ඇතුළු හැමෝටම ස්තුතියි කඩිනමින් පිළිතුර දක්වමින් කළ උපකාරයන්ට. ඒ වගේම තමා රවිඳු රුක්ෂාන්, චාමර සම්පත්, සුදීර මාලන්, නුවන්ත දුලාන්, තිසර නියෝ ආදී කී නොකී වචනයකින් හෝ සහය දැක්වූ හැමෝටම ස්තුතිවන්ත වන අතරම උපසිරසට කොමෙන්ටුවක් හලාගෙන යන,වචනයෙන් දිරිය දෙන මාමලා, නැන්දලා, අක්කලා, අයියලා, මල්ලිලා නංගිලා හැමෝටම ස්තුතියි.ඒ වගේම මුහුණු පොතෙන් පණිවිඩ එවමින් සහය දැක්වූ සැමටත් ස්තුතියි. ඉතින් මේ දුර එද්දී වැඩියෙන්ම ගණනය වන්නේ ටීන් වුල්ෆ් කතාමාලාව.ඒ කතාමාලාව කලින් කලේ චලිඳු දේශාන් සහෝ.මම ඒ කතාව කරන්න ද කියලා ඇහුවම කිසිම අවුලක් නැතුව හා නොකියන තවමත් මම මේ කඩයිමට සෑහෙන දුරින් ඉන්නේ. ඒ නිසා චලිඳු දේශාන් සහොටත් උපනුපන් භවයකම හොනට් පදින්නම ලැබේවා කියලා පතනවා. හම්මේ දැන්නම් උගුරත් රිදෙනවා. ඔව් ඔව් දන්නවා මේක කියවන ඈයෝන්ට හරුපත් මතක වෙලා ඇති. ඒ නිසාම මගේ ස්තුති කතාව අවසානයි.

එහෙනම් හැරෙමු පොඩ්ඩක් කතාව පැත්තට.මැක්වීන්ගේ තුන්වන වික්‍රමයයි මේ.ෆිල්ම් එකේ විස්තරනම් ගූගල් කරලා හොයාගන්න පුළුවන්. IMDb රේට් එක 7.1/10 ලබා ඇති මේ චිත්‍රපටයේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් හාරා අවුස්සලා බලලා කුතුහලය ඇති කරනවානම් සුපුරුදු පරිදි මැක්වීන් තරඟයෙ පෙරමුණ ගෙන ඉතා සතුටින් ගමන් කලත් පවනක් බදු වේගයෙන් ඔහුගේ ජයග්‍රහණය සොරකම් කරන්නේ ජැක්සන් ස්ටෝම්, නව පරපුරේ ධාවකයායි.කිසි ලෙසෙකින්වත් ඔහුගේ වේගයට ලඟාවිය නොහැකි මැක්වීන් අවසානයේ ඉතා දරුණු අනතුරකින් සැඟව යන්නේ කෙසේ හෝ නැවත පැමිණ ස්ටෝම්ව පරාජය කරන අදිටනින්.එසේනම් හැකිවේවි ද ඔහුට ජැක්සන් පරාජය කරන්නට?කවුරුන්ගේ සහය මෙවර මැක්වීන් ලබා ගනීවි ද?කෙසේනම් ජැක්සන් ස්ටෝම් හා තරඟ කරාවිද?එසේනම් පිළිතුරු සොයන්නට ඔබටම භාරයි.

එහෙනම් අදට සමු ගන්නේ හෙට සවස ටීන් වුල්ෆ් උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්. (කීයට ද දෙන්නේ වගේ දෙයියෝ කෝපවෙන ප්‍රශ්න නම් අහන්න එපා ලමයි…)

එතෙක් හැමෝටම ජය ශ්‍රී.

Cars 3 (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD TS / WEB-DL සහ BR පිටපත් සඳහා අදාළ වේ.

58,701 downloadsDownload Cars-3-2017-BR.zip173 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

58,701 downloadsDownload Subtitles173 KB

126 comments

  1. Lahiru Nilanga

    තැන්කූ මචෝ

  2. prabodha

    Thank bro.. gd luck

  3. එල්.සී. දමැල්

    50ට සුබ පැතුම් සහෝ...
    අනිවාරෙන්ම බලනව මේක

  4. Udara Damith B/K

    50ට සුබ පැතුම්
    නියම එකක් 50 ට ගෙනල්ලා තියෙන්නේ
    හරියට සන්ගක්කාර 44 ඉදලා 6 එකක් ගැහැව වගේනේ
    ඒ තරම්ම එල ෆිල්ම් එකක්නේ
    නියමයි
    දිගටම යමු
    ඔහොම යමු
    ඉක්මනට යමු
    මාත් යනෝ

  5. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ටීන් වුල්ෆ් කොටසෙන් ඉක්කන්ටම
    හමු වෙමු
    #ජය වේවා

  6. yohan sewwanda

    maxxa bro

  7. Sandheep

    Thanx bn sahodaraya

  8. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°°හදවතින්ම සුභ පතනවා 50 වෙනි උපසිරැසි කඩයිමට°°°°°°°
    °°°°°°°ඔහොමම 100 200 300 400 ගිහින් බයිස්කෝප් ලෙජන්ඩ් එකක් වෙන එක දකින එකයි අපේ එකම ප්‍රාර්ථනය°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  9. සචින් කෙවින්

    බයවෙන්න එපා සහෝ එහෙම ප්‍රශ්න අහන්නෙ නෑ. ඒක ලියෝ සහෝටම බාරයි :-D :-D

  10. Sanindu Lakkitha

    ::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    50 වැනි උපසිරැසට හදවතින්ම සුභ පැතුම් සහෝ..ගොඩ කාලයක් ගියත්,කෙටි කාලයක් ගියත් උබලා මේ කරන සේවය කාලයෙන් මනින්න බෑ බන්. මොකද මේ කැප කරන්නේ උබලගෙ වටිනා කාලය.නිකන් කකා බිබී ගෙවල් වලට වෙල ඉන්න මිනිස්සු නෙමෙයි..රැකියාවක් හෝ තවමත් අධ්‍යාපන කටයුතු කරන අය. කවුරු මොනවා කියුවත් සහෝ උබලා කවදා කොහොම උපසිරැසි දුන්නත් කමෙන්ට් එකක් දාලා අනිවා සප් එකක් දෙනවා.. සහෝගේ ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා වගේම මීලග කඩඉම් වලටත් බාදාවකින් තොරව ලගා වෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  11. DG

    bohoma sthuthi saho....

  12. Rahuman

    Transformers 2017,Spiderman home comming 2017 Subtitle 720P...........walin ikmanta dannako kauru hari

    1. රයන් ද සිල්වා

      ඔය චිත්‍රපට 2කේම 720p පිටපත් තවම අන්තර්ජාලයට නිකුත් වෙලා නෑ සහෝ....

  13. තරිඳු රසාංග

    50ට උණුසුම් සුභ පැතුම් සහෝ,ඒවගේම බයිස්කෝප් අඩවිය තුල අනාගතයට හදවතින්ම සුභපතනවා!ජය!

  14. Ravindu Rukshan

    50වෙනි උපසිරැසයට සුභ පැතුම් ටීන් වුල්ෆ් සබ් කරන යියේ...ටීන් වුල්ෆ් එකනම් හෙට හවස වෙද්දී ඕනෙ.
    ඒවගේම ඊලග කඩයිමටත් ඉක්මනින්ම යමු

  15. රයන් ද සිල්වා

    සබ් එකට ස්තූතියි සහෝ
    හොද කොපියක් ආවම බලන්න ගන්න ඕනේ....
    50 වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුභ පතනවා සහෝ
    Teen Wolf s06e11 එපියෙන් ඉක්මනටම හමු වෙමු

  16. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි අනුරුද්ධ සහෝ
    මේක මගේ ප්‍රියතම ඇනිමේශන් චිත්‍රපටියක්
    Blue-ray එනකන්ම ඉන්නවා
    100 ත් ගින්දර වගේ ගහමු කොලෝ එලම

  17. උදාර දිල්ශාන්

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    ටීන් වුල්ෆ් එපියෙන් නැවත හමු වෙමු

  18. Ganicus

    adow patta bn jayama wewa...

  19. කනිශ්ක ලක්මාල්

    සබ් එකට තුති සහෝ
    51 වෙනි උපසිරසි නිර්මානයෙන් හමු වෙමු
    ජය වේවා

  20. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  21. Rusith Mendis

    අම්මෝ සුපිරි ආ.......

  22. Rusith Mendis

    guardians of the galaxy vol 2 දුන්නොත් ජාති ජාතිත් පිං අයියති වෙන්න ඕන.

  23. අසිත

    elama saho thanks

  24. දිල්ශාන් සචින්ත

    ඩෑල් එක අහනකොටම මමනම් දැනගත්තා මේකෙන් 50 දායි කියලා. බොහොම ඉස්තූතීයී... එත් තොට මාව අමතක වුනානේ.

  25. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    50 වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුභ පතනවා.........!

  26. Akalanka

    Thnx......

  27. chamalkalum

    පනස්වන උපසිරැසියට මගෙත් උණුසුම් හදපිරි මෙව්ව එක සහෝ... ඔහොම්ම 100 ත් ගහමු.. ජයවේවා!

  28. Ravin Laksitha

    ඔන්න එකෙන්ම 50 ට සුබ පැතුම් ......... teen wolf එකත් ඇවිල්ල නොවැ.....ඒකත් දාපං කොල්ලෝ......

  29. C. R. ජයලත්

    BR කොපියකට වගේ දැම්මානම් තමා හොඳ බ්‍රෝ...... තෑන්ක්ස්

  30. thusiha

    teen wolf suba ikkamata danna wasthuwee..

  31. Kulanjana Maduranga

    Hat off Respect Bro....Great work & Lot of thanks ANURUDDA saho.wish u'r great future..

  32. thisura godage

    Congratulations ah 50 veni upasirasiyata

  33. Sumudu Nuwan

    iguru dila ,.....miris thma arn thiyenneee,.....tha thda

  34. chathu

    mata kauru hari meke link ekak dennako baganna

  35. andare

    fatta brozzzzzzzzzz;)

  36. Sajith Anthony

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම්..!!
    සබ් එකට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  37. Shalika

    Meka download kalata passe sound kepila wage ne

  38. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    පළමු කඩඉමට සුභපැතුම්
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  39. Sanjaya

    බොහොම ස්තූතියි උපසිරැසියට. :)
    ජය වේවා..!! :)

  40. හසන්ත

    50 වෙනුවෙන් සුබ පැතුම් !!!

  41. රොයිලි

    උණූසුම් සුබ පැතුම් අනුරුද්ධ සහෝ. මෙතනින් නොනැවතී හැකි ඉක්මනින් 100 ට යන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  42. Nüwäñthå Dúlån

    උණුසුම් සුභ පැතුම් ලියෝ,
    ඉක්මණින් 100ට යමු එහෙනම්,
    මේක අනිවා බලනවා,
    ලිපියේ මාවත් මතක් කොරලා නොවැ
    බොහොම ස්තූතියි,
    ජය!!!

  43. Udara Rajapakse

    50ට උණුසුම් සුභ පැතුම් මචන්.. උපසිරසි කරුවෙක් විදියට දිගු ගමනක් යන්න හැකි වේවා කියලා සුභ ප්‍රාර්ථනා කරනවා :)

  44. isuru

    50වෙනි උපසිරැසියට සුභ පැතුම් මචං!!
    දිගටම වැඩේ කරගෙන යන්න සුභ පතනවා!!
    ජයවේවා!!

  45. Harsha

    Thanks my friend

  46. mindika

    Thanks !!!!!!

    1. Ravindu

      Bro subtitles downlode karnna bahene

    2. විමා

      අවුල නිවැරදී කළා සහෝ දැන් ආයේ ඩව්න්ලෝඩ් කරගන්න.

  47. sanath indika

    thx broo

  48. sadeesh

    Video 10 sound 0 download kala copy eka wada na sound

  49. Rusith Mendis

    තැන්කූ වේවා......

  50. Rusith Mendis

    despicable me 3 ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස්

    1. Ano

      Ow ow

Load more comments