මලයාලම් සිනමාවට නව පිටුවක් පෙරලූ ඒ සුපිරි සිනමා කෘතිය Drishyam(2013) බොහෝ දෙනෙක් නරඹලා ඇති. එහෙම නැත්තම් ඒකෙන් ප්‍රතිනිර්මාණය වූ චිත්‍රපටයක් හරි නරඹලා ඇති කියලා හිතනවා. ඒ නිසා ජෝර්ජ් කුට්ටි(මෝහන්ලාල්) සහ රාණි(මීනා) යුවළ අමතක නැතුව ඇති කියලා හිතනවා. මේ යුවල එක්ව ප්‍රධාන චරිත නිරූපණය කල සිනමා කෘති රැ…
මලයාලම් සිනමාවට නව පිටුවක් පෙරලූ ඒ සුපිරි සිනමා කෘතිය Drishyam(2013) බොහෝ දෙනෙක් නරඹලා ඇති. එහෙම නැත්තම් ඒකෙන් ප්‍රතිනිර්මාණය වූ චිත්‍රපටයක් හරි නරඹලා ඇති කියලා හිතනවා. ඒ නිසා ජෝර්ජ් කුට්ටි(මෝහන්ලාල්) සහ රාණි(මීනා) යුවළ අමතක නැතුව ඇති කියලා හිතනවා. මේ යුවල එක්ව ප්‍රධාන චරිත නිරූපණය කල සිනමා කෘති රැසක් තියනවා. Varnapakittu (1997), Mr. Brahmachari (2003), Chandrolsavam (2005), Udayananu Tharam (2005), Drishyam (2013), Munthirivallikal Thalirkkumbol (2017) මේ එම චිත්‍රපටවලින් මට සොයා ගැනීමට හැකි වූ ටික. සිංහල උපසිරසියක් කිරීමේ මගේ පළමු උත්සාහය තමයි Drishyam(2013) චිත්‍රපටය. මට එය වෙන්කර ගැනීමට නොහැකි වුනා සේම පළපුරුද්දක් නොමැතිකම නිසා පොඩි ලයින් ගණනක් කොටා ගැනීමට ඉතා දිගු කාලයක් ගත කරන්න වුනා. එදා මම ලයින් 500කට වගේ ආසන්න වෙනකොට බයිස්කෝප් එකට චිත්‍රපටියට උපසිරැසි එක දාලා තිබුනා. මහන්සිය අපතේ යාම නිසා ඇති වූ දුක , ඒ වෙලාවම සබ ඩවුන්ලෝඩ් කරලා , ආයේ වතාවක් ෆිලුම මුල ඉඳන්ම බලලා නැති කරගත්තා. ලොකු ආශාවක් තිබුනා මෝහන්ලාල්ගේ චිත්‍රපටියකට උපසිරසියක් කරන්න. මොකද ඔහු ඒ තරම්ම විශිටයෙක්. Munthirivallikal Thalirkkumbol(2017) චිත්‍රපටිය හරහා මට ඒ අවස්ථාව උදාවුනා.
අද කාලේ ගොඩක් අය නවක පරපුරේ නළුවන්ගේ චිත්‍රපටනේ වැඩිපුර බලන්න කැමතියි. මලයාලම් වලට අලුත් අය මෝහන්ලාල් කියන්නේ කවුද කියලවත් නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා ෆිලුම පැත්තට යන්න කලින් පොඩ්ඩක් මෝහන්ලාල් ගැන කියලා ඉන්න ඕන කියලා හිතුනා. කාලය විනාඩි 2ක් වැයකරලා කියවන්න කියල ඉල්ලා සිටිනවා සියලුම දෙනාගෙන්.
මෝහන්ලාල් විශ්වනාදන් නායිර් 1960 වර්ෂයේ කේරල ප්‍රාන්තයේදී උපත ලබනවා. 1978 වර්ෂයේ Thiranottam චිත්‍රපටිය හරහා ඔහු රංගන ශිලිපියකු ලෙස පළමු පියවර තබනු ලබනවා වයස අවුරුදු 18දී. නමුත් එම චිත්‍රපටිය තිරගත වනවිට මොහාන්ලාල්ගේ වයස අවුරුදු 25ක්. ඔහු රඟපෑ චිත්‍රපටියක් පළමු වරට තිරගත වෙන්නේ 1980 වර්ෂයේ දී. ඒ Manjil Virinja Pookkal (1980) චිත්‍රපටිය. ඔහු එහි දුෂ්ටයාගේ චරිතය තමයි නිරූපණය කරන්නේ. ඉන්පසු 1986 දී Rajavinte Makan චිත්‍රපටයෙන් පසු ඔහු මලයාලම් සිනමාවේ සුපිරි තාරකාව බවට පත් වෙනවා. Complete Actor නොහොත් මෝහන්ලාල් මලයාලම්, දමිළ, හින්දි , තෙලුඟු සහ කන්නඩා යන භාෂා 5න්ම චිත්‍රපට 320කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායකත්වය සපයා තිබෙනවා. National Film Awards හිදී , 1991 සහ 1999 වසර වල දී හොඳම නළුවා ලෙසත් තවත් සම්මාන රාශියකටත් හිමිකම් කියන මොහු , Kerala State Film Awards හිදී , 1986, 1991, 1999, 2005 සහ 2007 වසර වල දී හොඳම නළුවා ලෙසත් තවත් සම්මාන අති විශාල ප්‍රමාණයකටත් හිමිකම් කියනවා. එසේම මොහු , 2001 දී ඉන්දියානු රජය මඟින් Padma Shri ගරු සම්මානයෙන්ද , 2009 දී Indian Territorial Army මඟින් ලුතිනන් කර්නල් ලෙසත් , 2010 දී ශ්‍රී සන්කරචාර්යා විශ්ව විද්‍යාලය මඟින් Doctor of Letters (D.Litt.) පදවියෙන්ද , 2013 දී Honorary Black Belt in Taekwondo යන ගරු නාමයෙන්ද පිදුම් ලබනවා. මෙම සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම සහ එකම දකුණු ඉන්දියානු නළුවා වන්නේද මෝහන්ලාල් තමයි. එසේම 1977 සහ 1978 වසර වල දී කේරල ප්‍රාන්ත මල්ලව පොර ශුරයාද මෝහන්ලාල්ම තමයි. මෝහන්ලාල් විශිෂ්ටයෙක් කියන්න මේ තොරතුරු ටික ප්‍රමාණවත් වෙයි කියල හිතනවා.
මෝහන්ලාල් ගැන ඒ තරම් දේවල් කියලා මීනා දුරයිරාජ් ගැන මොකුත් නොකියම ගියොත් හරි මදි කියලා හිතුනා. 1982 වර්ෂයේදී ළමා නිළියක ලෙස රංගනයට ප්‍රවිෂ්ට වන ඈ මලයාලම් , දමිල , තෙලුඟු සහ කන්නඩා යන දකුණු ඉන්දියානු භාෂා හතරෙන්ම සාර්ථක වූ නිලියන් අතලොස්සෙන් කෙනෙක් කියල තමයි හඳුන්වන්නේ. විවිද සම්මාන උළෙල වලදී විශාල වාර ප්‍රමාණයක් ඇය හොඳම නිළිය සම්මානය දිනාගන තිබෙනවා. Bharathi Kannamma(1997) දමිළ චිත්‍රපට තමයි මම නැරඹු ඇයගේ පළමු චිත්‍රපටිය. අදටත් මතකයේ රැඳුන තවමත් බලන්න ආස කරන චිත්‍රපටියක්. මේ වගේ චිත්‍රපට නැරඹු අය බොහොම අතලොස්සයි ඇත්තේ. මම ඇයගේ වැඩි චිත්‍රපට ප්‍රමාණයක් නම් බලලා නෑ , ඒ වුනත් බලපු ටික නම් අති විශිෂ්ටයි. Bharathi Kannamma(1997) චිත්‍රපටියටත් සිංහල උපසිරසියක් කරන්න ආසයි. ඒත් සක්‍රියව පවතින ටොරන්ට් සහ ඉංග්‍රීසි උපසිරසියක් හොයාගන්න නැති එක තමයි තියන ගැටළුව. පොඩ්ඩක් අද කතාව පැත්තට හැරෙමුකෝ.
අද මම අරගන ආවේ Munthirivallikal Thalirkkumbol(2017) චිත්‍රපටය. ප්‍රධාන නළු-නිළි යුගලය දැනටමත් දන්නවනේ ඉතිං. ඉන්දියානු රුපියල් කෝටි 50ක පමණ බොක්ස් ඔෆිස් ආදායමක් ලබමින් තිරගත වූ මෙම සලරුවට IMDB අගය ලෙස 7.3/10 ක් පමණ ලැබිලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jibu Jacob විසින්. ඒ වගේම සංගීතය Bijibal සහ M. Jayachandran විසින් ලබා දීලා තියනවා. තිර රචනය ලියලා තියෙන්නේ M. Sindhuraj විසින්. Domestic/Drama කාණ්ඩයට අයත් වෙන මෙම සලරුව V. J. James විසින් රචිත Pranayopanishath කියන මලයාලම් කෙටි කතාව පාදක කරගන නිර්මාණය වෙලා තිබෙනවා.
ගමේ පංචායත් සභාවේ ලේකම් තුමා විදියට වැඩ කරන උන්නී අච්චන්ගේ චරිතය නිරූපණය කරන්නේ මෝහන්ලාල් විසින්. කතාව නම් පොඩ්ඩක්වත් කියන්නේ නෑ. ඒත් පොඩි අදහසක් දෙන්නම් චිත්‍රපටයේ අන්තර්ගතය ගැන.
අපේ මේ පුංචි ජීවිත කාලෙදී අපි විවිද තැන්වල කාලය ගත කරනවා.පාසල් කාලය , ඊට පස්සේ සමහර විට කැම්පස් ජීවිතය, ඊටත් පස්සේ තමන් රැකියාව කරන තැන.ළමා කාලය සතුටින් ගතකලාට , පාසල් කාලය සැහැල්ලුවෙන් ගතකලාට, කැම්පස් කාලේ රැඩිකල් විදියට හිතුවට කසාද බැඳලා ජීවත් වෙන්න ගත්තම එහෙමත් නැත්තම් වගකීම් වැඩි වුනාම අපේ ජීවිතේ, ඒ අපි බලාපොරොත්තු වෙන සතුට අපිට ලබන්න අමාරුයි.ජීවිතේ ගොඩක් සංකීර්ණ වෙනවා. රැකියාවකට හිරවෙනවා. ඒකාකාරී ජීවිතේ එපා වෙනවා. මේක තමයි අද අපේ රටේ බොහෝ දුරට දකින්න තියන දේ.
අපි හැමෝටම වගේ පාසල් කාලයේදී සුන්දර ආදරයක් බොහෝ විට තියනවා.බොහෝ විට ඒක තමයි ප්‍රථම ආදරය. තවත් සමහර අයට කැම්පස් ජීවිතයේදී තමන්ගේ ප්‍රථම ආදරය ලැබුනා වෙන්නත් පුළුවන්. නමුත් ඔය ආදරයන් දෙකම හෝ දෙකෙන් එකක් හෝ කරලා අන්තිමේ දී කුමන හෝ හේතූන් නිසා ආදරය අවසන් කර වෙනමම කෙනෙක් කසාද බඳින්න වෙන්නත් පුළුවන්. මම කලින් කියපු විදියට රැකියාව කරමින් වගකීම් සහගත පවුල් බරින් ජීවත් වන අය අපි අතර ඕන තරම් ඉන්නවා. ඒ හැමෝටම තමන්ගේ ප්‍රථම ආදරය ගොඩක් විශේෂයි. ඒකාකාරී ජීවිතය එපා වෙනකොට, සතුට කියන දේ නැති වෙනකොට පවුල තුල ආදරය කියන දේට ඉඩක් නැතිවෙනවා. එවිට මම කලින් කී සම්පුර්ණ කරගත නොහැකි වූ ප්‍රථම ආදරය දෙසට හෝ තවත් අලුත් ආදරයක් හොයාගන ගොස් හෝ පවුල් ජීවිත සිඳ බිඳ දා ගන්නා සිදුවීම් අද ඕන තරම් අහන්න දකින්න පුළුවන්. ඒත් , තමන්ගේ ස්වාමියා සහ දරුවන් ගැන සිතා ඒ වැරදි පාරට නොවැටී සිටින බිරිඳක් හෝ තමන්ගේ බිරිඳ සහ දරුවන් ගැන සිතා ඒ වැරදි පාරට නොවැටී සිටින සැමියෙක් සැබවින්ම ශ්‍රේෂ්ටයි.
මේක මගේ 12 වෙනි සිංහල උපසිරසි ගැන්වීම. හැමෝටම චිත්‍රපටිය බලන්න කියල ඉල්ලා සිටිනවා. ජීවිතේට දෙයක් ගන්න පුළුවන් චිත්‍රපටියක්. අද මේ ෆිලුමේ වටිනාකම අඩු වෙන්න පුළුවන්. ඒත් ඔයාල මේකේ එන අත්දැකීම් වලට මුණ දෙන දවසට මේ ෆිලුමේ වටිනාකම ගොඩක් වැඩිවෙයි.ෆිලුමේ ඔක්කොම ලයින් 2812ක්. එක සිංදුවක්වත් අතෑරියේ නැතුව පුළුවන් උපරිම දේ කළා මේ ෆිලුමට. ලිපිය මුල ඉඳන් අගට එනකම්ම කියවපු සැමට ඔබගේ වටිනා කාලය වැයකලාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.
මම කලින් කරපු උපසිරැසි වලට අදහස් දක්වපු කට්ටියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.උපසිරැසිය බාගන්න වෙලාවේ දක්වන අදහසට වඩා චිත්‍රපටිය බලල උපසිරසියේ ගුණ දොස් ගැන එහෙමත් නැත්තම් උපසිරැසිවලට අළුත් යෝජනා ගැන අදහසක් දක්වන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.
ගිහින් එන්නම්. සියලුම දෙනාට ජය වේවා…!

Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.lv – Munthirivallikal Thalirkkumbol (2017) Malayalam DVDRip x264 800MB ESubs
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,992 downloadsDownload Munthirivallikal-Thalirkkumbol-2017.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
SPD
Subtitles
44 comments
Sisila Prasad
සචින් කෙවින්
උඩ තියෙන ලිපි නම්බර් වන්. මෙතන තියෙනවා සිසිල සහෝගෙන් ලිපි නම්බර් 2. ගින්දර සහෝ.
senehas nimna
ජයවේවා ඩවුන්ලොඩ් නෑනෙ bro
SPD
C769BA16E6EEC17B042CE184D989F1419D6CBDCD
සුදේශ් මදුසංක
Drishyam ෆිල්ම් එක බැලුවට පස්සේ මේක බලන්නැතුව ඉන්නේ කොහොමද.
බොහොම ස්තුතියි සහෝ සබ් එකට.
ලිපිය නම් එල ඈ...
දිගටම මලයාලම් ෆිල්ම් දෙමු.සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
Drishyam නම් බැලුවා. මේකත් බලන ලිස්ට් එකට දාගන්නවා. :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Chami.S
Thanks..
Good Luck..Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.තරිඳු රසාංග
අම්මෝ මේ පාරනම් කම්මැලි නැතුව ලිපිය ලෙසටම දීලා තියෙනවා නේ!!
ඉතින් ඒක හින්දා සබට වගේම මේ වගේ ලිපියක් දීලා මලයාලම් සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ ඒ හොඳම නළුවා ගැන අපි හැමෝවම දැනුවත් කරපු එකටත් ගොඩක් ස්තුතිවන්තවෙනවා සහෝ,ඒ වගේම සබටත් සෑහෙන්න මහන්සිවෙලා තියෙනවා වගේ.වෙන දේවල් කෙසේ වෙතත් මේ වගේ සබක් මහන්සියෙන් කරලා ඒක ගොඩක් අය ඩවුන්ලෝඩ් කරගෙන බලනවා කියලා දකිද්දී,ඒ වෙනුවෙන් වුනු මහන්සිය අපතේ ගියේ නෑ කියලා දකිද්දී ලැබෙන සතුට කොහෙන්වත් ගන්න බෑ තමයි සහෝ.ඉතින් ඉස්සරහටත් මේ විදියට සබ් දෙමු සහෝ,ජය!D.Chamara
aniwa balanna oni bohoma sthuthi sahooo
Mamitha
kohomada meka download kara ganne. baiscopedownlad eka me film aka nane. plz danna kenke mata kiyanavada
SPD
C769BA16E6EEC17B042CE184D989F1419D6CBDCD
( හෑෂ් කෝඩ් එකෙන් චිත්‍රපටියක් ඩවුන්ලෝඩ් කරගන්න විදිය
බයිස්කෝප් එකේ දාලා තියනවා )
SPD
C769BA16E6EEC17B042CE184D989F1419D6CBDCD
( හෑෂ් කෝඩ් එකෙන් චිත්‍රපටියක් ඩවුන්ලෝඩ් කරගන්න විදිය
බයිස්කෝප් එකේ දාලා තියනවා )kumara
මමත් ගොඩාක් කැමති නළුවෙක්. හැබැයි මෙයා ගැන මේ තරම් විස්තර දැනගෙන හිටියෙ නෑ. බොහොම ස්තූතියි මේ තරම් වටිනා හැඳින්වීමක් කලාට. ගොඩාක් පිං.
හේමන්ත
ස්තුතියි මල්ලි...
නිරෝෂ්
ස්තුතියි SPD සහෝ.ජයවේවා!
nuwan
Thank you brother.....
rosheen f'do
මෝහන්ලාල් ඉන්නවා නම් ආයි වෙන කතා කුමටද?
තුති මිතුරSanindu Lakkitha
::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kulanjana Maduranga
niayamai…malayalam films atharinne kawda..aniwa bamak..ela...thawa malayalam films denn...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
පැතුම් ඉෂාර
සබට බොහොම ස්තූතියි සභො!... ඒකාකාරි චිතපට වලින් මිදුනු තවත් ලස්සන මලයාම් ච්තපටි දෙන මෙන් ඉල්ලා සිටිනවා... ෴බයිස්කොප් අඩවියට ඡය!!!෴
පැතුම් ඉෂාර
සබට බොහොම ස්තූතියි සභො!... ඒකාකාරි චිතපට රැල්ලෙන් මිදුනු තවත් ලස්සන මලයාම් ච්තපටි දෙන මෙන් ඉල්ලා සිටිනවා... ෴බයිස්කොප් අඩවියට ඡය!!!෴
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sisira Hegoda
උප සිරැසියට පමණක් නෙවෙයි ඔබගේ ලිපියටද ස්තූතියි. අගනා ලිපියක්
Menu
Thanks for the subtitle..
banda...
lipiya dakkama filuma balannda hithenawa bro....
shashika
balapu lassanama film walin ekak thanks sahoo
Bandara
Thanks for your sub,and valuable informative of the artists
kasun
thnx
Sasitha Asaranga (DSA)
thanks keep it up bro
rangika Kariyawasam
නියමයි සහෝ. මොහාන් චෙට්ටගෙ ෆිල්ම් ෆට්ටයි .නියම වැඩක් කරලා තියෙනවා .මේකට සබ දුන්නට තැන්කු මචන්.ජයවෙිවා ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shehan prathapasinghe
කියන්න දෙයක් නැ සහෝ බලන්නම වටින ෆිලුම සුපිරිම කට්ටක් කාලා සබ කරලා තියනවා බොහොම ස්තුතියි....
Jaminda Jinadasa
Thanks for the subtitles.
shashi
Bohoma pin obe mahansiyata...
manoj
ela machan "Sapthamashree Thaskaraha"
film ekatath upsirasi denna puluwannam supiriවිමුක්ති
ස්තූතියි උපසිරැසියට
Tharaka Lahiru
tnq
hdcreation
යාලුවා මෙ වචන ටික හරිම විශිෂ්ඨයි..... අපගේ ජිවිතවල සැගවුනු යථාර්තයත් නියෙමට ලියලා තියනවා.....
අපි හැමෝටම වගේ පාසල් කාලයේදී සුන්දර ආදරයක් බොහෝ විට තියනවා.බොහෝ විට ඒක තමයි ප්‍රථම ආදරය. තවත් සමහර අයට කැම්පස් ජීවිතයේදී තමන්ගේ ප්‍රථම ආදරය ලැබුනා වෙන්නත් පුළුවන්. නමුත් ඔය ආදරයන් දෙකම හෝ දෙකෙන් එකක් හෝ කරලා අන්තිමේ දී කුමන හෝ හේතූන් නිසා ආදරය අවසන් කර වෙනමම කෙනෙක් කසාද බඳින්න වෙන්නත් පුළුවන්. මම කලින් කියපු විදියට රැකියාව කරමින් වගකීම් සහගත පවුල් බරින් ජීවත් වන අය අපි අතර ඕන තරම් ඉන්නවා. ඒ හැමෝටම තමන්ගේ ප්‍රථම ආදරය ගොඩක් විශේෂයි. ඒකාකාරී ජීවිතය එපා වෙනකොට, සතුට කියන දේ නැති වෙනකොට පවුල තුල ආදරය කියන දේට ඉඩක් නැතිවෙනවා. එවිට මම කලින් කී සම්පුර්ණ කරගත නොහැකි වූ ප්‍රථම ආදරය දෙසට හෝ තවත් අලුත් ආදරයක් හොයාගන ගොස් හෝ පවුල් ජීවිත සිඳ බිඳ දා ගන්නා සිදුවීම් අද ඕන තරම් අහන්න දකින්න පුළුවන්. ඒත් , තමන්ගේ ස්වාමියා සහ දරුවන් ගැන සිතා ඒ වැරදි පාරට නොවැටී සිටින බිරිඳක් හෝ තමන්ගේ බිරිඳ සහ දරුවන් ගැන සිතා ඒ වැරදි පාරට නොවැටී සිටින සැමියෙක් සැබවින්ම ශ්‍රේෂ්ටයි.
malith
Ela ela
Menaka Herath
ස්තූතියි සබට සහෝ....
තවත් නිර්මාණකරනයට ශක්තිය ධෛර්ය ලැබේවා....!!!!!!charuuuuu
thanks for sub
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie


නියම ෆිල්ම් එකක්නේ සහෝ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ. ෆිල්ම් එකට නොදවෙනි ලිපියකුත් තියෙනවා සුපිරියටම.
ඇත්තටම කියනවා නම් වර්තමාන පරපුරේ ගොඩක් දෙනෙක් මොහාන්ලාල් කියන්නෙ කවුද කියලා වත් දන්නේ නැහැ. එදා මෙදා තුර මලයාලම් සිනමාවේ බිහිවුණු ජනප්‍රියතම රංගන තාරකාව විදියට අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන් මෝහන්ලාල්ගේ ජනප්‍රියත්වය කොච්චරද කියලා බලාගන්න පුළුවන් ඔහුගේ චිත්‍රපට ලබලා තියෙන බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා දිහා බැලුවාම. මලයාලම් සිනමාවේ චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අය කරන නළුවා වගේම, මලයාලම් සිනමා වංශ කතාවේ වැඩිම අදායමක් ඉපයූ චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සැපයූ රංගන ශිල්පියා විදියට මෝහන්ලාල්ගේ නම ඉතිහාසගත වෙලා හමාරයි. දමිළ සිනමාවේ රැජිණි කාන්ත්ට තියෙන්නෙ මොන වගේ උන්මාදයක්ද, ඒ හා සමාන අන්දමේ උන්මාදයක් මලයාලම් සිනමාව තුල මෝහන්ලාල්ට තිබෙනවා. මලයාලම් සිනමාව තුල ඕනේ තරම් නළුවෝ ඉන්නවා... ඉදිරියටත් ඕනේ තරම් බිහිවේවි... හැබැයි මෝහන්ලාල් තරම් ජනප්‍රිය, අද්විතීය, අසමසම, ප්‍රතිභාපූර්ණ නළුවෙක් මලයාලම් සිනමාවෙන් කවදාවත් බිහිවෙන එකක් නැහැ.
උපසිරසියට බොහොමත්ම ස්තුතියි, සහෝ. උපසිරැසිය වෙනුවෙන් බොහොම මහන්සිවෙලා තියෙන පාටයි. කාලයක් තිස්සේ බලාගෙන හිටපු චිත්‍රපටයක් අනර්ඝ විදියට උපසිරැසි ගන්වලා ලබන සතුට සල්ලි වලට ගන්න බැහැ කියලා තේරෙන්නේ මේ වගේ වෙලාවට තමයි. ඉදිරියටත් මේ වගේ විශිෂ්ට චිත්‍රපට අරගෙන එමු.
ජය!!!