Watch Trailer

Cats & Dogs 3: Paws Unite! (2020) Sinhala Subtitles | පූසන්ගෙයි බල්ලන්ගෙයි සාමය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම ! මේ පාර අරන් ආවෙ ගොඩ දෙනෙක් පොඩි කාලෙ ආසාවෙන් බලපු Cats & Dogs කතාවෙ තුන්වෙනි චිත්‍රපටිය වන Cats & Dogs 3: Paws Unite ෆිල්ම් එක. 2010දි නිකුත් උන Cats & Dogs: The Revenge of Kitty Galore චිත්‍රපටියෙන් වසර දහයකට පසුව තමයි මේ තුන්වෙනි ෆිල්ම් එක නිකුත් කරන්නෙ. Action/Adventure/C…

සුභ දවසක් වේවා හැමෝටම ! මේ පාර අරන් ආවෙ ගොඩ දෙනෙක් පොඩි කාලෙ ආසාවෙන් බලපු  Cats & Dogs කතාවෙ තුන්වෙනි චිත්‍රපටිය වන Cats & Dogs 3: Paws Unite ෆිල්ම් එක. 2010දි නිකුත් උන Cats & Dogs: The Revenge of Kitty Galore චිත්‍රපටියෙන් වසර දහයකට පසුව තමයි මේ තුන්වෙනි ෆිල්ම් එක නිකුත් කරන්නෙ. Action/Adventure/Comedy/Family ඝනයට තමයි මේක  අයත් වෙන්නෙ. අධ්‍යක්ෂනය කරන්නෙ Sean McNamara. Scott Bindley සහ  John Requa රචකයො විදිහට එකතු වෙලා තියෙනවා. ඒ වගේම නිශ්පාදකයො විදිහට Andrew Lazar, David Fliegel එක් වෙලා තියෙනවා. IMDb 3.8 අගයක් තිබුනත් මේ ෆිල්ම් එක කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්. කොහොමත් මේකෙ පළවෙනි ෆිල්ම් තරම් අනිත් ෆිල්ම් දෙක ප්‍රසිද්ධ උනේ නෑ. මේක රිලිස් උනේ සැප්තැම්බර් 15වෙනිදා. හඩ නළුවන් ඇතුළු නළු නිළියන්ට Max Greenfield, Sarah Giles, George Lopez සහ Melissa Rauch ආදී අය එක්වෙලා තියෙනවා. ෆිල්ම් එක පැයකුත් විනාඩි 24කුත් කාලයක් දිවයනවා. Warner Bros. Home Entertainment ආයතනය මගින් තමයි නිෂ්පාදන කටයුතු කරලා තියෙන්නෙ. ඉතින් ඔය ටික තමයි මේ චිත්‍රපටියෙ වැදගත්ම කරුණු ටික. කතාව ගැන කිව්වොත් මේකෙදි දශකයක් තිස්සේ තිබ්බ පූසන්ගෙයි බල්ලන්ගෙයි හතුරුකම නවත්වලා එයාලා ගිවිසුමකට එළබෙනවා. සුනඛයනුයි බළලුන්ගෙයි නායකයො එකතු වෙලා  The Furry Animals Rivalry Termination කියලා සංවිධානයක් හදාගන්නවා. ගුවෙන් පූසා සහ රොජර් බල්ලා දෙන්නා තමයි ප්‍රධාන චරිත වෙන්නෙ. ඒ අය රහසිගතව ලෝකය ආරක්ෂා කරන රහස් නියෝජිතයන් දෙන්නෙක්. එයාලගෙ ලෝකෙ වටේම තියෙන මූලස්ථාන හැක් වෙනවා. ඉතින් මේක පිටිපස්සෙ ඉන්නෙ ගිරවෙක්. එයා පූසන්ටයි බල්ලන්ටයි විතරක් ඇහෙන සංඛ්‍යාත හැසිරවීමේ ක්‍රමයක් හොයාගෙන ආයෙත් ලෝකෙම පූසන්වයි බල්ලන්වයි හතුරො කරන්න යන්නෙ. ඉතින් ග්වෙන්ටයි රොජර්ටයි එයාගෙ කණ්ඩායමටයි මේක නවත්තන්න පුලුවන්ද කියලා කතාව බලලම දැනගන්න.ඉතින් ඔය තමයි ෆිල්ම් එකේ විස්තර ටික. තවත් උපසිරැසියකින් ඉක්මනට හමුවෙමු, ජය වේවා !!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

18,311 downloadsDownload Cats-Dogs-3-Paws-Unite-2020.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

මධුභාෂණ බණ්ඩාර

Subtitles

18,311 downloadsDownload Subtitles50 KB

29 comments

  1. Janaka

    Thank You...

  2. Anonymous

    Thanks brother sub ekta

  3. Nuwan

    thanks meke 1,2 oyalage download site eken link ekak dennako download kara ganna

    1. අවංකයා

      අනේ එච්චර අබාධිතයෙක්ද ඔහේ? එක්කෝ සර්ච් කරලා ගන්නවා, නැත්නම් ඔය ලිපියෙම තියෙන ලින්ක්වලින් ගන්නවා. මෙහෙමත් අබ්බගාත පරපුරක්!

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
    පුළුවන් නම් මේකෙ කලින් film දෙක සබ් blurayවලට update කරන්න :)

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Supuna

    Thanks supiri film cool sub ekata thx pluwanda Scooby-Doo mystery Inc season 1 subtitle denna pluwan please thanks

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Udaya Fdo

    Thank you

  10. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  11. indika75

    thanks..

  12. Dhanushka Dilranga

    Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  13. lakshan

    thnkzzzzzzz

    (atone 2019) mekatath sub dennako

  14. Amil Gamage

    Thanks For sub

  15. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  16. Dan

    Thank You ...

  17. Shihan

    Tnx broo

  18. Anonymous

    Detachment (2011) Flim eke sub dannako

  19. Anonymous

    Thanks bro

  20. MAALNATH

    Thanks ...............good luck ..........

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  23. Dewadithya

    Thanks for sub!

  24. Kavindu kalhara

    සබ් එකට් බොහොම ස්තූතියි !
    Cats 2019 ෆිල්ම් එකටත් සබ් එක දෙන්න පුළුවන් ද??

  25. kavindu

    Cats 2019 ekatath sub eka denna puluwnd ??

  26. සාරංග ජේ. ලියනගම

    Thanks

  27. PABASARA

    SPIDER MAN FILMS DAWNLOD KARANNA DENNE NE PULUWANNAM HADANNAKO

  28. Sahan Gayantha

    thanks a lot Madhushan saho sub ekata