Watch Trailer

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය එනෝලා ගැන වැඩිය අහලත් නැතුව ඇති නේද? BBC ඔස්සෙ විකාශය වුන Sherlock කතාමාලාව තුල නම් වතාවක් ෂර්ලොක්ගෙ සහෝදරියව පෙන්නුවා. ඒත් අද අරං ආව චිත්‍රපටයෙ පැතිකඩයෙන්ම පෙන්නන්න තරම් නිර්මාණයක් බිහිවුනේ නැහැ දන්නා තරම…

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය එනෝලා ගැන වැඩිය අහලත් නැතුව ඇති නේද? BBC ඔස්සෙ විකාශය වුන Sherlock කතාමාලාව තුල නම් වතාවක් ෂර්ලොක්ගෙ සහෝදරියව පෙන්නුවා. ඒත් අද අරං ආව චිත්‍රපටයෙ පැතිකඩයෙන්ම පෙන්නන්න තරම් නිර්මාණයක් බිහිවුනේ නැහැ දන්නා තරමින්.

Enola Holmes | නවකතාව

මූලිකවම කිව්වොත් Enola Holmes චිත්‍රපටය නිර්මාණයට පාදක වෙන්නෙ 2006 සිට 2010 කාලය දක්වා Nancy Springer කියන ඇමරිකානු රචකාවිය යටතේ “The Enola Holmes Mysteries” නම යටතේ නිකුත් කල නවකතා ඇසුරින්. චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ හරියටම කීවෙනි පොතද කියලා සදහනක් නම් නැහැ. හැබැයි Nancy Springer කලින් සදහන් කරපු කාල සීමාව අතරතුර නවකතා හයක් නිකුත් කරනවා.

The Enola Holmes Mysteries නවකතා කිහිපය

  1. The Case of the Missing Marquess
  2. The Case of the Left-Handed Lady
  3. The Case of the Bizarre Bouquets
  4. The Case of the Peculiar Pink Fan
  5. The Case of the Cryptic Crinoline
  6. The Case of the Gypsy Goodbye

ඔය විදිහට තමයි නවකතා ටික නිර්මාණය වුනෙ. මේ විදිහට නිකුත් වුන නවකතා අතරින් පළමු හා පස්වන නවකතා දෙක “යෞවනයෙ හොදම අභිරහස් නවකතා’ වෙනුවෙන් 2007 හා 2010 වසරවල් වලදී Edgar සම්මාන උළෙල වෙනුවෙන්ද නිර්දේශ වෙලා තියෙනවා.

Enola Holmes | සිනමාපටය

2019 වසරේදී කල නිවේදනයත් එක්ක, Enola Holmes චිත්‍රපටය Netflix ඔස්සෙ නිකුත් 2020 සැප්තැම්බර් 23’වැනිදා. හැබැයි මේක නිකුත් වෙන්න තිබුනෙ මේ විදිහට නම් නෙවෙයි. Warner Bros. Pictures යටතේ බෙදාහැරීම සිදු කරන සිනමාශාලා තුල තිරගත කිරීමක් වෙනුවෙන් තමයි සුදානම් කරලා තිබුනෙ. හැබැයි මේ වසරේ අප්‍රේල් වලදී Netflix ආයතනය මේ චිත්‍රපටයෙ අයිතිය මිලදී අරගෙන ඔවුන් යටතේ බෙදාහැරීම සිදු කරනවා. හැබැයි ඒකත් Netflix ආයතනයට ලේසියෙන් කරන්න වෙන්නෙ නැහැ. Enola Holmes චිත්‍රපටයෙ Netflix, Legendary Pictures, Penguin Random House සමාගම් වගේම The Enola Holmes Mysteries නවකතා රචනා කල Nancy Springer ඉලක්ක කරගනිමින් ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීම වගේම වෙළද සලකුණ උල්ලංඝනය කිරීම යටතේ Conan Doyle Estate ආයතනය නඩු පැවරීමක් සිදු කරනවා.

මේ විදිහෙ දෙයක් Netflix ආයතනයට සිදුවුන පලවෙනි වතාව මේක නෙවෙයි When They See Us, Black Mirror, Chilling Adventures of Sabrina වගෙ නිර්මාණ Netflix යටතේ නිකුත් කරද්දීත් එයාලට විරුද්ධව නඩු වැටිලා තියෙනවා. කොහොමහරි ඔය වගෙ බාධාක මැද්දෙ මේ වෙද්දී චිත්‍රපටය නිකුත් වෙලා තියෙනවා. ඒ නිකන් නෙවෙයි. චිත්‍රපටය වෙනුවෙන්ම සුවිශේෂී නිර්මාණ කරුවන් බොහෝදෙනෙකුගෙ එකතුවෙන්.

චිත්‍රපටයෙ පෝස්ටර් එක, ට්‍රේලර් එක දැකපු ගමන් දන්නවා ඇති ඉන්නෙ කවුද කියලා. මේ අය අතරේ ප්‍රධානම තැන හිමි වෙන්නෙ Stranger Things කතාමාලාවේ කොයි කාගෙත් ආදරය දිනාගත් “Millie Bobby Brown” මේ චිත්‍රපටයෙ ප්‍රධාන තැනක් ලැබී තිබීමයි. ඒ ඇය විසින් මේ චිත්‍රපටයෙ නිෂ්පාදනයටත් වගේම “එනෝලා හෝම්ස්” කියන ප්‍රධාන චරිතයටත් සම්බන්ධ වී තිබීමයි. චිත්‍රපටයෙ අධ්‍යක්ෂක විදිහට Harry Bradbeer කටයුතු කරලා තියෙනවා. BBC ඔස්සෙ පසුගිය වසරේදී නිකුත් වූ His Dark Materials කතාමාලාවේ කතාංග රචනයත් හා නිෂ්පාදනයත් සදහා කටයුතු කල Jack Thorne යටතේ තමයි මේ චිත්‍රපටයෙ පිටපත ලියවිලා තියෙන්නෙ. මීට අමතරව ජනප්‍රිය චිත්‍රපට රැසක නිර්මාතෘවරුන් වන Mary Parent, Alex Garcia, Paige Brown යන තිදෙනාත් නිෂ්පාදකවරුන් විදිහට කටයුතු කරලා තියෙනවා.

මිලී බොබී බ්‍රවුන්ට අමතරව MoS, The Witcher රංගන ශිල්පී “Henry Cavill” මේ චිත්‍රපටයෙ ෂර්ලොක් හෝම්ස් විදිහට එකතු වී ඇති අතර “Sam Claflin” විසින් මයික්‍රොෆ්ට් හෝම්ස් චරිතයෙන් එකතු වී තිබෙනවා. මීට අමතරව Helena Bonham Carter, Louis Partridge, Adeel Akhtar, Fiona Shaw වැනි ප්‍රසිද්ධ නළු/නිලියන් බොහෝදෙනෙක් මේ සදහා දායකත්වය ලබා දීලා තියෙනවා. පුරා විනාඩි 123 ක් ධාවනය වන මේ චිත්‍රපටය සදහා IMDb දර්ශකයෙ 6.7/10 ක අගයක් වගේම Rotten Tomatoes වෙබ්අඩවියෙ 92% ක ඉහළ ප්‍රේක්ෂක පැසසුමක් ලැබිලා තියෙනවා.

චිත්‍රපටයෙ කතාව ගැන ස්පොයිල් නොවෙන්න කිව්වොත්, ෂර්ලොක්, මයික්‍රොෆ්ට් දෙන්නා නැතිව තමන්ගෙ අම්මා එක්ක ජීවත් වුන එනෝලා හුගක් සතුටින් කාලය ගත කලත් දවසක් එනවා එයාගෙ අම්මා එයාව අතහැරලා දාලා යන. ට්‍රේලර් එකෙන් දකින්න ලැබුනා වගේම එයාගෙ අම්මගෙ අතුරුදහන් වීම හොයන එනෝලට මුහුණ දෙන්න වෙන වික්‍රමාන්විතයන් ගැන තමයි මේ චිත්‍රපටයෙ ඇතුලත් වෙන්නෙ. මේ ඇති කියලා හිතනවා. මොකද ෂර්ලොක් රසිකයන් කියන්නෙ ඒ ඇසුරින් මොන විදිහෙ නිර්මාණයක් එලියට ආවත් ඒ ගැන දෙපාරක් නොහිතා රස විදින අය. ඒ නිසා මේකත් අරගෙන බැලුවට පාඩු නැහැ කියලා වගකීමෙන් කියන්න පුලුවන්. හොදයි කියලා හිතෙනවනම් අරං බලන්න.

ගිහින් එන්නම්. සුභ දවසක් හැමෝටම!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

48,202 downloadsDownload Enola-Holmes-2020.zip115 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමර සම්පත්

Subtitles

48,202 downloadsDownload Subtitles115 KB

82 comments

  1. indika75

    thanks..

  2. jana

    ela bro ela

  3. Uvindu Induwara

    බොහෝම ස්තුතියි සිංහල උපසිරස. මේක වානකන් තම්‍යි බලන් හිටියේ

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  6. නිරෝෂ්

    ස්තුතියි.ජයවේවා !

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Prabodha

    Godak sthuthi sahoo...

  9. Udaya Fdo

    thank you

  10. PCVENOM

    thanks

  11. kevin D...

    Thanks...

  12. Anonymous

    Tnx for sub... The social dilemma documentary movie ekt sub denawd me site eken

  13. Anonymous

    Enakan maga balan hitiya filumak thama ithn meka... thanks brother sub ekta.. ❤️❤️

  14. Supuna

    Thanks super subtitle ekata pluwanda Scooby-Doo mystery Inc season 1 2010 dennko subtitle please

  15. Supuna

    Thanks super subtitle ekata pluwanda Scooby-Doo mystery Inc season 1 2010 dennko subtitle please

  16. සසිඳු කවීශ ගමපතිරණ

    sub ekata thanks.

  17. dilanka madushan

    Thank You machn

  18. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ....
    ජය වේවා.!

  19. Hashan M.

    Request:
    * Inheritance (2020)
    * WΔZ (2007) Tom Hardy
    * The Crimes That Bind (2020) Spanish

  20. sachintha

    චාමර සහෝ agent of shield සබ් ටික දෙන්න පුලුවන්ද

  21. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  22. Nilush Angana

    Sub ekata thanx

  23. Suranjan

    Thanks jayawewa.......!

  24. ishu

    Thnks for your sub

  25. Yasiru Sandamal

    Thank you very much for subtitles !!!!!! Secret Society of Second-Born Royals movie eke sub ekath denna puluwanda ???

  26. Anonymous

    Thanks

  27. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  28. Arawinda Sunimal

    thanks biiscope.lk thanks chamara sampath

  29. Hasantha

    Thnaks brother ❤❤❤❤

  30. ab

    thnx bro sub ekata

  31. lakshan

    thanks ..............

  32. Anonymous

    Thanks bro

  33. Dhanushka Dilranga

    Thankssssssssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  34. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  35. Chanaka

    Sub ekata thanaks machan...

  36. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  37. Anonymous

    thanks bro !

  38. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  39. madhubashana bandara

    thanks saho,jaya wewa !!!

  40. Tharindu07

    Thanks Machooo.....!!!! Jayaweva...!!!

  41. Shaggy

    Thank you very much

  42. විමා

    සබට තුති බන්

  43. Anonymous

    කොමද චිත්‍රපට ඩවුන්ලොඩ් කරන්නේ සිංහල උපසිරස සමග ෆොන් එකට
    එකට

  44. kavindu

    thank you for the subtitles..sub eka supiriyatama thibba..
    mee movie eka 18+ kiyala catagory karata meeke 18+ mokuth nee bn..eehinda ee keyword eka movie eken ain krnna..nethnm aparade godak kattiya meeka balan nethi wei 18+ kiyala hithagena..

    1. dinesh

      eeka eththa ..mokada avurudu 14, 15 kastiyath movies balana nisa 18+ nisame movie eka nobeluwoth aparade..anika mama baiscope eke dakina podi adupaduwak thamai sirawatama naked seen ,sex thiyena movies wala discription wala ee mokuth nee..hebei mee wage hoda movies wlt 18+ kyl dnw..ane mnda .. !!!! ADMINLAGE AWADANAYA pinisai !!!!

    2. kavindu

      100% true

    3. Chämàrá Sâmpáth

      18+ ටැග් එක ගැන ඔය තරම් ලොකුවට හිතාන්න අවශ්‍ය නැහැ. ඒක ඕන කමින් දාපු ටැග් එකක් නෙවෙයි. මීට කලින් දීපු "The Babysitter: Killer Queen" ෆිල්ම් එකේ පෝස්ට් එකෙන් කොපි කරලා අරං මේ ෆිල්ම් එකේ පෝස්ට් එක හදපු නිසයි 18+ ටැග් එකත් වැරදීමකින් ඉතුරු වෙලා තියෙන්නෙ.

    4. kavindu

      elama sahoo !!!!

  45. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි...
    ජය!!!

  46. shevin

    Thanks

  47. R_deshan

    සබ් එකට තෑන්ක්ස් සහෝ...sherlock holmes පොත්වල තියන කතාවල තියන රහස් පරීක්ෂක ‍‍‍රසයත් එක්ක කොමිඩි රසයත් කලවම් වෙලා වෙනම අත්දැකීමක් ෆිල්ම් එකෙන් හම්බුනා.18+ කැටගරි එකෙන් මේක අයින් කරන්න කියලත් ඉල්ලල හිටිනව.පොඩි ලමයගෙ ඉඳන් බලන්න පුලුවන් කතාවක්නෙ මේක....

  48. Anonymous

    Thanks !!!

  49. Anonymous

    Tanx

  50. tharangani

    thanx

Load more comments